දරුවන්ට සිදුවෙන අනතුරු: පුංචි දියණියට මරු කැඳවූ කොණ්ඩ පටිය

සති දාහතරක් වූ පුංචි දියණියක් ඇය නිදාසිටියදී පහලට තල්ලු වී නාසය හා මුව ආවරණය වී හුස්ම සිරවීමෙන් මරණයට පත්වුනා.

සති දාහතරක් වූ පුංචි දියණිය  ඇය හිස පැළද සිටි ලොකු බෝ එකක් සහිත කොණ්ඩ පටිය ඇය නිදාසිටියදී පහලට තල්ලු වී නාසය හා මුව ආවරණය වී හුස්ම සිරවීමෙන් මරණයට පත්වුනා.

දරුවන්ට සිදුවෙන අනතුරු: "ඇගේ නාසය සහ මුඛය චලනය කරගත නොහැකි වුනා.ඇය මිය ගියා."

දරුවාගේ මවගේ මිතුරියක විසින් බෙදාගත් ෆේස්බුක් සටහනට අනුව,

"සති දාහතරක් වූ පුංචි දියණිය  ඇය හිස පැළද සිටි ලොකු බෝ එකක් සහිත කොණ්ඩ පටිය ඇය නිදාසිටියදී පහලට තල්ලු වී නාසය හා මුව ආවරණය වී හුස්ම සිරවීමෙන් මරණයට පත්වුනා."

දැන් මකා දමා ඇති එම  ලිපියෙහි ඇය මෙසේ ලිව්වා.

"මෙය ලොකු බෝ සහිත කොණ්ඩ පටි භාවිතා කරන සියළුම මව්වරුන්ට  අනතුරු ඇඟවීමක් වෙනවා. මගේ මිතුරියට තොටිල්ලේ දිගු නින්දකට වැටී ඇති බව ඇය සිතු  සති 14 ක් වයසැති  ඇයගේ දියණිය අහිමි වුනා. ඇය පැමිණ බැලු විට කොණ්ඩ පටියට ඇයගේ මුවත්, නාසයත් ආවරණය වී තිබු අතර ඒවා චලනය නොවු අතර ඇය මිය ගොස් තිබුනා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙදී මරණය හුස්ම හිරවීම  නිසා සිදු වී ඇති බව අනාවරණය වුනා.

" මා විසින් අනිකුත් මව්වරුන් සමග ළදරු විලාසිතා ආභරණ වල අනතුරුදායක බව බෙදා දීම ඇයට අවශ්‍ය  වුනා."

ළදරු නිෂ්පාදන මිලදී ගැනීමේදී දෙමාපියන් සැමවිටම සැලකිලිමත් විය යුතුය.

මෙම  සිදුවීම අනතුරක්  බව අප සියලු දෙනා පිළිගන්නා නමුත් දෙමව්පියන් සිය මූලික අවශ්‍යතාවයෙන් එකක් ලෙස තම දරුවාගේ ආරක්ෂාව සැමවිටම තබා ගත යුතුය.

ළදරු භාණ්ඩ මිල දී ගැනීමේදී සි යළුම මවුවරුන් සහ පියවරුන් ඔවුන් මිලදී ගන්නා දේ ඔවුන්ගේ දරුවාට ආරක්ෂිත බවට අතිශය සුපරීක්ෂාකාරී විය යුත්තේ අන්න ඒ නිසයි.

දරුවන්ට සිදුවෙන අනතුරු

දරුවන්ට සිදුවෙන අනතුරු සම්බන්ධව ඔබ සැමවිටම මතක තබාගත යුතු ප්‍රයෝජනවත්  උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

•  ඔබේ දරුවාගේ සෙල්ලම් බඩු සැලකු විට ඒවා ඔවුන් වයසට සුදුසු බව හා  ඒවායේ  ඔවුන්ට  හානිකර කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බවට වග බලා ගන්න.

ඔබ සාමාන්‍යයෙන්  නිෂ්පාදනය පරීක්ෂා කර ඇතිද හා එහි හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු වේද යන විස්තරය , ලේබල් පරීක්ෂා කර  එය දරුවාට  සුරක්ෂිත   දැයි පරික්ෂා කරන්න.

• ලාබදායී දේවල් සෑමවිටම සුදුසු නැහැ.

සමහර අවස්ථාවලදී,  ඔබේ දරුවාට  ලාබදායී දේවල් ගෙන මුදල් ඉතිරි කරගන්න උත්සාහ කරනවාට  වඩා  මිල අධික භාණ්ඩයක් මිලදී ගැනීමට වඩා සුදුසු වේ.

• අනෙක් දෙමව්පියන් හා කථා කර  ඔවුන්ගේ නිර්දේශ ගැන විමසන්න.

අනෙක් මව්වරුන්  සහ පියවරුන්  සමඟ කතා කරමින් ඔවුන් නිර්දේශ කරන නිෂ්පාදන ගැන විමසිලිමත් වීම සුදුසු වේ විශේෂයෙන් ම පළමුවරට මවුපියන් වෙන අය සඳහා සුදුසු  වේ. මෙමඟින් ඔබ ළදරු භාණ්ඩ මිලදී ගැනීමේදී මිලදී  ගත යුතු  දේවල් ගැන ඔබට අදහසක් ලබා දේ.

• ඔබට විශ්වාස නැති නම් දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා ගෙන්    අසන්න.

සෑම විටම ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මේ පිලිබඳ  හොඳින්ම දනී.  ඔබේ දරුවන්ට අනාරක්ෂිත වන ඇතැම් නිෂ්පාදන පිලිබඳ  ප්‍රථමයෙන් දැන ගනු ලබන්නේ ඔවුන් විසිනි. එබැවින් ඔබ ඒ ගැන ඔවුන්ගෙන් අසන්න පුළුවන්.

• මේ පිලිබඳ ඔබ ඔබේ දැනුම අළුත් කරගන්න.

ළදරු නිෂ්පාදන වලදී එහි  මතක් කිරීම් හෝ  අනතුරු ඇඟවීම් තිබේදැයි පරීක්ෂා කිරීමට වග බලා ගන්න. මෙවැනි දේ සාමාන්‍යයෙන්  සෙල්ලම් බඩු, ළදරු ඖෂධ හෝ ළදරු ආහාර භාවිතයේදී සිදු වේ. ඒ නිසා සැමවිටම ඔබගේ දැනුම අලුත් කර පවත්වා   ගන්න. එවිට ඔබ ඔබේ දරුවාට ලබාදෙන දේ සුරක්ෂිත බව ඔබ දන්නවා.

කියවන්න: මේ භයානක ළදරු උපකරණ 8 ගැන ඔබ දැනුවත්ද?

මේ වගේ දේවල් අනූවේදනීය වුනත් theAsianparent Sri Lanka ඔබ වෙත ගෙන එන්නේ ඔබේ පැටියාගේ ආරක්ෂාව වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී