පිටස්තර අයට හාදු දෙන්නැයි මම මගේ දරුවන්ට තවත් නොකියන්නේ ඇයි?

එය වැඩිහිටියන් සැනසීමට වඩා තවත් හුඟක් කාරණා ඇතුලත් වන දෙයක්.

"යන්න යන්න ගිහින් කිස් එකක් දෙන්න," මගේ අවුරුදු 3 යි මාස 5 ක පුතාට මම ඇවිටිලි කළා.

මගේ ඇඟේ එල්ලිලා එතිලා හිටපු පුතාව බලෙන් වගේ අරගෙන මං මගේ යාළුවන්ගේ ඇඟට ළංකළා. ඔහුගේ ඇඟ දරදඬු වූ විදිහට මම මොහොතකට ගල්ගහුණා. ඔහුට ඇයව සිප ගන්න කැමැත්තක් නැහැ. මම එයාගේ පැත්තෙන් ටිකකට හිතුවා.

මට කවුරු හරි මං අකමැති කෙනෙක් ඉඹින්න කියලා කිව්වොත් මට කොයිතරම් අකමැත්තක් දැනෙනවද. ඉතින් මගේ දරුවාටත් එහෙම දැනෙන එක සාධාරණයි නේද? නැත්නම් වෙනත් දරුවෙකුට වුනත් ඒක එහෙමමයි.

අපි දරුවන්ට හොඳ පුරුදු, විනය ඉගැන්විය යුතුයි තමයි. ඒත් බලහත්කාරයෙන් කාට හරි හාදුවක් දෙන්න කියන එක ගැන ටිකක් හිතන්න. ඒකෙන් කියවෙන්නේ ඔවුන්ගේ ශරීරයට ඔවුන්ට කිසිම අයිතියක් නැහැ කියලද? නමුත් ඊට දරුවා තල්ලු කිරීම නැවත වරක් සිතිය යුතු කාරණයක්. ලාභ නොලබන පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ හා ප්‍රචණ්ඩත්වය පිටු දැකීම සඳහා වන ආයතනයක් වන කිඩ්පවර් ටීන් පවර් ෆුල්පවර් ජාත්‍යන්තර ආයතනයේ ප්‍රධානී ඊරේන් වෑන් ඩර් සැන්ඩේ CNN ලිපියකට මෙය කියා තිබුණා.

අපි අපේ යාලුවෙකුට හරි නෑයෙකුට හරි අපේ උවමනාවට යමක් ඉටු කරන ලෙස විශේෂයෙන් හාදුවක් දීම වගේ දෙයක් කිරීමෙන් අපි ඔවුන්ට උගන්වන්නේ ඔවුන්ගේ ශරීරයට ඔවුන්ට අයිතිය නැති බවත් ඔවුන්ට දැනෙන දේ කිරීමට ඔවුන්ට අයිතියක් නැති බවත් කියලයි.

මේ මගින් දරුවන් ලිංගිකව අපයෝජනයට ලක්වීමට පාර කපනවා. සමහර ගැහැණු අය පිරිමින්ට මට කැමති වේවි කියා සිතා ක්‍රියාවන් වල නිරතවීම හෝ සමහර දරුවන් අන් අයට උසුළු විසුළු කිරීමෙන් සතුටට පත්වීම ආදී ලක්ෂණ මේවායේ  ප්‍රතිඵල ලෙස දකින්න පුළුවන්.

දෙමාපියන්ට ආරක්ෂාව හා ආචාරශීලී බව ගැන පාඩම්

මම වුනත් මගේ පුතාලට අනිත් අයව ඉඹින්න කියලා කියන එක නතර කරලයි තියෙන්නේ. ඔවුන්ගේ කැමැත්තෙන් එය කළොත් මිසක් හුඟක් වෙලාවට මායි මගේ සැමියට අමතරව මගේ ළඟම යාළුවෝ, අපේ දෙමාපියන් නැතිනම් ළඟම යහළුවන් විතරක් ඔවුන් සිඹින්න කැමැත්ත දක්වන්නේ.

මේ ගැන මතක වෙද්දී මට මතක් වුණා හොඳ සිරිත් පුරුදු කරන්න කියලා මම තව කෙනෙකුව ඉඹින්න කියලා මගේ පුතාලට කියලා තියෙනවද කියලා. මගේ දරුවන් හැමෝටම ගරු කළයුතු වුවත්  ඒ වෙනුවෙන් ඒගොල්ලෝ අනිත් අයව ඉඹින්න යන්න ඕනෙ නැහැ කියලා දැන් මං දන්නවා. ඒ කියන්නේ ඔවුන්ගේ ශරීරය අයිති ඔවුන්ට බවයි.

ඊට ඔවුන්ව තල්ලු කිරීමට කාටවත් අයිතියක් නැති බවත් ඉන් ඔවුන් වටහා ගන්නවා. අනික් අතට අපිට සමීප වන හැමෝම ආරක්‍ෂිත අය නොවන නිසා නිරපරාදේ දරුවන්ව අපචාරකයන්ට නිරාවරණය වීම අපි අතින් වැළකෙනවා. විශේෂඥයන් පවා කියනවා.

ඉතින් ඉන්පස්සේ දරුවන් සිපගන්න වැළඳ ගන්න අය අපිට සමීපම අය පමණක් බව දරුවනුත් ඉගෙන ගන්නවා. අපි ඉන් දන්නා හා විශ්වාසවන්ත කියන කොටස දරුවන්ට තෝරා දෙනවා යැයි උර්සුලා වැන්ගර් මානසික සෞක්‍ය පිළිබඳ සායනයක වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන අතර මේ නිසා ඉන් ලිංගික අපචාර වලට ඔවුන් නිරාවරණය වීමක් වන්නට පුළුවන්. සමහර විට ඔවුන්ට ඔවුන්ගේ ශරීරය ගැන අයිතියක් නැහැ කියන පණිවිඩය සන්නිවේදනය වෙන්න පුළුවන් බවත් ඇය වැඩිදුරටත් කියනවා.

දැන් මගේ පුතාලා මාව සතුටු කරන්නත් අනිත් අයව සතුටු කරන්නත් කාටවත් හාදු දෙන්නේ නැහැ. ඔවුන් වැළඳ ගන්නේ නැහැ. නමුත් හලෝ... කොහොමද? ගුඩ් බායි, ප්ලීස්, තැන්ක් යූ වැනි ගෞරවාන්විත වචන පාවිච්චි කරමින් මිනිසුන් සමග හොඳින් හැසිරෙනවා.

අපේ ළඟම අයට විතරක් ඔවුන් හාදු දෙන්නත් වැළඳ ගන්නත් කැමැත්ත දක්වනවා. මම ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ශරීරයට ඇති අයිතිය දුන්නා.  ඊට ගෞරව කළා. කාවවත් සතුටු කරන්න මට ආයෙත් ඔවුන්ගේ ශරීරය යොදවන්න හදන කිසි කෙනෙක්ට ඉඩක් දෙන්නේ නෑ.

දරුවන් අසරණ කරන්නත් සමහර විට අපි නොදැනුවත්වම අපිට පුළුවන්. ඒ අත්වැරැද්ද නොවෙන්නය theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ ආදරණීය අම්මගේ පණිවිඩය ඔබට ගෙනාවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ