දරුවන්ට යටිපතුල් නිල තෙරපුම මගින් ලැබෙන ප්‍රයෝජන

ඔබ තවමත් මේ වැදගත් කාරණය ගැන නොදන්නවා නම් මේ තොරතුරු හුඟක් වැදගත් වෙනවා.

ඔබ තවමත් මේ වැදගත් කාරණය ගැන නොදන්නවා නම් මේ තොරතුරු හුඟක් වැදගත් වෙනවා.

මෙහි ඇති ප්‍රයෝජන ගැන හුඟ දෙනෙක් නොදන්නවා වුනත් අද වන විට එය ප්‍රචලිත වෙමින් යන කලාවක්. එය දරුවන්ට හා ළදරුවන්ට ප්‍රයෝජනවත් යැයි බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්.

අපහසුවෙන් හෝ අමාරුවකින් හඬන දරුවෙකුගේ යටි පතුල් පිරිමදින අම්මා කෙනෙකුට දරුවා සැනසෙනවා බලන්න පුළුවන්. නොදැනුවත්වම ඇය එය කළත් යටි පතුල් සම්බාහනයේ වැදගත්කම එයයි. නිල තෙරපුමේදී WebMD අනුව යටිපතුල්, දෑත් හා කන් විශේෂයි. එහිදී නාඩි වලට ලැබෙන උද්දීපනයෙන් මේ සහනය ලබා දෙනවා.

පෙර ගර්භණි සමය තුළ සහනය සඳහා, මාසික ඔසප් වේදනා, නින්ද නොයාමේ වේදනාවන්, පිළිකා වලදී ඇතිවන  වේදනා, හතිය, මළබද්ධය වැනි රෝග වලටත්, කිරි දෙන මව්වරුන්ගේ කිරි එරීම වැඩි වීමටත් නාඩි උත්තේජනය පිහිට වෙනවා.

ළදරුවන්ගේ යටි පතුල් වල කවාකාර ප්‍රදේශය තවමත් වැඩෙමින් තිබෙන නිසා යටි පතුල් ඉතාම සුමටයි. මෘදුයි. ඉන් තෙරපීම් ඉතා ඉක්මනින් ග්‍රහණය වෙනවා. අනෙක් අතට ඔවුන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය සංකීර්ණ නොවන ස්නායු අන්තයන් මගින් තෙරපුම් ඉක්මනින් ග්‍රහණය කරගන්නවා.

දෙපතුල් වලට නිල තෙරපුම ලබාදිය යුත්තේ කිනම් අවස්ථාවන් වලදීද?

බොහෝ විට දත් එන කාලයට, සෙම්ප්‍රතිශ්‍යාවට, මළබද්ධය, බඩේ රුදාවන් වලට මෙය ඉතා හොඳයි. ඒ වගේම දරුවා නිදිකරවන විටත් එය පිහිටක් වෙනවා. ඒ වගේම දෙමාපියන්ට දරුවා සමග හොඳ සබඳතාවයක් පවත්වා ගැනීමටත් බැඳීම් ඇතිකර ගැනීමටත් එය වැදගත්. දරුවා ඉපදී කල්ගත නොවීම ඔබට එය අරඹන්න පුළුවන්. සෙල්ලම් කරමින්, තොටිල්ලේ ඉන්න විට හෝ නින්දේ ඉන්න විට, දරුවාව වඩාගෙන ඉන්න විටදී වුනත් කරන්න පුළුවන්. වැඩිමහල් දරුවන්ට එය ක්‍රීඩාවක් ලෙස වුනත් කරන්න පුළුවන්.

දරුවන්ගේ යටි පතුල් නිල තෙරපුම් කරන විට සැලකිය යුතු දේවල් මොනවාද?

  • උණුසුම් දෑත් වලින් සම්බාහනය ආරම්භ කරන්න.
  • බිළිඳාගේ යටි පතුල් ඉතා මෘදු නිසා ඉතා සෙමින් මෘදු ලෙස කිරීම වැදගත්. ඒ වගේම ඔවුන් රෝගීව ඉන්නා විට නිල ස්ථාන තවත් සංවේදී නිසා මෘදුව පිරිමැදීම වැදගත්.
  • යටිපතුල් කුඩා නිසා එය කළයුතු කාලය අඩුකළ යුතු වෙනවා.
  • වැඩිහිටියෙකුට එය පැයක පමණ කාලයක් වුවත් දරුවෙකුට මිනිත්තු කිහිපයක් ප්‍රමාණවත්.
  • දරුවාගේ ප්‍රතිචාරය අනුව කාලය තීරණය කරන්න. දරුවා කකුල් ඉවතට ගන්නවා නම් නවත්වන්න. නැතිනම් උපරිම මිනිත්තු 5ක් ප්‍රමාණවත්.

යටි පතුල් වලට නිල තෙරපුම කරන විට යොදාගන්නා ප්‍රසිද්ධ ක්‍රමෝපායන්. පිළිබඳ හොඳ දැනුමක් ලබාගෙන මෙය කරන්න ඔබට පුළුවන්.

ඔබට දැනුවත් විශේෂඥ දැනුමක් ඇති අයෙකුගෙන් ලබා ගැනීමෙන් ඔබේ පැටියාට හොඳ සුවයක් සහනයක් ලබාදෙන්න පුළුවන්.

බබාගේ සෞඛ්‍ය ගැටළු වලට ඖෂධ නැතිව පිළියම් ලබාගන්න පුළුවන්. ඒ පිළිබඳ ඔබගේ දැනුම වැඩි කරන්න theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ