දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

නිවැරදිව ආහාර ගැනීමෙන් හොද පෝෂණය ලබාදෙනවා පමනක් නොව, එය සුව නින්දක්ද ලබා දෙයි.

ඔබේ ළදරුවා වැඩෙන විට, ඔහු සෑම දිනකම නව සන්ධිස්ථානයකට පිවිසෙන අයුරු දැකිය හැකිය . නමුත් රාත්‍රියේදී එය වෙනස් මුහුණුවරක් ගනී.

නමුත් බලාපොරොත්තුව නැති කරගන්න එපා. ඔබේ දරුවාගේ නිදි නැති බව ඔබේ දරුවන් රැකබලා ගැනීමේ හැකියාව පිලිබඳ  සලකුණක්  නොවේ.

පියවරක් ආපසු ගෙන මූලික කරුණු නැවත සිතන්නේ නැත්තේ ඇයි? එය ආරම්භ කිරීමට හොඳ ස්ථානය වන්නේ ඔබේ දරුවාගේ ආහාර සහ පෝෂණයයි.

සමහර ආහාරවලින් දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන බව ඔබ දැන සිටියාද?

දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර 

1. පැඟිරි අඩංගු පළතුරු

දොඩම්, ලෙමන් හා දෙහි වැනි රසවත් පලතුරු වල විටමින් සී අඩංගු වේ. එහෙත් ඒවා ප්‍රතිශක්තිකරණයට වැඩි කරනවා පමණක්  නොව අධ්‍යයනවලින් පෙනී යන ආකාරයට ඒවා මගින්  "අධි වෘක්ක ග්‍රන්ථි" පෝෂණය කරයි.  

මේ මගින් ශරීරයේ ඉතිරි කොටස් වලට සහනයක්  ලබා දෙන බලපෑමක් ඇත.

රාත්‍රී ආහාරයෙන් පසු ඔබේ දරුවාට දොඩම් යුෂ ටිකක් ලබා දීමෙන් ඔහු ඉක්මනින්ම සුව නින්දක් ලබාවි.

2. කිවි

සෞඛ්‍ය සම්පන්න, අඩු කැලරි සහිත මෙම පළතුරෙහි ප්‍රතිඔක්සිකාරක  සහ සෙරෝටෙනින් අඩංගු වී තිබේ.

ඒවා මගින් සම්පුර්ණ නින්දේ ගුණාත්මක බව වැඩි කරයි. ඔබට රාත්‍රී ආහාර වේලෙන් පසු යෝගට් එකකට පොඩි කල කිවි එක්කර දෙන්න පුළුවන්.

3. කෙසෙල්

කෙසෙල් වල කෙදි බහුල වීමෙන් ආහාර ජීරණයට සහය දෙනවා පමණක් නොව  පොටෑසියම් සහ මැග්නීසියම් වැනි නින්ද ප්‍රවර්ධනය  කරන සංඝටක අඩංගු වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ දෙකම පේශි ලිහිල්  කිරීමට උපකාරී වේ.

කෙසෙල් වල ඇමයිනෝ අම්ල L-triptophan අඩංගු  වේ. මෙය පසුව සෙරෝටෙනින් සහ මෙලෝටෙනින් බවට පරිවර්තනය වේ. ඒවා අපගේ නින්ද සහ අවදි වීමේ චක්‍රය පාලනය කරන හෝමෝන වේ.

4. තෙල් සහිත මාළු

ඔබේ දරුවාට තෙල් සහිත ආහාර දීමෙන් සුව නින්දක් ලබා දීමට හේතුවේ යැයි යන්න ඔබට පිළි ගත නොහැකි වේවි. නමුත් ඔමේගා 3 සහ විටමින් ඩී  සහිත සැමන්, කෙළවල්ලා වැනි මාළු නින්දෙහි ගුණාත්මක බව වැඩි දියුණු කරන  බව අධ්‍යනයනවලින් සොයාගෙන තියෙනවා .

කෙසේ වෙතත්, ඇතැම් ළදරුවන්ට අනාරක්ෂිත මාළු ලබා නොදී සිටීමට  වග බලා ගන්න.

5. ඔට්මීල්

ඔබේ ළදරුවාට නින්දට පෙර උණුසුම් ඔට්මීල් පිගානක් ලබා දීමෙන් ‍රාත්‍රියේ වරින් වර හෝ හදිසියේ අවදිවීම මග හරවා ගත හැකිය.

6. ඇපල්

ඔබේ දරුවාට නින්දට පෙර ඇපල් පෙති කිහිපයක් දෙන්න. මෙහි කාබෝහයිඩ්රේට්, අඩු ප්‍රෝටීන ඇති අතර එය නින්ද පහසු කරයි.

7. සුදු සහල්

ඔබ බර අඩු කර ගැනීමට උත්සාහ කරන්නේ නම් සුදු සහල් ඔබට සුදුසු නොවිය  විය හැකිය. නමුත් ඔබ ඔබේ දරුවන්ට රාත්‍රියට සුව නින්දක්  බලාපොරොත්තු වෙනවා නම් සුදුසහල් වල ග්ලයිසිමික් නම් නින්දට සහය දෙන දේ අන්තර්ගතය.

ඔබ එයට බිත්තරයක් මිශ්‍ර කර ලබාදිය හැකිය.

සමහර අවස්ථාවලදී ඔවුන්ගේ කෙටි ආහාර  කැමැත්ත කෙරෙහි බලපාන පරිදි කුඩා පියවරයන් ගත හැකි නම් ඔබේ දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ලබාදිය හැකිය.

ඔබේ දරුවාට අලුත් කෑම හදුන්වා දීමට පෙර ඔහුගේ  පෝෂණවේදීයාගෙන් හෝ විශේෂඥ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න.

ඔබේ දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ලබාදෙන්න මේ ආහාර පිලිබඳ තොරතුරු the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී