ඔබේ දරුවාගෙන් ඔබත් සමාව ගත යුතු හේතු 5 ක්

කොයිතරම් උගත්, බුද්ධිමත් ඒ වගේම ඉතා හොඳ දෙමාපියන් වුනත් ඔබට දරුවන්ට “සමාවෙන්න” යැයි කීමට බැරි වීමට එය හේතුවක් නොවෙයි. ඔබේ මේ අනර්ඝ ගතිගුණයට ළමයි හැටියට ‘සමාව ඉල්ලීමත්’ එකතුකර ගැනීම වැදගත්.

කොයිතරම් උගත්, බුද්ධිමත් ඒ වගේම ඉතා හොඳ දෙමාපියන් වුනත් ඔබට දරුවන්ට “සමාවෙන්න” යැයි කීමට බැරි වීමට එය හේතුවක් නොවෙයි.  ඔබේ මේ අනර්ඝ ගතිගුණයට ළමයි හැටියට ‘සමාව ඉල්ලීමත්’ එකතුකර ගැනීම වැදගත්.

හැමෝටම ජීවිතයේ වැරදීම් වෙනවා. නමුත් වැදගත් වන්නේ වැරදි නිවැරදි කරගැනීමයි, වැරදි හඳුනා ගැනීම හා ඒ වෙනුවෙන් සමාව ගැනීමයි. ඔබ දරුවන්ට වඩා බලවත් හා බලය ඇති කොටස වීම නිසා සමාව ගැනීම නොකළ යුතු යැයි සිතීම වරදක්. ඔබ එය වැරදි අදහසක් යැයි සිතුවත් එය එසේ නොවෙයි.

දෙමාපියන් දරුවන්ගෙන් සමාව ඉල්ලිය යුතු හේතු රැසක් තිබෙනවා. මේ එවැනි අවස්ථාවන් 5 ක්.

1. හොඳ හැදියාවකට පාර කියනවා

ආදරණීය පවුලක් හදාගන්න උත්සාහය වගේම කාලයත් උවමනා වුනත් ඒ වෙනුවෙන් දරුවනුත් පුරුදු කිරීම වැදගත්. ඔබ විශ්වාස කළත් නැතත් ඔබට වැරදුනු විට ඔවුන්ගෙන් සමාව ඉල්ලීම මේ ආදරණීය බව වැඩිකර ගන්න හේතු වෙනවා. ඔහියෝ හි Attachment and Bonding Center හි සමාජ සේවිකාවක් වන රෙජිනා කැපෙකි පවසනවා.

ඔබේ දරුවන් හා ඔබ අතර ඇති බැඳීම් ශක්තිමත් කරගන්න උත්සාහ කරන්න. ඒ සමගම හොඳ හැසිරීම් නිරායාසයෙන් දරුවා තුළින් මතුවෙනවා. ඔබ කැමතිම ඔබේ තොප්පිය දරුවා නැතිකළ විට ඔබට තරහක් හා දුකක් ඇති වුනත් ඊට සමාව දෙන්න. ඔබේ කේන්තිය සාධාරණ වුනත් කිසිවෙකුත් සර්ව සම්පූර්ණ නැති බව සිතන්න. දෙමාපියන් හැමෝටම දරුවන්ගේ වැඩ වලට කේන්ති යාම සාමාන්‍යයි. නමුත් වැදගත් වන්නේ ඔබ ඔවුන්ට සමාව දීමයි.

2. ඔබේ දරුවාට හොඳ පූර්වාදර්ශනයක් දෙනවා

දරුවන්ගේ හැසිරීමට පමණක් නොවෙයි දරුවන් ඔබව නිතර අනුගමනය කරන නිසා ඔබ කරන දෙය සමාජයේදී ඔවුනුත් කරනවා. හැමෝම අතින් වැරදි වෙන බවත්, එය පිළිගෙන සමාව ගැනීම සුදුසු බවත් දරුවා ඔබෙන් ඉගෙන ගන්නවා.

3. සමාව ගැනීමෙන් බලය නැතිවී යාමක් වෙන්නේ නැහැ

හුඟක් දෙමාපියන් හිතන්නේ තමන් සමාව ගැනීමෙන් ඔවුන් දුර්වල අය ලෙස දරුවන් සිතන බවයි. එමගින් ඔබේ නම්‍යශීලිත්වය පෙන්වනවා. දරුවන්ට සාධාරණ නීති රීතී පනවමින් සමාව ගැනීම දෙපාර්ශවය අතින්ම විය යුතු බව හැඟවීමෙන් කිසිවිටකත් ඔබට ඇති ගෞරවය නැතිවී යන්නේ නැහැ.

4. සමාව ගැනීමෙන් ඇතුලාන්තයෙන් ගරුත්වය ඇති වෙනවා

හැම දෙමාපියෙකුම දරුවෙකු ගෞරවාන්විත හා අවබෝධයෙන් යුතු දරුවෙකු කිරීමට කැමතියි. මෙය ඔබ තුළින් පිළිබිඹු විය යුතු වෙනවා. සමහර විට දරුවන් ඉතා පුදුම සහගත ලෙස සමාව දෙන්නත් අවබෝධ කර ගන්නත් පෙළඹෙනවා. ඉතින් ඔබ කළ වරදකට සමාව ගැනීමට පියවර ගන්න. හැමවිටම ඔබේ හැසිරීම ඔවුන් අනුකරණය කරනවා.

5. සමාව ගැනීම හොඳ දෙයක්

සමහර විට නම්‍යශීලි වෙලා දරුවන්ගෙන් සමාව ගැනීම අපි කවුරුත් කළයුතුයි. සමාව ගැනීමෙන් සිතට සහනයක් ලැබෙනවා. ඒ වගේම දරුවා හා ඔබ අතර බැඳීම ශක්තිමත් වෙනවා.

වැරදි වීම මිනිස් ගතියක් වුනත් සමාව දීම දේව ගතියක් යැයි කතාවටත් කියන්නේ සමාව දීම එතරම්ම වැදගත් නිසයි. ඉතින් දරුවන්ගෙන් වැරද්දක් වුණ විට සමාව ගැනීමේ වැදගත්කම theAsianparent Sri Lanka අපි පෙන්වා දුන්නේ ඒ නිසයි.