theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අසනීපයකින් පසු ඔබේ දරුවා පාසලට ආපසු යැවිය යුත්තේ කවදාද?

5 අවම කියවීම
අසනීපයකින් පසු ඔබේ දරුවා පාසලට ආපසු යැවිය යුත්තේ කවදාද?අසනීපයකින් පසු ඔබේ දරුවා පාසලට ආපසු යැවිය යුත්තේ කවදාද?

දරුවා රෝගාතුර වෙලා. නැවතත් පාසැලට යවන එක ආරක්ෂිත වන්නේ කවදාද? අපි සොයා බලමු.

දරුවා වර්ධනය වන විට, ඔහුගේ ප්‍රතිශක්තිය වඩා හොඳින් වර්ධනය වීමට පටන් ගනියි.  එක අතකින් ඔහු එය උපත සිට ඇති කරගනු ලබයි . එය ස්වභාවයෙන්ම එන ප්‍රතිශක්තියකි. අනෙක් සෑම අවස්ථාවක දී, ඔහු මවගේ සිට ප්‍රතිදේහ ලබා ගැනීමෙන්, එන්නත් මගින් පාලනය කිරිමෙන්  හෝ ආසාදන වලට නිරාවරණය වීමෙන්  ඔහු එය ලබා  ගනී. පාසැල් යන වයසේ ළමයින් නිතර නිතර රෝගාතුර වීම අවසාන කොටස වෙයි.

ඔබ වෛද්‍යවරයා ළඟට යන විට,  රෝගය   කුමක්ද කියාත්, එහිදී දරුවා  රැකබලා ගන්නා ආකාරය ගැනත් ඔහු ඔබට කියනු ඇත.  මෙම ලිපියේ  අන්තර්ගතය මගින් පාසල් හෝ දිවාසුරැකුම් මධ්‍යස්ථානයට ආපසු යැවීම ආරක්ෂිත කවදාදැයි  ඔබට පවසාවි. පාසැල් බොහොමයක ලෙඩ රෝග සදහා  ප්‍රතිපත්තියක් ඇත. ඒ කියන්නේ, රෝගී තත්වය පිලිබඳ දැනගැනීමෙන් ඉදිරි දින කිහිපය  ඔබට සැලසුම් කර ගත හැකිය.

ළමා කාලයේ හැදෙන පොදු රෝගාබාධ

රෝගය  බෝවෙන රෝගයක් නොවේ  නම්, දරුවාට සුවයක්   දැනුන වහාම ඔබට  දරුවාව නැවත ආරක්ෂිතව  පාසැලට යැවිය හැක. කෙසේ වෙතත්, ඇතැම් රෝග සදහා  විවේකය සහ හුදකලා කිරීම සඳහා අවශ්‍ය වේ. කලින් පැහැදිලි කළ පරිදි, ඔබේ දරුවා යම් රෝගයකින් පෙලෙන්නේ නම්  එය දැන ගන්නේ කෙසේ දැයි මා ගැඹුරට විස්තර කරන්න  යන්නේ නැහැ. මෙය  රෝගය හඳුනාගත් දරුවන් සඳහා වේ.

ඉතින්, පාසැල් යන වයසේ ළමයින් අතර  දක්නට ලැබෙන  වඩාත්ම පොදු රෝග හයක්  මෙහි දැක් වේ. මේවා බෝවෙන රෝග  වේ. එබැවින් සෑම දෙමව්පියකම එම රෝග  ගැන දැනුවත් විය යුතුය.

1 . අත් පා සහ මුඛ රෝගය (hand foot and mouth disease)

විස්තරය

මෙය ඉතා ඉක්මනින්ම බෝවෙන රෝගයක් වෙන අතර පීකෝනා වෛරස මෙයාට හේතු වන අතර විශේෂයෙන් කොක්සකිවෛරස් (coxsackievirus)  හේතු වේ.

රෝග ලක්ෂණ මොනවාද ?

උගුරේ තුවාල ඇතිවීම, බොහෝ විට රතු පාට බිබිලි  අත්  සහ පා වල  ඇතිවේ.

එය පැතිරෙන්නේ කෙසේද?

ස්පර්ශය, කැස්ස, කිවිසුම් සහ ෆ්සීල් පදාර්ථය

කොතරම් කාලයක් ආසාදනය  විය හැකිද?

දරුවා ආසාදනයෙන් පෙලෙන තුරාවට මෙය ආසාදනය වේ. ඔහු දින 7 සිට 10 දක්වා කාලයක් ගතවන විට  ඔහුට සුවයක්  දැනේවි.

දරුවා නැවත පාසලට යැවීම ආරක්ෂිත  කවදාද?

දින 7 සිට 10 දක්වා බොහෝ රෝග අපහසුකම්  සුවවෙනු ඇත. ඔබේ දරුවාට ආහාර ගන්නට, ඇවිදින්නට පුළුවන් නම්, ඔබට  ඔහුව පාසලට යැවිය හැකියි.

2 .පැපොල

විස්තරය

එය ඉතා ඉක්මනින්ම බෝවෙන රෝගයක් වන අතර වැරිසේලා (varicella) වෛරසය මගින් ඇති වේ.

රෝග ලක්ෂණ මොනවාද ?

රතු පැල්ලම් මුහුණ හා පපුව මත දිස්වන අතර ශරීරය පුරා පැතිරේ. ඊළඟ පැය කිහිපය තුල ඒවා දියර පිරුනු බිබිලි බවට පත් වේ. දින කීපයකට පසු, ඒවා පිපිරි වියළී පොතු ගැල වී යයි.

එය පැතිරෙන්නේ කෙසේද?

ස්පර්ශය, කැස්ස, කිවිසුම් යෑම , ආසාදිත පුද්ගලයකු සමඟ කාමරයක  විනාඩි 15 කට වඩා වැඩි කාලයක් සිටීම

කොතරම් කාලයක් ආසාදනය  විය හැකිද?

සියලුම බිබිලි පිපිරු වියළී යන තුරු, ඒ සදහා දින 4 සිට 7ක් දක්වා ගත වේ.

දරුවා නැවත පාසැලට යැවීම ආරක්ෂිත කවදාද?

කිසිම උණක් නැතිනම් සියලුම පිපිරුම් වියලී පොතු ගැලවී ගොස් ඇති  නම් ඔබට  ඔහුව නැවත එවිය හැක. මුලින්ම පාසල මුලින්ම විමසන්න.

3 . සරම්ප

මෙය ඉතා ඉක්මනින් බෝවන මීසල්ස් වෛරසයෙන් ඇති වෙන රෝගයකි.

රෝග ලක්ෂණ මොනවාද ?

හිසෙහි හෝ ඉහළ බෙල්ලේ ආරම්භ වූ රතු-දුඹුරු පැහැති බිළිලි ඇති වී පසුව සිරුර පුරා ව්‍යාප්ත වේ.  උණ හා සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ  පෙර ඇති විය හැක.

එය පැතිරෙන්නේ කෙසේද?

ස්පර්ශය, කැස්ස, කිවිසුම්

කොතරම් කාලයක් ආසාදනය  විය හැකිද?

බිබිලි ඇති වීමෙන් දින හතරකට පසු

දරුවා නැවත පාසැලට යැවීම ආරක්ෂිත කවදාද?

බිබිලි ඇති වී සතියකට පසු, දරුවා පාසැල් යැවීමට තරම් සුවයක් ඇති නම්

4 . උග්‍ර බඩේ අමාරුව (Gastroenteritis)

විස්තරය

එයට රොටා වෛරස්, නොරො වෛරස් හා බැක්ටීරියා ආහාර විෂවීම් හේතුවිය හැක.

රෝග ලක්ෂණ මොනවාද ?

වමනය, අධික වමනය  සහ හදිසි දියරමය පාචනය , උණ ඇති විය හැකිය.

එය පැතිරෙන්නේ කෙසේද?

අපිරිසිදු ආහාර අනුභව කිරීම, දූෂිත මතුපිට ස්පර්ශ කිරීම  සමග රෝග ආසාදිතයෙකු සමග සමීප සබඳතාවයක් පැවැත්වීම

කොතරම් කාලයක් ආසාදනය  විය හැකිද?

දරුවාගේ රෝග ලක්ෂණ  ආරම්භ වුන අවස්ථාවේ සිට ඒ සියල්ල අවසන් වී පැය 48 ක් ගතවන තුරු එහෙත් එය පෙර සහ පසු කෙටි කාලයක් සඳහා බෝවිය හැක.

දරුවා නැවත පාසලට  යැවීම ආරක්ෂිත කවදාද?

දරුවාට පාසලට යෑමට ප්‍රමාණවත් ශක්තියක් නම්, රෝග ලක්ෂණ අවසන් වී දින 4-5 කට පසුව යැවිය හැක.

5 . ඇස් ලෙඩ

විස්තරය

සාමාන්යයෙන් ඇස් රතුවීම නොහොත් ඇස් ලෙඩ ලෙස හැඳින්වෙන එය ආසාදනයක් හෝ ආසාත්මිකතායක් විය හැක. ආසාදිනයට හේතුව බැක්ටීරියා හෝ වෛරස් විය හැක.

රෝග ලක්ෂණ මොනවාද ?

ආලෝකයට සංවේදී රතු පැහැති ඇස්,

දරුවාට  දෑස් පිරිමැදීම  වැනි හැඟීමක් ඇති විය හැක.

එය පැතිරෙන්නේ කෙසේද?

ආසාදිත පුද්ගලයකු සමඟ කිට්ටු සම්බන්ධතාවයක් මගින් එය පැතිරේ.

කොතරම් කාලයක් ආසාදනය  විය හැකිද?

ඇස් රෝස පැහැය හා ඇස් වලින් පිටවීම් ඇති තුරු

දරුවා නැවත පාසලට යැවීමට  ආරක්ෂිත වන්නේ කවදාද?

ඇස් රතු පැහැය හා ඉවත්වීම් නැති වෙන  තෙක් 3-7 දිනවල දරුවා නිවසේ තබාගැනීම සුදුසු  වේ.

6. ඉන්ෆ්ලුවන්සා

විස්තරය

ඉන්ෆ්ලුවන්සා වෛරස් මගින් ඇතිවන බෝවෙන රෝගයක් වන අතර  සහ ඇතැම් අවස්ථාවලදී, බැක්ටීරියාද හේතු වේ.

රෝග ලක්ෂණ මොනවාද ?

අධික උණ, හිසරදය සහ වියළි පපුවේ කැස්ස සමග  හදිසි විඩාව. සමහර අවස්ථාවලදී උගුරේ වේදනාව

පැතිරෙන්නේ කෙසේද?

ස්පර්ශය, කැස්ස, කිවිසුම් වීම, ආසාදිත පුද්ගලයෙකු සමඟ සමීප සම්බන්ධතාවය

කොතරම් කාලයක් ආසාදනය  විය හැකිද?

රෝග ලක්ෂණ ඇති වී දින 3-7 කට පසුව, නමුත් ඊට වඩා දිගු විය හැක.

දරුවා නැවත පාසලට යැවිම ආරක්ෂිත කවදාද?

උණ රෝගයක් නොමැතිනම් රෝග ලක්ෂණ අඩු වී ඇත්නම්, ඔබට දරුවා දින 7-10 කින් පමණ  පාසලට යැවිය හැකිය

දරුවා නැවත පාසලට යැවීම පිලිබඳ ප්‍රයෝගික පැත්ත

දරුවාව නිවසේ රදවාගැනීමට බලපාන ප්‍රධානතම රෝග මම සඳහන් කර ඇත. කෙසේ වෙතත්, දරුවාට නිකම් නාසයෙන් දියර ගැලීමක් හෝ මද  උණ ඇති විය හැක. එවැනි අවස්ථාවලදී කළ යුත්තේ කුමක්ද? ප්‍රයෝගික පැත්ත වන්නේ ඔබගේ සහජය විශ්වාස  කිරීමයි.

මෙම රෝගාබාධ බොහෝ විට අවසන් වන්නේ ඔබේ දරුවා අන් අයව ආසාදනය කිරීමෙනි. කෙසේ වෙතත්, පාසලේදී, ඔහුගේ සෞඛ්‍ය හදිසියේම පිරිහී යා හැක. මේ ගැන  සත්‍ය ලෙසම සැලකිලිමත් වන්න වෙනවා. දරුවන් විජලනය වීමේ ගැටලුව බරපතළය. එබැවින් ඔබ කල යුත්තේ මෙයයි.

උණක් තිබේද? - පාසැලේ යැවීම  සඳහා ඔහුගේ උණ බහින තෙක්  නිවසේ තබා ගන්න.

ඔහුට දියර ගලන නාසය ඇතිද? උණ නොතිබුණොත් ඔහු පාසැලට එවන්න.

ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබේද? වෛද්‍යවරයෙකුගෙන් විමසන්න. ඒ අනුව කටයුතු කරන්න.

ඔහුට උදරබාධයක් ඇතිද? රෝග ලක්ෂණ අඩු වීමෙන් පසු පාසල යැවිය  හැක.

වැඩිහිටි දරුවන් සඳහා නීති රීති ටිකක් වෙනස් විය හැකිය. කෙසේ වෙතත්, ඔහු පාසැල් යැවීමට පෙර ඔබේ දරුවා සුවෙන්ද , ඔහුගේ රෝග ලක්ෂණ පහව ගියාද යන්න සහතික වන්න.

අපි මොනවා හරි මග හැරුණාද? පහතින් සටහනක් යොදා  අදහස්වලින් අපව දැනුවත් කරන්න.

රෝගී වු දරුවන් නැවත පාසැල් යැවීම පිලිබඳ මේ වැදගත් තොරතුරු The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • අසනීපයකින් පසු ඔබේ දරුවා පාසලට ආපසු යැවිය යුත්තේ කවදාද?
බෙදාගන්න :
  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it