ඔබේ දරුවන් සටන් කිරීමෙන් හා පහර දීමෙන් වළක්වා ගන්නේ කෙසේද?

lead image

ඔබගේ දරුවන් එකිනෙකා පහර දී ගැනීම වලක්වා ගන්නේ කෙසේද? මෙම ලිපිය කියවන්න.

සහෝදරයන් අතර සටන් සාමාන්‍යයි. ඒක දෙමව්පියන් වශයෙන් අපි දන්නවා. නමුත් මේ සටන් දරුණු වෙත්ම එය සංකීර්ණ වන අතර එහි පාලනය ගිලිහේ.

විශේෂයෙන් එකිනෙකා පහර දී ගැනීම පුරුද්දක් බවට පත්වේ. එමනිසා ඔබගේ දරුවන් එකිනෙකා පහර දී ගැනීම වලක්වා ගන්නේ කෙසේද? මෙම ලිපිය කියවන්න.

සහෝදර ගැටුම් හැම පවුලකම ඇතිවෙන අතර  මෙම ගැටුම්කාරිත්වය තුල පහර දී ගැනීම් බහුල වේ. ඔබ දන්නා අවස්ථාවක් ලෙස වැඩිමහලු  සහෝදරයා විසින් බාල සහෝදරයාගේ සෙල්ලම් බඩුවක් උදුරා ගත්විට ඔහු කෑගසමින් වැඩිමහලු සහෝදරයාට විරුද්ධත්වය ප්‍රකාශ කරන අතර වැඩිමහලු සහෝදරයාද ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලබයි.

සාමාන්‍යයෙන් දරුවන් කුඩා වයසේ සිට පහර දීම ආරම්භ වෙනවා. වයස අවුරුදු දෙකක් වු දරුවා ඇයට කෝපය, ව්‍යාකූල බව හෝ ශෝකය දැනුන විට පහර දෙනවා. ඒ වගේම අනික් දරුවන් එකිනෙකා පහර දී ගන්නා අයුරු දකින ඇයද එසේ කිරීමට පෙළඹෙනවා. ශාරිරික හිංසනයෙන් පුද්ගලයෙකුට සිදුවන වේදනාව හෝ හානිය නොදන්නා නිසා ඇය පහර දෙනවා.

පහරදීම වැනි ශාරීරික ආක්‍රමණ සහෝදර සටන් තුල තිබේනම් එය පුරුද්දක් බවට පත්වෙනවා. ඔබේ දරුවා වයසින් වැඩෙත්ම එය ගැටලුකාරී තත්වයක් ඇති කරාවි.

නමුත් දරුවා වයසින් වැඩෙත්ම මෙම පහරදීම අධීක්ෂණයට ලක් නොවුනහොත් එය පුරුද්දක් බවට පත්වෙනවා. ප්‍රශ්නයක් විසදීමට හා අවධානය ලබා ගැනීමට ඇති ඵලදායී ක්‍රමය ශාරීරික ප්‍රචණ්ඩත්වය ලෙස ඔහු හිතන්න පටන් ගන්නවා.

මෙහි අවසන් ප්‍රතිඵලය වනුයේ සහෝදරයින් අතර ශාරීරික ආක්‍රමණ ක්‍රමයක් වන පහරදීම ක්‍රමක් ක්‍රමයෙන් හිංසා කිරීමක් දක්වා වර්ධනය විමයි.

2013 වර්ෂයේ ජුලි මාසයේදී  ප්‍රකාශිත Pediatrics නැමති සඟරාව මගින් සහෝදරයා හෝ සහෝදරිය වෙතින් හිංසනයට ලක්වීම ( පහරදීම වැනි ශාරීරික හිංසන ) දරුවන්ගේ හා නව යෞවනයන්ගේ දුර්වල මානසික සෞඛ්‍ය සමග අත්වැල් බැදගෙන ඇතිබව පෙන්වා දෙයි.

දරුවන්ගේ පහරදීම නවත්වන්නේ කෙසේදැයි දැන ගැනීමට කැමතියිද? ඔබ ඔබේ දරුවාට ඔහුගේ හැගීම් සමග කටයුතු කිරීමට උදව් කරන්නේ කෙසේද?

මේ අධ්‍යනයන් සම්බන්ධ ප්‍රධාන කතෘවරයා දරුවන්ගේ ආක්‍රමණ බැරැරුම්ව ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

සහෝදරයන් එකිනෙකා පහර දී ගන්නා විට එය සාමාන්‍ය නම් කරදරයකින් තොර නම් දෙමාපියන් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් සහෝදරයන් අතර ආක්‍රමණ යහළුවන්ට හිංසා කිරීමට පෙළඹෙන තරම් බරපතල මානසික තත්වයන් පෙන්නුම් කරනු ලබනවා.

උදාහරණයක් වෙන්න

විනය ක්‍රමයක් ලෙස දෙමාපියන් වශයෙන් ඔබ දරුවන්ට පහර දුන්නොත් ඔවුන් ඔවුන්ගේ මාර්ග සොයා ගැනීමට පහර දීමට සිතන්නේ නැහැ. ඔවුන් මේ හැසිරීම සාමාන්‍ය හැසිරීමක් ලෙස  උපුටාගන්නා අතර  ප්‍රශ්න විසදීමට ඇති එකම ක්‍රමය මෙය ලෙස ප්‍රචණ්ඩකාරී ආකල්ප වර්ධනය වෙන්න පුලුවන්.

විනය ක්‍රියා මාර්ගයක් ලෙස ඔබ ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට ධනාත්මක විනය ක්‍රම සහිත මෘදු වෙනත් ක්‍රියා මාර්ග උත්සහ කරන්න.

මුලික සාකච්ඡා කිරීම හා ප්‍රශ්න විසදීමේ හැකියාව ඔබේ දරුවාට උගන්වන්න.

සාධාරණව කොටස් බෙදීමේ දර්ශනය ( win/win concept ) ඔබේ දරුවාට පෙන්වා දෙන්න. මෙහි අවස්ථාව ලබාදීම, වැඩ බෙදා දීම ( එක් පුද්ගලයෙකු බෙදා දෙනවිට අනෙක් පුද්ගලයා පළමු කොටස ගන්නවා), අලෙවිය ,ගණුදෙනු රසවත් කිරීම ( අපි ඔබේ ක්‍රීඩාව මුලික කරන අතර මගේ ක්‍රීඩාව තවදුරටත්  සිදුකරනු ලබයි.)

නිතරම මගේ වයස අවුරුදු දෙකේ දරුවා ඔහුගේ සහෝදරයා සෙල්ලම් කරන සෙල්ලම් බඩුව ඉල්ලා සිටියි. එවැනි අවස්ථා වල මගේ වයස අවුරුදු හතරක් වයස දරුවාට එම සෙල්ලම් බඩුව සෙල්ලම් කර අවසානයේදී දෙනබව පවසා වෙනත් සෙල්ලම් බඩුවක් ලබා දෙන ලෙස මම පවසා තිබෙනවා.

එය ක්‍රියාත්මක නොවේ නම්, ඔහුගේ බාල සොහොයුරා ඉල්ලා සිටින හා ලබා ගන්නා වෙනත් සෙල්ලම් බඩුවක් සමග සෙල්ලම් කරන අයුරු පෙන්වා දී ඉන්පසු ඔහුට නැවත ඔහුගේ ප්‍රියතම සෙල්ලම් බඩුව හා සෙල්ලම් කරන්න පුලුවන්.

ඔවුන්ට වෙනත් විසදුම් ලබාදෙන්න.

ඔබේ දරුවන් කෝපයට හෝ කනස්සල්ලට පත් වී ඇත්නම් එය වචනයෙන් හෝ ශාරීරිකව පිටකිරීමේ මානුෂීය අවශ්‍යතාව තේරුම් ගන්න. පහර දීමට හිතනවාට වඩා එය හැගෙන විදිය වචනයෙන් කියන්න ඔබේ දරුවාට උදව් කරන්න.

ඔබේ දරුවා වයසෙන් වැඩී ඇත්නම් හැගීම් ප්‍රකාශ කිරීමට වචන භාවිතා කරන අයුරු ඔවුන්ට උගන්වන්න. හැගීම් ලියා තබන දිනපොතක් භාවිතය හෝ කවිපද පෙලක් රචනා කිරීමට ඔවුන්ව උනන්දු කරවන්න. එසේ නැතිනම් පිටතට ගොස් බෝලයකට පහර දීම, ගැඹුරු හුස්මක් ගෙන දහයට ගණන් කිරීම හෝ බෙර වාදය කීරීම උගන්වන්න පුලුවන්.

ඔවුන්ගේ හැගීම් වලට ඉඩදෙන්න නමුත් හැසිරීම සීමා කරන්න.

වැඩිහිටියන්ට වාගේම ළමුන්ටත් හැගීම් ඇතිවෙනවා. ඔවුන් තරහා හෝ වේදනාවට පත්වීම පිළිගැනීම හොදයි. නමුත් පුංචි දරුවන් වුනත් අනෙක් අය රිදවන ඕනෑම දෙයක් සදහා වගකීම ගත යුතුය.

" ඔබේ පුංචි සහෝදරයාට ඔබ ගොඩාක් කැමති කාර් එක එක්ක සෙල්ලම් කරන්න අවශ්‍ය නම් මම දන්නවා ඔබට තරහා යයි. නමුත් ඔබ ඔබේ හැගීම් ඔහුට වචනයෙන් පිටකරන්න. අපි පහර දෙන්නේ නැහැ."

වැනි යමක් ඔබට පවසන්න පුලුවන්.

වැඩිහිටියන්ට වාගේම දරුවන්ටත් තරහා යනවා. ස්වයං පාලනය වැනි හැගීම් තුලින් කටයුතු කිරීම ඉගැන්වීම අපි සතු දෙයකි.

ප්‍රකෝපකාරී අවස්ථා හදුනාගැනීම හා වළක්වාගැනීම

මගේ පුංචි පුතා ඔහුගේ වැඩිමහලු සහෝදරයාගේ සෙල්ලම් බඩු ඔහුගේ ඒවාට වඩා ප්‍රියමනාප බව සිතන අතර වැඩිමහලු සහෝදරයා ඒවා සමග සෙල්ලම් කරනවා දුටු විට ඔහු ඒවා උදුරා ගැනීමට උත්සහ කරනවා. නොබෝ වේලාවකින් එකිනෙකා අතපය වලින් පහර දී ගන්නා, කොනිත්තා ගන්නා සටනක් බවට එය පහසුවෙන් වර්ධනය වෙනවා

එමනිසා මගේ  වයස අවුරුදු හතරේ දරුවාට ඔහුගේ සහෝදරයා නිදාසිටින විට හෝ වෙනත් කටයුත්තක නිරත වෙන විට ඔහුගේ අති විශේෂ සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරන ලෙස මම පවසා තිබෙනවා.  නොපෙනෙන දේවල් නොසිතෙන නිසා සියල්ලට පසු මෙම ක්‍රමය සාර්ථක ලෙස අප නිවසේ සටන් වළක්වනු ලබනවා.

ඔවුන් දරුවන් බව මතක තබාගන්න.

ඔබේ දරුවා ඇයගේ සහෝදරයාට පහර දුන් පමණින් ඇය වැඩිවිය පත්වත්ම භයානක පුද්ගලයෙකු බවට පත්වන්නේ නැහැ.

ඔවුන්ගේ අනිත් අය කෙරෙහි වු අයහපත් හැසිරීම වළක්වමින් ඔබේ දරුවාට හරි වැරදි පිලිබඳ තේරුම් ගැනීම හා විශ්වාසය ලබා දෙන්නත් අමතක කරන්න එපා. ඇය නරක පුද්ගලයෙකු නොවන බව ඇය ඔබේ මුවෙන් අහන්න ඇයට අවැසිය. ඇය ඉගැන්විය යුතු හා මගපෙන්විය යුතු කුඩා ළමයෙක්ද වෙනවා.

එමනිසා ඔබේ දරුවන් එකිනෙකා පහර දීම ආරම්භ කල ඊලග වතාවේදී මෙම ලිපියේ ලබා දී ඇති උපදෙස් කිහිපයක් ක්‍රියාවට නගන්නේ නැත්තේ ඇයි?

කෙටියෙන් කියනවා නම් ඔබ ඔබේ දරුවාට හැගීම් පාලනය ඉගැන් වු විට පහර දීම නවතිනවා. ඔවුන් තේරුම් ගන්නා තුරු පහර දීම තුලින් අනෙක් අය ශාරීරිකව හා මානසිකව රිදවීමට ලක්වන බව දිගින් දිගටම පවසන්න.

ඔබේ දරුවන් එකිනෙකා පහර දෙනවිට ඔබ ඔවුන් සමග කටයුතු කරන්නේ කෙසේද? ඔබේ අදහස් මෙහි සටහනක් යොදමින් අප හා බෙදා ගන්න.

ගෙදර පුංචි පුංචි රණ්ඩු ලොකු යුද්ධයක් වෙන්න යන්නේ සුළු මොහොතක් නේද ?

theAsianparent Sri Lanka විසින් බෙදා ගන්නා මේ තොරතුරු ඔබ වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී