ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

දරුවාට පහර දීම වෙනුවට මේ ක්‍රම උත්සහ කරමුද?

සමහර දෙමව්පියන් පහර දීමෙන් කිසිම හානියක් නොවන බව දිවුරා කිව්වත්  බොහෝ විද්වතුන් පවසන්නේ  එය ඔබේ දරුවාට හික්මවීම සුදුසු නොවන බවයි.

දරුවන් රැකබලා ගැනීමේදී පහර දීම බොහෝ බේද කාරී ගැටළුවක් වේ. සමහර මව්වරුන් හා පියවරුන්  විසින්  දිවුරමින්  කියා සිටින්නේද විශ්වාස කරන්නේද ඔවුන්ගේ දරුවන්ගේ හරි මාර්ගයේ රදවා ගැනීමටත් , ඔවුන්  වැරදි හැසිරීම්වලින් වැළකීවා ගැනීමටත් එය හොඳ ක්‍රමයක් බවයි.

තම දරුවාගේ දරුවන්ට පහර දීමෙන් ළමා හිංසනයක් සිදුවෙන බවත්  එය ඔවුන්ගේ දරුවාගේ සංවර්ධනය කෙරෙහි විශාල ඍනාත්මක බලපෑමක් ඇති කරන බවත් අනෙක් දෙමව්පියන් විශ්වාස කරයි. ඒ නිසා ඔවුන් විනය හැසිරවීමට වෙනත් ක්‍රම යොදාගන්නවා.

මේ දිනවල බොහෝ  පර්යේෂකයන් සහ විද්වතුන් විසින් දරුවන්ට පහර දීම හානිකර විය හැකි  බවත් වයසින් වැඩෙත්ම එය   ඔවුන්ගේ හැසිරීම් හා හැගීම් කෙරෙහි ඍනාත්මක බලපෑම් ඇති කරනු ලබන බවට එකග වී ඇත. තම දරුවන්ට තවමත් පහර දෙන දෙමාපියන් එම විනය හැසිරවීම  ගැන නැවත සිතීය යුත්තේ අන්න ඒ නිසයි.

ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට,  මෙන්න මේ දේවල් තුන උත්සාහ කර නොබලන්නේ ඇයි?

1. ඔවුන්ට ප්‍රතිවිපාක දෙන්න

පහර දීම  වෙනුවට, ඔබේ දරුවා දරුණු ලෙස හැසිරෙන්නේ නම් ප්‍රතිවිපාක ලබාදීම ඔබට කල හැකිය. ඔවුන් ඔවුන්ගේ ආහාර වේලක් අවසන් නොකරනවා නම්, ඔවුන්ට  ප්‍රතිවිපාක ලෙස දවසේ ඉතුරු කාලය ටීවී රූපවාහිනිය නැරඹීමට ඉඩ නොදීම හෝ හෝ ඔවුන්ගේ සෙල්ලම් බඩු සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදීම ලබාදිය හැක.

ප්‍රතිවිපාක නිසා නරක දේවල් කිරීමෙන්  සහ නීති රීති පිලි නොපැදීමෙන් ඔබේ දරුවාට නරක ප්‍රතිඵල ඇති විය හැකි බව තේරුම් යන අතර, එමගින් නීති රීති අනුගමනය කළ යුතු  බවත්  යහපත්ව හැසිරිය යුතු බවත්  ඔවුන්ට දැන ගන්න ඉඩදෙන්න. ඔවුන්ගේ වරප්‍රසාද අහිමි කිරීමෙන් ශාරීරික හානියක් සිදු නොවන නිසා එය පහරදීමට  වඩා හොඳ විකල්පයක් වේ.

2. ස්ථාවර වෙන්න

ඔබේ දරුවා නිතරම වැරදි ලෙස හැසිරෙන්නේ නම්, ඔබ දෙන ප්‍රතිවිපාක සමඟ ස්ථාවර  විය යුතුය.

ඔබේ දරුවා ඔබ සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළ හැකි අතර, සමහර විට එම දේවල් සිදුවීමට ඉඩ හැරීමට ඔබට පෙලඹීමක් ඇති විය හැකි අතර, නමුත්  ප්‍රතිඵලයක් ලෙස එහි ඵලදායකත්වය පමණක්  අවම කල යුතුය.  ස්ථාවර වීම විනය හැසිරවීම සදහා  අත්‍යවශ්‍යය වන අතර  ඒ මගින් නරක දේවල් කිරීමෙන් පහසුවෙන්ම  මිදිය නොහැකි බව ඔබේ දරුවාට ඉගෙන ගත හැකිය.

3. ඔවුන්ගේ යහපත් ක්‍රියා අගය කරන්න.

ඔබේ දරුවාගේ යහපත් ක්‍රියා අගය කිරීම වැදගත් ය.  කුඩා දේවල් සඳහා, ඔබේ දරුවාට යම් ප්‍රශංසාවක් හෝ  ස්තුතියි පල කිරීමක් ඔබට කළ හැකිය. පාසැලේදී හොදින් හැසිරීම හෝ වෙනත් අයට උපකාර කිරීම වැනි විශාල ජයග්‍රහණ සඳහා, ඔවුන් කැමති සංග්‍රහයක් හෝ විනෝදාත්මක ක්‍රියාකාරකමක්  ඔවුන්ට ලබා දිය හැකිය.

සැමවිටම මතක තබා ගන්න, ඔබ පෙර සිතා බලන්න. පහර දීම  සෑම විටම ඔබේ දරුවාට විනයානුකූලව  සිටීම උගන්වනු නොලැබේ. සමහර අවස්ථාවලදී දෙමාපියන් තම දරුවාට පහර දෙනු ලබන්නේ   ඔවුන් මානසික පීඩනයකින් සිටීම හෝ කලකිරීමට පත්ව සිටිම නිසාවේ. එනම් ඔවුන් තම දරුවන්ට  පහර දෙන්නේ ඔවුන්ගේ නොසංසුන්තාවය හේතුවෙනි. පහර දීම  වෙනුවට ඔබේ දරුවාට හික්මවීම ලබා දිය හැකි විකල්ප ක්‍රම සොයා බලන්න. ඒවා ඒ සදහා හොඳ වනු ඇත.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී