theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් සමග රිය පදවන විට හා වාහනයක යන විට ඔබ මේ ගැන සිතුවාද?

3 අවම කියවීම
දරුවන් සමග රිය පදවන විට හා වාහනයක යන විට ඔබ මේ ගැන සිතුවාද?දරුවන් සමග රිය පදවන විට හා වාහනයක යන විට ඔබ මේ ගැන සිතුවාද?

මහමග ආරක්ෂාව අපම සලසා ගතයුතු නිසා දරුවන්ට ඒ ගැන කියා දෙමින් ඒවා අනුගමනය කරමින් ගමන් බිමන් යාම ඉතා වැදගත්.

ශ්‍රී ලංකාවේ මාර්ග නීති තිබුණත් ඒවා විටින් විට සංශෝධනය වීම වගේම ඒ පිළිබඳව බරපතල ලෙස ක්‍රියාමාර්ග නොගැනීම නිසාම වාහනයක් තුළ දරුවන් රැගෙන යන විට වැඩිහිටියන් සිතන ප්‍රමාණය අඩුදැයි අපට සිතෙනවා.

බොහෝ රටවල රිය අනතුරු වළක්වා ගැනීමටත්, ජීවිත රැකගැනීමටත් ඇති අපේක්ෂාව නිසා නීති තදින් ක්‍රියාත්මක කරන අතර ජනතාව නිරායාසයෙන් ඊට හුරුපුරුදු වී තිබෙනවා. මේ නිසා සිදුවිය හැකි බොහෝ අනපේක්ෂිත අනතුරු වලින් වැළකෙන්නට පුළුවන්. වාහනයක් තුළ ගමන් කරන විට විශේෂයෙන් වැඩිහිටියන් දරුවන් ගැන සැලකිලිමත් වීම වැදගත් කාරණයක්.

ආරක්ෂක බඳ පටි

රථයක ගමන් කරන විට ආරක්ෂක පටි පැළඳ ගැනීම මූලික ආරක්‍ෂිත පිළිවෙත වුනත් ඒ පිළිබඳ බොහෝ දෙනාගේ සැලකිල්ල අඩු බව පෙනී යනවා. දරුවෙකු වාහනයේ ඉදිරිපස ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම ආසන බඳ පටි පැළඳීමට මතක තබා ගන්න. ඉන් දරුවාගේ ජීවිතයට අනතුරකදී විය හැකි බරපතල වගේම හානි රැසක් වළක්වා ගන්නට පුළුවන්. මෙලෙස ආරක්ෂක බඳ පටි පැළඳ නොසිටියත් රථයේ වායු බෑග් ක්‍රියාත්මක වීමට ප්‍රමාද වීමක් හෝ අක්‍රමිකතාවයක් සිදුවුවහොත් ඔබට ඒ ගැන බිය විය යුතු නැහැ.

ආරක්‍ෂිත ළදරු ආසන

ඔබ බිළිඳු දරුවෙකු සමග රථයක ගමන් කරනවා නම් ආරක්‍ෂිත ළදරු ආසනයක් තබාගන්න අමතක කරන්න එපා. නමුත් කුඩා කළ සිට එය දරුවාට හුරු කිරීම තරමක් අපහසු වුනත් එය ක්‍රමයෙන් හුරුකර ගැනීම තුළින් රිය පැදවීම පහසු වීම වගේම ආරක්ෂාවත් හොඳින් ලැබෙනවා. ඔබට ආරක්‍ෂිත ළදරු ආසනයක් නැත්නම් පුංචි දරුවෙකු රැගෙන පසුපස ආසනයේ ගමන් කිරීම ඉතාම සුදුසුයි. නමුත් ළදරු ආසනයක් තිබීම හැම අතින්ම ආරක්‍ෂිත වුනත් එය නිසි ලෙස අසුනට සවිකර තිබීමද වැදගත්.

යතුරු පැදි හිස් වැසුම්

යතුරු පැදි වල ගමන් ගන්නා විට හිස් වැසුම් පැළඳ ගමන් කිරීම අනිවාර්ය කොට ඇතත් බොහෝ දෙනා දරුවන් සමග යනවිට ඔවුන්ට හිස් වැසුම් පැළඳවන්නේ නැතුව රැගෙන යන ආකාරය අපි දැකලා තියෙනවා. අනෙක් අතට දරුවන් ඉදිරිපස හැඬලය හා රියදුරු අතර මැද හිඳගෙන යාම ඉතාම අනාරක්ෂිත බව වටහා ගැනීම වැදගත්. මෙහිදී තිරිංග තද කිරීමකදී වුනත් දරුවා විසිවී යාමෙන් ඉතා භයානක අනතුරු සිදුවන්නට පුළුවන්. මේ නිසා අනෙක් අතට වැරදි ආදර්ශයක් දරුවන්ට ලැබෙන අතර ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ සැලකිල්ලද අඩුවීමට හේතු වෙනවා.

දොර ලොක් ස්ථිර ලෙස තද කිරීම

කාර් හා වාහන වල දරුවන් රැගෙන යන විට නිතරම දොරවල් වල ලොක් තදකර ඇතිදැයි බලන්න. විශේෂයෙන් එය ඔබේ රථයක් නම් ‘චයිල්ඩ් ලොක්’ එකක් සවිකර ගැනීම වැදගත්. ඉන් දරුවාට තනිව දොර විවෘත කළ නොහැකි අතර රියදුරුට පමණක් ලොක් එක ඇරීමේ හැකියාව තිබෙනවා. දරුවන්ගේ නොදැනුවත්කම නිසා විය හැකි අනතුරු වළකා ගන්න මෙය හොඳ විසඳුමක්.

වාහනයේ සුළං කවුළු ලොක් කිරීම

දරුවන් වාහනයේ තනිව පිටුපස ගමන් ගන්නා විට බොහෝ විට විනෝදයට වුනත් සුළං කවුළු ඇරීම, වැසීම කරන්න පුළුවන්. මේ නිසා දරුවන් හිස වාහනයෙන් එළියට දැමීමෙන් ක්ෂණිකව අනපේක්ෂිත අනතුරු සිදුවන්නට පුළුවන්. මේ

නිසා රියදුරු අසුනේ ගමන් ගන්නා අය විසින් පාලනය කළ හැකි සේ සුළං කවුළු ලොක් කිරීමෙන් මේ අනතුරු වළකා ගන්න පුළුවන්.

ත්‍රිරෝද රථ වල ගමන් කිරීමේදී ප්‍රමාණය ඉක්මවා පිරිසක් ගමන් කිරීම

ත්‍රිරෝද රථවලින් ඉක්මනින් අනතුරු සිදුවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. විශේෂයෙන් රියදුරාට රථය පාලනය කරගත නොහැකි වීමෙන් රථය පෙරලීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසා හැකිතරම් ආරක්ෂාකාරී ලෙස ඊට දැරිය හැකි පිරිසක් පමණක් එහි අසුන් ගැනීම වැදගත්. විශේෂයෙන් දෙමාපියන් දරුවන් රැගෙන යන විට මේ ගැන සිතීම ඉතා වැදගත්.

ත්‍රිරෝද රථයේ දරුවන් පමණක් යවනවාද?

මෙය ඉතාම අනාරක්ෂිත තත්වයක් බව සිතිය යුතු වෙනවා. දරුවන්ට ක්ෂණික තීරණ ගැනීමට ඇති ඉඩකඩ නිසා ඔවුන් රථයෙන් ඉවතට අත්පා දැමීම, රථයට වන අනතුරකදී කිසිදු ආරක්ෂාවක් දරුවන්ට නොමැතිකමින් විශාල අනතුරු සිදුවන්නට පුළුවන්. අනෙක් අතට ඉතා ජනාකීර්ණ ස්ථාන වල ත්‍රිරෝද රථයකින් දරුවන් පමණක් යැවීම ගැන ඔබ නිතරම දෙවරක් සිතීම වැදගත්.

ආරක්‍ෂිත පියවරවල් තිබියදී ඒවා ගැන නොසැලකීම පසු තැවිල්ලට හේතුවක් වන්නට පුළුවන්. මහමග ආරක්ෂාව අපම සලසා ගතයුතු නිසා දරුවන්ට ඒ ගැන කියා දෙමින් ඒවා අනුගමනය කරමින් ගමන් බිමන් යාම ඉතා වැදගත්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • දරුවන් සමග රිය පදවන විට හා වාහනයක යන විට ඔබ මේ ගැන සිතුවාද?
බෙදාගන්න :
  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it