ඔබේ පුංචි පැටියාට නිතර සිදුවෙන අනතුරු වලට ප්‍රථමාධාර මෙන්න

දෙමාපියෙනි,  ඔබේ පුංච් දරුවා නිවස තුල කරගන්නා කැපීම්,සිරීම් හා පිළිස්සීම් වැනි හදිසි අනතුරු සදහා ප්‍රථමාධාර මෙන්න.

දෙමාපියෙනි,  ඔබේ පුංච් දරුවා නිවස තුල කරගන්නා කැපීම්,සිරීම් හා පිළිස්සීම් වැනි හදිසි අනතුරු සදහා ප්‍රථමාධාර මෙන්න.

කැපීම් හෝ සිරීම්

මෙය ගොඩක් පහසුයි. ඔබට කළ යුතු පළමු දෙය වන්නේ ලේ ගැලීම නැවැත්වීමයි. ලේ නතර වෙන තුරු පිරිසිදු රෙදි කැබැල්ලකින් තුවාලය තද කරගෙන සිටිමෙන් ඔබට මෙය සිදු කළ හැකිය. ඉන්පසුව, සබන් භාවිතා කර ඇල්මැරුණු වතුරෙන් සෝදා ගන්න. ඔබ  එය කළ පසු, පිරිසිදු රෙදි කඩක් භාවිතා කර එය වියළා ගැනීමෙන් හා පසුව තුවාලයක් ආසාදනය වීම වැළැක්වීම සඳහා  අයඩින් හෝ විෂබීජ නාශක  ආලේපනයක් යොදන්න. පසුව බැනඩේජ් එකකින් ආවරණය කරන්න.

තුවාලය ඉතා ගැඹුරු නම් හෝ ලේ ගැලීම නතර නොවේ නම්, ඔබේ දරුවා වෛද්‍යවරයෙකු වෙත ගෙන යෑමට සුදුසු වේ. සමහර අවස්ථාවල දී, තුවාලය ගැඹුරු නම්, තුවාලයට මැහුම් යෙදිය යුතු ය.

පිළිස්සීම්

පිළිස්සීම්වලට ප්‍රතිකාර කරන විට, අයිස් සහ දන්තාලේප භාවිතා නොකරන්න. 

මුලින්ම කළ යුතු දෙයක් වන්නේ , පිලිස්සීමට ලක් වු ප්‍රදේශය සීතල ජලයට ඇල්ලීම හෝ එම ප්‍රදේශයේ  සීතල තෙත් තුවායක් තැබීමයි. සුළු පිළිස්සුම්  සැහැල්ලු ගෝස් හෝ බැන්ඩේජ් එකකින් ආවරණය කළ හැකිය. බලපෑමට ලක්වූ ප්‍රදේශයට පිලිස්සුම් සදහා වු ආලේපනයක් ආලේප කරන්න. ආසාදනය ලක් විය හැකි ඉදිමුමක් හෝ බුබුලක්  නොමැති  බවට තහවුරු ගන්න.

වඩා දරුණු පිලිස්සුමක් හෝ සම වියළි හෝ දුඹුරු වුවහොත්, ඔබේ දරුවා වෛද්‍යවරයෙකු වෙත ගෙන යාම වඩාත් සුදුසුය. එවිට ඔවුන්ට දරුවා හදිසි ප්‍රතිකාර ලබා දිය හැකිය.

නාසයෙන් ලේ ගැලීම

නාසයෙන් ලේ ගැලීම සඳහා, ඔබේ දරුවාව  උඩු අතට වාඩි  වෙන ලෙස පවසන්න. නමුත් හිස පහලට ඇලකරන්න. ඔවුන්ගේ බෙල්ල වටේට තද ඇඳුම් නැති බව තහවුරු කර  ගන්න.  නාස් පුඩු අවහිර කර ගැනීමට නාසයේ පහල කෙලවර මිරිකන්න.  ඒවා පටු වීමට ඉඩ සලසමින් ඔබ විනාඩි 15 ක් පමණ පීඩනයක් දිගින් දිගටම  යොදන්න. මිනිත්තු 15 ට පසු ඔවුන්ගේ නහය ලේ ගැලීම නතර වී ඇත්දැයි පරීක්ෂා කර තහවුරු කරන්න.

කෘමී සපා කෑම් හා දෂ්ට කිරීම්

කෘමී සපා කෑම් හා දෂ්ට කිරීම් සඳහා, ප්‍රතිකාර කිරීම ඔබේ දරුවා සපන ලද  කෘමීයා මත රඳා පවතී. එය මී මැසි දෂ්ට කිරීමක් නම්, විත ඔබේ දරුවාගේ සමේ තවමත් තිබේ නම්, එය ඉවත් කිරීමට වග බලා ගන්න. ඔබට  ඔබේ නියපොතු දෙකක් හෝ ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කර සම මිරිකීමෙන්  එය ඉවත් කරන්න.

කැසීම හෝ දැවිල්ල අඩු කිරීමට කැල්මයින් වැනි සීත ආලේපනයක් ආලේප කරන්න.

ඔබේ දරුවා හදිසියේම ශ්වසන අපහසුතාවයක් ඇති වුවහොත් , කැස්ස, හෝ උගුරේ බැරුණ්ඩියක් ඇති වී ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත ගෙන යෑමට වග බලා ගන්න.

ප්‍රථමාධාර ඉඟි

  • සෑම විටම නිවසේ ප්‍රථමාධාර කට්ටලයක් සුදානමින් තබා ගන්න. එය බැන්ඩේජ්, ටේප්, විෂබීජනාශක සේදුම් දියර, කැල්මයින් ආලේපනයක්, පිළිස්සුම් ආලේපන, ඇන්ටිහිස්ටිමින්  සහ අනෙකුත් අවශ්‍ය බෙහෙත් වර්ග තබා ගන්න.
  • දරුවන්ට  ළඟා කළ නොහැකි නමුත් ඔබට පහසුවෙන් ලගා විය හැකි  තැනක එය තබාගන්න. ඔබ කල් ඉකුත් වූ ඖෂධයක් භාවිතා නොකරන බවට වග බලා ගැනීම සඳහා ඖෂධයේ කල් ඉකුත් වීමේ දිනය පරීක්ෂා කර බැලීම අවශ්‍ය වේ.

දගකාර පුංච් පැටියත් එක්ක ඔට්ටු වෙන්න ඔබට මේ තොරතුරු අවශ්‍ය වේවි කියලා The Asianparent Sri Lanka අපි හිතනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී