මගේ දරුවාගේ බර අඩු වෙන්නේ ඇයි?

ඔබ බොහෝ විට " මගේ දරුවාගේ බර අඩු වෙන්නේ ඇයි ?" යැයි පුදුම වෙනවා නම් ඔබේ දරුවාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය  ගැන බැරෑරුම්ව බැලීමට කාලය එළඹිලා. මෙන්න එසේ කීමට හේතු.

අම්මා කෙනෙක් වශයෙන්  ඔබ දකින නරකම දෙය වන්නේ ඔබේ දරුවා ඉක්මණින් කෙට්ටු වීමයි.  "මගේ දරුවාගේ බර අඩු වෙන්නේ ඇයි ?" යන්න ඔබටම මුමුණා ගනිවි.

ඔබ  ඔහුගේ ආහාරය, ශාරීරික ක්‍රියාකාරකම් සහ නින්ද ගැන සැලකිලිමත්   වුවත්, ඔබේ දරුවාගේ බර අඩු වීම ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු කාරණයක් තියෙන්න  පුළුවන්  .

"ඔහුගේ  සාමාන්‍ය  බර කොතරම් විය යුතුද? මම මගේ දරුවාට දෙන පෝෂණය ප්‍රමාණවත් නැතිද? ඔහු රෝගීවීද? මගේ දරුවාගේ බර අඩු වෙන්නේ ඇයි ?" ඔබ පුදුම වෙනවා වෙන්න  පුළුවන් .

ඔබ ඔබේ දරුවාගේ  බලාපොරොත්තු නොවු බර අඩු වීමක්  සහ මෙම  සැලකිලිමත් විය යුතු ප්‍රශ්න දුටුවොත්  දිගටම කියවන්න.

මගේ දරුවාගේ බර අඩු වෙන්නේ ඇයි ? මුලික කරුණු වලින් ඔබ්බට

ළමයින්  බර කිරන විට  බර අඩු වැඩි වීම ටිකක්  සාමාන්‍ය  දෙයක් වෙනවා. නමුත් ඔබේ දරුවාගේ බර බලාපොරොත්තු නොවු වේගයෙන් අඩු වන්නේ නම්, දෙමාපියන්ට එය කනස්සල්ලට හේතුවක් වෙන්න  පුළුවන් .

අවුරුදු නමයත් දොළහත් අතර දරුවන්ගේ  හා නව යෞවුන් දරුවන්ගේ  බලාපොරොත්තු නොවු බර අඩු වීම සම්බන්ධයෙන් වැඩිවිය  පත්විය තීරණාත්මක  ලෙස කටයුතු කරනවා.

ඔවුන්ගේ හෝර්මෝන පිරිමි ළමුන්ගේ වෘෂණ විශාල වීම  සහ ගැහැණු පියයුරු වර්ධනය මෙන්ම උස වේගයෙන් වැඩිවීම ඇතුළු විවිධ ශාරීරික වෙනස්කම් ඇති කරනවා. මෙම ශාරීරික වෙනස්කම් ද හදිසි බර අඩු වීමට හේතු වේ.

දරුවන්ගේ කැලරි ඉක්මනින්ම දහනය වන්නේ  නම්, දරුවන් සෞඛ්‍ය  සම්පන්නව ආහාර නොගන්නේ නම්  හෝ රෝගාතුරව සිටී නම් හෝ ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියා අඩු නම් දරුවන්ගේ බර නිතර අඩුවෙනවා.

ඕනෑම ආකාරයකින් අනපේක්ෂිත බර අඩු වීමක් දරුවාගේ සෞඛ්‍ය  හා සමස්ත වර්ධනය හා සංවර්ධනය කෙරෙහි අහිතකර බලපෑම් ඇති විය හැකිය.

නමුත් ඔබ ගැටළුව  පෙර සහ ඔබේ දරුවා තුල යම්කිසි වැරැද්දක් ඇති බව අනුමාන කිරීමට පෙර පුද්ගලයෙකුගේ ශරීර සෞඛ්‍ය ඔහුගේ බර අනුව තීරණය වන්නේ කෙසේද යන්න හා එය ඒ මත වෙනස් විය හැක්කේ  කෙසේද  අපි පළමුවෙන්ම වටහා ගනිමු.

මගේ දරුවාගේ නියමිත බර කොපමණද?

ඔබේ දරුවා නිරෝගීද ,සෞඛ්‍ය සම්පන්න දැයි දැන ගැනීමට ඔහුගේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) පරීක්ෂා කිරීමට සිදු වෙනවා.  එය ඔබට ඔබේ දරුවාගේ බර උස හා වයස  උචිතද කියා දැනගැනීමට ඔබට උපකාර වෙනවා .

ළමා රෝග  විශේෂඥ වෛද්‍ය  නන්සි ටෑන්ට අනුව, ශරීර ස්කන්ධ දර්ශකය හෝ BMI යනු පුද්ගලයකු බර හෝ උස අනුව ඔහුගේ  බර ප්‍රමාණය ඉක්මවා ඇතිද නියමිත බර අඩුද, ස්ථුලතාවය තිබේද යන්න ගණනය කිරීම සඳහා මිනුම් වේ.

ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කරනු ලබන්නේ ශරීරයේ බර උසෙහි වර්ගයේ අගය මගින්  බෙදීමෙනි.

කෙසේ වෙතත්, පුද්ගලයාගේ වයස සහ ඔවුන්ගේ භෞතික ලක්ෂණ  මත පදනම්ව වෙනස්කම් ඇති වේ.  විවිධ ශරීර වර්ග නිසා, බටහිර පුද්ගලයිගේ සාපේක්ෂ වැඩි බර සීමාව  නිරිතදිග  ආසියානුවන්ට වඩා වැඩි වේ.

මීට අමතරව, වැඩිහිටියන්ට වඩා  ළමුන් ගේ  BMI  වෙනස් ආකාරයට මනිනු ලබයි.  ගණනය කිරීම වෙනස් නොවී තිබුනද එකම ලිංගභේදය හා වයස සමඟ ළමුන්ගේ සෞඛ්‍ය  සම්පන්න බර පරාසයක් නිශ්චය කිරීම සඳහා සැසඳීමක් සිදු කරනු ලබයි .

මෙම සියලු සාධක සමඟ මෙයත්  මතක තබා ගන්න. ඔබේ දරුවා නිරෝගී බර පරාසය තුලදැයි නිශ්චය කර ගැනීමට නිවසේ  BMI  ගණනය කිරීම ගැටළු සහගත මිනුමක් විය හැකිය.

ඔබ ඔබේ දරුවාගේ වැඩි බර හෝ අඩු බර ගැන සැලකිලිමත් නම්  උපදෙස් ලබා ගත හැකි ඔබේ පවුලේ වෛද්‍යවරයා  හමුවෙන්න .

BMI ප්‍රස්ථාරයක් කියවා බලන්න

දැන් සෑම BMI ප්‍රස්තාරයක් ම සීයේ කොටස් වලට  බෙදා ඇත. ඔබේ දරුවාගේ බර සියයට 5 ට වඩා අඩු නම්, ඔබේ දරුවාගේ බර අඩුවේ.

ඔබේ දරුවාගේ බර අඩුවෙන අවස්ථාවක ඔහුට දෛනිකව ආහාර වේල හා ශාරීරික ක්‍රියාකාරකම් වලින්  සහයක් අවශ්‍ය බව  වෛද්‍යවරුන් සාමාන්‍යයෙන්  අනුමාන  කරනු ලබනවා.

ඔහුගේ වයසට සහ උසට ගැලපෙන  සෞඛ්‍ය  සම්පන්න බරක් ලබා ගැනීම සඳහා ඇතැම් ආහාර මිනුම්  හා විශේෂ ව්‍යායාම ද ඔවුන් නිර්දේශ කරනු ලබයි .

නමුත් ඔබේ දරුවාගේ හදිසි බර අඩු වීම රෝග ගණනාවක් සමඟ සම්බන්ධ වී තිබිය හැක. එය කණස්සල්ලට හේතුවක් වේ. එමනිසා ඊළඟට කළ යුතු දේ වන්නේ, ඔබේ දරුවාගේ දිනපතා වැඩ කටයුතු සහ ආහාර වේලෙහි වෙනස්කම් පරීක්ෂා කිරීම සහ රෝගාබාධ මොනවා දැයි පරීක්ෂා කර බැලීමයි.

දරුවන්ගේ බර අඩු වීමට හේතු මොනවාද?

පහත සඳහන් රෝග ලක්ෂණ සමග බලාපොරොත්තු නොවු වේගවත්  බර අඩු වීමත්    පෙන්නුම් කළහොත් බොහෝ දරුවන්ගේ බර ඉක්මනින්  අඩු වේ. බොහෝ අවස්ථාවන්හීදී, බර අඩු වීම, සැගවී ඇති වෛද්‍ය ගැටලුවක ප්‍රථම දර්ශකය පමණක් විය හැකිය.

එමනිසා, මේවා ළමා ශරීරයේ 'වෙනස්කම්' ලෙස නොසලකා නොසිටිය යුතුය.

  • උණ රෝගය
  • විජලනය
  • මුත්‍රා පහවීම අඩුවීම 
  • පාචනය හෝ වමනය
  • සෙම්ප්‍රතිශ්‍යාව  හා කැස්ස
  • උගුර වණ වීම
  • පපුවේ සහ කණේ වේදනාව
  • අධික නිදිමත හෝ නිදිමත නොමැති වීම 
  • මානසික පීඩනය 
  • බුලිමියා හෝ ඇනරෙක්සියා වැනි ආහාර ගැනීමේ ගැටළු
  • ළමාවිය පිළිකා
  • ආමාශය හා බඩවැල් ගැටළු 

මෙම වෙනස්කම් හෝ රෝගාබාධයන් ඔබ දුටුවොත් , ඔබේ දරුවා වහාම වෛද්‍යවරයා  වෙතට ගෙන යන්න. කෙසේවෙතත්, ඔබේ දරුවා මෙම ගැටළු කිසිවක් නොමැතිව තවමත් බර අඩු වෙමින් පවතී නම් එය නිසි පෝෂණය නොලැබීම නිසා විය හැකිය .

මගේ දරුවාගේ බර වැඩි කරන්නේ කෙසේද?

ඔබේ දරුවාගේ බර වැඩි කිරීම සදහා ඔබට ඔහුගේ ආහාර වේල වෙනස් කිරීමට සිදුවෙනු ඇත.

සෞඛ්‍ය  සම්පන්න මේද, තන්තු හා අත්‍යාවශ්‍ය  පෝෂ්‍ය පදාර්ථ හා ඛනිජ ද්‍රව්‍ය  එකතු කිරීමත් සමඟ ඔබේ දරුවාට ඔහුගේ නියමිත  බරට ළඟා විය හැක.

•ඔබේ දරුවාට පළතුරු හා එළවළු විවිධ වර්ගවල කොටස් පහක් ලබා දෙන්න.

•සහල්, අර්තාපල්, පාන් සහ පැස්ටා ඇතුළුව කාබෝහයිඩ්‍රේට්  බහුල ආහාර ආහාර වේලට අඩංගු කරන්න.

• කිරි සහ කිරි නිෂ්පාදන  ඔබේ දරුවාගේ ආහාර  වේලට එකතු කරන්න

•බිත්තර, මාළු, බෝංචි වැනි ප්‍රෝටීන් -බහුල ආහාර එකතු කරන්න .

• ඔහුට  දියර වර්ග හා අවම වශයෙන් ජලය  වීදුරු 10 ක් වත් ලබා දීමට වගබලා ගන්න.

මෙම ආහාරමය පියවරයන්ට අමතරව ඔබේ දරුවාට හොඳින් විවේකයක් ලැබෙන   බවටත්   අතර මානසික පීඩනයකින් තොර ජීවිතයක් ඇති බවටත්  තහවුරු කර ගන්න. ඔහුගේ මානසික සෞඛ්‍යය ඔහුගේ ශාරීරික සෞඛ්‍යයේ තීරණාත්මක සාධකයක් වේ.

ඔබේ දරුවාගේ බර අඩුවීම ගැන මේ වටිනා තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී