මගේ අවුරුදු තුනක් වු පුංචි පැටියාට ලියන්න හුරු කලේ මෙහෙමයි.

lead image

දරුවන් ලිවීම ආරම්භ කිරීම: වැදගත් ඉඟි කිහිපයක්...

දෙමව්පියන් බොහෝ දෙනෙක් පීඩනයට පත් වී තම දරුවන් ලිවීම ආරම්භ කිරීම හා කියවීම ආරම්භ කිරීම සදහා සුදානම් වීමට පෙර ඒසේ කිරීමට බල කරයි.

කියවීම සමඟ අත්වැල් බැඳගෙන  යන තවත් දෙයක් වන්නේ ලිවීමය. ඇය ඉන් බොහෝ ප්‍රීතියට පත් වුනා.

මම මීට පෙරත් පවසා ඇති පරිදි, මම ඉතාම සැහැල්ලු මවක් වන අතර, මගේ ළමයින්ට වාඩි වී පාඩම් කිරීමට හෝ ඔවුන්ගේ ගෙදර වැඩ හෝ අනෙක් පාසැල් වැඩ පැය ගානක් තිස්සේ කිරීමට මම බල කර හො ඉල්ලා සිට නැහැ (මගේ දරුවන් දැන් 4 සහ 10).

කෙසේවෙතත්, මා මගේ බල කිරීමකින් තොරව ඔවුන් ඒ්වා කරනවා දැක තිබෙනවා.

මම එදිනෙදා ජීවිතයේ චර්යාවන් අතර  කල සරල දෙයක් වුනේ ඔවුන්ව කියවීමට හා ලිවීමට පුරුදු කර තිබීමයි.

දරුවන් ලිවීම ආරම්භ කිරීම: වැදගත් ඉඟි කිහිපයක්

1. කවදාවත් ඇයට අසුන් ගෙන ලියන ලෙස පවසා නැහැ.

ලිවීම සහ කියවීම යන දෙකම එකිනෙකට සම්බන්ධ වේ. ඉන්දියානු අධ්‍යාපන පද්ධතිය තුල නම් වයස අවුරුදු දෙකහමාරක් වයසැති කුඩා දරුවන්ට පැන්සලක් අල්ලා ලිවීම ආරම්භ කරනු ලබයි. විදේශ රටවල බොහෝ රටවල ළමයින් අකුරු ලිවීමට උන්නදු කරන්නේ වයස හයේදීය.

දෙමව්පියන් බොහෝ දෙනෙක් පීඩනයට පත් වී තම දරුවාට ලිවීම ආරම්භ කිරීම  හා කියවීම ආරම්භ කිරීම සදහා  සුදානම් වීමට පෙර ඒසේ කිරීමට බල කරයි. පාසැලේ සිදු වූ දෙය කුමක් වුවත් මම   මගේ ළමයින්ට කවදාවත්  අසුන් ගෙන ලියන ලෙස පවසා නැහැ. මට හැඟුණේ ලිවීම හෝ කියවීම, ඔවුන් කළ යුතු දෙයක් බව ඔවුන්ට දැනුනහොත් නිසැකවම ඔවුන්ගේ උනන්දුව  හීන වී යාහැකි බවයි.

2. බිත්ති වල අදින්න ඉඩ දෙන්න.

ඔබට ළදරුවන් සිටින විට, නිවසේ සෑම විටම අවුල් හා ප්‍රීතිමත් වන අතර රෝහලක් හෝ හෝටලයක් සේ පිරිසිදුව නොපවතියි.

අපේ නිවස තුළ විශ්මය ජනක බිත්ති රූප තිබුනා  වුවත් දරුවන්ට නිදහසේ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය භාවිතා කිරීමට වඩා හොදින් ඉඩ දිය යුතු බව බව මට වැටහුණා.

මගේ ළදරුවා පාට කුරක්  අහුලාගෙන බිත්තිය මත අකුරක් ලියන්න හිතුනොත් මම ඇයව නවතා කඩදාසියක් හා පෑනක් සොයා ගන්නා ලෙස පැවසුවහොත් එය එහි අවසානය වනු ඇත.

3. පාසැල් ගෙදර වැඩ කිරීම තවත් ක්‍රියාකාරකමක් ලෙසින්

බොහෝ දෙමව්පියන් පැසැල් ගෙදර වැඩ කිරීමේ වැදගත්කම පිළිබඳව දැඩි ලෙස අවධාරණය කර ක්‍රියාවට නංවන අතර දරුවාගේ මනසෙහි යම් ආකාරයක බියක් ඇති කරයි.

පැසැල් ගෙදර වැඩ වේලාවට නිම කිරීම අවශ්‍ය වන බව මා දන්නා අතර , එය තවත් විනෝද ක්‍රියාවක් කර නොගන්නේ ඇයි?

මගේ දුව ගෙදර ඇවිත් ඇය පන්තියේ කරපු දේ මට පෙන්වා දෙනකොට, මම හැම විටම සිනසෙන අතර  වැඩි උනන්දුවක් දක්වනවා.

ඇය ගුරුවරයෙකුගේ බවට පත් වී මට ඉගැන්වීම ආරම්භ කරනවා. ඇය මට ලියූ දේ මට පෙන්වන විට, මම ඇයගෙන් ඇයට උපකාර කළ යුතුද, නැත්නම් ඇයට ටිකක් වර්ධනය වී එය කිරීමට අවශ්‍යද යන්න අහනවා.

සැමවිටම ඇයටම දේවල් කිරීම අවශ්‍යවේ. තවද ඔවුන් සෑමවිටම  පරිපූර්ණ නැති නම්, එය එසේ විය යුතුය. ඒය කල යුත්තේ ඇය විසින්ම වන අතර මා විසින් නොවේ.

දරුවන් ලිවීම ආරම්භ කිරීම සදහා පෙළඹවීම  අසීරුයි කියලා හිතුවට දරුවා ලියන්න හුරු කිරීම පිලිබද මේ අම්මාගේ අත්දැකිම් ඔබ වෙත ගෙන ආවේ theAsianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී