දරුවන් සෙලවීම නිසා ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල

lead image

ඔබත් ඔබේ දරුවාව සොලවා තිබෙනවද? මේ බෝනික්කා ඇසුරෙන් එය කෙතරම් බලපෑමක් ඇතිකරනවා දැයි ඔබට බලාගන්න පුළුවන්.

පුංචි දරුවන්ටත් වෙලාවකට හැමදේම නුරුස්සන ගතියක්, අපහසු ගතියක් දැනෙන්න ගන්නවා. ඔවුන් අඬන්නත්, අපහසුවෙන් ඉන්නත් වෙනත් හේතු තියෙනවා.

ඒ වෙලාවට ඔවුන්ව සනසවන්න ඔවුන්ව කකුල් දෙකේ දමා පද්දවන්න. නැතිනම් නැපි හෝ ඩයපර් එක මාරු කරන්න. නින්දට යවන්න. සමහර විට සෙලවීම කරනවා. එය එතරම් තදින් නොකරනවා වෙන්න පුළුවන්.

ඔබ කිසිවිටකත් දරුවාට අනතුරක් සිදුවන්නට ඔවුන්ව සොලවන්නේ නැති බව ඇත්තක්. ඒත් අලුත උපන් දරුවන්ගේ බෙල්ලේ මාංශ පේශීන් තවමත් එතරම් ශක්තිමත් නැහැ. ඒත් මෙවැනි තත්වයන් කිහිපයකදී වන සෙලවීමක් නිසා වෙනස් කළ නොහැකි ලෙස මොලයේ කම්පනයක් ඇතිවීමේ අවධානමක් තිබෙනවා.

මෙය ෂේකන් බේබි සින්ඩර්රෝම් (shaken baby syndrome) ලෙස හඳුන්වනු ලබනවා. මෙලෙස සෙලවීමට බඳුන්වූ දරුවන් රක්තපාතය, කෝමා තත්වයට හෝ සමහර විට මරණයට පත්වීමට පවා හැකි බව පැවසෙනවා.

අනෙක් කාරණය වන්නේ මින් ඇතිවන හානි එක්වරම දකින්නට නොලැබීමයි. මෙලෙස එකවර දරුවන් තුළින් වෙනසක් දකින්නට නොලැබුනත් දරුවාගේ මොලයේ වර්ධනයට හා ක්‍රියාකාරකම් වලට මින් බලපෑම් ඇති විය හැකියි.

ඉතින් අලුත් දෙමාපියන්ට මේ බෝනික්කා ඇසුරෙන් දරුවෙකුට විය හැකි හානිය දැක ගන්නට පුළුවන්. මේ බෝනික්කාගේ හිස් කබලේ රතු එළිය පත්තුවන විට මොලයට හානි පැමිණිය හැකි සීමාව සඳහන් කරනවා.

මේ බෝනික්කා ජර්මනියේ ප්‍රදර්ශන මෙවලමක් ලෙස භාවිත කළේ දරුවන් සෙලවීමෙන් වන හානිය දෙමාපියන්ට පෙන්වා දිමටයි.

දරුවන්ගේ හිස පිටුපසට නැමෙන ආකාරය ඉතා මෘදු බෙල්ල හා බරින් වැඩි හිස සමබර නොවන ආකාරය දැකගන්න පුළුවන්. මෙහිදී මුළු හිසම රත්පැහැ ගැන්වෙන දසුනක් දැකගන්න පුළුවන්.

ඉතින් ටිකක් හිතා බලන්න බිළිඳෙකුට මෙය කොයිතරම් බලපෑමක් ඇති කරනවා ඇත්ද?

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/06/rsz shaken baby collage.jpg දරුවන් සෙලවීම නිසා ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල

ආරක්‍ෂිත පිළිවෙත්

ෂේකන් බේබි සින්ඩර්රෝම් තත්වය දරුවා හෙම්බත් වීම නිසා ඇතිවිය හැකි තත්වයක්.

හුඟක් වෙලාවට දරුවා නොනවත්වා ඇඬීම, නිදා නොගැනීම වැනි හේතු නිසා දෙමාපියන්ගේ ඉවසීමේ සීමාවන් ඉක්මවා යන්න පුළුවන්.

නමුත් මෙවැනි අසහනකාරී අවස්ථාවන් පාලනය කර ගන්න මේ උපායන් ගැන ඔබත් සැලකිලිමත් වී බලන්න.

  • සන්සුන් බව පවත්වා ගන්න: දරුවෙකු රැක බලා ගැනීම වෙහෙසකර කාරණයක් වුවත් ඔබේ පරිණත බව සමග ඔබට සන්සුන් වීම සිදුකර ගත හැකි බව අවබෝධ කර ගන්න.
  • වගකීම්/ වැඩ බෙදාගන්න: ඔබේ වගකීම් සැමියා/ දෙමාපියන් හෝ අත් උදව්වට ගත හැකි අයෙක් සමග බෙදා ගන්න. ඉන් ඔබට ඇතිවන පීඩනය සමනය විය හැකියි.
  • නින්දට වැදගත් තැනක් ලබා දෙන්න: ඔබට නිසි නින්දක් නොලැබීමෙන් ඔබේ ආවේගයන් පාලනය කරගත නොහැකි වන්නට පුළුවන්. ඔබ සැමියා සමග මේ ගැන කතා කර දරුවා බලාගැනීමට හැකි ලෙස කාලය බෙදා ගන්න. ඉන් ඔබත් යම් විවේකයක් ලබාගන්න.
  • උදව් උපකාර ක්‍රම: දෙමාපියන්ගේ සංවාද හා අත්දැකීම් බෙදාගන්න අන්තර්ජාලයේ කණ්ඩායම් හා එක්ව අත්දැකීම් හා අලුත් සොයාගැනීම් ගැන දැනුවත් වෙන්න. ඉන් ඔබට පිළියම් ගැන දැනගන්න ලැබෙනවා. එසේම ඔබ විතරක් එසේ අත්දැකීම් නොලබන බව වටහා ගන්නට හැකි වෙනවා.
  • යථාර්තවාදීව ජීවිතය දකින්න: දරුවන් සමග ගෙවන ලෝකය සොඳුරු ලෙස මාධ්‍ය හුවාදැක්වුවත් දරුවන් නිතරම එක ආකාරයෙන් හැසිරෙන්නේ නැහැ. කාලය සමග දරුවා සන්සුන් කර ගැනීමට ඔබ ඉගෙන ගන්නවා. ඔබේ බලාපොරොත්තු උවමනාවට වඩා දරුවාගේ හැසිරීම් ගැන තබා ගන්නවාට යථාර්තවාදී ලෙස බැලීම තුළින් ඔබට කළකිරීම් ඇතිවීම අවම කරන්න පුළුවන්.

ඔබ මේ වන විටත් දරුවා සෙලවීමක් කර ඇත්නම් මේ ලක්ෂණ දුටුවාදැයි සැලකිලිමත් වෙන්න.

  • දිගින් දිගටම නොරිස්සුම
  • කරදරයෙන් අවදිවීම
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • කෑම ගැනීම අඩු වීම
  • කම්පනය
  • වමනය
  • සුදුමැලි හෝ නිල් ගැන්වූ සම

මෙවැනි ලක්ෂණ දරුවා තුළ දකින්නට ඇත්නම් වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න අමතක කරන්න එපා.

theAsianparent Sri Lanka තවත් වටිනා මතක් කිරීමක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ