දරුවාගේ බුද්ධි මට්ටම: ඉහළ බුද්ධි මට්ටමක් සහිත දරුවන් හඳුනාගනීමු.

lead image

මව්වරුනි, වයස අනුව දරුවාගේ බුද්ධි මට්ටම හදුනා ගැනීමට මෙන්න මග:

ඔයාගේ නව යොවුන් දරුවා වයසට වඩා උස වැඩියිද? නැත්නම් ඔබේ වයස අවුරුදු හතක් වු දරුවා නිතර  පොත්  කියවනවාද? දෙමාපියෙනි, ඔබේ දරුවාගේ බුද්ධි මට්ටම  (IQ)  සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි බවට මෙය සලකුණු වේ.

විවිධ වයස් කාණ්ඩවල දරුවන්ගේ බුද්ධි මට්ටම් හදුනා ගැනීමට වැදගත් වන දර්ශක විවිධ අධ්‍යනයන් මගින් අනාවරණය කරගෙන  තිබේ. ඔබේ දරුවා වර්ධනය වන අතර  වයස් අනුව ඔහු හෝ ඇය තුළ මෙම සලකුණු පරීක්ෂා කිරීමට ඔබට හැකි වනු ඇත.

දරුවාගේ බුද්ධි මට්ටම ඉහළයි කියා හඳුනා ගැනීම සඳහා වයස අනුව මගපෙන්වීම  මෙන්න:

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/12/newborn.jpg දරුවාගේ බුද්ධි මට්ටම: ඉහළ බුද්ධි මට්ටමක් සහිත දරුවන් හඳුනාගනීමු.

අලුත උපන් දරුවා: සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලොකු  හිසක් තිබීම

මව්වරුනි , ඔබේ දරුවාට උපතේදී විශාල හිසක් තිබුනේ නම්, එය සතුටු වීමට  කරුණකි.

Molecular Psychiatry පුවත්පතට අනුව අධ්‍යනයක් අනුව, උපතේදී දරුවාගේ හිසෙහි විශාලත්වය හා දරුවාගේ බුද්ධි මට්ටම අතර ධනාත්මක සම්බන්ධතාවයක් තිබේ

පර්යේෂන දත්ත විශ්ලේෂණයෙන් ද පෙන්වා දුන්නේ "විශාල හිස් සහිතව  උපත ලබන දරුවන්  උපාධියක් ලබා ගැනීම සැලකිය යුතු ලෙස වැඩි  අතර, වාචික-සංඛ්‍යාත්මක  තර්කණ පරීක්ෂණයන්ට වඩා ඉහළ ලකුණු ලබා ගනී" .

ඔබේ දරුවාගේ මෙම සමස්ත අවධිය ඉහල  නැංවීමට  ඉඟි:

•ශාරීරික හා චලන කුසලතා පෝෂණය කිරීම සඳහා නිසි සම්බාහනය.

•දරුවාගේ නොතේරෙන බබා භාෂාවට ප්‍රතිචාර දැක්වීම  සහ  දරුවා සමඟ කතා කිරීම මගින්  ඔබේ දරුවාගේ මොළය දියුණු කිරීමට උපකාර වනු ඇත.

•ඔබේ දරුවා රඳවා තබාගැනීම සහ ඔහු හෝ ඇය සුරතල් කිරීම දරුවාට  මානසිකව සුරක්ෂිත හා ස්ථාවර හැඟීමක් ඇති කරවීමට උපකාරී වේ.

වයස අවුරුදු එක හා අවුරුදු දෙක: භාෂා ගණනාවකට නිරාවරණය වීම

මව්වරුනි , ඔබ විවිධ භාෂා කතා කරනවාද? එසේ නම්, එක් භාෂාවකට වඩා වැඩි ගණනකින් ඔවුන් සමඟ කතා කරමින් ඔබේ දරුවා  විවිධ භාෂා කථා කිරීමට  දිරිගන්වන්න.

අධ්‍යනය අනුව, ඔබේ වයස අවුරුදු එකක් හෝ දෙකක් වු දරුවා විවිධ  භාෂාවන් කතා කරන විට, මොළයේ වර්ධනයට හේතු වේ

අධ්‍යනයක් හෙලි කරන ආකාරයට එක් භාෂාවකට වඩා වැඩි ගණනක් කථා කරන  දෙමව්පියන්ට ඉපදෙන දරුවන්ට බුද්ධි පරීක්ෂණවලදී වඩා දක්ෂතා පෙන්වනු ලබයි.

අදාළ අධ්‍යනයයේ දී විද්වතුන් Peal සහ Lambert නිගමනය කළේ: "භාෂා දෙකක පද්ධතීන් සමඟ බුද්ධිමය වශයෙන් [ද්විභාෂා දරුවාගේ] අත්දැකීම ඔහුට මානසික නම්‍යශීලීභාවයක්, සංකල්ප ගොඩනැගීමෙහි විශිෂ්ටත්වය, හා වඩා විවිධාකාර වූ මානසික හැකියාවන් සමූහයක් අත්විදින බවයි.

ඔබේ දරුවාගේ මෙම සමස්ත අවධිය ඉහල නැංවීමට ඉඟි:

•ඔබේ දරුවාගේ සිතීමේ ක්‍රියාවලියේ  කුසලතාවයන් ඉහල නැංවීමට අනුකරණය කිරීම සදහා  දිරිගන්වන්න.

•හැංගිමුත්තන් වැනි ක්‍රීඩා සිතීමේ ක්‍රියාවලිය  ඉහල  නංවයි.

• ඔබේ ළදරුවාට තෝරාගැනීම් ලබා දෙන්න: "ඔබ කැමති ඇපල් යුෂ වලටද? දොඩම්  යුෂ වලටද?" ඔබේ පාලනය තිබියදීම මෙහිදී දරුවාට ස්වයං පාලනයක් ලැබේ.

වයස අවුරුදු තුන: නියමිත සීමාවට වඩා උසෙන් වැඩිවීම

ඔබේ දරුවා වයස අවුරුදු තුනකට වඩා ටිකක් උසයි කියා ඔබ සිතන්නේ නම්, පසුකාලීන  ඔහුට හෝ ඇය වැඩි ඉහළ බුද්ධි මට්ටමක් ලබා ගැනීමට ඇති ඉඩකඩ තිබේ.

ඉහල බුද්ධි මට්ටමක් ඇති දරුවන් අන් අයට  වඩා උසින් වැඩි බව ආර්ථික විද්‍යා පර්යේෂණ කාර්යාංශය පවසයි.

පර්යේෂක කණ්ඩායමක් පවසන්නේ මෙසේයි. "වයස අවුරුදු තුනේදී පාසැල් යාමට පෙර  හා ළමා කාලය පුරාම දරුවන්ට භූමිකාවක් රඟ දැක්වීමට අවස්ථාවක් තිබුණා. උසින් වැඩි දරුවන් සිතන ක්‍රියාවලියට අදාල පරීක්ෂණවලදී වඩා වැඩි දක්ෂතා පෙන්වයි."

ගැහැණු , පිරිමි දෙපාර්ශවයේම ළමා වියේ උස හා වැඩිහිටි වියේ උස එකිනෙක අතර සම්බන්ධතාවය 0.7 පමණ වනසේ උස දරුවන් උසින් වැඩිහිටියන් බවට පත්වෙන බව අධ්‍යයනය තවදුරටත් පැහැදිලි කරයි.

උස වැඩිහිටියන් බොහෝ විට වාචික-සංඛ්‍යාත්මක  කුසලතා සහ වඩා බුද්ධිමත් අවශ්‍ය වන  ඉහළ වැටුප් ගෙවන වෘත්තීන් තෝරා ගනියි.  මෙය ළමා අවධියේදී සිතිමේ කුසලතාවන්ට සම්බන්ධ විය හැකිය.

ඔබේ දරුවාගේ මෙම සමස්ත අවධිය ඉහල නැංවීමට  ඉඟි:

•ඔබගේ දරුවාගේ චලන කුසලතාවන් වර්ධනය වන විට ඔහුට  ප්‍රමාණවත් වේලාවක් සෙල්ලම්  කිරීමට  දෙන්න.

• මෙම යුගයේදී බොහෝ දරුවන්ට පැකිලිමකින්   තොරව ඇවිදීම හෝ දිවීම  ඉගෙන ගත හැකිය. ඔබට බයිසිකලයක් හෝ ට්‍රයිසිකල් එකක් භාවිතා කිරීමටද දිරිගැන්විය හැකිය.

• ඔබේ  අවුරුදු තුනක්  වු  දරුවාගේ චලන  කුසලතා වර්ධනයට ධෛර්යය ලබා දීම සඳහා චිත්‍ර ඇදීමට පාටකූරු භාවිතා කිරීමට හෝ පිටු පෙරලීමට දෙන්න.

නම සහ වයස වැනි සරල ප්‍රශ්න ඇසීමටද පටන් ගත හැකිය. ඔවුන්ගේ භාෂාමය හැකියාවන් මගින් මෙම ක්‍රියාකාරකම්  උත්තේජනය කරනු ඇත.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/12/chinese girl.jpg දරුවාගේ බුද්ධි මට්ටම: ඉහළ බුද්ධි මට්ටමක් සහිත දරුවන් හඳුනාගනීමු.

වයස අවුරුදු හතර: පුද්ගලයෙකු පින්තාරු කිරීමේ හැකියාව

මව්වරුනි , ඔබේ සිව් වසරක් වයසැති පින්තාරු කිරීමට නැඹුරු නම්, ඔහු හෝ ඇය සතුව ඉහළ බුද්ධි මට්ටමක්  තිබීමට  ඉඩ තිබේ.

මිනිසෙකුගේ නියම ස්වරූපය  ඇදිය කළ හැකි  අවුරුදු හතරක දරුවෙකුට බුද්ධි පරීක්ෂණවලට හොඳින් මුහුණ දිට හැකි බව අධ්‍යනයකින් සොයා ගෙන තිබේ.

ලන්ඩන්හි කිංග්ස් කොලේජ් විසින් කරන ලද ව්‍යාපෘතියකදී  අවුරුදු හතරක් වු දරුවන්ට ළමයෙක් ඇදිය යුතු බව නියම වුනා. දරුවන්ට ළමයෙක් ඇදීමට සිදු වු අතර ප්‍රතිඵල ඇස් හා නාසය වැනි ශාරීරික ලක්ෂණ වල පිහිටීම සහ නිවැරදිතාව මත පදනම් වුනා.

අවුරුදු  හතරක්  වු  දරුවන් අදිනු ලැබු චිත්‍ර 15,000 ක් ඇසුරින් පර්යේෂණය කරන ලදී. කලාත්මක හැකියාවන් තිබු දරුවන්ට බුද්ධි පරීක්ෂණවලදී හොඳින් ලකුණු ලබා ගැනීමට හැකි විය. මෙම පරීක්ෂණයෙන් වැඩි ලකුණු සහිත දරුවන්ට වයස අවුරුදු හතරකදී වයස අවුරුදු දාහතරක ඉහල බුද්ධියක් තිබුනා.

මෙම අධ්‍යනයන්ගේ ප්‍රධාන කර්තෘ ආචාර්ය රොසලින් අර්ඩන් මෙසේ පවසයි. "ළමුන්ගේ බුද්ධි තොරතුරු ඇගයීම සඳහා 1920 ගණන්වල දී ළමයෙකු ඇදීමේ පරීක්ෂණය නිර්මාණය කරන ලදි.

එම පරීක්ෂයේදී  වයස අවුරුදු හතරක  දරුවෙකු සතු බුද්ධිය  සමඟ සම්බන්ධතාවයක් බලාපොරොත්තු විය. පුදුමයකට මෙන් ඒය ඉන් වසර දහයකට ඒහා ගිය බුද්ධියක් සමග සම්බන්ධතාවයක් පෙන්වුවා. "

ඔබේ දරුවාගේ මෙම සමස්ත අවධිය ඉහල නැංවීමට ඉඟි:

• ඔබේ දරුවාගේ චලන කුසලතාවන් දියුණු කිරීමට ඔබේ දරුවා සමඟ බවුන්ස්  බොල  ක්‍රීඩා කිරීම

• ඔවුන්ගේ සිතීමේ හැකියාව සංවර්ධනය පහසු කිරීම සඳහා වර්ණ, සතුන් සහ අනෙකුත් වස්තූන් හඳුනාගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න.

• මේ යුගයේ දී ඔවුන් පැන්සල අල්ලා ගන්නා කලාවේ නිපුණත්වය ලබා ගන්නා බැවින් චිත්‍ර ඇදීමට ඔවුන්ව දිරිගන්වන්න.

වයස අවුරුදු පහ: බොරු කීමට හැකියාව

ඔබේ දරුවා බොරු කියයි නම් ඔබ සතුටු වෙන ඒකම යුගය ඔහුට වයස අවුරුදු පහක් වු මේ යුගයයි.

කතන්දර ගෙතීම මෙම බොරු කිිමට අයත් වන අතර මෙය සංකීර්ණ ක්‍රියාවලියක් විය හැකිය. වයස අවුරුදු පහක දරුවෙකුට මෙය කළ හැකි නම් ඔහු හෝ ඇය පසුව ඉහළ බුද්ධි වර්ධනය ඇති වීමට ඉඩ ඇති බව විශේෂඥයින්ට හැඟෙන්වා.

වයස අවුරුදු 2 ත් 17 ත් අතර වයස් කාණ්ඩයේ ළමුන් 1,200 ක් සහභාගී කරගෙන කරන ලද කැනේඩියානු අධ්‍යනයකින් පෙනී යන්නේ කුඩා කාලයේ බොරු කීමට හැකි වූ දරුවන් බුද්ධිමත් වෙන බවයි.

ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ළමා අධ්‍යයනය පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය කාන් ලී පවසන්නේ මෙසේයි.

"තම දරුවා බොරු කියනවා නම් දෙමාපියන් කලබල විය යුතු නැහැ. ඔවුන්ගේ දරුවන්  බොරු කීමේ රොගීන් බවට පත් වෙන්නේ නැහැ. හැම දරුවෙක්ම බොරු කියනවා. ඔවුන් නව සංවර්ධන සන්ධිස්ථානයකට පැමිණ ඇති බවට ඒය සාධකයක් වෙනවා. වඩා හොඳ මානසික සංවර්ධනයක් ඇති අය තමන්ගේ උපක්‍රම සගවා ගත හැකි නිසා  බොරු කියනවා. "

ඔබේ දරුවාගේ මෙම සමස්ත අවධිය ඉහල නැංවීමට ඉඟි:

•ඔබේ දරුවා උද්‍යානයකට රැගෙන යා හැකි අතර, ඔහුට හෝ ඇයට  පැත්තට ගමන් කිරීමට හා නැඟීමට දිරි ගන්වන්න. මෙම අවධියේදී, මෙම ශාරීරික හැකියාවන් වර්ධනය කිරීම දරුවා අපේක්ෂා කරනවා.

• ඔබේ දරුවන්ට ඔබත්  සමඟ කතා කීමට ඉඩ දෙන්න. ඔවුන්ට මෙම අවධියේදී කතන්දර සම්පූර්ණ කළ හැකිය. වරින් වර කථා කීමට ඔවුන්ට මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ඉඩ ලබා දීෙමන් මතක ශක්තිය හා පරිකල්පනය වැනි මානසික කුසලතා සංවර්ධනය කිරීමට උපකාරී වෙනවා.

• ඒ් වගේම ඔබේ දරුවාට තමන්ගේ ඇඳුම් තනිව ඇඳීමට ඉඩ දිය හැකිය. මේ කාලය අතරතුර, දරුවන් ස්වාධීනව ඇඳුම් ඇඳීමට ඉගෙන ගන්නවා.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/11/Pop Music Swee Lee Music Academy 1.jpg දරුවාගේ බුද්ධි මට්ටම: ඉහළ බුද්ධි මට්ටමක් සහිත දරුවන් හඳුනාගනීමු.

වයස අවුරුදු හය: සංගීත භාණ්ඩයක් වාදනය කිරීම

වෛද්‍ය විද්‍යාව පිළිබද වර්මන්ට් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයෙන් සොයාගත් දේ  අනුව සංගීත භාණ්ඩයක් වාදනය කිරීම දරුවන්ගේ කොපය කළමනාකරණය සහ මානසික හැකියාවන් ඒසේ නොකරන අයට වඩා ඉහල වේ.

වයස අවුරුදු හය හා දහඅට වයස් කාණ්ඩවල සිටින සෞඛ්‍ය සම්පන්න දරුවන් 232 දෙනෙකුගේ මොළය පරීක්ෂා කරන ලදී. වසර හයේදි සංගීත භාණ්ඩ  වාදනය තුළින් ළමා හැගීම් බුද්ධිය  වර්ධනය කිරීමට උපකාරී වේ.

මෙම වයසේදී දරුවාගේ නිරෝගී සංවර්ධනයට උපකාර කිරීම සඳහා ඉඟි:

•දරුවන් තමන් කැමති දේවල් තමන් විසින්ම කිරීමට කැමති  වයසක් නිසා ඔබේ දරුවාට වඩා ස්වාධීන වීමට ඉඩ දෙන්න.

•මෙම වයසේ ළමයින් සාමාන්‍යයෙන් සංගීතයට අනුව චලනය වීමට ඉගෙන ගන්නා නිසා ඔවුන්ට  නර්තනයට දිරිගන්වන්න.

•එපමණක් නොව, ඔවුන්ගේ කුඩා ශරීර වර්ධනය කිරීම සඳහා වැඩි ශාරීරික ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ට කාලය ලබා දෙන්න.

වයස අවුරුදු හතක්: පොත් ගුල්ලන් විය යුතුය

ඔබේ දරුවා ඔහුගේ අතට ගන්නා සෑම දෙයක්ම  කියනවාද? ශබ්දකෝෂය වැඩි දියුණු කිරීමට අමතරව, කියවීම ද ඉහළ බුද්ධි මට්ටමක් සදහා දර්ශකයකි.

2014 දී එඩින්බරෝ විශ්ව විද්‍යාලය හා ලන්ඩන්හි කිංග්ස් කොලේජ් ඒකාබද්ධ අධ්‍යයනයක නිරත වුනා. වයස අවුරුදු හත වන විට පොත් රුසක් කියවන දරුවන් පසුකාලීන ජිවිතෙය්දී  ඉහල බුද්ධි මට්ටමක් පෙන්වන බව ඔවුන් සොයා ගන්නා ලදී.

බුද්ධි මට්ටම් පරීක්ෂණවලදී ඔවුන් ඉතා හොඳින් සාර්ථක වූහ.

ඔබේ දරුවාගේ මෙම සමස්ත අවධිය ඉහල නැංවීමට ඉඟි:

•මේ කාලය වන විට දරුවාගේ පෞරුෂත්වය වර්ධනය වෙමින් පවතී. ඒ නිසා ආත්ම විශ්වාසය ගොඩනැංවීම සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීම අවශ්‍ය වේ.

•ඔබගේ දරුවා කාර්යයක් ගැන කලකිරීමට හෝ කනස්සල්ලට පත්වන්නේ නම් ඉවසීම සහ අවබෝධය ඇති කර ගැනීම වැදගත්ය.

•වයස් ගැලපෙන රාජකාරී පැවරීම තුලින් වගකීම් දිරිගන්වන්න.

වයස අවුරුදු අට: මැදියම් රැය වන තුරු අවදිව සිටීම

අම්මා, ඔබේ වයස අවුරුදු අටක් වු දරුවා වේලාවට නිදි කරවීමට අපහසු නම්, බොහො විට වැඩෙන විට අන් අයට වඩා බුද්ධිමත් වන්නට පටන් ගනී.

ලන්ඩන් ආර්ථික විද්‍යායතනයේ පර්යේෂණයට අනුව, දක්ෂ වැඩිහිටියන් මැදියම් රුය වනතුරු අවදිව සිටින අතර, හිතන්නේ කුමක්ද? කුඩා අවධියේ දී ඔවුන්ට මේ පුරුද්ද ඇතිවුනා.

පර්යේෂකයන් නිරීක්ෂණය කලේය. " වැඩියෙන් බුද්ධිමත් දරුවන්  සතියේ දිනවල සහ සති අන්තයේ රාත්‍රීයේදී අවදිව සිටින  හා දහවල් වන තුරු නිදා ගන්නා වැඩිහිටියන් බවට පත් වීමට ඉඩ ඇත.”

ඔබේ දරුවාගේ මෙම සමස්ත අවධිය ඉහල නැංවීමට ඉඟි:

•මෙම වයසේදී ඔබේ දරුවාට අයිති කර ගැනීමට දැඩි අවශ්‍යතාවක් දැනිය හැක. පාසැලේ සම වයසේ මිතුරන්ගේ බලපෑම ගැන කතා කරන්න හොඳ වයසකි.

•මෙම යුගයේ දී දරුවා පුද්ගලිකත්වය පිළිබඳ අවශ්‍යතාවය දෙමාපියන් විසින් හඳුනාගත යුතුය.

• ප්‍රමාණවත් ඒදිනෙදා වියදම් මුදල් ලබා දීමෙන් මූලික මුදල් කළමනාකරණය ගැන ඔබේ දරුවාට උගන්වන්න.

වයස අවුරුදු 9: සෞඛ්‍ය සම්පන්න උදය ආහාරයක් ගැනීම

ඉහළ බුද්ධි මට්ටමක්  සහිත දරුවන් සෞඛ්‍ය සම්පන්න උදය ආහාරයක් ගැනීම ප්‍රිය කරයි.

වයස අවුරුදු 9 සිට 11 දක්වා වයස් කාණ්ඩයේ ළමුන් 5000 ක් ඇතුලත් කර කාඩිෆ් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද පර්යේෂණයකින් පෙනී ගියේ සමබර ආහාරයක් ලබා ගත් අය ඔවුන්ගේ විභාග වලට හොදින් මුහුණ දුන් බවය.

ඔබේ දරුවාගේ මෙම සමස්ත අවධිය ඉහල නැංවීමට ඉඟි:

•පිරිමි ළමයින් හා ගැහැනු ළමුන් අතර සබඳතා පිළිබඳව මෙම අවධියේ සිටින දරුවන් කුතුහලයෙන් සිටිති. ඒ නිසා ඔවුන් සිතන්නේ කුමක්ද යන්න ගැන ඔබට ඔවුන් හා වඩාත් විවෘතව කතා කළ හැකිය.

•මෙම යුගයේ දරුවන්ට තමන්ගේම තීරණ ගැනීමට ඉඩ දෙන්න. මේ කාලය වන විට දෙමව්පියන් විසින් එම ආකාරයේ නිදහසක් ලබා දීම  දරුවන් අගය කරයි.

•  දින පොතක් භාවිතයෙන් ඔවුන්ගේ දෛනික ජීවිතයද, දිනපතා සැලසුම්ද කිරීමට දිරිගන්වන්න.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/07/mother and daughter.jpg දරුවාගේ බුද්ධි මට්ටම: ඉහළ බුද්ධි මට්ටමක් සහිත දරුවන් හඳුනාගනීමු.

වයස අවුරුදු දහය: හොඳ පිළිසදරක යෙදෙන්න පුළුවන්

වයස අවුරුදු 10 දී, බුද්ධියෙ වැදගත් සංඥා සමහර විට පිළිසදරක යෙදීම, ක්‍රිඩා සදහා විවිධ නීති සකස් කිරීම සහ අනෙකුත් දරුවන් සමඟ වෙහෙසට පත්වීම සදහා කැමති විය හැකිය.

ඔබේ දරුවාගේ මෙම සමස්ත අවධිය ඉහල නැංවීමට ඉඟි:

•  යහපැවැත්ම වර්ධනය කිරීමට සදහා ඔබේ දරුවන්ට කණ්ඩායම් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට හෝ මිතුරන් සමඟ කාලය ගත කිරීමට ඔබ ඔවුන්ව දිරි ගන්වන්න.

• නිවසේ කටයුතුවලදී උපකාර කිරීම වැනි සංකීර්ණ කාර්යයන් ඔවුන්ටම කිරීමට ඉඩ ලබා දෙන්න.

•පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීම මගින් කියවීම සඳහා ඔබේ දරුවාගේ පෙලඹවීම තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යන්න.

සම්පුර්ණයෙන්ම, ඉහළ බුද්ධි මට්ටමක් සහිත දරුවන් හොඳ මතකයක් සහ නිරීක්ෂණ කුසලතා වැනි පුළුල් පරාසයක ලක්ෂණ පෙන්වයි. ඔවුන්ට හොඳ අවධානයක් තිබෙනවා.

තරුණ වියේදී වුවද , ඔවුන් අනෙක් අයට නොමැති වර්ධනය හා සංවර්ධනයේ එක් ක්ෂේත්‍රයක සුවිශේෂී හැකියාවන් පෙන්නුම් කළ හැකිය. ඔවුන් ගැඹුරින් ගවේෂණය කිරීමට විශේෂ ආසාවක් තිබිය හැක.

තරුණ අවධියේ පවා ඔවුන්ගේ සිතුවිලි ක්‍රීයාවලිය අන් අයට වඩා වෙනස් විය හැක. ඔවුන් තම මනසින් විවිධ අදහස් නිපදවන අතර ඒ්වා හොඳින් අවබෝධ කර ගෙන ඇත.

නව සොයාගැනීම් පිළිබඳ දැනුම ලබාගැනීම හෝ නව නිපුණතා ඉගෙන ගැනීම සඳහා ඔවුන්ගේ මනස නිතරම අවධානයෙන් සිටිති. ඔවුන්ට ඉක්මනින්ම සංකල්ප තේරුම්ගැනීමට හැකියාවක් තියෙනවා පමණක් නොව, පහසු භාෂාවකින් උදාහරණ  සහිතව පැහැදිලි කිරීම මගින් ඔවුන් තේරුම් ගත් පවා පෙන්වනු ලබයි.

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වූ බව අපි බලාපොරොත්තු වෙනවා.  ඔබේ දරුවා මෙම සලකුණු කිසිවක් තිබේද?

බුද්ධිමත් දරුවෙකුගේ සුවිශේෂී ලක්ෂණ  දැන ගැනීමට the Asianparent Sri Lanka ඔබ වෙත මේ ලිපිය ගෙන ලදී.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී