දරුවාගේ කැස්ස ගැන සැලකිලිමත් විය යුතු අවස්ථා 7 ක්

හැම කැස්සක්ම එක වගේ නැහැ. සමහර අවස්ථාවල සාමාන්‍ය හෙම්බිරිස්සාව නිසා කැස්ස ඇති වෙනවා. නමුත් සමහර අවස්ථා වල බරපතල ලෙස කැස්ස ඇති වෙනවා.
හැම කැස්සක්ම එක වගේ නැහැ. සමහර අවස්ථාවල සාමාන්‍ය හෙම්බිරිස්සාව නිසා කැස්ස ඇති වෙනවා. නමුත් සමහර අවස්ථා වල බරපතල ලෙස බබාගේ කැස්ස ඇති වෙනවා.
බබාගේ කැස්ස ගැන සැලකිලිමත් විය යුතු අවස්ථා 7 ක්
1. බිරුමක් වැනි cough එක
බබාගේ කැස්ස බල්ලෙකු බුරන ලෙස ශබ්ධයක් එනවා නම් සහ ඔහු හුස්ම ගැනීමට මහත් පරිශ්‍රමයක් දරනවා ඔබ දුටුවා නම් ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙනවා.
වෛරසයක් නිසා ඔබේ දරුවාට cough එක ඇතිවී ඇත්නම් ඔහුගේ උගුර හා හඬෙහි ප්‍රශ්නයක් ඇති වෙනවා.
එසේනම් ඔහුට වැඩිපුර දියර වර්ග ගැනීමට සහ එය පිරිසිදු කර ගැනීමට ඔහුට අවශ්‍ය වෙනවා. කොහොම වුනත් ඔබේ දරුවාට කැස්ස ඇති බව සැක කරනවා නම් ඔහුව වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම වඩා හොඳයි.
2. සෙම සහිත කැස්ස
ඔබේ දරුවා කහින විට සෙම් සහිත බවක් ඇසේනම් එය සාමාන්‍ය කැස්සක් නොවේවි. මෙම cough එක සමග දරුවා වැඩිපුර දියර වර්ග ගැනීමට පෙළඹෙන අතර එය කැස්සට උදවුවක් වේවි.
සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාව සති 1-2 අතර කාලයකින් අවසන් වුවත් කැස්ස දිගු කාලයක් පවතීනම් වෛද්‍යවරයෙකු වෙත යාම වඩාත් සුදුසුයි.
3. රාත්‍රියට ඇතිවන cough එක
රාත්‍රියට හෝ සීතල කාලගුණය නිසාත් සමහර ශරීර ක්‍රියාකාරකම් හෝ ඇදුම වැනි තත්වයන් නිසාත් ඔබේ දරුවට කැස්ස ඇතිවෙන්න පුළුවන්.
ඇදුම තත්වය ඇති වන්නේ හුස්ම ගැනීමේ නාල සෙම වලින් අවහිර වීම නිසා හා ආසාදනයට පත්වීම නිසයි. ඔබේ දරුවාට ඇදුම ඇති බවට සැක සිතේ නම් සුදුසු වෛද්‍යවරයෙකු හමුවී එය තහවුරු කර ගන්න. ඇදුම හඳුනා ගැනීමෙන් පසු නිසි ප්‍රතිකාර ලබා දීමෙන් සුව කළ හැක.
4. වද වේදනා දෙන බබාගේ කැස්ස
දිගින් දිගටම ඇති කැස්ස, මාංශ පේශි වල වේදනාව, කිවිසුම් යාම, තද උණ මෙය වෛරස් උණ තත්වයක ලක්ෂණයක් වෙන්න පුළුවන්.
ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ ප්‍රතිශක්තිය හීන කරනවා. මේ තත්වයේදී හැකි පමණ පානීය දේවල් දරුවාට ලබාදීම වැදගත්. ඒ වගේම වෛරස් උණ තත්වයන් සඳහා වන එන්නතක් හැකි නම් ලබා දීම කළ හැකියි.
5. හතිය සමග එන cough එක
දරුවා කහින විට හතිය හා ශබ්ධයක් නැගෙයි නම් මෙය බ්රොන්කොලිටිස් තත්වය වන්නට පුළුවන්. මෙය පෙනහළු වල සෙම අසාදනය වීමෙන් ඇතිවිය හැකිය. මෙය ශිත දේශගුණයන් වලදී ඇතිවිය හැකිය. මෙවැනි තත්වයකදී හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතීමෙන් තත්වය උග්රවීම නවත්වා ගන්න පුළුවන්.
6. නොනවතින cough එක
එක හුස්මට වාර 20 ක් පමණ දරුවා කහිනවා නම් එහි වුෆින් ශබ්ධය ඇසේනම් මෙය දිගට පවතින කැස්ස ලෙස හඳුනාගන්න පුළුවන්. පර්ටුසිය නමැති බැක්ටීරියාව නිසා මේ තත්වය ඇතිවන අතර වාතය ගෙන යන නාල අවහිර වීම නිසා මේ තත්වය මාස 6 ට අඩු දරුවන්ට ඇත්නම් රෝහල් ගත කිරීම වැදගත්.
7. සෙම සහිත බුරුල් cough එක
සෙම්ප්‍රතිශ්‍යාව සමග ඇතිවන සෙම කැඩෙන කැස්ස නියුමොර්නියාව දක්වා යා හැකි බව දැන ගැනීම වැදගත්. නියුමොර්නියාව පෙනහළු වලට ජලය පිරිම දක්වා ඇතිවිය හැකි භයානක තත්වය මේ නිසා ඇති විය හැක.
දරුවා රෝහලකට ගෙන යාම හා x රේ පරීක්ෂණයක් කිරීම වැදගත්. නියුමොර්නියාව නිවසේ සිට වුවත් නිර්දේශිත බෙහෙත් ලබාදීමෙන් සුව කළ හැකි වුවත් අවශ්‍යනම් රෝහල් ගතවීම කිරීම වැදගත්.
දරුවන්ගේ නිරෝගී සුවය දෙමාපියන්ට ඇති පරම සතුටයි. ඒ සතුට වෙනුවෙන් theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ කරුණු එක් රැස් කළා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ