theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

4 අවම කියවීම
දරුවන්ට  සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකියදරුවන්ට  සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

ඔබේ දරුවා දැනටමත් සෙල්ලම් බඩු බොහොමයක් තිබේ නම්, බොහොමයක් සෙල්ලම් බඩු  තිබීම ඔවුන්ට සුදුසු  නොවන බව අධ්‍යයනයකින් හෙළි වී ඇති හෙයින්, ඔබ ඔවුන්ට විවිධ ත්‍යාග ලබා ගැනීමට සිතනවා විය හැකිය.

සියලු දරුවන්ට සෙල්ලම් බඩු වලට කැමැත්තක් ඇති බව රහසක් නොවේ. තමන්ගේ  කුඩා දරුවන් තම සෙල්ලම් බඩු සමඟ විනෝද වීම හා සෙල්ලම් කිරීම දැකීමට මව්වරුන් පියවරුන් කැමතියි.

කෙසේ වෙතත්, දරුවන්ට සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ට සුදුසු නොවන බව ඔබ දැන සිටියාද?

ඔව්, ඔයා ඒක හරියටම කිව්වා. එය පුදුමයට කරුණක් තමයි. නමුත් බොහෝ සෙල්ලම් බඩු නිසා ගුණාත්මක ක්‍රීඩා කාලය  අහිමි විය හැකිය.

ළමයින්ට සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ට සුදුසු නොවන්නේ ඇයි?

ෂෙලී ලයිඩාවර්ට (Ph.D) අනුව, දරුවෙක්ට බොහෝ සෙල්ලම් බඩු තිබීම නිසා සෙල්ලම් බඩු වැඩිවීමෙන් වෙහෙසට පත් වනවා. ඒ වගේම අවධානය ඉතාම ඉක්මණින් නැති වී යා හැකිය.

එසේ සෙල්ලම් බඩු වැඩි ප්‍රමාණයක් තිබීමෙන් දරුවන් තමන් සතු දේ අගය කිරීමට ඔවුන් ඉගන ගන්නේ නැත.

ඒ වගේම ඒ සෙල්ලම් බඩු ගැන තමන් සැල්කිලිමත් වීමට අවශ්‍ය යැයි කියා ඔවුන් සිතන්නේ නැති බව ඇය වැඩි දුරටත් පවසනවා.

අනෙක් අතට, එක්සත් ජනපදයේ ටොලිඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව දරුවන් හට සෙල්ලම් කිරීම සඳහා සීමිත සෙල්ලම් බඩු ප්‍රමාණයක්  තිබීම උචිත වෙනවා.

ඒ මඟින් දරුවන්ගේ සෙල්ලම් කාලය තුළ  ඔවුන් වඩා නිර්මාණශීලී වේ.

නිර්මාණශීලි, දරුවන්ට සෙල්ලම් බඩු

පර්‍යේෂකයන් විසින් ළමයින් 36 දෙනෙකු සහභාගි කරවා ගෙන ඔවුන්ව පැයක් සෙල්ලම් කිරීමට දිරිගන්වන ලදී. කුඩා සෙල්ලම් බඩු ප්‍රමාණයක් සමඟ සෙල්ලම් කරන ලද ළමුන්ගේ සෙල්ලම් කාලය වැඩි වූවා.

ඒ වගේම ඔවුන්ගේ සෙල්ලම් කාලෙය්දී  ඔවුන් බොහෝ නිර්මාණශීලි විය.

ඇත්ත වශයෙන්ම, කුඩා සෙල්ලම් බඩු ප්‍රමාණයක් ලබා දීමෙන් දරුවන් ඒ් මගින් කල හැකි  විවිධාකාර වූ දේවල් ගැන සිතීමට දිරි ගැන්වෙනවා.

ඒහි  ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් එක් එක් සෙල්ලම් බඩුව සමඟ දිගු වේලාවක් සෙල්ලම් කරන ලදී.

සෙල්ලම් බඩු අඩු ප්‍රමාණයක් තිබීමේ වාසි මොනවාද?

අඩු සෙල්ලම් බඩු ප්‍රමාණයක් ලබා දීමෙන්  දරුවන් ගුණාත්මක ක්‍රීඩා කාලයක් අත්විඳින බවට සහතික කර ගන්නා ලදී.

එමෙන්ම ඔවුන් සෙල්ලම් කරන විට එක් එක් සෙල්ලම් බඩු සම්බන්ධයෙන් සැලකිය යුතු ලෙස වැඩි අවධානයක් යොමු කරන ලදී.

මේ මඟින් දරුවන්ගේ මොළයේ වර්ධනයට උදව් කළ හැකි වේ.

තවද ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයට  සුවිශේෂී සහයක් මේ මඟින් ඇති වන නිසා මෙම ධනාත්මක ගුණාංග විශේෂයෙන් වැදගත් වේ.

දරුවන්ට මොළයේ වර්ධනය

අඩු සෙල්ලම් බඩු ප්‍රමාණයක් තිබීම ඔබේ කුඩා දරුවාව ඉතා හොඳ ඵලදායී ක්‍රීඩා කාලයක් සදහා උනන්දු කරයි.

සෙල්ලම් බඩු විශාල ප්‍රමාණයක් තිබීම සම්බන්ධයෙන් දෙමාපියන්ට කටයුතු කළ හැක්කේ කෙසේද?

විශේෂයෙන්ම ඔබේ දරුවාට නිවාඩු කාලයේ සහ ඔවුන්ගේ උපන් දිනයන්හිදී බොහෝ තෑගි බෝග ලැබේ නම් දෙමව්පියන්ට ඔවුන්ගේ දරුවාට සෙල්ලම් බඩු ගොඩක් ලැබීමෙන් වැලැක්වීම නම් ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ.

ඔබේ දරුවන්ට සෙල්ලම් බඩු විශාල ප්‍රමාණයක් තිබීමෙන් ඇතිවෙන ඍණාත්මක බලපෑම් ඇති වේ  ඒ හැරුණු විට, සෙල්ලම් බඩු ගොඩක් තිබේ නම් ඒ්වා සමග දෙමව්පියන්ට තම නිවෙස් නිසියාකාරව කළමණාකරනය කිරීම දුෂ්කර වේ.

ඔබේ පුංචි දරුවා සෙල්ලම් කරන සෙල්ලම් බඩු ප්‍රමාණය සීමා කිරීම ඉතා වැදගත් වන්නේ අන්න ඒ් නිසයි.

සෙල්ලම් බඩු සහ නිවෙස් කළමනාකරණය

සෙල්ලම් බඩු පමණ ඉක්මා යෑමෙන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන්ට භාවිතා කළ හැකි විවිධ උපක්‍රම තියෙනවා.

ඔබ සෑම විටම ඔබේ දරුවාට සෙල්ලම් බඩු මිලදී ගැනීම අවශ්‍ය නොවේ. මෙය විශේෂයෙන්ම ළදරුවන්ට සහ කුඩා දරුවන්ට  සත්‍ය වේ.

ඇත්ත වශයෙන්ම, සෙල්ලම් බඩු වලට වඩා පෙට්ටි හා වර්ණවත් ආවරණ සහිත කඩදාසි වැනි නිවසේදීම ලෙහෙසියෙන් පහසුවෙන් සොයා ගත හැකි අමුතු දේවල් ගැන ඔවුන් වැඩිපුර උනන්දුවක් සහ රුචිකත්වයක් දක්වනවා.

ඔබ ඔබේ දරුවාට සෙල්ලම් බඩු මිලදී ගන්නා සෑම විටම එවා සුවිශේෂී හා අද්විතිය බවට පත් කරන්න.

ඔබගේ කුඩා දරුවාට ගැලපෙන තෑග්ග තෝරා ගැනීමෙන් ඔහු සෙල්ලම් බඩු වඩාත් අගය කරන්නට පෙළඹෙනවා. එමෙන්ම ඔවුන් ඒවායින් සෑහීමකට පත්වන බැවින් තවත්  සෙල්ලම් බඩු ඉල්ලීමෙන් වළකිනවා.

තවද, ඔබේ දරුවාට එකවර සියලුම සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න.

ඔබේ දරුවාට තෑගි බෝග බොහෝ සෙයින් ලැබෙනවා නම්, ඔවුන්ට ඒ්වා දෙන විට දිනපතාම මාරු කර  දීමට උත්සහ නොකරන්නේ ඇයි?

මේ ආකාරයට, සියළුම සෙල්ලම් භාණ්ඩ සමඟ සෙල්ලම් කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. ඒ නිසා ඔවුන් සෙල්ලම් බඩු ගොඩක් අතර විවිධ තෝරා ගැනීම් වලට නතු වී සෙල්ලම් බඩු සමඟම අතරමං නොවනු ඇත.

ඔබේ දරුවාගේ පරණ සෙල්ලම් බඩු වෙනත් අයෙකුට දෙන්න උගන්වන්න. බොහෝ වෙලාවට ඔවුන් ඔවුන්ගේ පැරණි සෙල්ලම් බඩු ඒසේ තවකෙකුට ලබා දීමට සතුටු නොවනු ඇත.

එහෙත්, මව්වරුනි පියවරුනි දරුවන්ට ත්‍යාගශීලී වීමට දිරිමත් කිරීම ඉතාම වැදගත් වේ.

සෙල්ලම්  බඩුයි දරුවනුයි ඒකට බැදුනු පුරුක් දෙකක් වගේ, ඒ් වගේම දරුවන්ට  සෙල්ලම් බඩු වැඩි  වුනොත් විය හැකි මේ දේවල් ගැනත් මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

කවරයේ පින්තූර: mylifeandkids.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
  • /
  • දරුවන්ට සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය
බෙදාගන්න :
  • අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?

    අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?

  • දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?

    දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?

  • අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?

    අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?

  • දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?

    දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it