ඔබේ දරුවන් ආචාරශීලී කරන්න නම් මේ දේවල් වලින් වළකින්න.

ඔබට  දරුවන්  හොඳ හැසිරීම් සහිතව  විනීතව  හදාවඩා ගැනීමට අවශ්‍ය ද? යහපතට වඩා වැඩි හානියක් සිදු කළ හැකි මෙම ක්‍රියාවන් 7න් වැළකීමට උත්සාහ කරන්න.

දරුවන් ආචාරශීලී කරන්න: හැසිරීම් බලපායි.

ඔබ කවදාහරි නපුරු වැඩිහිටි පුද්ගලයෙකු මුණගැසී තිබෙනවාද? ඔවුන් එසේ වන්නේ ඇයි යැයි ඔබ පුදුම වී තිබෙනවාද?

ඔවුන්ව ඔවුන්ගේ දෙමව්පියන් විසින් හදාවඩා ගන්න ඇත්තේ කෙසේද යන්න බොහෝ විට සිතට එයි. පරිණතභාවය කාලයත් සමග වර්ධනය වන අතරම, අනුකූලතාව සහ ඉවසීම සමග ආචාරශීලීබවද ඒ ආකාරයටම ඉගැන්විය හැකිය.

විනිතවීම හා ගෞරව කිරීම සදහා නිරන්තරයෙන් දිරිගැන්වීම දෙමව්පියන් ලෙස මුලිකව පැමිණෙන ස්වභාවයෙන්ම පැමිණෙන දෙයක් වේ.

දරුවන්ට ගෞරවනීය වීම උගන්වන ක්‍රම ගැන කල්පනා කිරීම පහසුය. නමුත් සමහර අවස්ථාවලදී යම් ක්‍රියා ඔවුන්ට එහි විරුද්ධ පැත්ත උගන්වනු ඇත.

ඔබේ දරුවා ආචාරශීලී  වීම වළක්වන සමහර දේවල් කිහිපයක් පහත දැක්වේ.

1. ඔවුන්ට බිය නොවන්න

ඔබේ දරුවා ඉල්ලන විට ඔබ ඔවුන්ගේ ඉල්ලීම සපුරා ගැනීමට බියට පත් වුවහොත් එය දරුවාට වැරදි අර්ථකථනයක්  ලබා දිය  හැක.

දරුවන් විසින්  හැසිරවීම සදහා හැඩීමේ හෝ උපකරණ වීසි කිරීමේ අදහසට පුරුදු විය හැකිය . දෙමාපියන් තම දරුවන් ගැන සැලකිලිමත් වීම පෙන්වන එක ක්‍රමයක් ලෙස  ඔවුන්ව සතුටට පත්කිරීම පෙන්වා දිය හැකි අතර, එය පමණට වැඩිය නොකිරීම  වැදගත් ය.

වෛද්‍ය සුසෑන් නිව්මන් පවසන පරිදි, සෞඛ්‍යයට  අහිතකර රටාවන් වෙනස් කිරීමේ පළමු පියවර ලෙස ඔබේ දරුවාට හිමිනැති වරප්‍රසාද ලබා දීමෙන් ඔහුව නරක් කර ඇත්නම්  ඔබ ඔහුගේ ආශාවන් උපරිමයෙන් ඉටුකරන සෑමවිටම මෙය සිදුවේ.

නිදසුනක් වශයෙන්, යමක් සදහා ඔවුන්ගේ  අනුමැතිය  ලබා ගැනීම හෝ දේවල්  සකස් කිරීම ඔබගේ ළමා කාලය තුළ ඔබ අත්දැකීම් නොලැබූ දේවල් වෙනවා. " අවශ්‍යතාවය " සහ " අවශ්‍ය වීම " අතර වෙනස ගැන ඔවුන්ට ඉගැන්වීමට  උත්සාහ කරන්න.

2. ඔවුන්ගේ  නිදහසට කරුණු  එපා

ඔවුන්ගේ උද්වේගකාරී  හැසිරීම් රටාව  "ඒ ළමයින්ගේ  හැටි " පවසමින්  සාධාරණීකරණය නොකරන්න.

එය මේ නරක හැසිරීම දිගින් දිගටම පවත්වා ගෙන යෑමට ඔවුන්ට රුකුලක් වෙනවා.

දිගු කාලයක් ගතවන විට ඔබේ දරුවාගේ දුර්වල පුරුදු වලට සමාව දීම නතර කිරීමට නොහැකි තත්වයක් උදාවිය හැකි බව දරුවන් රැකබලා ගැනීමේ පුහුණුකරු ලීසා බන්නේජ් විසින්  අනතුරු අගවනවා.

ඇයගේ විනය හැසිරවීම  ආදරය සමග බැඳී ඇති අතර, ඇයගේ දරුවාගේ අවශ්‍යතාවය  මත, නීති රීති, ආචාර ධර්ම හා වැඩ කටයුතු ප්‍රමුඛතාවය අනුව පෙළ ගස්වන අතර එය වැඩිදියුණු  කරයි.

"ඔවුන්ගේ අවශ්‍යතා  සපුරාලීමට හා ඔවුන්ගේ අවශ්‍ය වීම් කළමනාකරණය කිරීමට මතක තබා ගන්න,"  බාර්ට් බස්ටර්ස් ලියා තබයි.

3. ඔවුන්ට බනින්න එපා යැයි අන් අයට අනතුරු ඇගවීමෙන් වලකින්න.

ආදි කාලයේ  ගුරුවරුන් සහ නෑදෑ වන වැඩිහිටියන් දරුවන්ට බැන වැදීම සාමාන්‍ය දෙයක් විය. දැන් එසේ නොවේ. බොහෝ මව්වරුන්  තම දරුවා කෙරෙහි තමන්ගේම අවධානය යොමු කිරීමට කැමැත්තක් දක්වන අතර  අන් අය ඔවුන්ව හික්මවීමෙන් වලක්වනු ලබයි.

ඔබේ දරුවාගේ විනය අන් අය හැසිරවීමේදී සමහර කාරණා තුල විවෘත වීම වැදගත්ය. නිදසුනක් වශයෙන්, ඔබේ දරුවාගේ ගුරුවරයා ඔහුගේ නරක හැසිරීමක් හසු කර ගත්විට ඇයට එය පහසුවෙන් අතහැර දැමිය නොහැක.

ඔබ  ඔබේ දරුවාගේ ගුරුවරිය සමඟ විවෘතව  සංනිවේදනය කරන තාක් කල් ඔබේ දරුවා පාසැලේදී සහ නිවසේදී  ගෞරවනීය වන බවටත් ආචාරශීලීව හැසිරෙන බවටත් වග බලා ගැනීම සඳහා ඇය ඔබට  උපකාර  කරනු ඇත.

4. ඔවුන්ව නරක් කිරීම නවත්වන්න.

ඔබ ඔවුන්ට දිනපතා උගන්වන දේ ඇගයීමට ආචාර්ය ජිම් ට්‍රේලර් විසින්  යෝජනා කරයි.

නිරෝගිමත් පුරුදු වලින් හෙබි වැඩිහිටියෙක් වීමට ඔවුන්ට අවශ්‍ය  "ආකල්ප සහ දක්ෂතා" ලබා ගැනීම සඳහා ඔබ  ඔවුන්ට උපකාර කරනවාද?

මුදල් සැලකු විට ඒ සදහා නිදසුනක් වශයෙන්, ඔවුන්ගේ අවශ්‍ය වීම් ඔබ  දිගටම ලබා දෙන්නේ නම් ඒ සමග  වර්ධනය නොකළ හැකි ලක්ෂණ වන ගෞරවය, හික්මීම, වගකීම සහ ප්‍රමාද වූ වින්දනාත්මක වටිනාකම උගන්වනු ලැබ ඇත්දැයි ඔබගෙන් වීමසීමට ඔහු උපදෙස් ලබා දෙයි.

5. ඔවුන්ට කෙටි මාර්ග ලබා දීම නවත්වන්න

කිසිම දෙමව්පියෙක්ට  තම දරුවාට දුෂ්කර කාලයක් ලබා දීමට  අවශ්‍ය  නොවුවද, දේවල්  සඳහා වැඩ කිරීමට ඉඩ දිමේ  හොදක්ද ඇත.  සරල උදාහරණයක් ලෙස ඔබට හොඳ අවන්හලක් සිටින විට ඔවුනගේ අද්භූත හැසිරීම්   නැවැත්වීමට  ඔවුන්ගේ අවධානය  අයි පෑඩ්  එකට යොමු කර ඒ කාලය ඔබට සාමදානයෙන් සිටිය හැකිය.

ඉවසිලිවන්තව වීමටත්,උපකරණයක ආධාරයෙන් තොරව විනෝද වීමට ක්‍රම  සොයා ගැනීමටත් ඔවුන්ට උගන්වන්න.

වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ වටිනාකම ඇති කරවන තවත් ක්‍රමයක්  වනුයේ නිවසේ වැඩට සහායකයින් සිටිනවා වුවද වැඩ කටයුතු කිරීමට ඔවුන්ට පවරන්න . ඇන්ඩෘ ඇන්තෙවිස් නැමති තිදරු පියා  පවසන්නේ දෙමව්පියන් සිහින දැකීමට තම දරුවන් උනන්දු කළ යුතු නමුත් මහන්සි වීමකින් තොරව අරමුණු ඉටුකර ගත නොහැකි බව අවධාරණය  කල යුතු බවයි.

දරුවන්  සමඟ අවංකව සිටිමින්  ඔවුන්ව  විශ්වාස  කිරීම තුලින් ඔබ ඔවුන් වෙනුවෙන් සැමවිටම එහි සිටින බව සහතික වන අතර, ගැඹුරු ගෞරවයක් නොමැති නමුත්  වගකීමෙන් යුත් අවංකවම යහපත් හා  කල්පවත්නා පුරුදු වන  විශ්වාසය හා අනුකම්පාව  ඇති කරවාවි.

ඇත්තෙන්ම දෙමව්පියන් වශයෙන් දරුවාට ඇති ආදරය වෙනුවෙන් කරන මේ දේවල් නොකර සිටීම යහපත් බව මේ මතක් කිරීම The Asianparent Sri Lanka වෙතිනි .

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී