අම්මලාගේ ලස්සන ලාබාල පෙනුම රැකගන්න ළමයි කීදෙනෙක් සිටිය යුතුද?

දරුවන් දෙදෙනෙකු හිටියත් නැතත් කාන්තාවන්ට ඇතිවෙන ඉහළ ආතතිය වයසක පෙනුමකට හා ආකර්ෂණය අඩුවීමට හේතු වේ.

මව්වරුනි මේ අහන්න, මෙන්න සුභ ආරංචියක්, ඔබට ඔබේ තාරුණ්‍ය හා ආකර්ශනීයත්වය පවත්වා ගැනීමට අවශ්‍ය නම්, එකම එක විසඳුමක් තියෙනවා. ඔබ දරුවන් දෙදෙනෙකු ලැබීමෙන් එය කල හැකි බව පරේක්ෂකයින් පවසනවා.

පෝලන්තයේ Jagiellonian විශ්ව විද්‍යාලය හා බ්ත් සරසවිය විසින් මෙහෙයවන ලද පර්යේෂණයකදි කුඩා පවුල් ඇති කාන්තාවන් ලාබාල පෙනුමෙන් යුත් බව සොයා ගෙන තියෙනවා .

"දරුවන් බොහොමයක් සිටින මව්වරුන්ට වඩා දරුවන් අඩුවෙන් බිහිකල කාන්තාවන් සහ පුරුෂයන් වැඩි ආකර්ෂණීය, තරුණ හා සෞඛ්‍ය  සම්පන්න බව විනිශ්චය කර ඇත. එක් එක් කාණ්ඩයේ අඩුම ලකුණු ප්‍රමාණයක් ලැබුනේ දරුවන් හතේ සිට නවය දක්වා ලැබු කාන්තාවන්ටයි. "පරීක්ෂකයන් සදහන් කරනවා.

ඇත්ත වශයෙන්ම, දරුවන් වැඩිපුර සිටින මව්වරුන් "ආකර්ෂණය අඩු" යැයි සලකනු ලබනවා.

දරුවන් දෙදෙනෙකු ලැබු පසු මවක් අවලස්සන වෙන්නේ ඇයි?

හොඳයි, මෙම සුවිශේෂී නිරීක්ෂණයට හේතුව හරිම සරලයි . දරු උපතක් සදහා කාන්තාවක් ශරිරයේ බොහෝ  ශක්තියක් වැය කරනු ලබයි.

"දරුවන් බොහෝමයක්  සිටින ඉහල ඔක්සිකාරක ආතතියක් ඇති  කාන්තාවන් වයසට යත්ම ඉක්මණින් වයසට යන පෙනුමක් හා අඩු ආකර්ෂණයක් විදහා දක්වනවා." මෙම ප්‍රතිඵලය මගින් දරු උපතේදි වැයවෙන ශක්තිය කාන්තාවකගේ බාහිර පෙනුමට බලපා ඇති බව අධ්‍යයනය පවසනවා.

අවාසනාවට අපේ රෑසිරි අඩුවෙන එකම දේ එපමණක් නොවේ. ඔවුන් රැකබලා ගැනීම, නිවස හා රාජකාරි කටයුතු කළමනාකරණය කිරීම නිසා රුව සදහා ඉතා සුළු අවධානයක් සමඟ වැඩ කිරීම අපි වයසට ගිය බවක් පෙන්නුම් කරාවි.

ඒත් මෙයින් ඔබ එසේ වෙනස් විය යුතු යැයි අදහස් කරන්නේ නැහැ. වෙහෙසට පත් සහ කාර්යබහුල මව්වරුන්ට භාවිතා කළ හැකි ඉඟි සහ උපක්‍රම තියෙනවා. ඒවා නිවැරදිව භාවිතා කරන්න.

විඩාපත්, කාර්යබහුල මව්වරුන් සදහා වටිනා ඉඟි සහ උපක්‍රම 5 ක්

1. දරුවන්ගේ පියා සමඟ දරුවන් රැකබලා ගැනීම බෙදාගන්න.

ඔබ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩියෙන් සිටියත් ඔබේ ස්වාමිපුරුෂයාට තම වගකීම් වලින් පලා යන්න බැහැ. ඔබේ බාල දරුවා ඔබ ඔසවා ගෙන සිටිනවා නම් වැඩිමහල් දරුවා හෝ දෙන්නාව රැකබලා ගන්න ඔබේ ස්වාමිපුරුෂයාට ඉඩ නොදෙන්නේ ඇයි?

දැන්, වැඩිමහලු  දරුවා ඔබ කැමති ආකාරයට දත් මැදීම හො ඇදුම් ඇදීමට කැමති නැති වේවි. ඒත් ඔයා දන්නවද? අඩුම තරමින් ඔහු සෞඛ්‍ය සම්පන්නයි. ඔහු තම පියා සමඟ බැඳී සිටී. දවස අවසානයේදී වැදගත් වන්නේ එයයි.

2. හැකි සෑම අවස්ථාවකදීම හා හැකි සෑම විටකදීම නිදා ගන්න ඉගෙන ගන්න

බොහෝ වචනවලින් කිවහොත්, බොහොමයක් මව්වරුන් ඇග සොදන අතර නින්දක් ලබන්න දක්ෂයන්  වන අතර  එසේ නැතහොත් තම දරුවා සෙල්ලම් කිරීමට පිටතට ගිය විට නිදා ගනියි.

විශේෂයෙන් ඔබේ දරුවා ආරක්ෂිතව සිටින බව හා  හොඳින් පෝෂණය ලබා පිරිසිදු බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව මදක් ඇස් පියා ගත්තාට වරදක් නැහැ. නමුත් රිය පදවන විට  හෝ ඔබේ දරුවාට ආහාර කවන අතර නිදා ගන්න එපා. ඒය ඔබට හොඳයි.

3. අස් කිරීම මදකට නවත්වන්න.

අපි හැමෝම ලස්සන නිවසකට කැමතියි. නමුත් ඔබට දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩියෙන් සිටින විට  එය අවුල් වියවුල් වී යා හැක. සෙල්ලම් බඩු හැමතැනම විසිරිවා දමා කෑම බිත්ති මත අලවමින් ඇති විට දරුවන් රැකබලා ගනිමින් සෑම දෙයක්ම පිරිසිදු කිරීම කල නොහැකිය.

ඇත්ත වශයෙන්ම, එය කල හැකි වුවද, ඔබටම බරක් විය යුත්තේ ඇයි? දවස් කීපයකක් සෙල්ලම් බඩු වැටුන තැන්වල තැබීමෙන්  කිසිවෙකුට හානියක් නොවේ.

මෙම ලැයිස්තුවේ අංක එකට යලිත් මතක් කරනවා.ඔබේ ස්වාමි පුරුෂයාට එය පිරිසිදු කරනන් කියන්න ඔබට පුළුවන්. ඔහු ජීවත් වන්නේ ඔබ සමග නේද?

4. ටිකක් නිර්මාණශීලී වන්න

ඔබ යම් විවේකයක් ලබා ගන්නා විට ඔබේ දරුවන්ට ඥානවන්තව කාලය යොදවන්න දිරිගන්වන්න. ඔබ ඔවුන්ගේ කාමරයේ (විශේෂයෙන් වැඩිමල් දරුවන්ට) කාර්යයන් ඔවුන්ට ලබා දිය හැකි අතර ඒවා  වේලාවට කරන්න පුරුදු කරන්න.  ඔවුන් ඔබේ කාමරයට ඉක්මනින් පැමිණෙන වේලාවට පමණයි.

සමහර විට ඔබේ දරුවන්ට පොතක් කියවීමට හෝ චිත්‍ර ඇදීමට කැමති වෙන්න පුළුවන්. ඔබට ඔබේම දේවල් කළ හැකි වන පරිදි ඔවුන්ව මෙම ක්‍රියාකාරකම් වල යොදවන්න සුදානම් කරන්න.

5. මෙය ගෙවී යාවි

දරුවන් හදාවඩා ගැනීමේදි මෙය ලොකු නිතීයක් නොවේ. වර්තමානයේ ඔබ මුහුණ දෙන සෑම දෙයක්ම පාහේ අතීතයට එක්වෙන බව ඔබ දැනගත යුතුය. ඔබේ දරුවන් ලොකු මහත් වේවි. ඔබට තවදුරටත් ඔවුන් පසු පස දුවන්නට නොවේවි. අවසානයේදී ඔබට සුවබර නින්දක් ලැබේවි.

ඔබ වෙහෙස  හා නිදිමත බව පිළිගන්න. නමුත් ඔබට ආපසු  ලැබිය හැකි දෙය නම් ඔබට ආදරය කරන ලස්සන දරුවන් වෙනවා. අවංකවම ඔවුන් ඔබේ පෙනුම ගැන සැලකිලිමත් නොවන අතර ඔවුන් ඔබ ලගින් සිටින හැකි සෑම විටම බලාපොරොත්තු වෙනවා.

නමුත් ඔබ ඔබේ තරුණ කම ගැන හිතනවා නම්  ව්‍යායාම , සෞඛ්‍ය සම්පන්න ආහාර , ජලය ගොඩක් පානය කිරීම  සහ ළමා සුරක්ෂිතතාව සහ ගෙදර දොරේ වැඩ අතරේ පුංචි නින්දක් ලැබීම කරන්න.

එහෙත් දරුවන් අප රටට දායාදයක් , සම්පතක් වෙනවා. දරුවන් දෙදෙනෙකු ගෙන් පසු ලස්සන සැගවෙනවා කියන අධ්‍යයනයක් කියද්දී  වැඩි වැඩියෙන් දරුවන් ලබමින්  ශ්‍රීලාංකික ඔබට  ලස්සන ලාබාල රුවක් ලබන්නට මේ මග පෙන්වීම the Asianparent Sri lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී