දරුවන් අත් අකුරු නිසි ලෙස ලිවිම වැදගත් වන්නේ ඇයි?

lead image

තාක්ෂණය දියුණු වුවත් අත් අකුරු පුහුණු කිරීමෙන් දරුවන් ඈත් නොකිරීමේ වැදගත්කම හුවා දැක්වීමට මේ ලිපිය සකස් කළා.

මොලය හා දැනුම වර්ධනයට අත් අකුරු නිසි ලෙස හුරුවීම ඉතා වැදගත්.

අනිවාර්යයෙන්ම ඔබේ දරුවා පරිගණකයේ අකුරු ටයිප් කරමින් වැඩකරන්න කැමති වුනත්, එය අනාගතයේදී සිදුවුනත් ඉන් අත්අකුරු ලිවීමට ඉගෙනීම නොකළ යුතුයැයි කිසිසේත්ම සිතන්න බැහැ.

බොහෝ පරීක්ෂණ මගින්ද එය සනාථකර තිබෙනවා.

අවධානය හා අවබෝධයට අත් අකුරු කොයිතරම් වැදගත් දැයි අපහසුතාවයන් අධ්‍යනය කරන ජර්නලයක් මගින් කරන ලද සමීක්ෂණ මගින් මේ ගැන අවධානයට ලක්කර තිබුණා. මෙහිදී අපහසුතා මැද ලිවීම හා අපහසුතා ඇති දරුවන් ඇසුරෙන් අධ්‍යනය කෙරුණා.

වොෂින්ටන් සරසවියේ අධ්‍යන මධ්‍යස්ථානයේ මහාචාර්ය වර්ජිනියා බර්නින්ගර් විසින් නිව්යෝක් ටයිම්ස් වෙත අදහස් දක්වමින් අත් අකුරුලිවිම, අකුරු ගැළපීම මගින් මනසට ලියන භාෂාවට අවධානය දීමට ඔවුන්ට හැකිවන බව පැවසුනා.

පෙර ළමා සාක්ෂරතාව පිළිබඳ ෆ්ලොරිඩා සරසවියේ වෛද්‍ය ලෝරා ඩයින්හාට් විසින් මේ පිළිබඳ අදහස් දක්වා තියෙනවා. හොඳින් අත් අකුරු ලියන දරුවන්ගේ වැඩ ඉතා පිළිවෙල නිසා ගුරුවරුන්ට කියවීම පහසු වෙනවා. නමුත් අකුරු අමාරුවෙන් ලියන දරුවන්ට ඊට හුඟක් වෙහෙසීමට සිදුවන නිසා සන්ධර්භයට එතරම් වටිනාකමක් නොලැබී යනවා.

අත් අකුරු නිසා වෘත්තීය ආයතනික සාර්ථකත්වය ලැබිය හැකි බව වෛද්‍ය  ඩයින්හාට් විශ්වාස කරනවා. දිළිඳු පවුල් වලින් එන දරුවන්ගේ මෝටර් රථ යාන්ත්‍රණ ඥනය වැඩි දරුවන් පාසල් මට්ටමේදී වැඩි දක්ෂතා දක්වන බව ඔහු අධ්‍යනය කර තිබුණා. මේ නිසා වෛද්‍යවරයා දරුවන්ගේ විවිධ දක්ෂතා අතර හැසිරීම හා අකුරු ලිවිම ගැන වැඩි නැඹුරුවක් දක්වා තිබුණා.

අනෙක් අතට ඔබ මනසින් ලියන්නට යන අකුරු දැකීම තුළින් එය සටහන් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා අත් අකුරු ලිවිම වෙනුවෙන් මොලයේ ක්‍රියාකාරිත්වය උද්දීපනය වන ක්‍රියාකාරකම් රැසක් මෝටර් රථ යාන්ත්‍රණයට  අමතරව දැනගත යුතු වෙනවා. වෛද්‍ය බෙනින්ගර් ට අනුව මෝටර් කාර්මික ඥානය පමණක් එයින් වැඩි දියුණු වන්නේ නැහැ.

එලෙස සිතීම මිත්‍යාවක්. අපි මොලය සමග මෝටර් කාර්මික ඥනය සම්බන්ධ කළත් මොලයේ කාර්යන් අතර දෘශ්‍ය හා භාෂාව යන අංශ දෙක එකට ක්‍රියාකිරීම වැදගත් වෙනවා. මෙහිදී මොලය දකින රූප මොලයේ සුවිශේෂී ප්‍රදේශයකින් අකුරක් ලෙස හා වචන ලෙස  සටහන් වී එය නිෂ්පාදනය වීමට කටයුතු කරනවා.

ඉන්දියානු සරසවියේ මනෝ අධ්‍යන හා මොලය පිළිබඳ විද්‍යාඥ කාරින් ජේම්ස් දරුවන්ගේ අකුරු කියවීමට සහ ලිවීමට ඉගෙන ගත් පසු අකුරු ඉගෙනීම සමග කියවීමට ඇති හැකියාව තියුණු වෙනවා. ඉන් වැඩිහිටියන් ලෙස ඔවුන්ට කියවීම ක්‍රමයෙන් වේගවත් කර ගැනීමට අවස්ථාව උදාකරනවා.

මුලදී දරුවන් අකුරු ලියන ආකාර අවුල් සහගත වුනත් ඉන් දරුවන් ඉගෙනීමක් කරනවා. එය අත් අකුරු ලිවීමෙන් ලැබෙන විශාල ප්‍රයෝජනයක් බව වෛද්‍ය ජේම්ස් පවසනවා.

පාසල තුළින් දරුවන් පුහුණුව ලබත්ම ඔවුන් විවිධ උපක්‍රම ඉගෙන ගන්නවා. අකුරු රවුම් කිරීම, සාක්ෂරතාවය , අධ්‍යාපනික හැකියාවන් මගින් ඔවුන්ගේ දැනුම පුළුල් වෙනවා. අක්ෂර වින්‍යාසය ගැන අකුරු ගැලපීම් තුළින් වචන සාදා ගැනීම දරුවන් ඉගෙන ගන්න බව 2015 දී කළ අධ්‍යනයකින් සනාථ වෙනවා.

අකුරු ඉගෙනීම සමග වචන රවුම් කිරීම හැඩ කිරීම ආදිය නිසා මොලයේ ඇතිවන උද්දීපනය අකුරු ටයිප් කිරීමේදී නොලැබෙන බව පැවසෙනවා. මෙහිදී වෛද්‍ය ඩයින්හාට් පවසන්නේ අකුරු ටයිප් කරන දරුවන්ට මතකය අඩු බවත් අතින් ලියන විට එසේ වන්නේ නැති බව ද පැවසෙනවා.

නිසැකවම ටයිප් කිරීමේ ක්‍රමයෙන් කිසිවෙක් මිදෙන්නේ නැත්තේ අත් අකුරු එතරම් වේගවත් නොවන නිසයි. නමුත් වෛද්‍ය වර්ජිනියා කියන්නේ දරුවන් මුල සිට වේගවත්ව ලිවීමටත් වචන හඳුනා ගැනීම හා කියවීමත් රවුම් කිරීම හා අක්ෂර වින්‍යාසය ගැන දැනුවත් වීමෙන් පසු ටයිප් කිරීමට යොමුවීම වැදගත් බවයි.

සරලව ඉන් මොලයට විශාල උද්දීපනයක් ලැබෙනවා. ඉන් ඉක්මනින් වචන හඳුනා ගැනීමට උදවු වෙනවා. මේ මගින් මොලයට හොඳ දැනුමක්, අධ්‍යාපනයක් ලබාගන්න පාර කැපෙනවා.

තාක්ෂණය දියුණු වුවත් අත් අකුරු පුහුණු කිරීමෙන් දරුවන් ඈත් නොකිරීමේ වැදගත්කම හුවා දැක්වීමට theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ