ඔබේ පුංචි පැටියා බය නොකර බෙහෙත් පොවන්නේ මෙහෙමයි

සමහර වේලාවට බෙහෙත් පොවන්න සීනී හැන්දකට වඩා ඕන වෙනවා!

ඇත්ත වශයෙන්ම, තම පුංචි දරුවා පපුවෙන් එන කැස්සකින් හෝ සිරවුන නාසයෙන් පීඩා විදිනවා බලන්න කිසිම දෙමව්පියෙක් කැමති  නැත. උණත් සමඟ කැස්ස සුව වෙන තෙක් පුංචි  දගකාරයන් සමග නිවසට සිර වී සිටින්නට කිසිම දෙමව්පියෙක්ට අවශ්‍ය නැත.

එමෙන්ම කිසිම දෙමාපියෙක්ට වෛද්‍ය  ප්‍රතිකාර ලබාගැනීමට අකමැති, කෑගසන, හඩන, පීඩාකාරී  ලෙස වමනය දමන මුඛය වසා සිටින ළදරුවෙකු සමඟ කටයුතු කිරීමට අවශ්‍ය නොවේ.

දරුවෙකුට සාමාන්‍ය  කැස්ස හෝ මෘදු කැස්සක් ඇතිවිට පහසුවෙන් සොයා ගත හැකි ෆාමසි බෙහෙත්  නොදිය යුතුය. නමුත් ඇතැම් විට වෛද්‍යවරයා ප්‍රතිජීවක ඖෂධ හෝ වෙනත් ඖෂධ නිර්දේශ කරන අතර  එතැන් සිට  යුද්ධය  ආරම්භ වේ.

බෙහෙත් ප්‍රතික්ෂේප  දරුවකුට ඖෂධ ලබා දීම සම්බන්ධව ඇතිවෙන  අපහසුතා අවබෝධ කරගත් නිසා,දරුවන්ගේ බිය අඩුකර  බෙහෙත් ලබාදීමට  උපාය මාරග  වශයෙන්  මව්වරුන් ගෙන් එකතු කල මෙම උපදෙස් හා උපක්‍රම අපි ඔබට ලබා දෙන්නෙමු.

දරුවන්ට බෙහෙත් පෙවීම

1. මාළු තොල් ('fish lips')

මගේ වැඩිමල්  පුතා බිළිඳෙකුව සිටියදී, ඕනෑම ආකාරයක ඖෂධයක් ඔහුට ලබා දීම වේදනාකාරී  වුනා. ඔහු තම මුඛය තදින් වසා සිටි අතර මම කෙසේ හෝ ඖෂධයක් මුඛයට  දැමීමට  මට හැකි වුවහොත් ඔහු වහාම වමනය කලේය.

මම කලකිරීමට වී,  කළ යුතු දේ කුමක්දැයි මම වරෙක ඔහුගේ ළමා  වෛද්‍යවරයාගෙන් විමසුවා. මෙන්න ඔහු මට ඉගැන්වූ උපාය:  දරුවාගේ තොල් විවර වන තෙක් (මාළු තොල්) කම්බුල් ටිකක් තදින්  මිරිකන්න. පසුව සිරින්ජයක් භාවිතා කරන ඖෂධය මුඛයට ඇතුල් කරන්න . මේ ආකාරයෙන් එය  ඔහුට බලෙන් ගිලීමට සැලැස්විය හැක.

එසේම, ඔබ කම්මුල්වල පැත්ත  ඉලක්ක කර ගන්නේ නම්, ඒ මගින් ඔබ ඔබේ දරුවාගේ  රසාංකුර මගහරින අතර  වඩා රසවත් අත්දැකීමක් බවට එය පත් කරනු ලබයි.

2. කුඩා මාත්‍රා වලින් ලබා දෙන්න

ඡායා නැමති මව මෙම ඉගිය ලබාදෙන අතර  ඇයගේ දැරිය කුඩා කලදී ලබා දුන් බෙහෙත් විසි කරන්නට වුනා.

ඇය සඳහා ක්‍රියාත්මක  වුනේ, කුඩා ප්‍රමාණයේ මාත්‍රා වලට  බිඳ ලබා දීමයි. නිදසුනක් වශයෙන්, 5ml ක් ලබා දෙනු ලබා දෙන්නේ  1ml මාත්‍රා වලිනි. අසීරුයි නමුත් වෑයම් කිරීම වටිනවා.

3. පාලනය ඔවුන්ට දෙන්න.

විශේෂයෙන් ළමයින්, කුඩා දරුවන් සහ පෙර පාසල් දරුවන්,  පුංචි දේවල්  පාලනය කරන සුළුයි. ඒවගේම  ඔවුන් තත්වයන් පාලනය කිරීමට සිතනනත් කැමතියි. එබැවින්  බෙහෙත්   ඔබේ පාලනයකින් තොරව ඔහුට  භාර දෙන බව ඔහුට සිතීමට දීමේ උපක්‍රමය  භාවිතා කරන්න.

එය සරලයි. ඔහු ඖෂධ ගැනීමට කැමති ආකාරය තෝරා ගැනීමට ඔහුට  අවස්ථාවක් දෙන්න. උදා. ඩ්‍රෝපර් හෝ කප් එකකින් , නෑමට පෙර හෝ නින්දට යෑමට පෙර - ඒ වගේම ඔහුට බලය සහ පාලනය කිරීමේ හැඟීමක් ලබා දෙන්න.

4. එය සඟවා දෙන්න

යුෂ, යෝගට් හෝ අයිස් ක්‍රීම් තුල රසය සඟවා ලබා දෙන්න. මෙම ක්‍රමය බොහෝ ඉවසිලිවන්ත හා පළපුරුදු දෙමාපියන් විසින් භාවිතා කරනු ලැබේ.

5. විකල්ප ඉල්ලා සිටින්න

දරුවා ඇත්තටම අසනීප වූ විට, සමහර අවස්ථාවලදී අඩු මුඛ ඖෂධ ලබා දීම මගින්  ආතතිය, අරගල සහ ප්‍රතිරෝධය ලිහිල් කිරීමට උපකාර කරයි.

පැනඩෝල් වැනි වාචික ඖෂධ සඳහා ඵලදායී විකල්පයක් ලෙස සුදුසු අවස්ථාවන්හිදී suppositories ලබා දෙන ලෙස ඔබේ වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටින්න. මෙය මගේ දරුවන් දෙදෙනාට හොඳින් ක්‍රියා කරනවා. ඔබේ දරුවා දියර වලට  වඩා සැපිය හැකි ඖෂධවලට වඩා කැමති  නම්, මෙම විකල්පය ලබා ගත හැකි දැයි වෛද්‍යවරයා සමඟ පරීක්ෂා කරන්න.

සමහර වෙලාවට ළමා වෛද්‍යවරුන් සාන්ද්‍රණය ඉහළ නැංවීමට හැකිය. එවිට කුඩා ප්‍රමාණයක් ලබාදිය හැකිය. මෙම විකල්පය ලබා ගත හැකි දැයි විමසන්න.

ඩොක් මැක්ස්ටෆින්ස්  (Doc McStuffins) යනු ඖෂධ ගැනීමට බියවීම නොවිය යුතු  බව ඔබේ දරුවාට උගන්වන හොද TV වැඩසටහනකි.

6. එය ක්‍රීඩාවක් බවට හැරවීම

ඔබේ දරුවා වෛද්‍යවරයෙකු ලෙස සෙල්ලම් කිරීමට යොදා ගනිමින් (හෝ ඩොක් මැක්ස්ටාෆින්ස් ලෙස පෙනී සිටින්න) ඔහුගේ ප්‍රියතම සෙල්ලම්  බඩුව ඔහුට  ලබා දෙන්න. ඊළඟට, ඔබ වෛද්‍යවරිය බවට පත් වී ඔබේ දරුවාට අවශ්‍ය බෙහෙත් ලබා දෙන්න.

7. අවංක වන්න

ඔබේ දරුවා වයසින් වැඩි නම්, වෛද්‍ය  ප්‍රතිකාර අවශ්‍ය  වන්නේ ඇයිද යන්න පැහැදිලි කරන්න. හේතු දැක්වීම  සමහර අවස්ථාවලදී වැඩිමහල්  දරුවන් සමග මෙන්ම  සමහරවිට කුඩා දරුවන්  සමඟ ක්‍රියා කරයි.

ඔබේ දරුවාට බෙහෙත් හෝ පෙති රසවත් කෑමක් ලෙස ඉදිරිපත් නොකරන්න .ඒවා රසවත් යැයි සිතා ඒවා සොයන්නත් , ඒවා හමුවුවහොත් ආහාරයට ගෙන ඉහල මාත්‍රාවක් ශරීර ගතවිය හැක.

8. එය උණුසුම් කරන්න

ඔබ කවදා හෝ කෑගසා හඩන දරුවෙකුගේ ඇසට බෙහෙත් දමන්න උත්සාහ කර තිබෙනවාද? මට නම් බොහෝ විට එසේ කිරීමට සිදු වී තියෙනවා. එහිදි කෑගසා හැරුනු ඔහුගේ කටට බෙහෙත් වැටිලා තියෙනවා.

මගේ මිතුරු අම්මා කෙනෙක් මට ඉගැන්වූයේ මගේ දෑතේ අල්ල අතර බෝතලය පෙරළීමෙන් උණුසුම් කිරීමටයි. ළමයින් බොහෝ විට ඔවුන්ගේ ඇස්වල සීතල  ද්‍රව වල සංවේදීතාවයට (සාධාරණයි) කැමති නැති නිසා මෙය ඒ සදහා බොහෝ උදව් කරනු ලබයි.

9. සංසුන්  කලාපය

ඔබේ දරුවාට ඖෂධයක් ලබා දීමට පෙර අයිස් එකක් කන්න දෙන්න. අයිස් වලින් තාවකාලිකව ඔහුගේ රස බැලීමේ සංවේදිතාව  අඩු කරයි.  එවිට බෙහෙත් වලට  වේගයෙන් පහලට යෑමට උදව් කරයි.

මවුවරුනි සහ පියවරුනි , අපගේ ලැයිස්තුවට එකතු කිරීමට උපාය සහ උපක්‍රම තව තිබේද? පහතින් සටහනක්  යොදා ඒවා  අප සමග බෙදා ගන්න.

බෙහෙත් වලින් දරුවාව බය කරන්නේ අපිම නේද ? චුට්ටක් තිත්ත වෙන්න පුලුවන් . ඒත් ඒවා දරුවාව බියට පත් නොකර ලබා දෙන ලෙස මේ ආදරණීය මතක් කිරීම කරන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී