ඔබේ දරුවාගේ කෑම වලට පිඹීම නොකළ යුත්තේ මෙන්න මේ නිසයි.

lead image

දරුවාගේ කෑම වලට පිඹීම හුඟ අම්මලා කරන දෙයක්. නමුත්, මෙය නොකිරීමට ඉතා වැදගත් හේතුවක් තියනවා. වැඩි විස්තර සඳහා මෙම ලිපිය කියවන්න.

ළදරුවන් රැකබලා ගැනීම පහසු නොවේ. සමහර වේලාවට හානිදායක නැහැ කියලා පේන බොහෝ පුරුදු ඔබේ දරුවාට හානිදායක වෙන්න පුළුවන්. එක උදාහරණයක් ලෙස ඔබ ඔබේ දරුවාගේ කෑම වලට පිඹීම කරන සෑමවිටම ඔවුන්ගේ  කුහර වර්ධනයට එය හේතුවෙන්න පුළුවන්. තේරුනේ නැහැ නේද ?

අපිට විස්තර කරන්න ඉඩදෙන්න. ඔබේ දරුවාගේ කෑම වලට පිඹිනවාද? එපා.

මගේ දරුවාගේ කෑම වලට පිඹීමෙන් කුහර වර්ධනයට හේතුවෙන්නේ ඇයිදැයි ඔබ පුදුම වෙනවා විය හැකිය. කුහර සදහා හේතුවෙන Streptococcus mutans නැමැති බැක්ටීරියාවට අලුත උපන් දරුවන් නිරාවරණය වී නොමැති නිසයි. ආහාර ලබා දීමේදී ඔබේ දරුවාගේ දත් අතර ආහාර රැදෙන අතර Streptococcus අම්ල ඉතිරි කරනවා. මේ අම්ල වලට ඔබේ දරුවාගේ දත් දුර්වල කර කුහර ඇති කරන්න පුළුවන්.

ඔබ ආහාර වලට පිඹීමේදී  ඔබේ හුස්ම දිගේ ඇදි එන බැක්ටීරියා දරුවාගේ කෑමට එකතු වෙන්න පුලුවන්. ඔබේ දරුවා ආහාර ගත් විට ඒ සමග බැක්ටීරියාද සිරුරට එකතු වේ. වඩාත්ම කණගාටුවට කාරණය නම් ඔබේ දරුවාට තවම දත් නොමැති නම් ඔවුන්ගේ පළමු කිරි දත මෝදු වීමට පටන් ගත් විට Streptococcus වර්ධනය වීම පටන් ගන්නා අතර ඒ මගින් දරුවාගේ දතෙහි දත් මැලියම් , කුහර ඇති වීමට එය හේතු වේ.

ආහාර වලට පිඹීමට අමතරව ඔබ ඔබේ දරුවාගේ මුව සිප ගැනීමෙන්  , එකම වතුර වීදුරුව භාවිතයෙන් හෝ ආහාර ගැනීමේදී එකම උපකරණ භාවිතයෙන් බැක්ටීරියා ආසාදනය විය හැකිය.

දරුවාගේ කෑම වලට පිඹීම: මේ වෙනුවට දෙමව්පියන් කල යුත්තේ කුමක්ද ?

ඔබේ දරුවා Streptococcus mutans නැමැති බැක්ටීරියාව ආසාදනයෙන් වලක්වා ගැනීමට ඔබේ කෙළ ඔබේ දරුවාගේ ශරීර ගත වීම වළක්වා ගැනීම වැදගත් වේ.  දරුවාගේ ආහාර සිසිල් කිරීමට එයට පිඹීම වෙනුවට එය විනාඩි කිහිපයක් ශීතකරණයේ තැබීම , දරුවාගේ ආහාර වේලාවට පෙර එයට සිසිල් වීමට දීම කල හැකිය.

ඒ වගේම ඔබේ දරුවාගේ මුඛය පිරිසිදු ජලයෙන් හා පිරිසිදු රෙදි කැබැල්ලකින් නිතර  පිස දැමීම වැදගත් වේ. මේ මගින් ඔවුන්ගේ මුඛය පිරිසිදුව තබා ගැනීමටත් ඔබේ දරුවාගේ මුඛය තුල කුහර ඇතිවෙන බැක්ටීරියා වර්ධනය නැවැත්වීමටත් උදව් කරනවා.

පුංචි පැටියාගේ ආහාර වල උණුසුම අඩු කරන්න පිඹීම හොද ක්‍රමයක් විදියට පේන්න පුලුවන්. ඒත් එහි මේ සැගවුන පැතිකඩ ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී