theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වෙනත් දරුවෙකුගේ සාර්ථකත්වය දරාගන්නට අමාරුද?

3 අවම කියවීම
වෙනත් දරුවෙකුගේ සාර්ථකත්වය දරාගන්නට අමාරුද?වෙනත් දරුවෙකුගේ සාර්ථකත්වය දරාගන්නට අමාරුද?

දරුවන් සංසන්දනය කිරීම හෝ ශේණිගත කිරීම් වලටත් නතු නොවී දරුවන් ඇති සැටියෙන් අගය කරන්නටත් ඔවුන්ගේ පුංචිම දක්ෂතාවයන් පවා අගය කරමින් ඒවා ඔප් නංවන්නටත් විශාල වගකීමක් අප සතුව තිබෙනවා.

දරුවන්ගේ පාසැල් නැතහොත් අමතර පන්ති අතරතුර ඇතැම් දෙමාපියන් සමඟ පිළිසඳරේ යෙදෙන විට, අනෙක් දරුවන්ගේ සාර්ථකත්වය නැතහොත් වෙනත් දරුවෙකු තමන්ගේ දරුවාට වඩා සාර්ථක ලෙස දැකීම නොහොත් දරුවන් සංසන්දනය කිරීම දෙමාපියන් කෙතරම් පීඩාවට පත් කරනවාද කියා දක්නට ලැබෙනවා.

බොහෝ දෙමාපියන් තම දරුවාගේ තත්වය සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ ඔහුගේ හෝ අයගේ පන්තියේ ශ්‍රේණිගත කිරීම අනුවයි. පන්තියේ පළමුවැනියා සැබෑ දක්ෂයෙක් ලෙසත් අන්තිමයා සම්පූර්ණයෙන්ම අදක්‍ෂයෙක් ලෙසයි.

මෙය අප සැම දෙනාම සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු විශ්වාසයක්. පන්ති වල  ශ්‍රේණිගත කිරීමෙන් පමණක් දරුවකුගේ සාර්ථකත්වයවත් අනාගත සාර්ථකත්වයවත් කිසි සේත් මැනිය නොහැකි බව තහවුරු කරන සිදුවීම් ගණනාවක් ඉතිහාසයෙන් මෙන්ම වර්තමානයෙන්ද ගෙනහැර පාන්න පුළුවන්.

ළමා කාලයේ අදක්ෂයින් ලෙස සලකුණු ලොව දිනාගත් අති සාර්ථක මිනිසුන් කිහිප දෙනෙක්

ඇල්බට් අයින්ස්ටයින් (Albert Einstein)

මේ නම වැරදීමකින් ලීවේ යයි ඔබ සිතන්නට පුළුවන්. නමුත් ලෝ ප්‍රකට ඇති දක්ෂ භෞතික විද්යාඥක් වන ඇල්බට් අයින්ස්ටයින් උසස් පෙළ සඳහා ජ්යෙෂ්ඨ පාසලට ඇතුළු වීමේ විභාග වලින් කිහිප වරක් අසමත් වූවෙක්. පසුව ඔහු දක්ෂතා දිදුලුවමින් ඇති දක්ෂයෙක් ලෙස ප්‍රකට වුවත් මුල් විභාග වලින් අසමතෙක් වීම ඔහු අදක්‍ෂයෙක් කලේ නැහැ.

විලියම් ශේක්ස්පියර් (William Shekspeare)

බාල මහලු කොයි කව්රුත් නොදන්නා නාට්‍ය රචකයෙකු මෙන්ම නිර්මාණකරුවකු නොවන විලියම් ශේක්ස්පියර් රෝමියෝ සහ ජුලියට්, මැක්බෙත් ඇතුළු අති ශ්‍රේෂ්ඨ ලොව දිනූ කලා කෘති 37කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඇති පැවසෙනවා. මෙම අසහාය කලාකරුවා උසස් අධ්‍යාපනයක් ලැබූ බව‍ට සාධක නැති බවටත් වසස අවරුදු 13න් පසුව පාසැල් අධ්‍යාපනය දිගට ගෙන නොගිය බවත් කියවෙනවා.

හෙන්රි ෆෝඩ් (Henry Ford)

ෆෝර්ඩ් (Ford) යනු ලොව වටා මෝටර් රථ වෙළඳ නාම අතුරින් අති දැවැන්තයෙකි. ගොවිපලක උපත් හෙන්රි තම පියාට ගොවිතැන් සඳහා උදව් කල අතර ඔහුගේ පියාගේ බලාපොරොත්තුව වූයේ හෙන්රි තවදුරටත් සාර්ථකව ගොවිතැන් කටයුතු කිරීමයි. නමුත් වස අවුරුදු 17දී කාර්මික ශිල්පියෙක් හා එක්වී කාර්මික විධ්යාවට අවතීර්ණ වූවා.

ඒ සඳහන් කලේ ලොවේ අධ්‍යාපනයෙන් අදක්ෂ ලෙස සැලකුණු නමුත් ලොව දිනූ අති දක්ෂයින් කිහිපදෙනෙකු ගැන පමණයි.

මේ නිසා දරුවන් සැසඳීම කිසි සේත්ම නුවණැති ක්‍රියාවක් නොවන අතර ඉන් සිදුවන හානිය ඔබට යලිත් ආපසු සකස් කල නොහැකි දෙයක් වනු ඇත.

දරුවන් සංසන්දනය කිරීම නිසා සිදු වන හානි

1. මානසික ආතතිය සහ හීනමානය

දරුවන් නිතරම අනෙක් දරුවන් හා සැසඳීම නිතැතින්ම ඔවුන්ට මානසික ආතතියක් ඇති කරන අතර ඔවුන් ගැන නිරතුරුවම දෙමාපියන් විසින් ඇති කරන පරාජිත සිතිවිලි නිසා හීනමානය ඔවුන් වෙලාගන්නවා.

2. සමාජශීලී නොවීම සහ කුලෑටි වීම

තමන් ගැන ඇති පරාජිත හැඟීම් නිසා දරුවා නිරන්තරයෙන්ම සමාජයෙන් සැඟවී සිටීමට උත්සහ කරන නිසා සමාජයෙන් ඉබේටම කොන් වන්නට පටන් ගන්නවා.

3. කුසලතා ප්‍රගුණ නොවීම

තමන්ගේ කුසලතා නිතරම සුළු කොට සලකන අතර ජිවිත කාලය පුරාවටම තමා දක්ෂ දේත්, තමා උගත් දේත් ප්‍රමාණවත් නොවන බව තදින්ම විශ්වාස කරනවා. මෙවැනි දරුවන්  නිතර භීතියෙන් පසු වන අතර ආත්ම ශක්තිය හීන බැවින් ජිවිතයේ ඉදිරියට යන්නේ ඉතා සෙමින්.

4. අනෙක් දරුවන් සමඟ වෛරය ඇති වීම

අනෙක් දරුවා නිතර තමන්ට වඩා හොඳ යයි සිතන නිසා බොහෝ විට අනෙක් දරුවන්ට සිතින් වෛර කරනවා. මේ නිසා දරුවා වැඩෙත්ම ආදරය සහ කරුණාව වෙනුවට ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය වැනි හැඟීම් රෝපණය වනවා.

දෙමාපියන් ලෙස අප දරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් දිවා රෑ ඇපකැප වන්නේ ගුණ දම් වලින් පිරිපුන් දක්ෂ දරුවන් ඇති කිරීමටයි. ඉතින් දරුවන් සංසන්දනය කිරීම හෝ ශේණිගත කිරීම් වලටත් නතු නොවී දරුවන් ඇති සැටියෙන් අගය කරන්නටත් ඔවුන්ගේ පුංචිම දක්ෂතාවයන් පවා අගය කරමින් ඒවා ඔප් නංවන්නටත් විශාල වගකීමක් අප සතුව තිබෙනවා. එය තේරුම් ගෙන අවබෝධයෙන් දරුවන් ලොකු මහත් කිරීමට තරම් ශක්තියක් ඔබට ඇති කරගත හැකි වීම අපගේ ප්‍රාර්ථනයයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

 

දරුවන් අසාර්ථක කිරීමට තුඩු දෙන දෙමාපියන්ගේ දැඩි මතධාරී ආකල්ප කිහිපයක් ලිපිය තුලින්ද දරුවන්ගේ සාර්ථකත්වයට බාධා විය හැකි දෙමාපිය අපගේම පුරුදු කිහිපයක් ගැන සඳහන් වනවා.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • වෙනත් දරුවෙකුගේ සාර්ථකත්වය දරාගන්නට අමාරුද?
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දරුවන්ට වැරද්දකදී සමාව ගන්නත්, ඇත්තටම එය පිළිගන්නත් උගන්වන්න

    දරුවන්ට වැරද්දකදී සමාව ගන්නත්, ඇත්තටම එය පිළිගන්නත් උගන්වන්න

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දරුවන්ට වැරද්දකදී සමාව ගන්නත්, ඇත්තටම එය පිළිගන්නත් උගන්වන්න

    දරුවන්ට වැරද්දකදී සමාව ගන්නත්, ඇත්තටම එය පිළිගන්නත් උගන්වන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it