බෙහෙත් පොවන්න අමාරු පොඩ්ඩාට බෙහෙත් පොවන අපූරු ක්‍රමයක්

lead image

ළදරුවන්ට බෙහෙත්  පෙවීම් හරිම අමාරුයි නේද? ඒත් බලන්නකෝ මේ අම්මා අපිට කියා දෙන අපූරු ක්‍රමය , මව්වරුනි, පියවරුනි , ඔබත් එය උත්සහ කර බලන්න.

දරුවන් රෝගී වෙනවාට අපි අකමැති එකම එක හේතුවක් අනෙක්වා අතරින් ප්‍රමුඛ වෙනවා.  ඇත්ත වශයෙන්, කිසිම  දෙමව්පියෙක්  තම දරුවන් රෝගීව දුක්  විදින්න කැමති නැහැ තමයි ඒත් බෙහෙත් බොන්න අකමැති  ළදරුවන්ට බෙහෙත්  පෙවීම ඉතාම අසීරු කාර්‍යයක් වෙනවා.

මගේ දරුවෝ කුඩා කාලයේදී  ඔවුන් ලෙඩ  වූ විට ඔවුන්ට බෙහෙත් පෙවීම  වධහිංසා පිරි අත්දැකීමක් වු අයුරු මට මතකයි. මම ඒ සියලු උපක්‍රම  උත්සාහ කලත්  සියලු බෙහෙත්  ආපසු එළියට දැම්මා.

සාමාන්‍යයෙන් එහි අවසාන ප්‍රතිඵලය  වූයේ:

  • දරුවා  මුඛය තදින් වසාගැනීම
  • මම ඔහුට හිංසා කරන්න උත්සාහ කරනවා  වගේ ඔහු  කෑසීම
  • දරුවා  හඩමින් , කෑගසමින් හිස සෙලවීම
  • බෙහෙත් කටෙන් වැගිරීම
  • බෙහෙත්  වමනය කිරීම

සාමාන්යයෙන් එය ඉහත වු සියල්ලම සිදුවීම!

ඉතින් මම මේ දක්ෂ අම්මාගේ අපූරු  උපායක් දුටු වි ඒ ගැන ඔබත් සමග එය බෙදා ගනිමින් සතුටු වුනා. මගේ පිරිමි දරුවන් කුඩා අවධියේ එය නොදැන සිටීම ගැන දුක් වුනා.

මව්වරුනි, පියවරුනි , මෙන්න ඒ අපූරු උපාය,  ඔබ දරුවන්  රෝගී  වු විට ඔබේ ළදරුවන්ට බෙහෙත්  ලබා දීම සඳහා  ඔබට අවැසි වන  ජීවිතාරක්ෂකය ,

කරදරයකින් තොරව පියවර තුනකින් බබාට බෙහෙත් පොවමු.

එක්සත් රාජධානියේ මවක් වන හෙලනා ලීගේ පුංචි පැටියා වන ඇල්ෆී ලගදී හොදටම රෝගී වුනා. ෆේස්බුක් පෝස්ට් එකෙහි ඇය මෙසේ පැහැදිලි කරනවා.

සියලු මව්වරුන්ට  ...

මේ වෙනකම් පුංචි ඇල්ෆීට බෙහෙත් පොවන්න මං යුද්ධයක් කලා ඒත් ඔහු විසින් බෙහෙත් වලින් භාගයක්ම ආපසු කටෙන් එලියට දමා ඔහුගේ ඇගේ හලා ගැනීම අවසානය වුනා.

එතකොට  බිදුවක් හෝ නාස්ති නොකර කදුලින් තොරව වු මේ උපක්‍රමය මම සොයාගත්තා මතකයි.

පියවර 1: දරුවාගේ ප්‍රියතම teat එකට සිලින්ජරට ඇතුල් කරන්න.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/10/baby meds1.jpg බෙහෙත් පොවන්න අමාරු පොඩ්ඩාට බෙහෙත් පොවන අපූරු ක්‍රමයක්

පියවර 2: අවශ්‍ය  බෙහෙත් වර්ගය  පුරවන්න.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/10/baby meds3.jpg බෙහෙත් පොවන්න අමාරු පොඩ්ඩාට බෙහෙත් පොවන අපූරු ක්‍රමයක්

 

පියවර 3: දරුවා වීරයෙක්  වගේ බෙහෙත්  බොන අයුරු බලන්න!

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/10/baby meds2.jpg බෙහෙත් පොවන්න අමාරු පොඩ්ඩාට බෙහෙත් පොවන අපූරු ක්‍රමයක්

මව්වරුනි, පියවරුනි  එය හරිම සරලයි නේද? ඇත්ත වශයෙන්ම, මෙම තාක්ෂණය  ක්‍රියාත්මක වන්නේ ඔබේ දරුවා බෝතලයක්  භාවිතා කරන්නේ නම් පමණයි.

පොඩ්ඩන්ට  බෙහෙත් පොවන මීට වඩා පහසු ක්‍රම ඔබ ලගත් තියෙනවාද? එහෙනම්  ඒවා අපත් සමඟ බෙදාගන්න.

අම්මාටයි බබාටයි වදයක් නොවී බෙහෙත් බොන්න පුලුවන් ඒ ක්‍රමයත් අපූරුයි නේද? එය ඔබ වෙත ආදරයෙන් තිළිණ කරන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී