දරුවාගේ බර වැඩි කරගන්න සෞඛ්‍යසම්පන්න ආහාර 7 ක්

lead image

මේ ආහාර වර්ග මොනවාදැයි කියා දැනගන්න මෙම ලිපිය දැන් කියවන්න.

මහත හා තරබාරු දරුවන් ගැන අපි නිතර කතා කරනවා. නමුත් අඩුබරත් සැලකිය යුතුම කාරණයක්. දකුණු ආසියාවේ දරුවන්ගෙන් 28% ක්ද දකුණු නිරිතදිග ආසියාවේ දරුවන්ගෙන් 16% ක්ද අඩු බර දරුවන් බව කියවෙනවා. ඉතින් දරුවාගේ බර වැඩි කරගන්න පුලුවන්ද?

මෙවැනි දරුවාගේ බර වැඩි කරගන්න කැලරි අධික ආහාර දරුවන්ට ලබාදීමට පෙළඹෙනවා.

නමුත් කැලරි වලට වඩා දරුවන්ට අවශ්‍ය හොඳ පෝෂණයක් ලැබීම වඩා වැදගත් වෙනවා.

ඔබේ අඩු බර දරුවාගේ බර වැඩි කරගන්න මෙන්න පෝෂ්‍යදායි ආහාර 7ක්:

1. ප්‍රෝටීන් බහුල මාළු, බෝංචි හා බිත්තර වැනි ආහාර

ප්‍රෝටීන් ඔබේ දරුවාගේ වර්ධනයට හා මාංශ පේෂින්ගේ වර්ධනයට ඉවහල් වෙනවා.

මාළු වල ඇති ඔමේගා 3 නිසා දරුවාගේ වර්ධනයට විවිධ ආකාර වලින් උදවු වන බව සොයාගෙන තියෙනවා. බෝංචි වලත් විටමින්, මිනරල් අඩංගු වන අතර බිත්තර ඒ වගේමයි.

2. පෝෂණීය එළවළු

සුදු බත් වලට උවමනාවට වඩා කබෝහයිඩ්රේට් අඩංගු නිසා දරුවන්ට සීනි ඇතිවීමේ අවධානමක් තියෙනවා. නමුත් ඒ වෙනුවට ඔබට වෙනත් පෝෂණීය තෝරාගැනීම් රැසක් තියෙනවා. ඇට වර්ග වල ෆයිබර් සහ බොහෝ පෝෂණ ගුණ තියෙනවා.

නමුත් ඔවුන්ට දිරවීමට තරමක් අපහසු වෙනවා. ඒ නිසා අල, වට්ටක්කා වැනි එළවළු තෝරාගැනීමත් වැදගත්.

3. දරුවාගේ බර වැඩි කරගන්න ඕට්මීල් දෙන්න

ඕට්මීල් වල ඇති ෆයිබර් විටමින් සහ ඛණිජ ලවන අඩංගු වෙනවා. කිරි, පලතුරු සමග මුසුකර දරුවන්ට පෝෂ්‍යදායි කෑමක් ලෙස දෙන්න පුළුවන්.

4. දරුවාගේ බර වැඩි කරගන්න චීස් සහ යොදය සහිත කිරි දෙන්න

චීස් වල අඩංගු කැල්සියම් නිසා අස්ථි වල වර්ධනයට ඉතා හොඳයි. කොහොමත් දරුවන් චීස් වලට කැමති නිසා ලුණු වැඩිය අඩංගු නැති බිස්කට් වර්ගයක් එක්ක වුනත් දෙන්න පුළුවන්.

යොදය සහිත කිරි බර අඩු දරුවන්ට ඉතා හොඳ වන්නේ එහි ඇති මේදය හා කැල්සියම් නිසයි.

avacado2

5. කෙසෙල්ගෙඩි සහ අලිගැටපේර

මෙම පලතුරු වර්ග දෙකම කැලරි වලින් අනුනයි. රසත් ඉහළයි. ඔවුන්ට නිතර අතුරුපසක් ලෙස හෝ ස්මූදී එකක් ලෙසත් සකසා දෙන්න.

6. ඇට වර්ග

කර කර ගාලා හැපෙන දේවල් වලට දරුවන් කැමතියි. ඒ නිසා ඇට වර්ග ඔවුන්ට කදිමයි. මෙහි අඩංගු ශරීරයට ගුණදායි මේද හා කලෙස්ටර්රෝල්  වර්ග මීට හේතු වෙනවා. එත් ඇට වර්ග තවමත් ගිලීමට අමාරු දරුවන් හට ඇට වර්ග තැවරුමක් ලෙස ලබා දීම වැදගත්.

7. යෝගට්

යෝගට් දරුවන්ට කෑමට ලේසියි. ඒ වගේම ගුණයෙන් ඉතාම ඉහළයි. නමුත් සීනි හා වර්ණඛාරක අඩංගු යෝගට් දරුවට ලබා දීමෙන් වැළකීමට වගබලා ගන්න.

 අපි හැමදාමත් කියනවා වගේ නිවැරදි ආහාර පුරුදු ජිවිතයට වැදගත් වන්නේ ජීවිතය ආරම්භයේ සිටම යි.

theAsianparent Sri Lanka එහි වැදගත්කම නිසාම මේ සටහන ඔබ වෙත ගෙන එන්නට හේතු වුණා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියන