දරුවන් රුක බලා ගැනීම: බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම තුල උගත යුතුම පාඩම් තුනක්

බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම සදහා වු ක්‍රමවේදය: තාක්ෂණයෙන් තොර නිවසක්.

මිහිමත සිටින ධනවත්ම මිනිසා සහ තාක්ෂණය තුල ඉදිරියෙන්ම ඉන්නා නායකයා වන  බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම තුල බොහෝ තාක්ෂණය ඇතුළත් වන බව  ඔබ සිතිය හැකි ය.

එහෙත් ඇත්තටම එය සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත බව දැන ගැනීමෙන් ඔබ පුදුමයට පත් වනු ඇත.  

සාමාන්‍ය දෙමව්පියන් තම දරුවන්ට තාක්ෂණයෙන් සීමා කිරීමට පෙලඹෙන අතර දරුවන්ට වැඩිපුර එලියට ගොස් අනෙක් දරුවන් හා සමාජශිලී වීමට දිරිගන්වනවා.

ඒ හා සමානව, බිල් ගේට්ස් ගේ සිය දරුවන් රුක බලා ගැනීම සදහා වු ශිල්ප ක්‍රම වලින් අනුගත කර ඇත්තේ මෙයයි.

බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම සදහා වු ක්‍රමවේදය: තාක්ෂණයෙන් තොර නිවසක්.

1. ලෝකයේ ධනවත්ම මිනිසා නිවසේදී තාක්ෂණික භාවිතය තරමක් සීමා කර තියෙනවා.

නිවසේදී, මේ ධනවතා පවසන ආකාරයට , ඔහුගේ දරුවන්ට වයස අවුරුදු දාහතරක් වනතුරු ජංගම දුරකථන භාවිතා කිරීමට අවසර නොතිබුණි. ඒ වගේම තාක්ෂණික උපකරණ මත යෞවනයන්ගේ රඳා පැවැත්ම හා ඒ කෙරෙහි ඇබ්බැහි වීමේ බරපතල තර්ජනය ගැන ඔහු ද කණගාටු වෙනවා.

රාත්‍රී කෑම මේසයේ ජංගම දුරකථන භාවිතය දැඩි ලෙස තහනම් කර ඇත. ව්‍යාපාරික ප්‍රධානියා සහ ඔහුගේ බිරිඳ සාධාරණ නින්දකට දිරිගැන්වීමක් වශයෙන් නිවසේදී රූපවාහිනී නරඹන කාලය සීමා කර තියෙනවා.

දරුවන්ගේ අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම සියලු දෙමව්පියන්ට ගැටලුවක් වන බවත් හා සිය දරුවන් වෙනත් ළමයින් පාසල තුල අඩු වයසකදී ජංගම දුරකතන භාවිතා කිරීම ගැන පැමිණිලි කරන බවත් ගේට්ස් පවසනවා.

එහෙත්, ඔවුන්ට වයස අවුරුදු දාහතරක් වනතුරු ජංගම දුරකථන භාවිතය සදහා අවසර නොලැබුනි. ඔහුගේ දරුවන් තිදෙනා වන ජෙනිෆර්, රෝරි සහ ෆීබි අවුරුදු  21, 18 සහ 15 ක් වෙනවා.

2. මයික්‍රෝසොෆ්ට්  සමාගමේ නිර්මාතෘ දරුවන් සමඟ සරල ජීවිතයක් ගත කරනවා.

වෙනත් ඕනෑම මිනිසෙකුට වඩා ධනය තිබුනද ගේට්ස්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ දරුවන් හැකි තරම් සාමාන්‍ය ලෙස හදාවඩා ගැනීමටයි.

සියලුම දරුවන් නිවසේ කටයුතු කිරීම බලාපොරොත්තු වෙන අතර එදින  වියදම් සදහා සුළු  මුදලක් ලබා දෙනු ලබයි.

3. ඔහුගේ අසීමිත ධනය ඔහුගේ දරුවන්ට දෙනු නොලැබේ.

ගේට්ස් තමන්ගේ ධනයෙන් බොහෝ ප්‍රමාණයක් තම  දරුවන්ට  උරුමය කිරීම  වෙනුවට දුප්පත් ජනතාව වෙත ලබා දීමට අදහස් කරන බව ගේට්ස්  පවසා තිබෙනවා.

ගේට්ස්  යුවල ඔවුන්ගේ විසිවෙනි විවාහ සංවත්සරය ලබන වසරේ සමරන අතර සෞඛ්‍ය  සම්පන්නභාවය ඉහළ නැංවීම සහ ලෝකය පුරා දරිද්‍රතාව අවම කිරීම සදහා බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනමට ඔවුන්ගේ අරමුණ මාරු කිරීමට සැලසුම් කර තිබේ.

විශේෂයෙන් පකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ නයිජීරියාව තවමත් පෝලියෝ රෝගයෙන් පීඩාවට පත්ව සිටින රටවල් වලින් පෝලියෝ මුලුමනින් ම මුලිනුපුටා දැමීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයයි.

බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම  සදහා වු ක්‍රම වලින් අපට බොහෝ දේ ඉගෙන ගත හැකිය. ඔහු සහ මෙලින්ඩා ගේට්ස් තම දරුවන්ව හදාවඩා ගන්නා ආකාරය ගැන ඔබේ අදහස් මොනවාද?

මිහිමත සිටින ධනවත්ම මිනිසාගේ දරුවන් රැකබලා ගැනීමේ මේ අපුරු ක්‍රම ඔබ වෙත ගෙන ආවේ Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී