theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට හානිකර දෙමව්පියන්ගේ හැසිරීම් : ඔබත් මේ දේවල් කරනවාද ?

3 අවම කියවීම
දරුවන්ට හානිකර දෙමව්පියන්ගේ හැසිරීම් : ඔබත් මේ දේවල් කරනවාද ?දරුවන්ට හානිකර දෙමව්පියන්ගේ හැසිරීම් : ඔබත් මේ දේවල් කරනවාද ?

ඔබගේ දරුවන් තුල දිගුකාලීන හා නිවැරදි කල නොහැකි හානි ඇති කළ හැකි බැවින් මෙම දරුවන්ට හානිකර දෙමව්පියන්ගේ හැසිරීම් නොකර සිටීමට වග බලා ගන්න.

කිසිම දෙමව්පියෙක් සර්වසම්පුර්ණ නැත.

සමහර අවස්ථාවලදී තම දරුවන්ට වේදනා දිය හැකි වැරදි දෙමාපියන්  අතින් සිදු විය හැක.

කෙසේ වෙතත්,  දරුවන්ට හානිකර දෙමව්පියන්ගේ හැසිරීම් නිසා දරුවන්ට දිගුකාලීන ගැටළු ඇති කළ හැකි අතර දෙමාපියන් හා දරුවා සමඟ ඇති සම්බන්ධතාවයටද හානි සිදු කල හැකිය.

1.කුඩා අවධියේදී මානසික පීඩනය ඇති කරන දේ ඔවුන්ට පැවසීම

වර්තමානයේ මාධ්‍ය තුල  සංවේදිතාවය වර්ධනය වී ඇත. ඔබට සෑම තැනම සිදුවෙමින් පවතින යුද්ධ ගැන හා විවිධ වර්ගයේ මිනිස් ඛේදවාචකයක ගැන  දුක්මුසු පුවත් දැකිය හැකිය.

ලෝකයේ යථාර්ථය දරුවන් දැනගත යුතු අතර, ඒසේ  දැන ගත යුත්තේ ඇත්ත වශෙයෙන්ම සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් ඔවුන්ට ඇති විට පමණි. ඒය ඔවුන්ව බිය ගන්වන්නත්, ලෝකය ආරක්ෂිත ස්ථානයක් නොවන බවට හැගීමක් ඔවුන්ට ඇති කරන්නත් පුළුවනි.

ඔබේ දරුවන් ඉදිරියේ එවැනි සංවාදයන් සිදුකිරීම මඟ හැරීමට උත්සාහ කරන්න. තවද ඔවුන් රූපවාහිනිය, අන්තර්ජාලය සහ මාධ්‍ය වෙත නිරාවරණය වීම අධීක්ෂණය කරන්න. ඒ් මගින් ඍණාත්මක දේවල් වලට ඔවුන් නිරාවරණය වීම වැළැක්විය හැකිය.

2. තමන්ගේ  සහකරු හො සහකාරිය සමඟ ගැටුම් ඇති කර ගැනීම

ඔබේ දරුවාට ඔබ හා ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ තර්ක කිරීම නොඇසෙන බව ඔබ සිතනවා වෙන්න පුළුවන්.

හැබැයි දරුවන්ට ඔබට වඩා ඉදිරිය පේන නිසා සිදුවෙමින් තිබෙන දේ පිළිබඳ ඔවුන්ට යම් ආකාරයක අවබොධයක් ඇති වීමට තිබෙන ඉඩකඩ වැඩිය.

ඔබ හා ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ ගැටළුවලට මුහුණදීමට ඇති හොඳම විසඳුම වන්නේ, සන්සුන් වීම හා ඔබේ දරුවන්ගෙන් ඈත්ව ඒය විසදාගැනීමයි.

ඔබට සංසුන්ව වෙනත් තැනකට ගොස් විසදාගත හැකිය. කෑගැසීම හා බැනවැදීම කිසිවෙකුට  කිසි යහපතක් සිදු නොකරනු ඇත.

ඔබ ඔබේ සහකරු සමඟ ගැටුම් ඇති කරගන්නවා ඔබේ දරුවා නිතරම දකින විට ඒය සාමාන්‍ය හා පිළිගත් හැසිරීමක් බව ඔවුන් සිතිය හැකිය. ඔවුන් ඔවුන්ගේ පවුල්වල සමග සිටින විට ඒසේ හැසිරිමට ඉඩ ඇත.

3.තමන්ගේ  දරුවන් වෙනුවෙන් කාලය වෙන් කර ගැනීමට නොහැකි තරම් වැඩ කටයුතු අධික වීම

වර්තමානයේ දෙමව්පියන්ට  සිය පවුල් ජීවිතය හා රැකියාව සමබරව කර ගැනීමට සඳහා බොහෝ දේවල් කිරීමට සිදු වේ.

කෙසේවෙතත්, ඔබේ දරුවන්ට හා ගත කිරීමට කාලයක් නොමැති වීමට වැඩ අධික කම හේතුවක් නොවේ. ඔබේ දරුවන් සමඟ සෑම දිනකම  පැය කිහිපයක් ගත කිරීම  ඔබගේ වැඩ රාජකාරී සියල්ලටම වඩා  වැදගත් වේ.

ඔබේ දරුවන් වැඩි කාලයක්  දරුවන් නොවන බවත්  ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවධින් මග හැර ගැනීමට ඔබට අවශ්‍ය  නොවන බවත් මතක තබා ගන්න.

4. තමන්ගේ  දරුවන්ට අපහාස කිරීම

ඔබ කොතරම් කෝපයට පත් වුවත්, ඔබේ දරුවන්ට කවදාවත් අපහාස නොකළ යුතුයි.

ළමයින්ට ඔබ ඔවුන්ට පවසන සෑම වචනයක්ම සිතේ තබා ගන්නා අතර ඔවුන් වර්ධනය වන තෙක් ඔවුන් එය මතක තබා ගනු ඇත.

ඔබ සෑම විටම ඔබේ දරුවන්ට ඔවුන් අසාර්ථක වන බවත්, ඔවුන් නරක අය බවත් පැවසුවොත් ඔවුන් එලෙසම  වර්ධනය වේවි.

ඔබ ඔබේ දරුවා විනයානුකූල හසුරවන සෑම අවස්ථාවකදීම සන්සුන්ව කතා කර ඔවුන්ගේ හැසිරීම ගැන බලාපොරොත්තු ඇති කිරීිමට වග බලාගන්න.

සෑම විටම ඔබ ඔබේ දරුවා විනයානුකූලව හසුරවන විට ධනාත්මක විය යුතු වේ. අනාගතයේදී ඔවුන් ඔබට ස්තූතිවන්ත වේවි.

5.තම දරුවන්ට ශාරීරිකව හිරිහැර කිරීම හෝ තුවාල කිරීම

මෙය ඔබ ඔබේ දරුවන්ට කවදාවත් කළ යුතු දෙයක් නොවේ. පහරදෙන විට ඔබ එය පිළිගත හැකි හැසිරීමක් බව ඔවුන්ට උගන්වනවා.

ඔබේ දරුවන්ට පහර දීමෙන් තොරව ඍජුව හැසිරීමෙන් ඔවුන්  හික්මවීමට ඔබට පුළුවන්. කරුණාවන්ත, මෘදු, ගෞරවනීය හා ස්ථිරව සිටීම තුල සීමා ගොඩනගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දරුවන් සිය ක්‍රියාකලාපයේ ප්‍රතිවිපාක සැමවිටම නොදන්නා බව අවබෝධ කර ගන්න. සංසුන්වෙන්න.

දරුවන්ට හානිකර දෙමව්පියන්ගේ හැසිරීම් ගැන ඔබ දැනුවත් වීම වටින බව  the Asianparent Sri Lanka අපි හිතනවා. 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දරුවන්ට හානිකර දෙමව්පියන්ගේ හැසිරීම් : ඔබත් මේ දේවල් කරනවාද ?
බෙදාගන්න :
  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

    ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

    ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it