දරුවාගේ බුද්ධිය මවගෙන් ලැබෙන බව විද්‍යාවෙන් තහවුරු කරයි

දරුවාගේ බුද්ධිය මවගෙන් ලැබෙන බව විද්‍යාවෙන් තහවුරු කරයි

විද්‍යනුකූල සොයාගැනීම් වලට අනුව බුද්ධිය සැබවින්ම මවගෙන් දරුවන්ට ලැබෙන බව සනාථ කර තිබෙයි.

ලොව පුරා මව්වරුන්ට නම් මෙය සැබවින්ම අමන්දානන්දයට කරුණක් වනු නොඅනුමානයි. දරුවාගේ බුද්ධිය මවගෙන් බව නැතහොත් මවගේ ජාන මගින් දරුවන්ට ලැබෙන බව දැනගැනීමට මවකට කෙතරම් සතුටක්ද?

Psychology spot හි මනෝවෛද්‍ය ජෙනිෆර් සුවාරෙස්ට අනුව බුද්ධියේ ජානය දරුවන්ට ලබාදීමේ කර්තව්‍ය සිදුවන්නේ මවගේ ජාන මගින් බව පවසනවා.

දරුවාගේ බුද්ධිය මවගෙන්: බුද්ධිමත් බව හමුවන්නේ x වර්ණ දේහයෙනි

අධ්‍යනයන් ගණනාවකට අනුව ජර්මනියේ UIM විශ්වවිද්‍යාලයේ පවත්වන ලද සමික්ෂණයකට ද අනුව බුද්ධිය සපයන ජානය x වර්ණදේහයෙහි ඇති බව සොයාගනු ලැබුවා.

කාන්තාවන් එවැනි ජාන දෙකකට හිමිකම් කීම නිසාත් බුද්ධිය ලැබීමේ ජානය තම මවගෙන් ලබාගන්නා බව පෙනී යනවා (දරුවාගේ බුද්ධිය මවගෙන්). ඒ වගේම 30% ක් පිරිමින් තුළ බුද්ධිමය ඌණතා දකින්නට ලැබීම මගින්ද මෙය තවදුරටත් සනාථ වන්නක් සුවාරෙස්  පවසනවා.

ස්කොට්ලන්තයේ The Medical Research Council Social and Public Health Unit මගින් පවත්වන ලද අධ්‍යනයකට අනුව බොහෝ දුරට මවට ඇති සාමාන්‍ය දැනීම පිළිබඳ බුද්ධි මට්ටම මගින්ද එය සනාථ වන බව කියවෙනවා.

තරුණ තරුණියන්ගේ බුද්ධි මට්ටම ඔවුන්ගේ මව්වරුන්ගේ බුද්ධි මට්ටමට අනුව 15% ක් වෙනසක් පමණක් දක්නට ඇති බව සුවාරෙස් වාර්තා කරනවා.

ජාන වලින් පමණක් නොව මව සමග ඇති බැඳීම ද ඊට වැදගත්

විද්‍යාවට අනුව 60% ක බුද්ධියට පරම්පරාගත හා ආවේනික බලපෑමක් තියෙනවා.

ඒ වගේම දරුවෙකු බලාගන්න හා හදාවඩා ගන්න ආකාරයද දරුවාගේ බුද්ධි වර්ධනයට හේතු වෙනවා.

මිනෙසෝටා විශ්වවිද්‍යාලය මගින් කරන ලද සමීක්ෂණ වලට අනුව තම මව සමග ඉතා ආරක්‍ෂිත බැඳීමක් ඇති දරුවන් පරීක්ෂණ වලදී ඉතා හොඳින් දක්ෂතා පෙන්වන බව පැවසෙනවා.

මේ දරුවන්ට ආරක්ෂාව දැනෙන නිසා ඔවුන් තුළ විශ්වාසය ඇතිවෙනවා.

ඒ නිසා කලකිරීම් නැතුව අමාරු හා බැරෑරුම් අවස්ථාවන්ට මුහුණ දීමට ඔවුන්ට හැකි වෙනවා.

වොෂින්ටන් විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 13 ක් වන දරුවන්ගේ මොළයේ පිහිටා ඇති hippocampus හා සම්බන්ධ සමීක්ෂණයක් සිදු කළා. 

මෙයට අනුව තම මව සමග ඉහළ බැඳීමක් ඇති දරුවන්ගේ බුද්ධි මට්ටමද 10% කින් ඉහළ බව සොයගනුනා. (hippocampus ඉගෙනීම, මතකය හා ආතතියට දක්වන ප්‍රතිචාර සඳහා වන කේන්ද්‍රය).

අම්මා කෙනෙක් දරුවෙකු වෙනුවෙන් කරන අසීමිත කැපකිරීම් හා වෙහෙසවීම් ඔවුන්ට ඇති ආදරයේ අපූර්වත්වය කියාපානවා.

ඉතින් ඉන් දරුවන්ට බුද්ධිය ලැබෙන බවට තවත් කුමන සාක්ෂිද? සමහර වෙලාවට අම්මලාට හිතෙයි.

මේ එම ආදරණීය බැඳීම ශක්තිමත් කරන්න theAsianparent Sri Lanka ගත් තවත් උත්සාහයක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.