පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

මෙම ඉගි අනුගමනය කර පොදු ස්ථාන  තුල ඔබේ දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන්න.

ඔබ පොදු ස්ථාන වලින් බැහැරව සිටින විට ඔබේ දරුවාගේ ආරක්ෂාව සදහා සෑම විටම ප්‍රමුඛත්වය දිය යුතු ය.

එමනිසා, ඔබේ දරුවා පොදු ස්ථාන තුල ආරක්ෂිතව තබාගැනීමට සහය දක්වන උපදෙස් කිහිපයක් මෙන්න.

දරුවාගේ ආරක්ෂාව

1. ඔබේ දරුවාට සාප්පු  වල ප්‍රදර්ශනය කුටි වල සෙල්ලම් කරන්න ඉඩ දෙන්න එපා.

සමහර විට ළමයින්ට ටිකක් දගකාරයි. ඔවුන් සාප්පු  ඇතුලත සෙල්ලම්  කළහොත් ප්‍රදර්ශන කුටි වල එසේ සෙල්ලම් කල හැකිය. එයින් ඔබට ගෙවීමට නොහැකි තරම් පාඩු සිදුවෙනවා මෙන්ම  ඔබේ දරුවා  මතට ඒවා ඇද වැටි දරුවාට තුවාල වෙන්න පුළුවන්

ඒ නිසා ඔබේ දරුවන් ඔබේ අසලින්ම තබා ගන්න.  ඔහුට සාප්පු වල ප්‍රදර්ශනය කුටි වල සෙල්ලම් කරන්න  ඉඩ දෙන්න එපා.

2.  දිවෙන පඩිපෙල් (escalator) මතදී ඔවුන් ගැන සැලකිලිමත් වෙන්න.

ඔබ දිවෙන පඩිපෙළක්  භාවිතා කරනවා නම්, ඔබේ දරුවා ඔසවා ගෙන යාමට පුළුවන්.  

නැතිනම් ඔහුට ආරක්ෂිතව පඩිය මත හිටගන්න ඉඩදෙන්න. දිවෙන පඩි පෙල කිසිම සෙලවෙන කොටසක  ඔවුන්ගේ ශරීරයේ කොටස් ස්පර්ශ නොවන බවට වගබලා ගන්න.

ඒ එම කොටස් තුල සිරවී බරපතල තුවාල ලැබිය හැකි බැවිනි.

ඒ වගේම ඔවුන්ගේ සපත්තු ලේස් හදිසියේ හෝ දිවෙන පඩිපෙළට හසු නොවීමට වග බලාගන්න. එමනිසා ඒවා තදින් ගැට ගසා ඇති බව තහවුරු කර ගන්න.

දිවෙන පඩිපෙළේ යන විට ඔබේ දරුවාගේ අත තදින් අල්ලා සිටීම නුවණට හුරු වේ.

3. ඔවුන්ට ඔබව මග හැරුනොත් කල යුතු දේ උගන්වන්න

නරකම දේකට වුනත්  මුහුණ දීමට  සූදානම් වීම සැමවිටම වැදගත්ය. එබැවින් ඔබව මග හැරුනොත් කල යුතු දේ  ඔබේ දරුවාට උගන්වන්න.

ඔවුන් පළමුව කළ යුතු දෙය නම්, ආරක්ෂක නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකු වැනි විශ්වාසවන්ත වැඩිහිටියෙකු සොයා ගැනීමට උත්සාහ කිරීම සහ ඔවුන් ගෙන් උපකාරය ඉල්ලා සිටීමයි.

දෙවනුව, ඔබේ ජංගම දුරකථන අංකය මෙන්ම නිවසේ ලිපිනය ඔවුන්ගේ මතකයේ තිබීම වැදගත් වෙනවා. එවිට ඔවුන්ට එම තොරතුරු වැඩිහිටියෙකුට ලබා දිය හැකි අතර ඔවුන්ට සුරක්ෂිත විය හැකිය.

හදිසියේ ඔබව මග හැරුනොත් දරුවන්ට පහසුවෙන් මග සොයා ගත හැකි වන පරිදි  මග සලකුණු සකස්  කරන්න ඔබට පුළුවන් .

4. වැඩිහිටි දරුවන් සඳහා ජංගම දුරකථන ලබාදීම වැදගත් වේ.

දුරකථන භාවිතා කිරීමට තරම් වයසින් වැඩුනු දරුවන්ට ජංගම දුරකථනයක් ලබාදීම වැදගත් වේ.

එය ඔබට ඇමතුමක් දෙන්න හා කෙටි පණිවුඩයක් යවන්න හැකි විය යුතු අතර වෙනත් පහසුකම්  අවශ්‍ය නොවේ. එවිට එය සුදුසු  වනු ඇත.

හදිසි අවස්ථාවන්හිදී ඔබව සම්බන්ධ කර ගැනීමට දරුවන්ට හැකි වන නිසා ජංගම දුරකථන දරුවන්ට ප්‍රයෝජනවත් වේ. ඔබටද ඔවුන් සම්බන්ධ කර හැකි නිසා දරුවන්ගේ ආරක්ෂාව සහතික කරගත හැකිය

5. මග හැරිය යුත්තේ කවුදැයි ඔබේ දරුවන්ට උගන්වන්න

මේ දවස්වල, ඔබේ දරුවන්ට මිනිසුන්ගේ ස්වභාවය හා ඔවුන් මග හැර සිටීම ඉගැන්වීම වැදගත් වේ.

ඔවුන් ගෙන් උපකාර ඉල්ලා සිටින අය හෝ ඔවුන් වෙනුවෙන් යමක් කිරීමට ඔවුන් ගෙන් ඉල්ලා සිටින අය තුල වෙනත් චේතනාවක් තිබිය හැකිය.

එවැනි පුද්ගලයන්ගේ ඉල්ලීම්  ඔබේ දරුවන් ප්‍රතික්ෂේප කරන බවට සහතික කර ගැනීම වැදගත් ය.

විශ්වාස කළ නොහැකි වැඩිහිටියන්ට ඔබේ දරුවන්  ඔවුන්ගේ නම්, ලිපිනය ආදි  පෞද්ගලික තොරතුරු හෙළි නොකිරීම  වැදගත්  වෙනවා . ඒ විදියට  ඔවුන්ට තමන්ව අනතුරට පත් වීමෙන් වළක්වා  ගන්න  පුළුවන්.

ඔබේ දරුවාගේ ආරක්ෂාව ගැන ඔබ තරම්ම හිතන්නේ  the Asianparent Sri Lanka ඔබේ හිතවතියයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී