නිදා සිටියදී පුංචි පැටියාට දහඩිය දමනවාද? මෙන්න ඔබ ඒ ගැන දැනගත යුතු දේ

lead image

නින්දේදී ඔබේ පුංචි පැටියාට දහඩිය දමනවාද? එහි බිය විය යුත්තේ කොතැනද?

ළදරුවන් නිදා සිටින විට බොහෝ සෙයින් දහඩිය දැමීම වන්නේ ඇයි කියා ඔබ පුදුම වෙනවා  නම්, මෙන්න ඔබට ප්‍රයෝජනවත් තොරතුරු කිහිපයක්: 

ඔබේ රාත්‍රී කාලයේ හැම දෙයක්ම සිදු කර හමාරයි. බබාව නෑව්වා, ඇගේ පිජාමා ඇදුම උණුසුම් වගේම  ලස්සනයි. ඔබ කාමරයට  වාතාශ්‍රය  ලැබෙන්න සලස්වා ඇති අතර  මව්කිරි පානයෙන්  පසු  ඔබ ගායනා කරන මෘදු  ගීතවලට සවන්දෙමින් නින්දට වැටෙනවා.

ඔබ කාමරයෙන් පිටතට ඇවිත් පැයකට  පසු නැවත පැමිණ බලන විට   නිදා සිටි ඔබේ දරුවා දහඩියෙන් තෙමී සිටිනු දැකිය හැකිය. මෙය සිදු වන සෑම අවස්ථාවකදීම, එය සිදු වන්නේ ඇයිද යන්න ඔබට සොයා ගන්න නොහැකිය.

මම සෑම රාත්‍රියකම වායු සමීකරණ ක්‍රියාකර තිබියදී  නිදා සිටින මගේ දරුවාට දහඩිය දන්නේ ඇයි? මේක සාමාන්‍යයිද? මම සැලකිලිමත් විය යුතුද? එහි සැගවුන ගැටලු තිබිය හැකිද?

මව්වරුනි සහ පියවරුනි , විශේෂයෙන්ම මේවා ඔබේ පළමු දරුවා නම්, ඔබේ දරුවාගේ දහඩිය දැමීම අමුතු දෙයක් ලෙස ඔබට දකින බවත් ඔබ  කනස්සල්ලට පත්ව සමහර විට ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවට යෑමට ඉඩ ඇති බව අපිට තේරුම් ගන්න පුලුවන්.

ඔබ එසේ කිරීමට පෙර, ඔබ දැනගත යුතු මූලික තොරතුරු කිහිපයක්  අපි මෙහිදී ඔබට ලබා දෙන්නෙමු

නිදා සිටින දරුවන්ට දහඩිය දැමීමට හේතු

ඇය ගැඹුරු නින්දේ සිටින  ඔබට ඔබේ දරුවාගේ හිස පිටුපස ප්‍රකට තෙත පැල්ලමක් ඇති බව ඔබට දැකිය හැක. කනස්සල්ලට පත් වීමට කිසිවක් නැත. ඒ පිටුපස ඇති සමහර හේතූන් මෙහි තිබේ.

1. නොමේරූ ස්නායු පද්ධතිය

ස්නායු පද්ධතිය යනු කුමක්ද? එය ස්නායු හා සෛල සංකීර්ණ ජාලයක් වන අතර මොළයේ හා සුසුම්නාවේ සිට  සිරුරේ අනෙකුත් කොටස් වලට පණිවුඩ ගෙන යනු ලබයි. අපගේ ස්නායු පද්ධතිය අපගේ ශරීර උෂ්ණත්වය පාලනය කරනු ලබයි.

කෙසේ වෙතත්, අලුත උපන් බිළිඳුන්ගේ ස්නායු පද්ධතිය තවමත් සම්පූර්ණයෙන් ම වර්ධනය වී නොමැත. එබැවින්, වැඩිහිටියන්ගේ මෙන් අලුත උපන් බිළින්දුගේ ශරීර උෂ්ණත්වය පාලනය ස්නායු පද්ධතියට කල  නොහැකිය. මේ නිසා නිදා සිටියදී දරුවාට දහඩිය දමනවා.

2. රාත්‍රී ගැඹුරු නින්දේ දහඩිය දැමීම

බොහොමයක් ළදරුවන් නිදා සිටියදී දහඩිය පිටකරන අතර නිදා සිටින අතර ඔවුන් හිස තබන තැන තෙත් පැල්ලමක් දක්නට ලැබේ.

මෙය සිදු වන්නේ ඇයි? ළදරුවන් ඔවුන්ගේ නින්ද සම්බන්ධ චක්‍රයට බොහෝ කාලයක් වැය කරති. සෑම රාත්‍රියකම විසි වරක් ඔබව අවදි කරන බව  සලකන විට එය විශ්වාස කළ නොහැකි බව  මම දනිමි.  ඔහු සාධාරණ කාලයක් නින්ද සම්බන්ධ චක්‍රයට ගත කරනවා. වැඩිහිටි දරුවන්ට සහ වැඩිහිටියන්ට වඩා ඔවුන්ගේ  මෙම නින්දේ සම්බන්ධ  චක්‍රය බොහෝ සෙයින් වැඩි ය.

ඒ නිසා නිදාගැනීමේදී ඔබේ දරුවා දහඩිය දැමීම හුදෙක් මෙම ගැඹුරු නින්ද චක්‍රය නිසා සිදුවේ. ඔවුන් ගැඹුරු නින්දක සිටින  විට බොහෝ විට චලනය නොවන අතර මෙය බොහෝ දහඩිය දැමීමට  හේතු වේ.

3. දහඩිය ග්‍රන්ථි වල පිහිටීම

වැඩිහිටියන් ලෙස අපගේ දහඩිය ග්‍රන්ථි අපේ ශරීරයේ එක් කොටසකට සීමා වී නැහැ. එහෙත් ළදරුවන්ට වෙනස් ය. ඔවුන්ගේ සිරුරේ දහඩිය ග්‍රන්ථි විශාල ප්‍රමාණයක් නොමැති අතර ඔවුන්ගේ වඩාත් ක්‍රියාකාරී දහඩිය ග්‍රන්ථි ඔවුන්ගේ හිස් මත පිහිටා ඇත. මේ නිසා ඔවුන්ගේ හිස ප්‍රදේශයේ බොහෝ දහඩිය දමන අතර හිස පිහිටීම  වෙනස් නොකරන විට විශේෂයෙන් රාත්‍රියේ අධික ලෙස දහඩිය දැමීමට හේතු වේ.

එබැවින් හිසෙහි දහඩිය ග්‍රන්ථි මගින් තෙත් පැල්ලමක් ඇති කරන  දහඩිය දැමීමටත්   හිසෙහි අඩු චලනයන්ද හේතු වේ.

4. එය වඩාත් උණුසුම්ය.

ඔව්, එය ඇත්ත වශයෙන්ම සරලයි. අපිට උණුසුම දැනෙන විට  බොහෝ සෙයින් දහඩිය දමයි. ඒ වගේම කාමරය උණුසුම් නිසා ඔවුන්ට උණුසුම දැනෙන නිසා හේතුව සරළ හා පැහැදිලි වේ. ඇතැම් දෙමව්පියන් තම දරුවන්ට ඝන ඇදුම් පිජාමා ඇදුම් හිසේ සිට පතුල දක්වා  අන්දවනු ලබයි.  ඊට අමතරව, ඔවුන් දරුවාව හොදින් ඔතා බ්ලැන්කට් ඇඳ ඇතිරිලි වලින් වසා තබයි.

මව්වරුනි, පියවරුනි , මම ශ්‍රීලංකාවේ කාලගුණය  කෙතරම් උණුසුම් දැයි ඔබට මතක් කිරීමට මා සිතන්නේ නැහැ. එමනිසා සරල  නිදන ඇඳුමක් තෝරා ගන්න. සමහර පිජාමා ඇදුම්  ඉතා සිත් ඇදගන්නා සුළු බව මම දන්නවා. එහෙත්, ඔබේ දරුවාගේ සුවපහසුව ගැන සිතීම වැදගත් වෙනවා.

ඔබට  දරුවා සුන්දරව, උණුසුම්ව තබා ගන්න අවශ්‍යයි කියලා අපි දන්නවා. නමුත් එය පමණ ඉක්මවා කරන්න එපා.

සැලකිලිමත් විය යුතු අවස්ථා

කලින් සඳහන් කළ පරිදි, නිදාගැනීමේදී දරුවාට දහඩිය දැමීම  සාමාන්‍ය  අතර  කනස්සල්ලට කිසිවක් එහි නැත. එහෙත් අධික ලෙස දහඩිය දැමීම පිලිබඳ ඇඟවීමක් විය හැකි තත්වයන්  කිහිපයක් පහත දැක්වේ

1. උපතේ සිට එන හදවත් ගැටලු

නිදා සිටින විට ඔබේ දරුවා දහඩිය දැමීම  හැර, ආහාර ගැනීම  වැනි සරල ක්‍රියාවන් තුළ ඇයට අධික ලෙස දහඩිය දමන්නේ නම්, එය  හෘද ගැටලුවක රෝග ලක්ෂණයක් විය හැකි බැවින් ඒ සම්බන්ධව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යායුතු වේ.

උපතින් එන හෘදයාබාධයන් බිළින්දාගේ කලල අවධියේ ඇතිවෙන  හෘදයේ ගැටලු  සහිත  වර්ධනයේ ප්‍රතිඵලයකි. මෙම තත්වය ඇතිව සිටින දරුවන්ට වෙනත් දරුවන්ට වඩා බොහෝ සෙයින් දහඩිය දමන අතර ඔවුන්ගේ රුධිරය කාර්යක්ෂමව පොම්ප කිරීමට ඔවුන්ගේ හෘදයට වැඩියෙන් ක්‍රියා කිරීමට සිදුවේ.

2. හයිපර්හයිඩ්‍රොසිස්

ඔබ සීතල, වායුසමීකරණය කරන ලද කාමරයක වුවද, ඔබේ දරුවාට තදබල ලෙස දහඩිය දමයි නම් එය හයිපර්හයිඩ්‍රොසිස් ලෙස හැඳින්වේ.

සාමාන්‍යයෙන් ශාරීරික උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා සිරුරේ වන අවශ්‍යතාවය ඉක්මවා යාමෙන් දරුවාට දහඩිය දැමීම හයිපර්හයිඩ්‍රොසිස් නම් වේ. මෙම තත්වය දහඩිය දමන අත්ල, පතුල් ඇති පුද්ගලයන් තුල බහුල වේ.

මෙය ඖෂධ අවශ්‍ය තත්වයක් නොවේ. මෙහි කිසිම බරපතල බවක් නැහැ. දරුවා වැඩෙත්ම ඔබට ඔවුන්ට  දහඩිය පාලනයට යොදන ද්‍රව්‍ය වැනි දහඩිය කලමනාකරණ තාක්ෂණයක්  පුරුදු කිරීමට පුලුවන්.

3. නින්දේදී හුස්ම හිරවීම

නොමේරූ ළදරුවන් තුළ බහුලව දක්නට ලැබෙන නින්දේදී හුස්ම හිරවීම දරුවාට නින්දේදී දහඩිය දැමීමට තවත් හේතුවකි. එය නිල් පැහැති සමේ වර්ණයද, බාධා සහිතව හුස්ම ගැනීම  තත්පර 20 ක් දක්වා හුස්ම හිර වී තිබීම   දරුවාගේ ශරීරයට හුස්ම ගැනීමට අසීරු වීමට හේතුවීම මෙයත් සමග සිදුවෙනවා.

4. හදිසි ළදරු මරණ  (SIDS)

බොහෝ පුද්ගලයන් දරුවෙකු වඩාත් උණුසුම් කිරීමේ අවදානම නිරීක්ෂණයට අපොහොසත් වෙනවා. මෙය අවදි කිරීමට අපහසු වන SIDS වලට හේතු විය හැකි ඉතා ගැඹුරු නින්දකට වැටීමට හේතු වේ.

පමණට වඩා උණුසුම් කිරීම  SIDS වලට  හේතු වේ.

5. වෙනත් තත්වයන්

නින්ද අතරතුර දරුවාට දහඩිය දැමීම සාමාන්‍ය දෙයක් වන අතර කනස්සල්ලට හේතුවක් නොවේ. දහඩිය දැමීම බොහෝ වැඩි නම් අප කවදාවත් එය අතපසු  නොකළ යුතුය. එය ස්නායු පද්ධතිය, ශ්වසන පද්ධතියේ ගැටළු, අධි ක්‍රියාකාරී තයිරොයිඩ් ග්‍රන්ථි හෝ ජානමය ආබාධ වල සංඥා විය හැකිය.

ඔබ සැකයක්  ඇත්නම්, වැඩි ආරක්ෂාව සදහා  ඔබේ දරුවා පරීක්ෂා කර ගන්න. ඔබට නැවත සහතික කිරීමක් වශයෙන්  නමුත් මව්වරුනි ,සහ පියවරුනි, ඉහත සඳහන් කළ තත්වයන්  අතිශයින් දුර්ලභ බැවින්, ඔබ  දරුවා නිදා සිටියදී   දහඩිය දමා ඇති බව දකින ඊළඟ වතාවේ ඔබ කලබලයට පත් නොවන්න.

ළදරුවන්ට දහඩිය දැමීම සම්බන්ධයෙන් මේ වැදගත් තොරතුරු ඔබ වෙත ගෙන ආවේ ඔබේ හිතවතිය The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී