පර්යේෂණ වලින් සනාථ කළ පාඩම් වැඩ ප්‍රතිඵලදායක ලෙස ඉටු කර ගත හැකි උපක්‍රම 8ක්

lead image

සිසුන් උඩින් පල්ලෙන් පොත් කියවීම, නැවත නැවත කියවා මතක තබා ගැනීම වැනි උපක්‍රම කරුණු මතක තබා ගැනීමට යොදා ගන්නා උපක්‍රම අතර වෙනවා. නමුත් විශේෂඥයන් ඒවා එතරම් ප්‍රතිඵල දායක නොවන බව පවසනවා

වර්තමාන සමීක්ෂණ මගින් දරුවන් පාඩම් කරන ආකාරය එතරම් ප්‍රතිඵලදායක නොවන බව සොයාගෙන තියෙනවා.

වොෂින්ටන් සෙන්ට් ලුයිස් හි සරසවියේ මාක් මැක් ඩැනියෙල්, හෙන්රි රොජර් විසින් කරන ලද නිගමනයන් වලින් එය සනාථ කර තියෙනවා.

වසර 80 කට වැඩි අත්දැකීම් ඇති මේ විශේෂඥයන් විසින් The Science of Successful Learning යන පොතෙහි ඒ  ගැන සඳහන් කරනවා.

සිසුන් උඩින් පල්ලෙන් පොත් කියවීම, නැවත නැවත කියවා මතක තබා ගැනීම වැනි උපක්‍රම කරුණු මතක තබා ගැනීමට යොදා ගන්නා උපක්‍රම අතර වෙනවා. නමුත් මේ විශේෂඥයන් ඒවා එතරම් ප්‍රතිඵල දායක නොවන බව පවසනවා. ඊට අමතරව ඔවුන් එයින් වඩාත් සාර්ථක වන සංකල්ප 8ක් දක්වනවා.

නැවත නැවත සටහන් කියවීම කරන්න එපා

විශේෂ මතය - හුඟක් දරුවන් සටහන් නැවත නැවත කියවීම කරනවා. හුඟක් සිසුන් කරන අනවශ්‍ය ක්‍රියාවලිය එයයි. හොඳ මතකයක් ලබාගන්න එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවෙයි. වොෂින්ටන් සරසවියේ සිසුන් ඇසුරින් කළ පර්යේෂණ අනුව ඔවුන් ක්ෂේත්‍ර පොත් කියවීමෙන් මතකය ලබාගැනීම අඩු බව පවසනවා.

පළමු වර පොතක් කියවීම සාර්ථක වුනත් දෙවන තෙවන වර කියවීමේදී එය ඔබ දන්නවා යන පණිවිඩය මනසට යාම නිසා බොහෝ තැන් අතපසු කර කියවීම කරනවා.

ඔබ ගෙන්ම ප්‍රශ්න නගාගන්න

විශේෂ මතය - කියවීම සමග ඔබ විසින් ඔබෙන් ප්‍රශ්න ඇසීම වැදගත්. ඔබ විසින් අසන ප්‍රශ්න වැරදුනොත් ඔබ එය නැවත නැවත නිවැරදි කරගන්න. එය හැදෑරීමට නිසි මග පෙන්වීමක් ලබාදෙනවා. ඒ වගේම ඉන් ගැඹුරින් කරුණු වටහා ගන්න උදවු වෙනවා. ඇයි?, කොහොමද?, කුමක්ද? යන ප්‍රශ්න නිතර නගාගන්න. ඒ සමග ඔබ මනස තුළින් එය පැහැදිළි කරනවා. ඒ මගින් අවසරය ලබාගන්නවා. ඒ නිසා වටහා ගනිමින් ප්‍රශ්න නගමින් මතකය අලුත් කරගන්න.

දන්න දැනුමට අලුත් දැනුම එකතු කර ගන්න

විශේෂ මතය - දෙවන වර කියවන විට ඔබ දන්නා දේ සමග කරුණු මුසු කරන්න. විද්‍යාත්මක න්‍යායකට ප්‍රයෝගික උදාහරණ මතකයේ තබාගන්න.

නව සංකල්ප මවාගන්න

විශේෂ මතය - තමන් ආසා කරන දෙයකට රූප, ප්‍රස්ථාර , ජ්‍යාමිතික හැඩ ඇඳ ගැනීමෙන් මතක තබා ගන්න. පාඩම් හැමවිටම තමන්ට ආවේනික ලෙස කරුණු හදාගෙන මතක තබාගැනීම ප්‍රතිඵල  දායකයි. සරලව කියතොත් ඉගෙන ගන්න පුද්ගලයා වැඩිපුර කරුණු ප්‍රශ්න කර ගැනීමට වඩා ගැඹුරින් සිතා තමන්ම ප්‍රශ්න කරන්න හැකි ක්‍රමයක් නිර්මාණය කරගත යුතුය.

ෆ්ලෑෂ් කාඩ් භාවිතා කරන්න

විශේෂ මතය - එය නැවත ඔබව පරික්ෂා කිරීමක්. ෆ්ලෑෂ් කාඩ් මගින් ඔබට කරුණු මතකයේ තබාගන්න පුළුවන්. එය කටපාඩම් කිරීමට වඩා මතකය දියුණු කිරීමත් කරනවා.

කට පාඩම් කරන්න එපා

විශේෂ මතය - එය ඉතා තාවකාලිකයි. හැම දිනයකම එය මතක තිබීම වැදගත්. ඔබ අවසන් වසරට යන විටත් ඒ දැනුම වැදගත් වුවත් ඔබ කටපාඩම් කළ දෙය මතකයේ නොතිබෙන්න පුළුවන්. බොහෝ විට ඊළඟ වසරට එළඹෙන විට සිසුන්ට බොහෝ අධ්‍යන කරුණු අමතකව තිබෙන්නේ ඒ නිසයි.

ඒකාකාරීව යනවට වඩා මිශ්‍රව ඉගෙනීම

එකම කරුණු හා මාතෘකාවෙන් මාතෘකාව පසු කරගෙන යනවට වඩා ඒවා නැවත ආවර්ජනය කිරීම අතර මැදදී සිදුවීම වැදගත්. ගුරුවරුන් මාතෘකාව පසු කරගෙන ගියත් ඒ අතර ඇති අන්තර් සබඳතා අමතක කර දැමිය යුතු නැති බව සිසුන්ට වටහා දීම වැදගත්.  

මීට ගුරුවරුන්ට සති කිහිපයකට පසුව ඒ ගැන විමසීම කළ හැකියි. මෙය ගෙදරදී කරන වැදගත් අංගයක් වන්නට        පුළුවන්. එක් පටිපාටියකට වැඩකරගෙන යාම නිසා නැවත ආවර්ජනය වැදගත්. උදාහරණයක් ලෙස ගැටළුවකට පිළිතුරු සෙවීමට ඊට අදාල තවත් තොරතුරු එක්රැස් කිරීම වැදගත්. මතකය සහ ආවර්ජනයත්  එහෙමමයි. අධ්‍යනයකදී කරුණු මතක තබා ගැනීමටත් එය වැදගත්.

මට පුළුවන් මේ විෂය විතරයි

විශේෂ මතය - කෑරල් ස්ටෙක් විසින් රචිත පොතක මෙය ඉතා ආකර්ෂණීය ලෙස සටහන් වෙනවා. මට පුළුවන් ගණිතය විතරයි. නැතිනම් ජ්‍යාමිතිය විතරයි. නමුත් එහෙම දෙයක් නැහැ. මට විද්‍යාව බැහැ යැයි සිතීම වැරදියි. නමුත් කළ යුත්තේ නිසි සංකල්පය යොදා ගැනීමයි. තමන්ට යමක් බැරි බවට හිත තුළ මුල් බැසීම ඉතා අහිතකර වන නිසා ගුරුවරුන් එය දරුවන්ට කියා දීමෙන් එක උපායක් අසාර්ථක නම් වෙනත් උපායක් උත්සාහ කර බැලීමට යොමු කරවීම වැදගත්.

දරුවනුත්, දෙමාපියන් වගේම ඉතා විඩාබර ගමනක යෙදි ඉන්නේ අධ්‍යාපනයේ තරඟකාරීත්වය නිසයි. ඊට පාඩම් වැඩ මතකයේ තබා ගැනීම වැදගත්ම කාරණයක් නිසා theAsianparent Sri Lanka අපි මේ තොරතුරු ඔබට ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ