දරුවන් දත් මැදීමට උනන්දු කරවන්න මේ උපක්‍රම 8 ගැන සිතා බලන්න

Share this article with other mums

දරුවන්ට දත් මදින්න පෙර පොඩි සුදානමක් අවශ්‍යයි. ඔවුන් එකවර එයට යොමු නොවන්නේ ඒ නිසයි. එහෙනම් අපි බලමු මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා.

දරුවන්ට දත් මදින්න පෙර පොඩි සුදානමක් අවශ්‍යයි. ඔවුන් එකවර එයට යොමු නොවන්නේ ඒ නිසයි. එහෙනම් අපි බලමු මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා.

1. දත් මැදීම ගැන උද්යෝගය

ඔබ ඔවුන් ඉදිරියේ ඉතා සතුටින් දත් මැදීම කරන්න. ඔබේ දරුවන් ඔබව නිතරම අනුගමනය කරනවා. බබාලටත් ඔබටත් ටූත් පේස්ට් බ්‍රෂ් එකට දාලා ඊ..ඊ…ඌ…ඕ… වශයෙන් කියමින් විනෝදයෙන් ක්‍රීඩාවක් ලෙස එය කරන අතර තුර කොයිතරම් එය නැවුම්ද යන බව කියමින් ඊට සතුට විනෝදය මුසු කරන්න.

2. දරුවන්ට පාලනය දෙන්න

දරුවන්ට ඔවුන් කැමති ටූත් පේස්ට් එකක් බ්‍රෂ් එකත් තෝරා ගන්න ඉඩ දෙන්න. හුඟක් වෙලාවට දරුවන් ටූත් පේස්ට් වගේ දේවල් වල රසට ආසයි. ඉන් ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. විවිධ කාටුන් රූප ආදියත් සමග දරුවන් සතුටින් ඊට යොමු වෙනවා.

3. විනෝදයෙන් දත් මදින්න කියා දෙන්න

දරුවාගේ කැමතිම සෙල්ලම් බඩුව (චරිතයක්) ගෙන එහි දත් මදින්න සෙල්ලම් බඩුව සමග කතා කරමින් අනුකරණ කරමින් දරුවාට සෙල්ලම් බඩුවට දත් මදින්න කියා දෙන හැටි ඔබත් කියන්න. දැන් බලමු පුතා දත් මදින හැටි. අපි toy එකට ඒක පෙන්නමු. ඉතින් දැන් දරුවා තමන්ගේ සෙල්ලම් බඩුව ඉදිරියේ වීරයෙක් ලෙස දත් මදින්න පෙළඹෙනවා.

4. දත් මදින කොට එන ශබ්ද විශ්වස කරන්න ඉඩ දෙන්න

ස්…ර්… වශයෙන් ශබ්ද කරමින් දත් මදින විට එය යාන්ත්‍රණයක් ලෙස අනුකරණය කිරීමට ඔවුන් තුළ විශ්වාසය ගොඩනගන්න.

5. විනෝදජනක ක්‍රීඩා

අපි දත් පාට කරමුද? ටූත් පේස්ට් වලින් හා බ්‍රෂ් එකෙන් දත් පාට කරන්න ක්‍රීඩාවක් වගේ කරන්න. දැන් අපි ඔක්කොම මකනවා. දැන් දත් මදිනවා. එතකොට පේන්ට් කරපු ටික නැතිවෙන හැටි බලමු.

6. සුරතල් ලෙස රඟපාන්න

කුමක් හෝ සුරතල් නමක් බ්‍රෂ් එකට දමන්න. ඔයා දැන් කියුටි බ්‍රෂි. කට ඇතුලෙ ගමනක් යනවා දැන්. ඇතුලට, පැත්තට, උඩට, ඔන්න ආයෙත් යටට.

7. කැමති දේවල් ඉල්ලූ විට ලැබෙන ටූත් පේස්ට්

ටූත් පේස්ට් එකත් මැජික් කරන, කැමති දේවල් දෙන දෙයක් සේ පෙන්වන්න.

8. ක්‍රීඩා කරන වෙලාව

දත් මැදීම සඳහා ගෙදර දරුවන්ට චාට් එකක් හදන්න. ඉන් එක දිනක් හෝ අතපසු නොකළහොත් ඔහුට තෑග්ගක් හිමිවන බව කියන්න.

දරුවන් අකමැති දේට හුරු කිරීමට විනෝදය හා එකට එක්ව කටයුතු කිරීමෙන් හුඟක් යහපත් ප්‍රතිඵල ලබාගන්න පුළුවන් බව ඔබට මතක් කර දෙන්න theAsianparent Sri Lanka මේ තොරතුරු සටහන් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Dental issues and teething