දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට සුදුසුද?

දරුවන් නරඹන්නේ අධ්‍යාපන වැඩසටහන් නම් රූපවාහිනිය නැරඹීමට ඉඩදීම සුදුසුද? වැඩි විස්තර දැනගැනීම මෙම ලිපිය  කියවන්න.

මේ යුගයේ සමහර දෙමාපියන් තම දරුවන්ට රූපවාහිනියේ අධ්‍යාපන  වැඩසටහන්  නැරඹීමට ඉඩ සලසා දෙයි. කෙසේවෙතත්,  දරුවන්ගේ කුඩා අවධියේදී රූපවාහිනිය නැරඹීම සුදුසු යැයි ඒ මගින් අදහස් කරන්නේද?

දරුවන් TV නැරඹීම

රූපවාහිනිය නැරඹීමෙන දරුවන්ගේ මොළයට  ඇති විය හැකි බලපෑම් මොනවාද?

රූපවාහිනිය නැරඹීම මගින් එයට  ඔබේ දරුවාගේ මොළයට හානි කළ නොහැකිය. කෙසේවෙතත්, ඔවුන්ගේ වර්ධනය වන මොළයට සම්බන්ධතාවයන් නිර්මාණය කරන  නිසා ළදරුවන්ට   මුහුණට මුහුණලා කරන අන්තර් ක්‍රියාකාරිත්වය  ඉතා වැදගත් වේ.

ඔබ ඔබගේ දරුවා සමග කථා කිරීම වෙනුවට නිරන්තරයෙන්ම  දරුවාට රූපවාහිනිය නැරඹීමට  ඉඩ ලබා දෙයි නම්, ඔවුන්ට  ඇත්ත වශයෙන්ම මානව අන්තර් ක්‍රියාකාරිත්වය මග හැරීමට ඉඩ ඇති  නිසා ඔවුන්ගේ වර්ධනයද ප්‍රමාද විය හැක.

මීට අමතරව, ඔබ ඔබේ දරුවාට අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට ඉඩ දෙන විට පවා,   ඔවුන් දකින දර්ශන  වටහාගත නොහැකි වීම නිසා  ඔවුන්ට සැබවින්ම බලා සිටින දේ අවබෝධ කර ගැනීමට අසීරු වනු ඇත.

දරුවන් TV නැරඹීම දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට සුදුසුද?

දරුවන් TV නැරඹීම: ඔවුන් රූපවාහිනිය නරඹන්නේ නැති විටෙක මම රූපවාහිනිය ක්‍රියාත්මක කලොත් කුමක් සිදුවේද?

ඇතැම් අවස්ථාවලදී,  මිනිසුන්  වැඩ කටයුතු කරමින් සිටියදී හෝ ඔවුන්ගේ දරුවා රැකබලා ගැනීමේදී පසුබිම් ශබ්දයක්  ලබා ගැනීමට රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමට කැමතියි.

කෙසේවෙතත්, එය ඇත්තෙන්ම රූපවාහිනිය මගින් ඔවුන්ගේ අවධානය ලබා ගන්නා නිසා ඔවුන්ගේ අවට සිටින පිරිස අන්තර්ක්‍රියා කරන ආකාරය නිරීක්ෂණය කර ළදරුවාගේ  නව වචන  ඉගෙන ගැනීම මේ මගින් වඩාත් අසීරු කරවයි.

ඒ වගේම රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමෙන් දරුවාගේ  සම්පුර්ණ අවධානය විසිරී ගොස් පහසුවෙන්ම ඔවුන් සෙල්ලම් කරමින් සිටින සෙල්ලම් බඩුවෙන් පවා අවධානය ගිලිහෙන නිසා එය දරුවන්ගේ අවධානය යොමු කිරීම අසීරු කරවයි.

ඔබේ දරුවා අධ්‍යාපනය ලැබීම  පටන් ගත් විට කෙටි අවධානයක් තිබීම යහපතක් නොවේ. ඒ නිසා ඔවුන්ට අවධානය යොමු කිරීමට අපහසු වේ.

දෙමාපියන් කළ යුත්තේ කුමක්ද?

දෙමව්පියන් කළ යුතු දෙය වන්නේ මුහුණට මුහුණලා එකිනෙකා සමඟ සම්බන්ධ වීම සහ ඔවුන්ගේ දරුවා සමඟ ක්‍රියාකාරි සම්බන්ධතා පවත්වා ගැනීමට උත්සාහ කිරීමයි. වැඩිහිටියන් තුලින්  දරුවන්ට පහසුවෙන් ඉගෙන ගත හැකි වන පරිදි එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කිරීම සහ එකිනෙකා සමඟ කතා කිරීම ඔවුන්ගේ දරුවාට නැරඹීමට ඉඩ දීම  වැදගත් වේ.

නිරන්තරයෙන්ම දරුවා සමග කථා කිරීම මගින් දරුවාගේ වර්ධනය උත්තේජනය කිරීමට සහය ලබා දෙන ඔබේ  දරුවාගේ මොළයේ සම්බන්ධතා වර්ධනය කරගැනීමට උපකාර කළ හැකිය. ක්‍රීඩා  කිරීම සහ නිර්මාණශීලී වීමට ඔබේ දරුවා දිරිමත් කිරීම ඔවුන්ගේ වර්ධනයටත් උපකාරී වන අතර, ඒ මගින් ඔවුන්ගේ ඉගනීම  පවා වේගවත් කිරීම  පවා කළ හැක.

දෙමව්පියන්ට තම දරුවන් සඳහා කළ හැකි වැදගත්ම දෙය වන්නේ සුදුසු  පරිසරයක් ලබා  දීම  වන නිසා සිය දරුවන් වර්ධනයට සහ සංවර්ධනය කිරීමට යොමු  කරවන පරිසරයක් නිර්මාණය කිරීම දෙමව්පියන් සදහා වැදගත් වේ.

රූපවාහිනිය නැරඹීමෙන් දරුවාව ඈත් කිරීමට කාලය දැන් එළඹිලා. මේ ආදරණීය මතක් කිරීම ඔබේ ආදරණීය The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී