theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් ළඟින්ම දෙමාපියන් සිටිය යුත්තේ ඇයි?

5 අවම කියවීම
දරුවන් ළඟින්ම දෙමාපියන් සිටිය යුත්තේ ඇයි?දරුවන් ළඟින්ම දෙමාපියන් සිටිය යුත්තේ ඇයි?

දරුවන් ළඟින්ම දෙමාපියන් ඉන්න ඕනෙද? මගේ දුව ඉස්කෝල් ගිය පළවෙනි දවස, මට දුකත් සතුටත් එකට දැනුන දවසක්, දුව දවසින් දවස මගෙන් ඈත්වෙලා එයාගේම ලෝකයක් ගොඩ නගනවා.  ඒක මට දුකක්, ඒත් මගේ චුටී පැංචිගේ ජීවිතේ අලුත් කඩඉමක් ඒක මට  සතුටක්.

ඇත්තටම මං මේ ලිපිය ලියන්නේ මමත් ඉගෙන ගත්ත යමක් ඔබ හා බෙදා ගන්නයි.

ඇත්තටම දරුවා පාසැලට භාර දීමේ උත්සවයට සහභාගී වු පියතුමෙක් කල සුවිශේෂී කථාවක් තුලින් වැදගත් යැයි සිතුන කරුණු කිහිපයක් මම ඔබ වෙත ගෙන එනවා.

දරුවන් ළඟින්ම දෙමාපියන් සිටිය යුතුද? පියතුමා දුන් සුවිශේෂී පණිවුඩය

දරුවන් අද දෙමව්පියන් තුලින් ගිලිහිලා. දරුවන්ට දෙමාපියන්ගේ ආදරය තේරුම් ගන්න බැහැ. ඒ වගේම දෙමව්පියන්ට  ඒ ආදරය දෙන්න වෙලාව නැහැ. දරුවාට ඕනී හැම සැප සම්පතක්ම දරුවා ලගට කරලා ඒවා හරි හම්බ කරලා දෙන්න අම්මලා තාත්තලා දරුවාගෙන් ඈත්වෙලා.

පියතුමා කියපු සමහර දේවල්  අහලා මගේ ඇස් වලටත් කදුලක් ආවා.

පියතුමා එක දවසක් ශිෂ්‍ය නායක පත් කිරීමේ උලෙලකට සහභාගී වුනා.

" තමන්ගේ අම්මයි තාත්තායි ඔයාට ආදරෙයි කියලා හිතෙනවා නම් අත උස්සන්න පුතේ"

තමන්ගේ දේශනය අවසානයේදී පියතුමා ඇහුවා. පියතුමාට දැක ගන්න පුළුවන් වුනේ ඉහලට එසවුන එක අතක් විතරයි.

" පුතා අත උස්සලා තියෙන්නේ.. අම්මායි තාත්තායි පුතාට ආදරෙයි කියලා පුතා දන්නේ කොහොමද ?"

පියතුමා ඒ දරුවා ගෙන් ආදරයෙන් ඇහුවා.

"ෆාදර් මම හැමදාම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා දෙවියන්ට යාඥා කරන්න එනකොට මගේ අම්මයි තාත්තායි මොන වැඩේ කර කර හිටියත් ඇවිත් අනිවාර්යයෙන්ම මගේ දෙපැත්තෙන් හිටගෙන දෙවියන්ට යාඥා කරනවා.

මං ඇස් වහගෙන හිටියත් මම දන්නවා ඒ දෙන්නා මගේ දෙපැත්තේ ඉන්නවා කියලා. ඒ හින්දා මම දන්නවා මගේ අම්මායි තාත්තායි මට ආදරෙයි කියලා"

පියතුමාට සුසුමක් හෙලුනා. දෙවියනේ දරුවෙක් අම්මා ගෙනුයි තාත්තා ගෙනුයි බලාපොරොත්තු වෙන්නේ සල්ලී වලට ගන්න පුළුවන් කිසිම සැප සම්පතක් නොවේ. අම්මා ගෙයි තාත්තා ගෙයි පුංචිම පුංචි   ආදරයක් රැකවරණයක් පමණයි.

කෙටි පණිවුඩය

දේශනය අවසානයේදී ආපසු පැමිණි පියතුමාගේ ජංගම දුරකථනයට නන්නාදුනන අංකයකින් අපූරු කෙටි පණිවිඩයක් ලැබුනා.

" ෆාදර් ඔබ කියූ ආදරණීය දෙමාපියන් ලැබු ලැයිස්තුවට මාවත් එකතු කර ගන්න."

කාලයක් ගත වුනා. පියතුමා වෙනත් පල්ලියක උත්සවයකට සහභාගී වුනා. එහිදී පියතුමා ලගට පැමිණි දියණියක් පුංචි කතාවක් කිව්වා.

" ෆාදර් මාව දන්නේ නැතුව ඇති. ඒත් ශිෂ්‍ය නායක පත් කිරීමේ උලෙළ දවසේ ෆාදර්ගේ කතාව මං අහන් හිටියේ ග්‍රීල් එකක එල්ලීලා.

මං සිස්ටර් ගෙන් ෆාදර්ගේ නම්බර් එක ඉල්ල ගෙන මම එස්  එම් එස් එකක් එව්වේ එහෙම නොකරම ඉන්න බැරි නිසා"

ඒ දියණියගේ ඇස් වල කදුලු එක්ක පියතුමාට කවදාවත්ම අමතක නොවුන ඒ නන්නාදුනන කෙටි  පණිවිඩය මතක් වුනා.

" එච්චර එහෙම දෙයක් කරන්න තරම් මගේ දුවට අම්මාගේ තාත්තාගේ  ආදරය දැනුනේ කොහොමද "

පියතුමා ඇහුවා.

" ෆාදර් මගේ අම්මා ගුරුවරියක්, මගේ තාත්තා කලේ පෞද්ගලික අංශයේ කලිසම් කමිස ඇදන් යන උසස් රැකියාවක්, ඒත් කාලයක් යද්දී මගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ඇති වුනා. මගේ තාත්තා එයාගේ රස්සාවට අත හැරලා ත්‍රීවිල් එකක් අරන් හැමදාම උදේ හවස මාව අරන් පාසැල් ගියා ආවා. මං පාසැලේ ඉන්නකම් තාත්තා ඒ ලග ඉදන් පුංචි හයර් ගියා.

මගේ පංතියේ ළමයි මගේ තාත්තා ත්‍රීවිල් කාරයෙක් කියලා හිනාවෙද්දී මං නොසැලී හිටියා. ඒ මගේ තාත්තා ත්‍රීවිල් කාරයෙක් වුනේ මට තියෙන ආදරය නිසා කියලා මං දන්න නිසා. මං හොදට ඉගෙන ගත්තා. මාත් අද ශිෂ්‍ය නායිකාවක්, මගේ මේ හැම ජයග්‍රහණයකටම හේතුව මගේ තාත්තා "දියණිය කිව්වේ හැඩු කදුලින්.

අමිමායි තාත්තායි මට ආදරෙයිද?

දරුවෙකුට ඉස්තරම් ආහාර දීලා ඉල්ලන ඉල්ලන දේවල් අරන් දීම, දරුවාට උසස් පාසැලක් ලබා ගැනීම වගේ දහසකුත් දේවල් ඔබ කරන්නේ ඔබේ දරුවාට තියෙන ආදරය නිසා තමයි. ඒත් ඒ ආදරය ඔබේ දරුවාට දැනෙන්නේ නැත්තම් ඵලක් තිබේද?

දරුවාට සියල්ල දීමට ඔබ මුදල් හොයන්න දවසම වෙහෙසෙනවා නම් එය ඵල රහිත වේවී. දරුවා සැප සම්පත් වලට වඩා සොයන්නේ ඔහු වෙනුවෙන් වු ඔබගේ වටිනා කාලයයි. කොතරම් වැඩ තිබුනත් කොතරම් වෙහෙස මහන්සි වුවත් ඔබේ වටිනා කාලයෙන් වැඩි කොටසක් ඔබේ දරුවාට වෙන් කරන්න. දරුවා ගැන සොයා බලන්න. එවිට ඔබේ ආදරය දරුවාට ඇතුලාන්තයම දැනේවී

පාසැල් ළමුන් අතර ලිංගික සම්බන්ධතා පවත්වන්නන් හා ගබ්සා කරන්නන්?

දෙමාපියන්ගේ ආදරය දරුවන්ට නොලැබෙන විට බාහිර පුංචි ආදර වචනයකට වුව ඔවුන්‍ රැවටෙන්න පුළුවන්. දැනට අනාවරණය වී තිබෙන කරුණු අනුව ලිංගික සම්බන්ධතා පවත්තන ළමුන් හා ගබ්සාවකට මුහුණ දුන් දරුවන් සිටිනවා.

විවිධ හේතු නිසා අම්මාගේ තාත්තාගේ ආදරයෙන් ගිලිහෙන දරුවන් ආදරය යැයි වරදවා ගත් රාගයෙන් දැවී හලු වී යන්න පුළුවන්. ඔබට සියල්ල වැටහී ආපසු හැරී බලන විට ඔබ ප්‍රමාදවේවි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

දරුවන් ළඟින්ම දෙමාපියන් සිටියේ නැතත්, දරුවාට හදවතින් ලංවෙන්න‍

ලිපියේ අවසාන ලග බැවින් මගේ අත්දැකීමක් ඔබට කියන්න හිතුනා. මගේ සැමියාට  විදෙස් පුහුණුවක් ලබන්න අවස්ථාව ලැබුනා. එහිදි ලක්ෂ අටක් පමණ අමතර මුදලක් ඔහුට ඉතිරි කර ගත හැකියැයි ඔහු කිව්වා.

නමුත් එය අවසානයේදී ඔහු දුර පළාතක සේවය කල යුතු වුනා.

මම ඔහුට යන්න ඉඩ දුන්නේ නැහැ. අපිට ඉතිරි කර ගත්තා හැකි විශ්වාස මුදලක් නැති වුනා. ඒත් මගේ දරුවන් පියාගේ ආදරය මැද ලොකු මහත් වුනා. ඔහුත් රිසිසේ දරු සුරතල් වින්දා.

අර විදෙස් පුහුණුවට ගියා නම් ලක්ෂ අටක් විතර ඉතුරු කරගන්නත් තිබ්බා.ඔහු දවසක් කිව්වා. මම ඔහු ලගින් වාඩි වුනා.

" ඔයාට ලක්ෂ අටක් තියා කෝටියක් දුන්නත් දරුවන් එක්ක ගෙවුන කාලය ගන්න පුළුවන්ද ?"

මම ඇහුවා.  එය කිසි සේතම මිලදී ගත නොහැකි බවත් දරුවන් හා ගෙවු සුන්දර කාලය ඔහුගේ ජීවිතයේද ප්‍රීතිමත් කාලය බව ඔහු පිළිගත්තා.

ඇත්තටම අපේ දරුවන් අපිත් එක්ක ජීවත කාලයම රැදෙන්නේ නැහැ. ඔවුන් අපිත් එක්ක ඉන්නේ හරිම පුංචි කාලයක්. ඉන්පස්සේ ඔවුන් ඔවුන්ගේ ලෝකයක් හදාගන්න අපි ලගින් ඈතට යනවා. ඒක තමයි තිත්ත ඇත්ත.

දරුවන්ට හැම සැප සම්පතක්ම දෙන්න දෙමව්පියන් වශයෙන් අපි කැමතියි. ඉතින් ඒකට මුදල් හොයන්න අපි පැය විසි හතරම කාර්‍යබහුල වෙනවා. ඒත් දරුවාට අවශ්‍ය ආදරය, අවධානය දෙන්න අවැසි කාලය දෙන්න දෙමව්පියන්ට වේලාවක් නැහැ.

රත්තරන් අම්මේ තාත්තේ ඔබේ ආදරය ඔබේ දරුවාට දැනෙන්න ලබාදෙන්න. දරුවා ගැන සොයා බලන්න. දරුවා වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න. ඔබේ දරුවාට හදවතින් ලංවෙන්න.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • දරුවන් ළඟින්ම දෙමාපියන් සිටිය යුත්තේ ඇයි?
බෙදාගන්න :
  • තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

    තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

  • මෙම බෙහෙත් වර්ග වැරදි ලෙසට ගත්තොත් දරුවන්ට මරණය ළඟා කරන්න පුළුවන්

    මෙම බෙහෙත් වර්ග වැරදි ලෙසට ගත්තොත් දරුවන්ට මරණය ළඟා කරන්න පුළුවන්

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

    තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

  • මෙම බෙහෙත් වර්ග වැරදි ලෙසට ගත්තොත් දරුවන්ට මරණය ළඟා කරන්න පුළුවන්

    මෙම බෙහෙත් වර්ග වැරදි ලෙසට ගත්තොත් දරුවන්ට මරණය ළඟා කරන්න පුළුවන්

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it