දරුවන්ගේ හදිසි අනතුරු ඇති වන ප්‍රබල හේතු 3ක් හා ඒවා වලක්වා ගන්නා ක්‍රම

හැම විටම මේ බහුල අනතුරු තුනටම එරෙහිව ආරක්ෂිත පියවර ගැනීම මගින් ඔබේ පුංචි දරුවා හැම විටම ආරක්ෂිත බව තහවුරු කර ගන්න.

ඔබට අත්විඳින්න පුළුවන් සෑම දෙමාපියෙකුගේම භයානක අත්දැකීම සඳහා සූදානම් වීම හා ක්ෂණික සිතීම නිතර සිදුවන එකම දෙය වෙනවා

බලාපොරොත්තු නොවන නමුත් වැළැක්විය හැකි මරණ සඳහා හේතුවන ප්‍රමුඛ හේතු තුනක් සඳහා CDC අනුව ඒවා වැළැක්වීමට කළ හැකි දේ මේ සමග ඉදිරිපත් කරනවා.

දරුවන්ගේ හදිසි අනතුරු

1. හුස්ම හිරවීම

කුඩා ළදරුවන් බලාපොරොත්තු නොවන මරණ වලට හුස්ම හිර වීම හේතු වෙනවා.

හේතුවක් නොමැති SIDS වගේ නොව හුස්ම හිරවීමෙන් සිදුවන මරණ පහත දෑ අඩංගු නින්ද හා සම්බන්ධ මාර්ග උපදේශ තුළින් වලක්වා ගත හැක.

• ඔබේ දරුවා උඩුකුරුව  තදින් අතුරන ලද රෙද්දක් සහිත තොටිල්ල වැනි මතුපිටක නිදා ගැනීමට සලස්වන්න.

• තොටිල්ල හිස්ව තැබිය යුතු අතර මෘදු කොට්ට, ඇතිරිලි,බම්පර්ස් තැබීමෙන් වලකින්න.

• ඔබේ දරුවා  ඔබත් සමඟ එකම කාමරයේ තබා ගන්න. නමුත් වසරක් සපිරෙන තුර එකම ඇදේ නොතබන්න.

ළදරුවා - 10% ක් වු බලාපොරොත්තු නොවූ ළදරුවන්ගේ මරණ හුස්ම හිරවීමෙන් සිදු වෙනවා. මෙය වැලැක්වීමට පහත් ආරක්ෂිත පියවර වල් ගන්න.

• ආහාර ගන්නා විට ඔවුන්ට හිඳගන්න උපදෙස් දෙන්න.

• අගල් 1/2 වඩා ප්‍රමාණයෙන් අඩු කැබලි වලට ආහාරය කැබලි කරන්න.

• හුස්ම හිර විය හැකි දේවල් ඉවත් කරන්න. උදාහරණ වශයෙන් ප්ලාස්ටික් බෑග්,පටි , රිබන්,  කුඩා කැබලි සහිත සෙල්ලම් බඩු, කාසි හා මාබල් වැනි දේ , වැඩි විස්තර සදහා මෙම ලිපිය කියවන්න.

•  හුස්ම සිර ගත හැකි දේවල් සපත්තු ලේස්, කලිසම් පටි දරුවාට ළඟා විය නොහැකි පරිදි තබන්න.

•හුස්ම හිරවීම කදී ලබා දිය හැකි ප්‍රථමාධාර මතක තබාගන්න. 

2. දියේ ගිලීම

ඉතාම කණගාටුවෙන් වුණත් කියන්න අවශ්‍යයි 3% ක් වූ කුඩා ළදරු මරණ සිදු වන්නේ දියේ ගිලීම නිසා, නාන විට පවා  දරුවා ගිලෙන්න පුළුවන් බව මතක තබා ගන්න. නාන තටාකයේ හෝ බේසමේ දරුවා මොහොතක් තනි කරන්න එපා. අගලක් උස  වතුරට වුවද දරුවා ගිලෙන්න පුළුවන්. 

ළදරුවන් - දියේ ගිලීම නිහඬව සිදුවන බව මතක තබාගන්න.  පිහිනුම් පාඩම් වල යෙදවීමෙන් කුඩා වයසේදී ඔවුන් පිහිනීම පුරුදු කළ හැක.

ඔබේ නිවසේ නාන තටාකයක් ඇත්නම් භාවිතා නොකරන විට එයට පහසුවෙන් ළඟා විය නොහැකි පරිදි ආරක්ෂිත වැටක් යොදන්න .

• ඔවුන් පවුල සමඟ සිටියදී පවා පිහිනුම් වලදී එක මොහොතක්වත් තනි කරන්න එපා.

•ඔබ ඔබේ දරුවන් සමඟ පිහිනුම්  වල යෙදෙන විට දුරකථනය මගින් ඔබේ අවධානය වෙනස් කර නොගැනීමට වගබලා ගන්න.

3. මෝටර් රථ අනතුරු

සමහර රටවල භාවිතා නොකලත් කාර් ෂීට් එකක්  භාවිත සවිකිරීම ආරක්ෂාවේදී වැදගත් වෙනවා.

පිටුපසට හැරවූ කාර් ෂීට් එකක් උපතේ සිට වයස අවුරුදු දෙක දක්වා හෝ ඔබේ දරුවා කාර් ෂීට් එකේ උසට ලගා වෙනතුරු තෝරා ගන්න.

කුඩා ළදරු මරණ 71% ළදරු  මරණ සියයට 54% ක් අඩු කිරීමට කාර් ෂීට් සමත්වී ඇති බව සොයාගෙන තිබෙනවා.

ළදරුවන් ඔබේ දරුවා වයසින් වැඩෙත්ම ඉදිරියට හැරවූ කාර් ෂීට් එකකට මාරුවෙන්න. ඔවුන්  අවුරුදු පහ හයකට ළඟා වූ විට ඔබට booster seat එකකට මාරු විය හැක. 

කුඩා දරුවන් මතින් ධාවනය වීම වැනි අනතුරු පරීක්ෂණ වැළැක්වීමට කැමරාව නැවත පරීක්ෂා කිරීමට ඩැෂ් කැම් එකක් සවි කිරීම ද වැදගත් වෙනවා.

පුංචි දරුවන් අපේ පන වගේ, ඔවුන්ට  සිද්ධ වෙන්න සිද්ධවෙන්න පුළුවන් අනතුරු වලක්වා ගන්නා හැටි දැනුවත් වෙන එක හරිම වැදගත්. අන්න ඒ නිසයි The Asianparent Sri Lanka වෙතින් මේ තොරතුරු ආදරෙන් ඔබට තිළිණ කරන්නේ

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී