ඔබේ දරුවාගේ දත් වලට හානිදායක මේ පුරුදු ගැන ඔබ දන්නවාද?

lead image

දරුවන්ගේ දත් රැක ගන්නේ කෙසේද?

ඔවුන් වයසෙන් වැඩෙත්ම ඔවුන්ගේ දන්ත සෞඛ්‍ය නිරෝගීතාව සමග දිගු ගමනක් යන්නට ඔබේ පුංචි  පැටියාගේ මුතු ඇට වන් දත් මුලික අවධියේදී  සෞඛ්‍ය  සම්පන්න බව අනිවාර්යයෙන්ම තහවුරු කරගන්න.

මෙම පුරුදු  හතට ඔබේ දරුවාගේ දත් වලට මුළුමනින්ම හානි  කිරීමට පුළුවන්. එබැවින් ඔබේ දරුවාගේ ජීවිතයේ පසුකාලයේදී  දන්ත ගැටලු ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය  නම් මෙම පුරුදු  වලින්  වළක්වා ගැනීම වැදගත්ය.

දරුවාගේ දත් වලට හානිදායක පුරුදු

1. දේවල් සැපීම

මෙය ළමයින් බොහෝ දෙනෙක් කරන දෙයක් වේ. ඔබ ඔවුන්ගේ සෙල්ලම් බඩු, පැන්සල්, පාට කූරු  මත ඔවුන් සපා කෑ බවට සලකුණු  ඔබට  දැකීය  හැකිය. ඔවුන් දත් වලට  හානි වෙනවා  පමණක් නොව, බිම ඇද වැටුණු යමක්  සපා කෑමෙන්   ඔවුන් රෝගී වීමට  පවා ඉඩ ඇත.

2. බොහෝ රසකැවිලි ආහාරයට ගැනීම

සීනි දරුවන් සඳහා සුදුසු  නැත (දරුවන් රස කැවිලි වලට කැමති වුවත් ) බොහෝ සීනිමය  ආහාර ගැනීමෙන් ඔබේ දරුවාට වේදනාකාරී දත් කැක්කුම් ඇතිවෙන කුහර  හටගත හැකිය.

3. සිසිල් බීම  පානය කිරීම

සිසිල් බීම ඔබේ දරුවාගේ සෞඛ්‍යයට පමණක් නොව ඔබේ දරුවාගේ දත් වලටද සුදුසු නොවේ. ඔබේ දරුවාට ගෙදරදී  සිසිල්  බීම පානයට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට යුෂ හෝ ජලය ලබා දීම සුදුසු වේ.

4. තදින් දත් මැදීම

තදින් දත් මැදීමෙන් ඔබේ දරුවාගේ දත් වලට  හානි පමුණුවයි. විශේෂයෙන් දැඩි දත් බුරුසුවක් භාවිතය එනැමල් සෙමින් ගැලවී යෑමට හේතු වේ.  තදින් දත්මැදීමෙන් ඔබේ දරුවාගේ විදුරුමස් වලටද හානි පමුණුවයි. එමනිසා ඔවුන් එය නිවැරදිව  කරන බවට සහතික  ගන්න.

5. ඔවුන්ගේ දත් උපකරණ ලෙස භාවිතා කිරීම

සමහර අවස්ථාවලදී ළමයින්  ආහාර පැකට්  විවෘත කිරීම , බෝතල් විවෘත කිරීම හෝ විවෘත කිරීම දුෂ්කර දෙයක් අල්ලා ගැනීමට   ඔවුන්ගේ දත් භාවිතා කරනු ලබයි. මෙය නිසැකවම ඔවුන්ගේ දත් වලට හානි කරනු ලබයි, එමනිසා ඔබේ දරුවා මෙම හැසිරීම මඟහරවා ගන්න.

6. ඔවුන්ගේ දත්සපා කෑම

දත් සපා කෑම  හානි පමණක් නොවෙයි සමහර විට එය ඔබේ දරුවාගේ දත් ගෙවී යෑමට  හේතු වේ. ඇතැම් අවස්ථාවලදී දත් සපා කෑම   මානසික පීඩනය හෝ කාංසාව හේතුවෙන්  විය හැකිය. ඔබේ දරුවා ඔවුන්ගේ දත් සපා කන්නේ  නම්, එය පරීක්ෂා කර බැලීමට දන්ත වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමට වග බලා ගන්න.

7. දත් මැදීම අමතක වීම

ඔබේ දරුවන්  දිනකට දෙවරක් දත් මැදිය යුතුය.    දරුවන් වැඩිහිටි වියේදි තමන් විසින්ම දත් මැදීම සිදුකරනු ලබන නිසා ඔබේ දරුවාට කුඩා වියේ සිට පුරුදු  කල යුතු වැදගත් පුරුද්දක් වේ. එමනිසා දත් අමාරු  හෝ දත් ගැටළු හේතුවෙන් දන්ත වෛද්‍යවරයෙකු වෙත යෑම   වළක්වා ගැනීමට ඔබට  අවශ්‍ය  නම්, ඔවුන්ගේ දත් නිසියාකාරව රැකබලා ගන්නේ කෙසේදැයි ඔවුන්ට උගන්වන්න.

දත් කැකුළු පාලා - සුරතල් සිනා සීලා

ඉන්නනම් පැටියා - රකිනු දත් ආදරේ දීලා

මේ ආදරණීය මතක් කිරීම The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී