දරුවන්ට පහර දීම නිසා පසුකාලීනව ඔවුන්ගේ සම්බන්ධතාවයන් තුල ගැටළු මතුකරයි.

ඔබේ  දරුවෙක් නරක ලෙස හැසිරෙන විට ඔබත් පහර දීම හෝ  වේවැලෙන් පහර දීම  සිදු කරනවා නම්, මෙන්න ඔබ සිතා බැලීම සඳහා යමක්:

දරුවන්ට පහර දීම මගින් ඔවුන්ට යහපතක් නොවේ.

වේවැලෙන් පහර දීම ඊටත් වඩා නරකයි. දෙමාපියන් මේ සඳහා පෙළඹීමට හේතුව වන්නේ ඔවුන් කුඩා වියේදී වේවැලෙන් පහර කා ඇති බැවිනි.

ඔබේ  දරුවෙක් නරක ලෙස හැසිරෙන විට ඔබත් පහර දීම හෝ  වේවැලෙන් පහර දීම  සිදු කරනවා නම්, මෙන්න ඔබ සිතා බැලීම සඳහා යමක්:

ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෑත අධයනයක නිගමනයන්ට අනුව කුඩා අවධියේදී පහරදීමට ලක් වීමෙන් පසුකාලීන ජීවිතයේ දී විවාහය තුළ ප්‍රචණ්ඩත්වයට හේතු වන අතර සොයාගැනීම ජනවර්ග අතර දිගින් දිගටම පැවතුනා.

විද්‍යාව අනුව දරුවන්ට පහර දීම පිළිතුරක් නොවේ.

පර්යේෂකයන් අවුරුදු 20 ක් වු කාන්තාවන් හා පුරුෂයින් පිරිසක ගෙන් කුඩා වියේ පහර කෑමට ලක්ව තිබේද, යන්න අසන ලදී.

ඔවුන් විවාහ වු පසු  ප්‍රචණ්ඩත්වයක් කර තිබේද යන්න ප්‍රශ්න කරනු ලැබුවා. කුඩා අවධියේදී පහරදීමට ලක් වීමෙන් පසුකාලීන ජීවිතයේ දී විවාහය තුළ ප්‍රචණ්ඩත්වයට පත්වීමට ඉඩ ඇති බව ඒ මගින් සොයා ගන්නා ලදී.

මේ සෑම දෙයක්ම එක් කරුණක් ගැනයි - ඔබේ දරුවාගේ විනය හැසිරවීමට ඔබ කොපමණ තරමක් වේවැල විශ්වාස කළද, ඒ තුලින් ඔබේ දරුවාට ඍණාත්මක බලපෑමක් ඇතිවීමට ඉඩකඩ වැඩිය.

ශ්‍රී ලංකාව තුලද දරුවන්ට පහර දීම දක්නට ලැබෙන අතර එය ශ්‍රී ලාංකික නිතී රාමුව තුල ළමා හිංසනයක් ලෙස සැලකේ.

පහර දීමකින් තොරව ඔබේ දරුවාව හික්මවා ගැනීම

සෑම දෙමව්පියෙකුටම අවසානයේ අවශ්‍ය වන්නේ දරුවා නිසි ලෙස හැසිරීමයි. ඒ සදහා බොහෝ ක්‍රම තියෙනවා.

පහර දීම බිය උපදවන නිසා  ඔබේ දරුවා එම හැසිරීම නවත්වාවි. ඒ ඔහු එම වැරදි හැසිරීමට හේතුව දැනුවත් නිසා නොව ඒ ඔහු වේදනාව විදීමට ඇති බිය නිසයි.

ලෝකය පුරාම බොහො රටවල් වල දරුවන්ට පහරදීමේ සිට දරුවාට වරද පහදා දීම දක්වා මාරු වෙමින් සිටින අතර රටවල් 32 ක දරුවන්ට  පහරදීම තහනම් කර තියෙනවා .

දරුවන්ව පහර දීමකින් තොරව හික්මවීම සදහා  ක්‍රම 3ක්

වරද පහදා දීම 

වයස අවුරුදු 4 ට වැඩි දරුවන් සදහා මෙය ප්‍රයෝජනවත් වේ. එම වයසේදි  ප්‍රතිවිපාක පිළිබඳ අදහස වර්ධනය වන අතර,  ඔවුන් පහර දීමට ප්‍රතිචාර දක්වන්නේ අන්න ඒ නිසයි.

ඒ නිසා, මෙය ඔබේ වාසිය සඳහා භාවිතා කරමින් ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඇති එකම ක්‍රමය මෙසේ හැසිරිම නොවන බවත් ඔවුන් උද්වේගකාරිව හැසිරීමට වයසින් වැඩි බවත් තේරෑම් කිරිමට මෙය අවස්ථාව  කරගන්න.

ඔවුන්ගේ තරහා වදනින් පිට කිරීම වඩාත් හොඳයි. මේ ආකාරයෙන්, ඔබට එය වඩා හොඳින් තේරුම්ගෙන, වෙනස් කම් සිදු කළ හැකිය.

මද වේලාවක් ලබා දෙන්න

මෙය වයස අවුරුදු 3 ට වැඩි දරුවන් සදහා ප්‍රයෝජනවත් වේ.

සමහර විට දරුවා වෙහෙසට පත්ව හෝ බඩගින්නේ සිටින විට, ඔහු ප්‍රබල ලෙස එය පෙන්වයි. ඔවුන් කුසගින්නේ වුවද, උද්වේගකාරි විට ආහාර නොගනියි.

එම නිසා ඔවුන්ට මද වේලාවක් ලබාදෙන්න. ඔවුන්ව බිත්තියට දෙසට මුහුණ හරවා  විනාඩි 5 ක් තබන්න.

මෙය දඬුවමක් නොවේ. එය ඔවුනට සංසුන් වීමට ලබා දෙන කාලයක් වන අතර එය ලැජ්ජාව සමඟ සම්බන්ධ කරගන්න ඒපා.

ටිකක් ඉවසන්න 

මෙය වයස අවුරුදු 1.5 ට වැඩි දරුවන් සදහා ප්‍රයෝජනවත් වේ.

සමහර අවස්ථාවලදී ඔවුන්ට උද්වේගකාරිව හැසිරෙන්න ඉඩ දෙන්න. ඔබ කළ යුතු දේ වන්නේ ටිකක් ඉවසීම පමණයි.

ඔවුන්ට කිසිදු ප්‍රතික්‍රියාවක් නොලැබෙන බැවින් ඔවුන්ගේ උත්සහය ඵල රහිත වේ. මේ විදියට හිතන්න.

උද්වේගකාරිව හැසිරීම ඔබේ දරුවන් රැකබලා ගැනීමේ රටාවේ පිළිඹිබුවක් නොවන අතර ඔහුට ඇහුන්කම් දීමට අයිතියක් තියෙනවා.

මව්වරුනි ඔබේ දරුවන්ට පහර දෙන්න එපා. මෙය ඔවුන්ගේ නිර්මාණශීලිත්වය මුළුමනින්ම විනාශ කරමින්  ඔවුන්ව අණට කිකරු වෙන්නන් බවට පත් කරනු ලබයි.  වර්ධනය වෙත්ම මෙය ඔවුන්ගේ ජීවිත හා වෘත්තීය සදහා ඔවුන්ට උදව් නොකරාවි.

දරුවන්ට පහර දීම දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද වේදනාවක් ඉතිරි කරනවා. ඒය වළක්වන්න මේ පුංච් මගපෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී