දරුවන් කරන කරදරකාරී දේවල්  4 ක්

lead image

ඔබේ දරුවා සංසුන් කර කොහොමද ඔවුන් සමග කටයුතු කරන්නේ යන්න අපි කියා දෙන්නම්.

අපේ ළමයි ලෝකයේ ඉන්න ආදරණීය ජීවින් වෙනවා. නමුත් එයාලා සමහර වේලාවට සිත් රිදවන සුලුය .

ඔබ ඔවුන්ව නිරීක්ෂණය කරන විට මේ කරදරකාරී ගති ලක්ෂණ හුරුබුහුටි හා විනෝදජනක ලෙස පෙනෙන්නට පුලුවන් .නමුත් මෙම ළමුන්ගේ දෙමාපියන්ට අනුව මේ ගති ලක්ෂණ සමග  ඔබට හැමදාම කටයුතු කිරීමට සිදුවුනොත් ඔබට ඔබගේ හැගීම් පාලනය කරගත නොහැකි වනු ඇත .

දෙමාපියන් වශයෙන් පැමිණිලිකාරී උද්වේගකාරී දරුවා ඉදිරියේ  කෝපය ගන්නා තරමට අපිට ඇතිවෙන උද්වේගකාරී ස්වභාවය හේතුවෙන් දරුවාට බැන වැදීම හා පහර දීම නොකල යුත්තකි.(අපිට අපේ දරුවන් සමග තරහා ගියත්,ඒක ස්වාභාවිකයි.)

මෙවැනි අවස්ථා වලට මුහුණ දීමට ඔබට සහයක් ලෙස පුංචි දරුවන් නිතර කරන සිත් රිදෙන හැසිරීම් හතරක් අප විසින් හදුනාගෙන ඔබේ දරුවා සංසුන් කර කොහොමද ඔවුන් සමග කටයුතු කරන්නේ යන්න අපි කියා දෙන්නම්.

1. ඇහුම්කන් නොදීම

දරුවන් වයසෙන් වැඩෙද්දී ඔවුන් තෝරා ගත් දේ පමණක් ඇහුම්කන් දෙනවා.කාලයක් යද්දී ඔබ ඔවුන්ට කාමරය පිරිසිදු කරන ලෙස ඉල්ලා සිට විට ඔවුන් ඇහුනේ නැති ලෙස සිටීමෙන් ඔබේ සිත රිදේවි.නමුත් ඔබ ඔබේ සැමියා සමග දුරක ඉදන් කරන පෞද්ගලික කථාවක් වුනත් ඔවුන් ඇහුම්කන් දෙනවා .

මෙම සවන්දීම නොදීම (ඇහුම්කන් නොදීම ) පිරිමි ළමුන් අතර උග්‍ර වේ.ඇත්තෙන්ම එයට විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ගැහැණු ළමුන්ගේ ඇසීමේ සංවේදිතාව පිරිමි ළමුන්ට වඩා වැඩි බව ( විශේෂයෙන් එය 1000 Hz-4000Hz කලාපය තුල ) පිරිමි සහ ගැහැණු ළමුන්ගේ සංවේදීතාවය ඇති කරන මොලයේ කලාපය මැනීමේ අධ්‍යනයන් තුලින් පෙන්වා දී තිබෙනවා .

ඔබේ දරුවා නව යොවුන් වියට එළඹෙද්දී උග්‍ර විය හැකි මෙම ගතිලක්ෂණයෙන් වැලැක්වෙන්නේ කොහොමද ?ඔබට ඔබේ දරුවා ලවා යමක් කරවා ගැනීමට අවශ්‍ය වු විට කෑමොර දීමකින් තොරව එය කරගන්නේ කෙසේද ?

මෙම ක්‍රම  උත්සහ කරන්න

කුඩා කාලයේ සිට හුරු කරන්න .ඔවුන්ගේ අවධානය ඔබට ලැබෙන තෙක් යමක් කරන ලෙස පවසන්න එපා.උදාහරණයක් වශයෙන් ,දරුවා සෙල්ලම් කරමින් සිටින විට ඔබට ඔහුට වැඩක් පවරන්න අවශ්‍ය නම් ඔහු ලගට ගොස් ඔහු හදලා තියෙන දෙය හරිම ලස්සන බව පවසන්න .එවිට ඔහු ඔබට යමක් පවසාවි අන්න ඒ මොහොතේ ඔහුගේ අවධානය ඔබට ලැබෙනවා .ඔබගේ ඉල්ලීම ඔබට දැන් කරන්න පුලුවන් .

එකවර නියෝග දෙන්න එපා. විනීත වන්න .ස්තුතියි ,සමාවෙන්න යන වචන භාවිතා කරන්න. 

ඔබේ ඉල්ලීම් සදහා වචන ගොඩාක් භාවිතා කරන්න එපා .ඔබ උපදෙස් ලබාදෙන විට පුලුවන් තරම් අඩු  වචන ප්‍රමාණයක් භාවිතා කරන්න .

ඔහුගේ අදහස් තේරුම් ගන්න .ඔබ මොනවා හරි වැදගත් දෙයක් කරන විට බාධා කරනවාට ඔබ කැමති නැහැ.ඔබේ දරුවත් ඒ වගේමයි .ඔබට ඔහු ඔහුගේ බෝනික්කා සමග සෙල්ලම් කිරීම ඔබට ඔහු ලවා කරවගන්න ඕනී දේට වඩා නොවැදගත් ලෙස හැගෙන්නට පුලුවන් .නමුත් ඔහුට ඒක අනිත් පැත්තටයි දැනෙන්නේ, ඒ වෙනුවට ,මම දන්නවා ඔයාට ඇත්තටම  දැන් සෙල්ලම් කරන්න ඕනි .නමුත් දැන් ඔයා නිදාගන්න වෙලාව,අපි දත් මදිමු නේද?ඔයා කාර් එක මෙතනම තියලා හෙට උදේම ඔයාට ආයිමත් සෙල්ලම් කරන්න පුලුවන් නේදයැයි පවසන්න .

2. ප්‍රසිද්ධියේ කලහාකාරී ලෙස හැසිරීම

මේක ඔබට  මුහුණ දෙන්න වෙන වෙනස් අවස්ථාවක් ,ඔබ ඔබේ දරුවා සමග බඩු මිලදී ගන්න ගිය විටෙක ඔහුට චොක්ලට් එකක් ඕනී වෙනවා.ඔබ අරන් දෙන්නේ නැහැ .ඔහු නැවත ඉල්ලනවා .ඒ ඉල්ලීම නැවත ඔබ ප්‍රතික්ෂේප කරනවා .දරුවා පොලොවේ පෙරලෙමින් ,පයින් ගසමින් ,කෑගසමින් ,තරහින් හැසිරෙමින් උද්වේගය පිට කරනවා .වෙළද සැලේ සිටින සෑම දෙනාටම ඔබ රලු දෙමාපියන් ගෙන් කෙනෙක් කියලා විනිශ්චය කිරීමට එය උපයෝගී වෙන්නේ නැහැ.

පළමුවෙන්ම කුඩා ළමුන් උද්වේගය පිටකරන්නේ ඇයිදැයි තේරුම් ගැනීම වටිනවා .

දරුවා පෞරුෂත්වය හදුනා වයසේදී උද්වේගකාරී බව උත්සන්න වේ.ඔවුන්ගේ අවශ්‍යතාවයන් ප්‍රකාශ කිරීමට තරම් ඔවුන්ගේ භාෂා හැකියාව සංවර්ධනය වී නැහැ .

ඔවුන්ට අවශ්‍ය දේවල් නොලැබෙන විට එය අසාධාරණ ලෙස ඔවුන්ට පේන්න පුලුවන් .ඒ ඔවුන්ගේ භාෂා හැකියාව හා අනෙක් පුද්ගලයන් හා ඔවුන්ගේ අවශ්‍යතා වටහාගැනීමේ හැකියාව වර්ධනය වෙමින් පවතින බැවිනි .අනෙක් අතට ඔවුන්ට ඔබ හිතන විදිය තේරුම් ගන්න අපහසුයි .

එම නිසා ඔවුන් කෑගහනවා ,අඩනවා ,පයින් ගහනවා ,බිම රවුම් පෙරලෙනවා.ඔවුන්ගේ ලෝකයම ඉවරයි වගේ හැසිරෙනවා .

මෙම ක්‍රම  උත්සහ කරන්න

ඔබේ දරුවා කුසගිනි විට ,පිපාසය දැනෙන විට , නිදිමත විට අතිශයින්ම උද්වේගකාරී ලෙස හැසිරේ.එම උද්වේගකාරීත්වය මග හැරීමට දරුවා මදක් ඔබ හා එළියට ඇවිදින්න එක්ක යන්න .

ඔබ වෙළද පොලට යන විට දරුවාත් රුගෙන යනවා නම් කෙටි කෑමක් හා වතුර අරගෙන යන්න .ඒ වගේම දරුවා සුව නින්දකින් ඇහැරුන පසු ගමන යොදා ගන්න පුලුවන් නම් හොදයි .

ඔබේ දරුවා ප්‍රසිද්ධියේ උද්වේගකාරී ලෙස හැසිරේ නම් ඔහුට පහර දීම,බැන වැදීම හෝ එතැනින් ඉවත්ව යන්න එපා .මේ මගින් ඔහුගේ හැසිරීම උත්සන්න වන අතර ඔබ ඔහුට ආදරය නොකරන බව සිතාවි.ඔහු ලගින්ම ඉන්න .ඔහු ටිකක් සංසුන් වු විට ඔහු හා ටිකක් කථා කරන්න .ඔහුව සුරතල් කරන්න .ඉන්පසු සංසුන්ව ඔහු හා ඉවතට යන්න .

ඔබ දන්නවා නම් ඔබේ දරුවා චොක්ලට් වලට කැමති බව හා වෙළද පොලේදී ඔහු චොක්ලට් පැකට් දහයක් ඉල්ලන බව එය වළක්වා ගන්න . ඒක දැක්කොත් නේ මතක් වෙන්නේ ,එහෙම නේද ?

අවසාන වශයෙන් මෙය නිකන්ම වදන් පෙළක් නොවන බවත් ඔහු එයින් තොරව වර්ධනය විය යුතු බවත් ඔබ වටහා ගන්න .

3. හෙමින් කෑම ගැනීම හා කෑම කන්න අකැමැත්ත

හිමින් ආහාර ගන්නා හා ආහාර ගැනීමට අකැමැති දරුවන් හා කටයුතු කිරීමට ඉතා දැඩි ඉවසීමක් අවශ්‍යයි .අවංකවම ඔබ පිසු ආහාර ඔබේ දරුවා ප්‍රතික්ෂේප කරනවා බලා සිටීම හෝ එම කෑම ඔහුගේ කටෙහි විනාඩි විස්සක් පමණ තබාගෙන සිටීම හරිම වේදනාකාරී අත්දැකීමක් වෙනවා .

මෙම ක්‍රම  උත්සහ කරන්න

මෙම අකමැත්ත සහමුලින් නැති කරන්න .දරුවා විසින්  මව්කිරි වැරීම හොද ආහාර පුරුදු ඇතිකිරීමේ ක්‍රමයක් බව හොදට ආහාර ගන්නා දරුවන්ගේ මව්වරුන් තහවුරු කරනවා .තවද ඔවුන් අකැමැති  කෑම ගැනීමේ පුරුදු මුලින් වර්ධනය කිරීමෙන් වළකින්න .

නැවත හිතන්න .දරුවා කවදාවත් බඩගින්නේ ඉන්නේ නැහැ .ඔහු එක වේලක් අතපසු කලාට කමක් නෑ.ඔහු අනිවාර්යයෙන්ම ඊලග ආහාර වේල් ගනිවි .නමුත් ඔහු ප්‍රමාණවත් වතුර ප්‍රමාණයක් ගන්නා බවට සහතික කරගන්න .

වේලාවක් සුදානම් කර ගන්න .විනාඩි හතලිහක් දරුවෙකුට ආහාර වේලක් නිම කරන්න හොදටම ප්‍රමාණවත් (එම කාලය අවසානයේදී තත්පර තිහ දක්වා අඩුකර ගන්න ).ඔහුගේ වේලාව අවසන් නම් සංසුන්ව ඔහුගේ පිගාන ඉවත් කරන්න .ඔබ කැමති  නම්, කෑම ඉතිරි නම් ශීතකරණයේ තබා ඊලග කෑම වේලේදී ඔහුට දෙන්න .

ඔබේ දරුවා කෑම පිසිමේ කටයුතු වලට (ආරක්ෂිත නම් පමණක්)  සහභාගි කරගන්න .ඔහුගේ කෑම ඔහුට සැලසුම් කරන්න ඉඩදෙන්න .මේ විදියට ඔහු ඔහුගේ ආහාර ආසාවෙන් භුක්ති විදිවි.

4. සහෝදරයින් අතර ගැටුම්

අම්මේ මල්ලී මට ගැහුවා නැත්තම් අම්මේ අක්කා මට ඒක දෙන්නේ නැහැ .දවස පුරා ඇහෙන මේ පැමිණිලි වලින් ඔබේ කන් දෙක පිරිලාද?? මට ඔබව දැනෙනවා .ඒක හරිම කරදරකාරියි .

මෙම ක්‍රම  උත්සහ කරන්න

උදාහරණයක් ගත්තොත් ,ඔබත් ඔබේ සහකරුවාත් නිතර ගැටුම් ඇතිකර ගනී නම්,ඔබ ඔබේ දරුවාට නිතර පහර දෙයි නම් ඔහුත් ඒ හැසිරීම අනුකරණය කරනවා  . ඔවුන් ඔවුන්ගේ සහෝදරයින්ට පහර දෙන්න,බැන වදින්න හිතනවා. 

දරුවන් අවට සිටි නම් ඔබේ සහකරු සමග සාකච්ඡා කිරීමේදී හඩ පාලනයකින් යුතුව කථා කිරීමටත් වාද විවද වලින් වැළකීමටත් උත්සහ කරන්න.

මුලික ගැටලු විසදීමේ ක්‍රම හා සාකච්ඡා කිරීමේ හැකියාව දරුවාට කියා දෙන්න .උදාහරණයක් වශයෙන් කුඩා සහෝදරයාට වැඩිමහල් සහෝදරිය සෙල්ලම් කරමින් සිටින සෙල්ලම් බඩුව අවශ්‍ය නම් ඔබේ වැඩ්මහල් දරුවාට ඒ වෙනුවට වෙනත් සෙල්ලම් බඩුවක් ගන්න උගන්වන්න.

නැත්තම් ඔවුන්ට පුලුවන් කුඩා සොහොයුරාට අවශ්‍ය සෙල්ලම් බඩුවක් නැතිව වෙන එකක් තෝර ගෙන සෙල්ලම් කර පසුව  මුල් සෙල්ලම් බඩුව අරගෙන සෙල්ලම් කරන්න .

මව්වරුනි, පියවරුනි, මේ කරදරකාරී ගති ලක්ෂණ බොහොමයක්  ඔබේ ආදරණීය දරුවා වයසින් වැඩෙත්ම මගහැරී යන බව මතක තියා ගන්න. ඒ වගේම කණගාටුයි කියන්න ඔවුන් ඒ වෙනුවට අලුත් නව යොවුන් කරදරකාරි පුරුදු බොහොමයක් පුරුදු වේවි. එවිට ඔබට ඒවා හා හිතවාදී කටයුතු කරන්නත් සිදු වේවි.

ඔබේ දරුවා තේරුම් ගැනීමත් ඔවුන් හා කටයුතු කිරීමට පහසු වීමටත් මේ තොරතුරු බෙදා ගත්තේ හැමදාම ඔබේ ලගින් ඉන්න The Asianparent Sri Lanka විසිනි.