දරුවාගේ අවධානය දියුණු කරන ක්‍රම

ඔබේ දරුවා පන්තියේ වැඩ වලට අපහසුතා දක්වනවද? පන්තියේදී අවධානය යොමු කිරීම අමාරු කටයුත්තක් සේ සිතනවද? ඉක්මනින් අවධානය බිඳ ගන්නවද?

ඔබේ දරුවා පන්තියේ වැඩ වලට අපහසුතා දක්වනවද? පන්තියේදී අවධානය යොමු කිරීම අමාරු කටයුත්තක් සේ සිතනවද? ඉක්මනින් අවධානය බිඳ ගන්නවද?

දරුවෙකුගේ වර්ධනයට අවධානය ඉතා වැදගත් කාර්යක් ඉටු කරනවා. වයස අඩු වෙන්න අඩු වෙන්න දරුවෙකුට අවධානය දිය හැකි කාල පරාසය අඩුයි වගේම එහි නිරතවීමට ගතකළ හැකි කාලයත් අඩුයි.

ඔබ වැඩ ඇරී නිවසට ආපසු තැන තැන දැමු සෙල්ලම් බඩු ඇහිඳින ලෙස තුන් හැවිරිදි දරුවාට කිව්වත් ඔහු ඊට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඔහු ඔබව මගහරින බව හෝ ඔබට ගරුත්වයක් නැති බව ඔබ සිතනවා වෙන්න පුළුවන්. නමුත් හේතුව වෙනස්. ඔහුට තවමත් උපදෙස් ධාරණය කරගන්න අපහසු වීම ඊට හේතුවයි.

ඔබේ දරුවාගේ අවධානය වැඩි දියුණු කරන්න මේ ගැන සිතන්න.

දරුවාගේ මානසික මට්ටම අනුව ඔහුගේ අවධානය වැඩිවීමට හේතු වෙනවා. ඔවුන් පුළුවන් උපරිමය ඉටුකර ගැනීමට යාම අප කරන අත්වැරැද්දක්. ඉන් පීඩනයත්, කළකිරීමත්, පරාජය හා තමා ගැන ආත්ම විශ්වාසය හීන වීමක් ඇති කරනවා. ඔබේ බලාපොරොත්තු තරමට දරුවාට අවධානය යොමු කරගත නොහැකි වීම ඔහු තුළ යම් ගැටළුවක් ඇතැයි සිතන්නට යොමු කෙරෙනවා. ඉතින් දරුවන්ට අවධානය යොමු කරන්න කියා දෙන්න මේ උපායන් ගැන සිතා බලන්න.

  • බාධාවන් අඩු කරන්න. ඔබේ දරුවා පාසලේ ගෙදර වැඩක නිරත වන විට අනෙක් අය රූපවාහිනිය නැරඹීම, එම කාමරය තුළදීම වෙනත් සංවාද ඇතිවීම ආදී දේවල් වලින් වළකන්න.
  • උවමනාවට වඩා ඔහුගෙන් අපේක්ෂා කරන්න එපා. ඔහු නිරත වන ක්‍රීඩාව, ක්‍රියාකාරකම ඔහුගේ වයසට සුදුසු දැයි සොයා බලන්න.
  • ශාරීරිකව ඔබේ දරුවා අවධානය යොමු කරන්න සුදනම්ද ? ඔහුගේ පෙනීම හා ඇසීම යහපත් දැයි සොයා බලන්න.
  • අවධානය දියුණු කරන ක්‍රීඩාවන් වලට යොමු කරන්න. යා කිරීම්, සැසදීම්, සරල ඉවුම් පිහුම් ක්‍රම, වයසට ගැලපෙන දේ ගැන ඔබ දෙදෙනා කතා කිරීම, අඩු කිරීම, වැඩි කිරීම වැනි දේ ගැන ඔවුන් යොමු කරවන්න.

උවමනාවට වඩා ඔලුවට දාන්න එපා. පුංචි දරුවන්ට එක වරකට දරාගත හැක්කේ එක් දෙයක් පමණයි. උදාහරණයක් ලෙස අවුරුදු දෙකක පුංචි පුතාට පොත පැත්තකින් තියන්න කියන එක අතරතුර තවත් උපදෙසක් ග්‍රහණය කරගන්න අමාරුයි. සෙල්ලම් බඩු පැත්තක තබා වැඩකරන්න වගේ දෙයක් ඔවුන්ට බර වැඩියි. ඒ නිසා ඉවසීමෙන් කෙටි සරල උපදෙස් එකින් එක ලබාදෙන්න. දිගුකාලීනව ඉන් දරුවා සතුටට පත්වෙනවා.

  • දරුවාට උපදෙස් දෙන විට ඇසට ඇස යාවෙන සේ කතා කිරීම වැදගත්. ඒ මගින් ඔවුන්ගේ අවධානය ඔබට ලැබෙන අතර කළයුතු දේ ධාරණය වෙනවා.
  • ඔබ දුන් උපදෙස් නැවත කියන ලෙස ඔවුන්ට කියන්න. නැවත කීමෙන් උපදෙස් ඔවුන්ගේ සිතට කා වදිනවා.
  • ඒ වගේම දරුවාට ඇස් වල හා කන් වල දුර්වලතා ඇතිදැයි සොයා බලන්න. නැතිනම් දරුවාගේ අවධානය බිඳෙන්න ඉඩ තියෙනවා. ඉන් දරුවා කළකිරීමටත් පත්වෙනවා. නමුත් ඊට සහයක් ලැබුණු පසු ඔබ හිතනවටත් වඩා ඔවුන් අවධානය දෙන බව පෙනේවි. දරුවෙක් බොහෝ මට්ටම් වලදී අවධානය යොමු කිරීමට ඇති හැකියාව ඉතා වැදගත්. අවධානය හොඳින් යොමු කළ හැකි දරුවන් තුළ නිතර තමා පිළිබඳ හොඳ ආත්ම විශ්වාසයක් අනෙක් දරුවන්ට වඩා තියෙනවා. මීට හේතුව අවධානය යොමු කළ හැකි නිසා ඔවුන්ට පැවරෙන කාර්ය ඔවුන් හරියාකාරව නිම කරනවා. ඉන් ඔවුන්ට තෘප්තියක් ලැබෙනවා.

හොඳින් අවධානය යොමු කළහැකි දරුවන් සමාජශීලි අය වෙනවා. අවධානය වැඩිපුර යොමු කළ නොහැකි දරුවන් නිතර පන්තියේ කොණකට වෙනවා. මෙය දරුවා තුළ ආත්ම විශ්වාසය අඩු කරන අතර කළකිරිම ඇති කරනවා. ඉන් දරුවා තුළ ඇති හැකියාවන් යට යනවා.

අවධානයට ඇති හැකියාව නිකන්ම ඇතිවන්නේ නැහැ. ඔවුන් මුහුකුරා යත්ම දැනුමත් වර්ධනය වෙන්න ඕනේ. නමුත් එය ඇත්තේ ඔබේ දෙයත් මතයි. ඔබ නිසි ක්‍රමෝපායන් ඔවුන්ට සලසා දුන්නොත් ඔවුන් හරි මග සොයා ගනීවි.

පුංචි දරුවන්ගේ සාර්ථකත්වයට දෙමාපියන් ලෙස අපිට වැදගත් කාර්යභාරයක් පැවරෙනවා. එය ඔබට මතක් කරන්නට  Asianparent Sri Lanka අපි ගත් තවත් උත්සාහයක්.