දරුවාගේ ඔලුව වැදිලා ගෙඩි ගැහුනොත්...

දරුවාගේ ඔලුව වැදිලා ගෙඩි ගැහුනොත්...

දරුවෙක් වැටිලා ඔලුවේ ගෙඩියක් ආවොත් හුඟ දෙමාපියන් ice තියනවා. ඊට අමතරව කරන්න පුළුවන් දේවල් ගැන අපි ඔබට කියන්නම්.

දෙමාපියන් විදිහට දරුවන් වැටුනහම ඒ වගේම ඔලුව වැදිලා ගෙඩියක් වගේ ආවහම අපි හුඟක් කලබලයට පත් වෙනවා. දරුවෝ යන්තම් ඇවිදින්න ගත්ත දවසේ ඉඳලා හරිම ක්‍රියාකාරියි. ඒ නිසා ඉක්මනින්  හැමදේම කරන්න, දුවන්න, පනින්න කැමතියි. ඉතින් වැටෙන වාර අනන්තයි.

අනිත් අතට ඔවුන්ගේ ශරීරය තවමත් සමබර කරගන්න ඔවුන් හරියටම ඉගෙන ගනිමිනුයි ඉන්නේ. ඉතින් ඒ වෙනතුරු ඉන් පස්සෙත් දරුවන්ගේ වැටීම් නිසා ඇතිවෙන ගෙඩි ගැසීම් වලට මොනවා කරන්නද කියලා දෙමාපියන් කලබල වෙනවා. හුඟක් වෙලාවට අයිස් තියනවා. නමුත් එවැනි තවත් ප්‍රතිකර්ම කිහිපයක් ගැන අපි ඔබට කියන්නම්.

අවස්ථාව අනුව ප්‍රතිකාර තීරණය කරන්න

දරුවන් වැටෙන එක සාමාන්‍යයි. නමුත් එහි තත්වය ඔබට දැනෙනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් අවශ්‍යද නැද්ද කියලා ඔබ එවලේ තීරණය කිරීම වැදගත්. වැටුනට පස්සේ දරුවාගේ හැසිරීම අනුවත් ඔබට මේ ගැන තීරණයක් ගන්න පුළුවන්. වැටුණු ගමන් ගෙඩි ගැහිලා දරුවා අඬාගෙන ඔබ ළඟට එනවා නම් ඒක එතරම් නරක ලෙස වැදීමක් වෙන්න බැහැ. නමුත් දරුවා හුඟක් සෙමෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඔහුගේ ක්‍රියාකාරිත්වය හැඬීමේ අපහසුවක් ඇත්නම් වෛද්‍ය සහය පැතීම වැදගත්.

විටින් විට දරුවා ගැන අවධානයෙන් ඉන්න

දරුවන්ගේ හිස වැදුන විට නිදිකරවන්න එපා කියලා කවුරුවත් කිවුවත් මෙවැනි අවස්ථාවකින් පසු දරුවා පිඩාවටත්, බියටත් පත්වීම නිසා ඔහුට නින්දට යන්න අවස්ථා තියෙනවා. එවිට පැයක්වත් යන තුරු නින්දට නොයවා සිටීම සුදුසු බව කියවෙනවා. නිද්‍රා ගතිය, වමනය, හිසේ කැක්කුම, ආලෝකය දෙස බලන්නට බැරි බව, අවධානය යොමු කරන්න බැරි බව, කලන්තය ඇත්නම් ඔබ අවධානය හා වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්.

ඔබේ සන්සුන් බව වැදගත්

මේ අවස්ථාවේ ඔබ සිහි නුවණින් කටයුතු කිරීම වැදගත්. ඒ වගේම ඒ මගින් මේ අත්දැකීම් නැවත නොවෙන්න ඔබට වගබලාගන්න පුළුවන්. කොයිතරම් දරුවන්ව බලාගත්තත් සමහර අවස්ථාවන් වල ඔවුන් වැටෙන එක නවත්වන්න බැහැ. මේ අවස්ථාවේ දරුවා සනසමින් අයිස් තබන්න පුළුවන්.

ඉන් පසුව දරුවා පුරුදු තත්වයට පත්වූ පසු ඔබ වෙසෙන පරිසරය ගැන ඔහුට අවබෝධකර දෙන්න. එවැනි දෙයක් අවබෝධ කර ගත හැකි වයසක සිටීනම් ඔහුට ඔහු අතින් සිදුවූ මගහැරීම ගැන කියා දෙන්න. එය ඔබ දෙදෙනාටම හොඳ පාඩමක්.

පුංචි පුංචි අනතුරු වළක්වා ගන්න දෙමාපිය අවධානය වැදගත්. කොතෙක් අවධානයෙන් සිටියත් ඔබට සමහර අවස්ථාවන් වළකා ගන්න අපහසුයි. එවැනි හදිසි අවස්ථාවක ඔබේ අස්වැසිල්ල හා දරුවාගේ සුවය වෙනුවෙන් ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ ඉඟි කිහිපය ඔබට ගෙන ආවේ.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ