දරුවන්ට සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

ඔබේ දරුවා දැනටමත් සෙල්ලම් බඩු බොහොමයක් තිබේ නම්, බොහොමයක් සෙල්ලම් බඩු  තිබීම ඔවුන්ට සුදුසු  නොවන බව අධ්‍යයනයකින් හෙළි වී ඇති හෙයින්, ඔබ ඔවුන්ට විවිධ ත්‍යාග ලබා ගැනීමට සිතනවා විය හැකිය.

සියලු දරුවන් සෙල්ලම් බඩු වලට කැමති බව රහසක් නොවේ. තමන්ගේ  කුඩා දරුවන් තම සෙල්ලම් බඩු සමඟ විනෝද වීම හා සෙල්ලම් කිරීම දැකීමට මව්වරුන් පියවරුන් විශේෂයෙන්  කැමතියි.

කෙසේ වෙතත්, දරුවන්ට සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ට සුදුසු නොවන බව ඔබ දැන සිටියාද?

ඔව්, ඔයා ඒක හරියටම කිව්වා. එය පුදුමයට කරුණක් තමයි නමුත් බොහෝ සෙල්ලම් බඩු නිසා ගුණාත්මක ක්‍රීඩා කාලය  අහිමි විය හැකිය.

දරුවන්ට සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ට සුදුසු නොවන්නේ ඇයි?

ෂෙලී ලයිඩාවර්ට (Ph.D) අනුව, බොහෝ සෙල්ලම් බඩු තිබීම නිසා සෙල්ලම් බඩු වැඩිවීමෙන් වෙහෙසට පත් වී අවධානය ඉවතට යා හැකිය.

තම දරුවන් තමන් සතු දේ අගය කිරීමට  හෝ තම සෙල්ලම් බඩු ගැන සැලකිලිමත් වීමට වගකීමක් ඇති බව දැනීමට දරුවන් ඉගෙනගෙන නැති බව ඇය වැඩි දුරටත් පවසනවා.

අනෙක් අතට, එක්සත් ජනපදයේ ටොලිඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව දරුවන් සෙල්ලම් කිරීම සඳහා අඩු සෙල්ලම් බඩු ප්‍රමාණයක් ඇතිනම් දරුවන් සෙල්ලම් කාලය තුළ වඩා නිර්මාණශීලී වේ.

පර්යේෂකයන් ළදරුවන් 36 දෙනෙක් සහභාගි කරවා ගෙන ඔවුන්ව පැයක් සෙල්ලම් කිරීමට දිරිගන්වන ලදී. කුඩා සෙල්ලම් බඩු ප්‍රමාණයක් සමඟ සෙල්ලම් කරන ලද ළමුන්ගේ සෙල්ලම් කාලය වැඩි වු අතර ඔවුන්ගේ සෙල්ලම් කාලෙය්දී  ඔවුන් බොහෝ නිර්මාණශීලි විය.

ඇත්ත වශයෙන්ම, කුඩා සෙල්ලම් බඩු ප්‍රමාණයක් ලබා දීමෙන් දරුවන් ඒ් මගින් කල හැකි  විවිධාකාර වූ දේවල් ගැන සිතීමට දිරිගැන්වූ අතර ඒහි  ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් එක් එක් සෙල්ලම් බඩුව සමඟ දිගු වේලාවක් සෙල්ලම් කරන ලදී.

අඩු සෙල්ලම් බඩු ප්‍රමාණයක් ලබා දීමෙන්  දරුවන් ගුණාත්මක ක්‍රීඩා කාලයක් අත්විඳින බවට සහතික කරන අතර ඔවුන් සෙල්ලම් කරන විට එක් එක් සෙල්ලම් බඩු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලදී.

දරුවන්ගේ මොළයේ වර්ධනයට උදව් කළ හැකි නිසා හා ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයට සහය වන නිසා මෙම ධනාත්මක ගුණාංග විශේෂයෙන් වැදගත් වේ.

අඩු සෙල්ලම් බඩු ප්‍රමාණයක් තිබීම ඔබේ කුඩා දරුවාව හොඳ ක්‍රීඩා කාලයක් සදහා උනන්දු කරයි.

සෙල්ලම් බඩු විශාල ප්‍රමාණයක්  සමඟ  දෙමාපියන් කටයුතු කළ හැක්කේ කෙසේද?

විශේෂයෙන්ම ඔබේ දරුවාට නිවාඩු කාලයේ සහ ඔවුන්ගේ උපන් දිනයන්හිදී බොහෝ තෑගි ලැබේ නම් දෙමව්පියන්ට ඔවුන්ගේ දරුවාට සෙල්ලම් බඩු ගොඩක් ලැබීම වැලැක්වීම පහසු කටයුත්තක් නම් නොවේ.

ඔබේ දරුවන්ට සෙල්ලම් බඩු විශාල ප්‍රමාණයක් තිබීමෙන් ඇතිවෙන ඍණාත්මක බලපෑම් හැරුණු විට, සෙල්ලම් බඩු ගොඩක් තිබේ නම් ඒ්වා සමග දෙමව්පියන්ට තම නිවෙස් කළමනාකරණය කිරීම දුෂ්කර වේ.

ඔබේ පුංචි දරුවා සෙල්ලම් කරන සෙල්ලම් බඩු ප්‍රමාණය සීමා කිරීම ඉතා වැදගත් වන්නේ අන්න ඒ් නිසයි.

සෙල්ලම් බඩු පමණ ඉක්මා යෑමෙන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන්ට භාවිතා කළ හැකි විවිධ උපක්‍රම තියෙනවා.

ඔබ සෑම විටම ඔබේ දරුවාට සෙල්ලම් බඩු මිලදී ගැනීම අවශ්‍ය නොවේ. මෙය විශේෂයෙන්ම ළදරුවන්ට සහ කුඩා දරුවන්ට  සත්‍ය වේ. ඇත්ත වශයෙන්ම, සෙල්ලම් බඩු වලට වඩා   පෙට්ටි හා වර්ණවත් ආවරණ කඩදාසි වැනි අමුතු දේවල් ගැන ඔවුන් වැඩිපුර උනන්දුවක් දක්වනවා.

ඔබ ඔබේ දරුවාට සෙල්ලම් බඩු මිලදී ගන්නා සෑම විටම එවා සුවිශේෂී හා අද්විතිය බවට පත් කරන්න. ඔබගේ කුඩා දරුවාට ගැලපෙන තෑග්ග තෝරා ගැනීමෙන් ඔහු සෙල්ලම් බඩු වඩාත් අගය කරනවා, ඔවුන් සෑහීමකට පත්වන බැවින් තවත්  සෙල්ලම් බඩු ඉල්ලීීම වළක්වයි.

ඔබේ දරුවාට එකවර සියලුම සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න. ඔබේ දරුවා තෑගි බොහෝ සෙයින් ලැබෙනවා නම්, ඔවුන්ට ඒ්වා දිනපතා මාරු කර  දීමට උත්සහ නොකරන්නේ ඇයි? මේ ආකාරයට, සියළුම සෙල්ලම් භාණ්ඩ සමඟ සෙල්ලම් කිරීමට ඔවුන්ට හැකි වනු ඇති අතර ඔවුන් තෝරා ගැනීම සඳහා  සෙල්ලම්  බඩු ගොඩාක් සමග අතරමං නොවනු ඇත.

ඔබේ දරුවාගේ පරණ සෙල්ලම් බඩු වෙනත් අයෙකුට දෙන්න   උගන්වන්න. ඔවුන්ගේ පැරණි සෙල්ලම් බඩු ඒසේ ලබා දීමට සතුටු නොවනු ඇත. එහෙත්, මව්වරුනි පියවරුනි දරුවන්ට ත්‍යාගශීලී වීමට දිරිමත් කිරීම වැදගත් වේ.

සෙල්ලම්  බඩුයි දරුවනුයි ඒකට බැදුනු පුරුක් දෙකක් වගේ, ඒ් වගේම දරුවන්ට  සෙල්ලම් බඩු වැඩි  වුනොත් විය හැකි මේ දේවල් ගැනත් මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී