බබාටයි අම්මාටයි පිරිත් ඇසීමෙන් ගුණ

lead image

දරුවන්ට පිරිත් ඇසීමේ ගුණ මොනවාද?

මානව වර්ගයා උපතින් පොදු කුලකයක්, ඔවුන්ගේ පරිසරයේ වු දර්ශනය, සම්ප්‍රදාය ඔවුන් තුල වෙන් කර හදුනා ගැනීමක් නිර්මාණය කරනවා.

සෑම ආගමික දර්ශනයක්ම තමන් අදහන්නන් වෙත ලබා දෙන්නේ අධ්‍යාත්මික සුවයක්, බෞද්ධ දර්ශනයත් එහෙමයි. ඒ තුල  වූ පිරිත් තුලින් ගැබිණි මවට, දරුවන්ට  සෙතක් ශාන්තියක් ලං කර ගන්නේ කොහොමද කියා මදක් විමසා බලමු.

ගැබිණි කාලේ පන්සලට යන්න. බෝ මලුවේ වාඩිවෙලා ඉන්නා ආසයි නේද? ඒ ඔබට මානසික සුවයක් ලැබෙන නිසා නේද?

ඒ වගේම පිරිත් අහන්න ඔබ ආසයි. පිරිත් වලින් කනට විතරක් නොවෙයි හිතටත් සැනසීමක් ලගා කරනවා. පිරිත් යන වේලාවට කුසේ ඉන්න පොඩ්ඩත් දග නැතුව සංසුන් වෙනවා නේද එයාටත් එහෙමයි . බඩේ ඉන්න පුංචි පැටියාට බඩ ඇතුලේදීම ඇහීමේ හැකියාව ඇතිවෙනවා. ඉතින් එයාටත් පිරිත් අහලා සංසුන් වෙන්න පුලුවන්.

ගැබිණි සමයේදී බොහෝ විට මහ මංගල සුත්‍රය, රතන සුත්‍රය, කරණීය මෙත්ත සුත්‍රය නිතර අහන්න පුලුවන්. ඒ වගේම ගැබිනි මවට ප්‍රසුතිය ලං වුනාහම අංගුලිමාල පිරිත අහන්න සලස්වනවා. මේ හැම දෙයකින්ම කරන්නේ ජීවිතයේ ඉදිරියේ මුහුණ දෙන්න වෙන ලොකු අභියෝගයකට එයාව මානසිකව සුවපත් කර සුදානම් කිරීමයි.

ශබ්ද තරංග වලට මොළයට බලපෑම් කරන්න පුලුවන්. පිරිත් දේසනා කරන ස්වරයේ තියෙන්නේ මොළය සංසුන් කරන බවක්, බොහෝ විට බෞද්ධ අම්මලා දරුවන්ට පිරිත් අසන්න සලස්වන්න කැමතියි.

දරුවන්ට පිරිත් මගින් දරුවන්ගේ මනස සංසුන් කර සුව නින්දක් ලබා දෙනවා. ඒ වගේම මනස කළබන අවට ශබ්ද ඇසීම අඩුවෙන නිසා ඔවුන් නොසංසුන් වෙනවා අඩුයි. ඒවාගේම නිතර වාදනය වන සිත සනසන ස්වරය ඔවුන්ගේ කාන්සිය නිවා දමනවා.

ඒ වගේම දරුවන්ට නිතර පිරිත් ඇසීමට සැලැස්වීමෙන් අමනුෂ්‍ය බලපෑම් ඈත් වෙන බව මව්වරුන් විශ්වාස කරනවා. ඒ වගේම රෝග බිය දුරු වී දරුවාට සෙතක් ශාන්තියක් ලගා වෙන බව ඔවුන් අදහනු ලබනවා.

මෙවැනි බොහොමයක් විශ්වාස ඇදහිලි නිසා මෙන්ම, එහි ඇති ප්‍රයෝගික පැතිකඩ නිසා ගැබිනි මව්වරුන්ට මෙන්ම ඔබේ පුංචි පැටියාට පිරිත් සවන් දීමට අවස්ථාව සැලසීමෙන් ඔවුන්ට මානසික සුවයක් අත්කර දිය හැකි බව පැහැදිලි වේ.

මේ බෞද්ධාගමික පරිසරය තුල ඇති මානසික සුවය ලගා වෙන ක්‍රමයකි. ඔබේ ආගම දර්ශනය තුලත් මෙවැනි බොහෝ වටිනා අපූරු දේ සැගවී ඇති , ඉතින් පහලින් සටහනක් යොදා ඒ අපූරු දේ අන් අය සමග බෙදාගන්න.