කැපීම් හා තැලීම්වලදී දරුවාට දිය යුතු ප්‍රථමාධාර ගැන මඟපෙන්වීමක්

ඔබේ දරුවා වැටීම්, කැපීම් හා තැලීම් වලට ලක්වූ විට ඔබ කරන්නේ කුමක්ද? මේ ලිපිය ඔබට වටිනා ප්‍රථමාධාර ඉඟි හා තොරතුරු කිහිපයක් දැනගන්න පුළුවන්.

ගොඩක් භයානක නැති අවස්ථාව වලදී කැපීම් හා තැලීම් සිදුවූ ස්ථානය හොඳින් ආවරණය කරනවා. විශේෂයෙන් ඔබේ දරුවන් තවමත් යොවුන් වියට එළඹ නැත්නම් හදිසි අවස්ථාවන් ගැන ඔවුන්ට වැටහීමක් නැතිනම් ඔවුන් ගැන දෙමාපියන් කලබල විය යුතු වනවා.

ඔබ එය ප්ලාස්ටර් කැබැල්ලකින් ආවරණය කිරීමට හෝ වාතයට නිරාවරණය කර තැබීමට අවශ්‍යද? එය තැලීමක් කියලා ඔබ හිතනවානම් ඍජුවම එම ස්ථානයේ අයිස් තැබීමට පුළුවන්ද? නැතිනම් කැපීමකදී හෝ තැලීමකදී ඔබ කලබලයෙන් දරුවා වෛද්‍යවරයෙකු වෙත රැගෙන යා යුතුද?

එහෙත් ශරීරය නිතරම එය විසින්ම සුවවීමට හැරීම වැදගත් වුනත් මේ හැමදෙයක්ම දැන ගැනීම වැදගත්. කැපීම් හා තැලීමකදී කළයුතු මූලික ප්‍රථමාධාර ගැන දැනගෙන සිටීම දෙමාපියන්ට ඕනෑම අවස්ථාව වැදගත්. අපි මේ ලිපිය මගින් එය සාකච්ඡා කරමු.

කැපීම්

කැපුම් වල විවිධ අවස්ථා

සීට්ල් චිල්ඩ්රන්ස් රෝහල (Seattle Children's Hospital) පවසන ආකරයට ඔබේ දරුවට විවිධ ආකාරයෙන් කැපීම් සිදුවෙන්න පුළුවන්.

කැපීම්, විදාරණය, තුවාල හා පැලීම් - මේවා සමේ වේදනාකාරී තුවාල ඇති කරමින් පටක ඉරීමක් කරනවා. බොහෝ විට මේවා තියුණු වස්තූන් නිසා ඇති වෙනවා.  

සීරීම්, ඉරි තැලීම් සහ ගින්නට පිළිස්සීම් - මේවා සම මතුපිට ඇතිවන තුවාල හා සිරීම් වන අතර නිතරම මේවා දණහිස, වැලමිට හා අත්ලෙහි සිදුවෙනවා.    

කැපීම්, සීරීම්, ඉරිතැලීම් සඳහා ප්‍රතිකාර

  1. පළමුව සෝදන්න

පළමුව ඔබ දරුවාගේ තුවාලය ඔබේ අතින්ම සබන් යොදා ගලායන ජලයෙන් පරිස්සමින් සෝදා ගන්න. ඔබේ අතින් කැපුම් තුවාලයට විෂබීජ යාමේ අවදානමක් මෙහි තියෙනවා. මේ නිසා ඔබේ දරුවා හඬමින් කම්පනයට පත්වී ඇත්නම් ඔහුව සන්සුන් කර ඔබ ඔහුට උදව් කරමින් ඔහුව ධෛර්යමත් කරන්න.

  1. පීඩනය

ඔබේ දරුවාට එක පුංචි කැපුමක් හෝ සීරීමක් ඇති වුනත් ඔවුන්ට එහි ලේ ගැලීම නැවත්වීමට අවශ්‍යයි. නමුත් ඇත්තටම කෙටි වෙලාවක් ලේ ගැලීම මගින් ශරීරයෙන් විෂබීජ ඉවත්ව යාම සිදුවෙනවා.

කෙසේ වෙතත් රුධිරය වහනය නොනවතින බව ඔබ දුටුවා නම් පළමුව පිරිසිදු රෙදිකඩක්, ගෝස් කැබැල්ලක් හෝ තුවායක් ගෙන එම ස්ථානයේ තබා මද පීඩනයක් යොදන්න. සාමාන්‍යයෙන් සුළු කැපුමකදී මිනිත්තු 10 ක් පමණ පීඩනය යෙදීම මගින් රුධිර වහනය නැවැත්වීමට හැකි වෙනවා.

  1. කැපුම් ස්ථානය පිරිසිදු කරන්න

සීට්ල් චිල්ඩ්රන්ස් රෝහලේ සෞඛ්‍ය විශේෂඥයන් මිනිත්තු කිහිපයක් තුවාලය වටා සබන් යොදා හොඳින් සෝදා ගත යුතු බව පවසනවා. මේ මගින් තුවාලයේ ඇති තණකොළ කැබලි, විෂබීජ හා බොරළු කැබලි වැනි දේවල් ඉවත්ව යාමට උදව් වෙනවා.

සිසිල් හෝ ඇල්මැරුණු ගලාගෙන යන ජලයෙන් තුවාලය සේදීමට උත්සාහ කරන්න. ඍජුවම තුවාලයේ සබන් ගෑමට යාමෙන් වළකින්න. ඒ මගින් දරුවාට දැඩි වේදනාවක් ඇතිවිය හැකියි.

කැපුම් ස්ථානයේ කුණු කැබලි වැනි දේවල් තිබිය හැකි වුනත් ජලයෙන් සේදීමෙන් ඉවත් ඒවා නොවෙන්න පුළුවන්. ඔවුන් සමග එකතුව ඉතා මෘදු හා පරිස්සමින් ඒවා ඉවත් කරගත යුතුයි.

කැපුම් ස්ථානයට පිඹීම කරන්න එපා. ඒ මගින් එය තවත් විෂබීජ වලට නිරාවරණය විය හැකියි. ළමා රෝග විශේෂඥවරියක් වන වෛද්‍ය ඩැනෙලී ෆිෂර් උපදෙස් දෙන පරිදි කැපුම් ස්ථානය සේදීමෙන් පසු මධ්‍යසාර, හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ් හෝ අයඩින් ආලේප කිරීමෙන් දැවිල්ල හා කැසීම ඇතිවීමෙන් විවෘත වූ පටක වලට හානි වීම නිසා සුවවීමේ ක්‍රියාවලියට බාධා විය හැකි බව පවසනවා.

ඒ වෙනුවට සේදීමෙන් පසු එම තුවාලයට වියළි පිරිසිදු ගෝස් හෝ තුවායක් මෘදු ලෙස තැබීම පමණක් ඔබ කළ යුතුයි.

වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ උපදෙස් වලට අනුව තුවාලයෙන් නැවත රුධිරය වෑස්සෙනවා නම් නැවතත් විෂබීජ වලින් තොර තුවායකින් පීඩනයක් යොදන්න ඔබට පුළුවන්. තුවාල වූ ප්‍රදේශය තරමක් උස් මට්ටමක තැබිය හැකි නම් එමගින් රුධිර වහනය අඩු කරන්න පුළුවන්.

තුවාලය තොල් වල හෝ කටෙහි පිට පැත්තේ ඇත්නම් එය හොඳින් සබන් යොදා සෝදන්න. නමුත් තුවාලය ඇතිල්ලීම නොකරන්න. ඔබ එය පිරිසිදු කිරීමෙන් පසුව දරුවාට අයිස් ක්‍රීම් එකක් හෝ අයිස් කැටයක් ඉරීමට දෙන්න. එය රුධිර වහනය වැළැක්වීමට හා ඉදිමුම අඩු කිරීමට උදව්වක් වෙනවා.

  1. ආලේපන

ප්‍රතිජීවක ආලේපන කුඩා ප්‍රමාණයක් තුවාලයේ හෙමින් ගල්වන්න. තුවාල කබලේ හෝ තුවාලයේ විටමින් E හෝ පොල්තෙල් වැනි තෙල් වර්ග ආලේප කිරීමට පෙර වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍යයි. මොකද ඒවා විෂබීජයන්ගෙන් තොර දැයි දැනගැනීම වැදගත්.

  1. තුවාලය එතීම

විෂබීජයන්ගෙන් තොර පිරිසිදු රෙදි කඩකින් තුවාලය ලිහිල් ලෙස ආවරණය කරන්න. මේ මගින් කැපුම් ස්ථානයේ ඇති තෙත ගතිය ආරක්ෂා කරගත යුතුයි. නැතිනම් මෙම වෙළුම තුවාලයට ඇලී තිබුනොත් එය ඉවත් කරන විට දරුවාට වේදනාවක් ඇති කරනවා.

ඔබ මෙම වෙළුම දිනපතා හෝ නැතිනම් අපිරිසිදු හෝ තෙත් වී ඇත්නම් එය මාරු කිරීම අවශ්‍යයි. ආලේපන නිතරම යන්තම් ගෑමටත් මතක තබාගත යුතුයි.

ටික දිනකින් එහි තද කබලක් සැදී ඇත්නම් ඔබට එහි වෙළුම ඉවත් කර තුවාලය වාතයට නිරාවරණය කර තැබිය හැකියි. තුවාලය ඇති ස්ථානය අතගෑම නොකරන ලෙස දරුවාට කියන්න. විශේෂයෙන් ඔවුන්ගේ කුණු තැවරුණ පුංචි ඇඟිලි වලින් අතගෑවොත් නැවත තුවාලයෙන් ලේ ගැලීමට හෝ විෂබීජ යෑමට ඉඩ තිබෙනවා.

ඔබේ දරුවා තුවාල පටලය වෙත යාම නැවැත්විය හැකි ක්‍රම

  • ඔවුන්ගේ නියපොතු කොටට කපන්න - දිගු තියුණු නියපොතු පමණක්ම තුවාල පටලය වෙත යන්න හේතුවක් නොවෙයි. නමුත් කුණු සහ විෂබීජ හුඟක් හොඳට මේ ස්ථාන වල හැංගිලා ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ නියපොතු කොටට කපා තබන්න.
  • ඇඟිලි ආවරණය කරන්න - ඔබේ දරුවා තවමත් දැනුම් තේරුම් ඇති වයසට එළඹිලා නැත්නම් තුවාල පටලය වෙත නොයෑම වැදගත් ඇයි කියන දේ ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. කැසීම වළක්වා ගැනීමට ඔවුන්ගේ ඇඟිලි ආවරණය කිරීමට උත්සාහ කරන්න. ඉතා තදින් එතීම හෝ ප්ලාස්ටර් යෙදීම මගින් රුධිර සංසරණයට බාධා විය හැකි බව මතක තබා ගන්න.
  • එහි ප්‍රතිඵල ගැන කියා දෙන්න - තරමක් වැඩිහිටි දරුවන්ට ඔවුන්ගේ තුවාලයේ පටලය ස්පර්ශ නොකර සිටීමේ වැදගත්කම ගැන විස්තර කර කියා දීමට උත්සාහ කරන්න. ඔවුන්ව දිරිගැන්වීම සඳහා ඔවුන්ට තරු ලබාදීමට සටහනක් පවත්වාගෙන යන්න.
  • අවධානය වෙනතකට යොමු කිරීම - මේ ක්‍රියාව ගොඩක් වැදගත් වන්නේ ළදරුවන්ට සහ යොවුන් දරුවන්ටයි.

වෛද්‍යවරයෙකුට කතා කළ යුත්තේ කුමන අවස්ථාවේද?

සමහර අවස්ථාවල ඔබේ දරුවාගේ කැපීම් වලට ගෙදරදී කරන මූලික ප්‍රථමාධාර වලට වඩා වැඩි පිළියමක් අවශ්‍ය වන්නට පුළුවන්. මෙම කුඩා ප්‍රථමාධාර වලින් පසුව ඔබ වහා වෛද්‍යවරයෙකු ඇමතීම හෝ හමුවීම කළයුතුයි.

  • කැපුම් ස්ථානයෙන් අධික ලෙස රුධිරය වහනය වෙනවා නම් හෝ පීඩනයක් යොදා මිනිත්තු 15ක් ගතවීමෙන් පසුවත් නොනවත්වා රුධිර වහනය සිදුවනවා නම්
  • සම ගැඹුරට පැලී ඇත්නම් හෝ එයට මැහුම් දැමීමට අවශ්‍යවේ යැයි ඔබ සිතනවා නම්
  • අඟල් භාගයකට වඩා දිගට තුවාලයේ මස් මතුව පෙනේ නම්
  • ඔබේ දරුවාගේ වයස අවුරුද්දකට වඩා අඩු නම්
  • කැපුම අනතුරකින්, සතෙකුගේ හෝ මිනිසෙකුගේ සැපීමකින් හෝ ඉතා තියුණු, මලකඩ හෝ අපිරිසිදු උපකරණයකින් සිදුවුවා නම්
  • තුවාලයේ ඇති අපද්‍රව්‍ය මිනිත්තු 10 ක් සේදීමෙන් පසුවත් පවතී නම්
  • සම ගැඹුරට සීරි ගොස් ඇත්නම්
  • හෘදයට රුධිරය ගෙන යන නාලයක කැපීමක් සිදුවී එම ස්ථානය ආසාදනයට ලක්වී රතු පැහැයට පැතිරී ඇත්නම්
  • කැපුම සමග වෙනත් ආගන්තුක දෙයක් තුවාලයට ඇතුළු වුණා නම්
  • සමහර තුවාල ශරීරයේ සමහර තැන් වල ඇති වූ විට ප්‍රතිකාර කිරීම අපහසු වෙනවා. එනම් සන්ධියක, මුහුණේ, බෙල්ලේ හෝ මුඛයේ හෝ ඇසේ ඇතුළත.
  • ඔබේ දරුවාට අවසානයට පිටගැස්ම එන්නත ලබාදුන්නද කියා ඔබට සැක සහිත නම්. විශේෂයෙන් මලකඩ හෝ අපිරිසිදු යමකින් කැපුම් සිදුවුනේ නම්

තැලීම්

ළමයින් ඇවිදීමට පටන් ගත්තම ඔවුන් යමකට හුරුවන විට හෝ ඔවුන් විසින්ම ගැස්සෙමින් නටන විට වැටීමක් සිදු වුනොත් එය තැලීමක් වෙන්න පුළුවන්. නිවසේදී ඔබේ දරුවාගේ තැලීමක් ඇතිවූ විට ඔබ කළ යුතු ප්‍රතිකාර මොනවද බලන්න.

  1. අයිස්

ඔබේ දරුවාගේ යම් ගැටීමක් ඇති වූ විට එය තැලීමක් බවට පත්වේ යැයි ඔබට සිතෙනවා නම් අයිස් පැක් එකක් හෝ අයිස් ගෙන ඒවා පිරිසිදු වියළි තුවායකින් ඔතා වැදුණු ස්ථානයේ මිනිත්තු 15-20 ක් පමණ තබන්න. ඍජුවම සමේ අයිස් තැබීමෙන් වළකින්න.

  1. එසවීම

ඔබේ දරුවාගේ තැලීම සිදුවූ ස්ථානය එනම් අත, පතුල හෝ කකුල වැනි ස්ථානයක් තරමක් උස්ව තැබීමෙන් රුධිර වහනයක් වීම අඩුකර ගැනීමට හැකිවේ.

  1. තාපය

පැය 48 කට පසු හීට් පෑඩ් හෝ උණු වතුරෙන් තෙමූ රෙදි කඩක් එම ස්ථානයේ තබන්න. සීට්ල් චිල්ඩ්රන්ස් රෝහල පවසන ආකාරයට රුධිරය සංසරණයට හා දරුවාට තිබුණ අපහසුතාවයන් මගහැරීමට මෙය උපකාර වෙනවා. 

ඔබේ දරුවාව හීට් පෑඩ් හෝ වෙනත් උණුසුම් දේවල් සමග තනිව දමා නොයාමට මතක තබා ගන්න.

වෛද්‍යවරයෙකු ඇමතිය යුත්තේ කුමන අවස්ථාවේද?

ඔබ පහත සඳහන් දේවල් ඇත්දැයි සොයා බලා ප්‍රමාද නොකර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

  • තැලීම ගැන විස්තර කිරීමට නොහැකිනම් හා තුවාලයක් සිදුවී නැත්නම් හෝ දරුවාට ගොඩක් තැලීම් සිදුවී ඇත්නම්
  • සති දෙකක් තුළ තැලීම් නොපෙනී හෝ අඩුවී ගොස් නැත්නම්
  • සුළු තුවාලයක ප්‍රතිඵලය ලොකු තැල්මක් බවට පත්වූ විට
  • පඩිපෙළෙන් වැටීම හෝ ඉතා උස් ස්ථානයකින් වැටීම වැනි කම්පන සහගත සිද්ධියක ප්‍රතිඵලය තැලීමක් විය හැකියි.
  • ඔබේ දරුවාට උණ ඇත්නම්
  • තැලීම් ස්ථානය ඉතා වේදනාකාරීව, ඉදිමි හෝ ආසනයට ලක්වී ඇත්නම්

ඔබේ දරුවාගේ කැපීමකදී, සීරිමකදී හෝ තැලීමකදී ප්‍රතිකාර කළයුතු ආකාරය පහත වීඩියෝවෙන් නරඹා ඔබේ දැනුම තවත් වැඩිකර ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ