theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මගේ දුවට මං ඉගැන්වු සුරක්ෂිතතාවයේ පාඩම

3 අවම කියවීම
මගේ දුවට මං ඉගැන්වු සුරක්ෂිතතාවයේ පාඩමමගේ දුවට මං ඉගැන්වු සුරක්ෂිතතාවයේ පාඩම

දරුවන්ට සුරක්ෂිතතාවය ගැන කියාදෙන්නේ කෙසේද?

මම උදෑසන ආහාරය පිළියෙළ කරමින් සිටියෙමි. පුංචි දුව හදිස්සියේ මුළුතැන්ගෙට ආවාය.

" අම්මේ මොනවාද ඔය"

මං වංගෙඩියට දැමු උම්බලකඩ ටික දෙස බලා ඇය ප්‍රශ්න කලාය.

" මේවා උම්බලකඩ පැටියෝ"

මම උත්තර දුන්නෙමි.

" ඒවා හදන්නේ කොහොමද "

ඒ ගමන ඇය කවදත් වගේ ප්‍රශ්න පත්‍රය දිග ඇරියාය.

" බබා කන මාළු වේලුවාහම කරවල හැදෙනවා. ඒවා තව වේලුවාහම උම්බලකඩ හැදෙනවා"

මම දුවට ඒ පිලිබඳව සරලව විස්තර කරද්දී මගේ හිතට අපූරු අදහසක් ආවා.

මගේ දුවට අවුරුදු පහයි. ඇය ඉන්නේ ගොඩාක් දේවල් තේරෙන වයස නෙවේ. ඒත් මං නැති වේලාවට එයාගේ සුරක්ෂිතතාවය ගැන අදහසක් ඇති කරන්න ඕනී කියලා මට හිතුනා.

දරුවන්ගේ සුරක්ෂිතතාවය ගැන පොත් පිරෙන්න උපදෙස් ලිව්වාත් සමහර විට වැඩක් නැහැ. ඒ ගැන මම ලියපු ලිපියක් මට මතක් වුනා. දැන් ලංකාව තුල දරුවන්ට ආරක්ෂාව අඩුයි. ආසියාතික රටක් නිසා තියෙන සාම්ප්‍රදායික ගති ලක්ෂණත් එක්ක අපේ දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබෙනවා අඩුයි.

ඒ නිසාම දරුවන්ට ඒ පිලිබඳ අවබෝධයක් නැහැ . ඒ නිසාම බොහෝ දරුවන් අපයෝජනයට ලක්වෙන්නේ ඒ නොදැනුවත් කමත් එක්ක. දැන් දැන් පාසැල් අධ්‍යාපනය තුල සෞඛ්‍ය , විද්‍යා විෂයන් තුල මේ ලිංගික අධ්‍යාපනය ටිකක් ලබාදීම බොහොම හොද තත්වයක්, ඒත් දෙමව්පියන් වශයෙන් අපිටත් එහි ඉතා විශාල කර්තව්‍යයක් තියෙනවා.

මගේ දුවට අවුරුදු පහයි. ඇය තවම ලිංගිකත්වය තේරුම් ගන්න වයස නෙවී ඉන්නේ , ඒත් ඇයව සුරක්ෂිත කරන්න ඕනා. ඒකනිසා උම්බලකඩ එක්ක මතු වුන ඇයගේ පුංචි ප්‍රශ්නයට මං ලොකු කථාවක් ගෙතුවා.

" පැටියෝ උම්බලකඩ හදන්නේ ඈත දූපත් වල, ඒවා වේලන්න ළමයිව අල්ලන් යනවා. එතකොට කන්න , බොන්න , නිදා ගන්න නැහැ . අම්මායි, තාත්තායි නැහැ . අව්වේ මුළු දවසේම දාඩිය දාගෙන වැඩ කරන්න වෙනවා."

මම කිව්වා.

" කොහොමද අම්මේ ළමයි අල්ලන් යන්නේ "

දුව ඊලගට ඇහුවේ මම බලාගෙන හිටපු ප්‍රශ්නයක් ,

" අපෝ ඒක හරිම ලේසියිනේ, එයාලා නින්ද යන බෙහෙත් දාලා ටොෆි චොක්ලට් දෙනවා, නැත්තම් අම්මා එන්න කිව්වා කියලා නැත්තම් තාත්තා එන්න කිව්වා කියලා එක්ක යනවා. "

මම එහෙම කිව්වේ හොරැහින් දුව දිහා බලන ගමන්, එයා කට ඇරගෙන මං කියන දේ අහන් ඉන්නවා.

" ඇත්තද අම්මා "

දුව එහෙම ඇහුවේ ඒක තහවුරු කරගන්න වගේ," ඔව් මගේ පැටියෝ, ඒකනේ මං කියන්නේ අදුරන් නැති අය දෙන ඒවා කන්න එපා, අදුරන්නේ නැති අය කතා කලාට යන්න එපා කියලා"

මං ඇයට වටහලා දුන්නා.

" අම්මේ පොඩ්ඩක් ඉන්න , මං ඉක්මනට එන්නම්"

දුව යන්න හැදුවා.

" කොහේද ඔය යන්නේ "

මං ඇහුවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

" ඉස්රහා දොර වහන්න ඕනී. ආච්චි අම්මාට කියන්න ඕනී අදුරන්නේ නැති අය දෙන කෑම මල්ලිට දෙන්න එපා කියලා. අදුරන්නේ නැති අය අතට එයාව දෙන්න එපා කියන්නත් ඕනී."

දුව කිව්වේ අහිංසකව, මං කියා දීපු ජීවිතේ පාඩම එයා අපූරුවට වටහා ගත්තා කියලා මට තේරුනා.

ඒයා වයසින් වැඩෙත්ම එයාට මම ජීවිතයේ හැම පාඩමක්ම කියා දෙනවා. ලිංගිකත්වය ගැන වුනත්, මං එයාත් එක්ක විවෘතව ජීවත් වෙනවා. එයාට සමීප වෙනවා. ඒක තමා මට එයාට සුරක්ෂිතතාවය ලබාදෙන්න හොදම ක්‍රමය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • මගේ දුවට මං ඉගැන්වු සුරක්ෂිතතාවයේ පාඩම
බෙදාගන්න :
  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it