මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි.

lead image

දරුවා නින්දට යැවිය යුත්තේ කුමන වේලාවටද?

සෑම දරුවෙකුම වෙනස් බව අපි නිතරම අසා ඇත.  එහෙත් අප අලුත් චර්‍යාවක් ආරම්භ කිරීමට පෙර හෝ යමක් සම්මතයක් ලෙස පිහිටු වීමට පෙර  අපි අපගේ දරුවාට ගැලපෙන දේ කුමක්දැයි සොයා ගන්නවා නේද ?

ඔබ මාව හඳුනනවා නම් මගේ දිශාව අනුගමනය කරනවා නම්, මේ වන විටත් මම සාම්ප්‍රදායික මවක් නොවන බව අවබෝධ කරගෙන තිබිය යුතුය. මම අනෙක් අය පසුපස නොයමි. නිසැකව ම  අනර්ඝ උපන්දින සාදයන් ,ඉහළ සෞඛ්‍ය  සම්පන්න ආහාර අනුභව කිරීම හා අමතර ක්‍රියාත්මක සදහා පංති නොමැති දරුවන් රැකබලා ගැනීමේ පැරණි පංතියට මම අයත් නොවෙමි.

මූලික වශයෙන්, අප කුඩා කාලයේදී සරල ජීවිතයක් තිබුනා. එය වෙහෙසකාරී  වන විට අපි දරුවන් ලෙස අපි අපේ නිදහස්  කාලයේ කරන්න කරන්නට අවශ්‍ය  දේ අපි තේරුම් ගත්තා. ඔබ දැනුමින් පරිපුර්ණ  දෙමාපියෙකු නොවිය යුතු යැයි මම කියන්නේ නැහැ.      ඔබ විය යුතුය. නමුත් අනිත් අය එසේ කරන්න කියන නිසා හෝ හෝ දරුවන් රැකබලා ගැනිමේ  පොත් පවසන නිසා ඔබ යමක් කිරීම මවක් ලෙස මට පිළිගත නොහැකි දෙයක් වේ.

"දරුවන් රැකබලා ගැනීමේ නීතිරීති" ගැන කතා කරන සියළුම තරුණ මව්වරුන් අනුගමනය කරන එක් දෙයක් ඇති අතර , ඔවුන්ගේ දරුවන් වේලාසන නින්දට යැවීමට  බලකිරීම ගැන මම  පැවසිය  යුතුද? නිරෝගී ශරීරයක් සහ මනසක් සඳහා දරුවන්ට රාත්‍රියේ හොද නින්දක් අවශ්‍යයි යන්නට මමද විරුද්ධ  නොවෙමි.  ඔබ ඔබේ දරුවා රාත්‍රී අටට නින්දට යවන්නේ  මෙම අරමුණ සඳහා නොවන බව මම හිතනවා.  එසේ කියන්න  හේතු මට තිබේ.

ආසියාතික රටක දී පවා එය කළ හැක්කේ කෙසේද?

විශේෂයෙන් ඔබ සෑම දිනකම  8 -9 කාලය තුල  රාත්‍රී ආහාරය ගන්නා සාම්ප්‍රදායික ආසියාතික පවුලකට අයත් නම්, එය ප්‍රායෝගික නොවන බව මම කියමි. එවිට ඔබේ දරුවා රාත්‍රී ආහාරය අවසන් කල වහාම ඔහුව නිදාගන්න යවන්නේ කෙසේද?

ඔබේ රාත්‍රී ආහාරය ලබා ගැනීමෙන් පසු පැය දෙකක් පමණ පසු නින්දට යා යුතු බව වෛද්‍යවරු පවසන්නේ නැතිද?  ඔබට ඔබේ දරුවා රාත්‍රී 8 ට නින්දට යැවීමට  ඔබට අවශ්‍ය  නම්, ඔබට රාත්‍රී 6 වන විට දරුවාට  ආහාර ලබා දිය යුතු නොවේද? මට මෙතන වලංගු හේතුවක් තියෙනවා කියලා ඔබ හිතන්නේ නැතිද?

දෙවනුව,  ඔබේ ළදරුවාගේ සවස නින්දක් ලැබුවේ නම් කුමක් සිදුවේද? ඊලඟට හොද  නින්ද ලබා සිටින ඔබේ පුංචි පැටියාට රාත්‍රී  8 වෙනකොට ඇස් වසා දැමීමට නින්දට යෑමට  බල කිරීමට ඔබට හැකි වන්නේ කෙසේද ?

ඔබ හිතන්නේ මම එය කියවන්නේ හේතුවක් නැතිව කියලා නම්, මම මගේ කුඩා දැරියට වයස අවුරුදු තුනේදි රාත්‍රී අටට නින්දට යෑවිමේ කාලසටහන අනුගමනය කල බවත් එය අපිට සාර්ථක නොවු බවත් ඔබට කියන්න කැමතියි.

ඇත්තටම! එය එසේ නොවේ. මම රැකියාවක නියුතු මවක් වන අතර මම දුව දිනපතාම 6:30 ට පමණ දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙන්  ගන්නෙමි. මගේ දියණිය රාත්‍රී අටට නින්දට යැවීමට නම්   ඇයට රාත්‍රී  7.00 ට පමණ  හෝ අපි  නිවසට පැමිණි වහාම ඇයට රාත්‍රී ආහාරය ලබා දිය යුතු අතර නින්දට පෙර පාසැල්  වැඩ නිම කිරීම හා වෙහෙස නිවා ගැනීමට ඇයට ඉතිරි වුයේ විනාඩි 45 ක් පමණි.

නමුත් .. ඇය එසේ නිදාගත්තේ නැහැ.

සැබැවින්ම, අපි සාමාන්‍යයෙන් රාත්‍රී අටට නොඇලුනු අතර  සාමාන්යයෙන්, අපි 8:30 පමණ වන විට අවසන් කලා. එවිට  මගේ දියණියට නිදිමත නොමැති විට පවා ඇයව නින්දට යැවීමේ දැවැන්ත කර්තව්‍යය පටන් ගන්නවා. ඒ සැලැස්ම සාර්ථක කර ගැනීමට මම කථා කිම ,ඇගේ ප්‍රියතම කතා කියවීම, ළදරුවන් නිදා ගැනීම සදා වු නිස්කලංක සංගීතය ඇසීමට සැලැස්වීම, ඇගේ ප්‍රියතම ගීත  ගායනා කිරීම සහ ඇය සමඟ නිදා සිටින බව පෙන්වමින් ඇය අසල වැතිර සිටීම වැනි විවිධ ක්‍රම උත්සාහ කළෙමි.

කොහොමවුණත්, ඇය එසේ නිදාගත්තේ නැහැ. ඇය කලේ රාත්‍රී 10 වන විටත්  අවදිව සිට ඇය මගෙන් තවත් කතාවක් කියන ලෙස ඉල්ලා සිටී. ඊට පස්සේත් ඇය   ඇය අවදිව ක්‍රියාශීලීව සිටියි.

මෙම උද්යෝගය ටිකෙන් ටික දුර්වල වී ගිය අතර 8 වන විට නින්දට යැවීම  මාව නොසංසුන් කල හා අම්මා ඉන්නේ දුකෙන්  යැයි මගේ දියණිය දුකට පත්කල භයානක ක්‍රියාවක් බවට පත්වුනා.

මාසයක් අවසානයේ, එය අවශ්‍ය  නොවන බව මම තේරුම් ගත්තා.සෑම දරුවෙකුම වෙනස් බව අපි නිතරම අසා ඇත.  එහෙත් අප අලුත් චර්‍යාවක් ආරම්භ කිරීමට පෙර හෝ යමක් සම්මතයක් ලෙස පිහිටු වීමට පෙර  අපි අපගේ දරුවාට ගැලපෙන දේ කුමක්දැයි සොයා ගන්නවා නේද ?

මම නීති වෙනස් කළා .

රාත්‍රී අටට  නිදා ගැනීම මගේ දුවට වුවමනා දෙයක් නොවන  බව   මම තේරුම් ගත්තා. එමනිසා  මම නීති වෙනස් කළා. මම ඇයට  ඇයගේම දේවල් කිරීමට ,තීරණය කර අනුගමනය කිරීමට  ඉඩ දුන්නෙමි. මේකත් හිතන්න. අපි තවදුරටත්  කිසිම  පීඩනයක  නැහැ.

අපි නිදහස් හා සැහැල්ලු බවට පත් වුනා. මගේ දුව ඇගේ රාත්‍රී භෝජන ආහාර  සංසුන්ව ගන්නා අතර ඇය ඊලග ට  ඇයගේ පාසැල්  වැඩ කරනවා. ඉන්පසු ඇය ඇගේ සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කරමින් හෝ ඇයගේ ප්‍රියතම පොත කියවීමෙන් ඇය විවේකීව කාලය ගත කලා. ඊට පස්සේ රාත්‍රී 9:30 සිට 10 දක්වා පමණ ඇය මා සමඟ හිඳගෙන, ඇයගේ මුලු දවසම ගත කල ආකාරය පිළිබඳව මට පවසනවා.

ඇගේ පාසැල, දිවා සුරැකුම හා මිතුරන් හා වෙනත් දේවල් ගැන අපි ඇතිතරම් කතා කරන්නෙමු.  ඇය සියල්ල මට කියා අවසන් වන විට ඇයට නිදිමත වන බව මා දැක තිබෙනවා. තවත් ඇයට  මා ඇයව නිදා කරවීම අවශ්‍ය  වූයේ නැත. ඇය තනියම නින්දට වැටුනාය.

අද වනතුරුත්,  දැන් පවා ඇයගේ වයස අවුරුදු හයක් වන විට එය දවසේ අපගේ ප්‍රියතම කාලයයි. මේ වේලාවේ අපි නිදාගන්න කලින් එකට ගත කරනවා. එය අපේ කාලය වන අතර  අපේ මව හා දියණිය ලෙස අපි එයට සම්පුර්ණයෙන්ම කැමැත්තක් දක්වනවා.

සත්‍ය නම්, කිසිම මවක් පරිපූර්ණ මවක් නොවන අතර දරුවන් රැකබලා ගැනීමේදී  හරි හෝ වැරදි කියා දෙයක් නැත. මම සතුටින්, මම සම්මතයට එරෙහිව යමින්  මගේ දුවට අවශ්‍ය  දේ කරන්න තීරණය කලා.

දරුවා නින්දට යැවීම ගැන මේ අම්මාගේ අදහස් ඔබට උදව්වක් වේවි කියලා The Asianparent Sri Lanka අපි හිතනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී