ළමා විය ගැන දරුවාගේ මතකය මැකී යන්නට පටන් ගන්නේ කුමන වයසේදීද?

දරුවාගේ මතකය අවුරුදු 7 ත් 8 ත් අතරදී කෙමෙන් මැකී යෑම ඇරඹෙන බව අධ්‍යයනයකින් පෙන්වා දෙනවා. යලි යලිත් මතකය අවදි කිරීම හැකි තරම් ඡායාරූප ගන්න.

දරුවා විදුලි වේගයෙන් ගේ පුරා දුවමින් විනෝද වන විට “හනේ පැටියාට මේ සෙල්ලම් කවදාහරි මතක තියේවිද?” ඔබ සිතනා වාර අනන්තයි නේද? දරුවා කරේ තියන් ගේ පුරා, මිදුල පුරා ‘ලුණු ලුනූ’ සෙල්ලම් කල හැටි දරුවාට කවදා හෝ මතක තියේවිද? නැතිනම් මයාවකින් වගේ මේ සියළු සුන්දර මතකයන් බොඳ වී යාවිද?

සමහර විට මේ  ‘දරුවාගේ මතකය තියේවිද’  යන්න ගැන ප්‍රශ්නයක් නොවන්නට පුළුවන්. නමුත් මේවා දරුවාට මතක් වන්නට පටන් ගන්නේ කවදාද යන්න පිළිබඳව ප්‍රශ්යනයක් විය හැක. ළදරුවන්ට සියළු දේ අමතක වන බව අපි දන්නා කරුණක්. නමුත් මෙම දිගු කාලින මතකයන් දරුවාගේ ජිවිතයේ අවදි වන්නට පටන් ගන්නේ කවදාද?

දරුවාගේ මතකය කුමක් වැනිද?

මතකය යනු සංකීර්ණ දෙයක් වන අතර විවිධ වර්ග වලින් සමන්විත වේ.

පටිපාටික මතකය (Procedural memory): මෙම ලිපිය ලිපිය ටයිප් කර ගැනීමට උදව් කිරීමට මගේ ඇඟිලි උදව් වන ආකාරයේ මතකයක්.

ප්‍රකාශිත මතකය (Declarative memory): මෙම වර්ගයේ මතකයන් දෙකක් ආකාර දෙකකින් සමන්විත වේ.

සෙමෙන්ටික මතකය (Semantic memory): සාමාන්ය දේවල් මතක තබාගන්න. මුහුද ලුණු හා ගැඹුරු නිල් පැහැයක් ගනී.

එසෝඩික මතකය (Episodic memory): අපගේ පෞද්ගලික අත්දැකීම් වලදී ඇතැම් කරුණු රාමු කිරීමට අපට ඇති හැකියාව. නිදසුන් ලෙස ‘මා කුඩා කල මගේ දෙමව්පියන් මා මුහුදු වෙරළට ගෙන ගිය ආකාරය වැනි). මෙම වර්ගයේ මතකය යම් සිද්ධියක් විවිධ කොටස් නැතහොත් සෙමෙන්ටික මතක කොටස් එකිනෙක එකතු කිරීමෙන් සැදේ.

මොළයේ සිතුවම් අධ්යයන මගින් පෙන්වා දෙන්නේ අපගේ මොලය තුල මතකයක් ලියවූ කොටසම නැතහොත් කලාපයම, එය නැවත මතක් කර ගැනීමේදීද ක්‍රියාත්මක වන බවයි. මූලික වශයෙන් සිදු වන්නේ, අපි මානසිකව "අතීතයට ගමන් කිරීම" හෝ මතකය නැවත මනසේ විකාශය කිරීමකි.

ඇත්තවශයෙන්ම මතකයන් කිසිදා මැකී යන්නේ නැහැ

අධ්‍යයන තුළින් ලැබෙන සාක්ෂි වලින් කියවෙන්නේ දරුවාගේ මතකය ළදරු අවධියේදී කඩින් කඩ මතකය නැතහොත් (episodic memory) ඇති නමුත් පසු කාලීනව එය වෙනස් වන බවයි.

නිදසුනක් වශයෙන්, වයස අවුරුදු හයක වයසැති දරුවකුට ඇගේ පළමු උපන්දිනයට පෙර සිදුවූ දේ සිහිපත් කළ හැකි වේවි. කෙසේ වෙතත්, ඇයට යොවුන් වියට එළඹෙත්ම ඒ මතකය හීන වනු ඇත.

කුඩා දරුවන්ට පවා දිගුකාලීන මතකයන් අවදි කිරීමට හැකියාව තිබෙනවා. නමුත් කල් යත්ම දරුවා වැඩෙත්ම, මොලය වර්ධනය වත්ම මෙම ළමා අවධියේ මතකයන් හීන වනවා.

ළමා කාලයේ මතකයන් එකිනෙකට සම්බන්ධ කිරීම, තැන්පත් කර ගැනීම සහ අවදි කිරීම ආදියට ඇති හැකියාව කල් යත්ම දියුණු වන දෙයක්. ඉතින් මෙම පරිනත වීමත් සමඟ ඕනෑම දිගුකාලින මතකයන් ගබඩා කිරීමේ හැකියාව ලැබෙනවා.

අපගේ මතකයන් සංවර්ධනය කිරීම අදියර දෙකකින් සිදුවන අතර, ප්‍රියජනක නොවන මතකයන් පරදා සිත්ගන්නාසුලු මතකයන් මනසේ රැඳී තිබෙනවා.

කෙසේ වෙතත්,  දරුවාගේ මතකය න් කිසි දිනෙක ඉවත් වන්නේ නැහැ. මතකය යනු අත්දැකීමක එක් ඒකකයක් වන අතර, සෑම අත්දැකීමක්ම අපගේ මොළයේ යම් හැඩයක් මවා එමගින් අපගේ පෞරුෂය නිර්මාණය කරනවා.

මතකයන් අතුරුදහන් වන්නේ නැහැ. නමුත් ඒවා මතක් කරගැනීම අපහසු වන්නට පුළුවන්.

දරුවාගේ මතකය න් රඳවා ගැනීමට උදව් කරමු

විශේෂඥය උපදේශකයින් පවසන්නේ වයස අවුරුදු 3ත් 5ත් අරතර දරුවෙකුට යම් චර්යාවක් දිගින් දිගටම කරවීමට උනන්දු කරවනවා.

යම් චර්යාවක් පුනරාවර්තනය කිරීමත් සිහිපත් කිරීමත් මගින් මතකය ගබඩා කිරීමත් ඒවා නිසි ලෙස වර්ගීකරණය කිරීමත් පහසු වනවා.

ඔවුන් කියන්නේ දරුවාගෙන් ඇතැම් ප්‍රශ්න ඇසීමෙන් ප්‍රශ්න ("මට තව කියන්න" සහ "මොකක්ද සිදුවුණේ?") වැනි ප්‍රශ්න ඇසීමෙන් දරුවන්ට පැහැදිළිව මතකයන් අවදි කිරීමටත්, විස්තර කිරිමටත් හැකි වන අතර මේ නිසා, වඩාත් ගැඹුරු ලෙස මතකයන ගබඩා කරගන්නටත් හැකියාව ලැබෙනවා. මතක ගබඩාව ශක්තිමත් වන තරමට එම මතකය යලි අවදි කිරීමද පහසු කටයුත්තක් වනවා.

විශේෂඥය උපදේශකයින් තව දුරටත් පවසන්නේ “වයස අවුරුදු 5ට කලින් මොළයේ වර්ධනය වීම ඉතාම වැදගත් සන්ධිස්ථානයක් වන බවයි.

යළි යළිත් එම අත්දැකීම මතකයට ගැනීමත් සමඟ එය ගබඩා කිරීමේ ශක්තියද වැඩි වනවා. ."

දරුවා කුඩා අවදියේ හැකි තරම් ඡායා රූප ගැනීමද සිදු කල යුතුයි. මෙම ඡායාරූප දරුවා වැඩිහිටියෙකු බවට පත් වූ පසු මතකයන් අවදි කර ගැනීමට බෙහෙවින් ඉවහල් වේවි! 

චිත්තවේගී ආරෝපිත මතකයන්

යලි යලිත් මතකය අවදි කිරීම සහ ඡායාරූප ගැනීම හැර සදාකාලික මතකයන් රඳවා ගැනීමට උදව් වන තවත් දෙයක් තිබෙනවා. එනම්, නරක මතකයන්.

නරක මතකයන් අනිවාර්යයෙන්ම හොඳයි. මහාචාර්ය බවර් කියා සිටියේ, මුල්ම මතකයන් දරුවන්ට ධනාත්මක හෝ ඍණ හැඟීම ඇති කරවන බවයි.

"බිහිසුණු හෝ ශෝකජනක මතකයක් සිත් වල පහසුවෙන් රැඳිය හැකි වන අතර අනාගතයේ ආරක්ෂාකාරී වීමට එම මතකයන් උපයෝගී කරගත හැකියි.

අප කළ දේ අප මතක තබා ගත යුතු අතර අප අත්දුටු උද්වේගකරයි. දේවල් වළක්වා ගැනීමට අපි උත්සාහ කරමු. ඒ නිසා අප නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා අපව රිදවන දේවල් මතකයට නඟනවා. "

කෙසේවෙතත්, නරක මතකයන් අනිවාර්යයෙන්ම හොඳයි. මහාචාර්ය බවර් කියා සිටියේ, මුල්ම මතකයන් දරුවන්ට ධනාත්මක හෝ ඍණ යන හැඟීම ඇති කරවන හැඟීම් ඇති වූ බවයි.

නරක මතකයන් හොඳ මතකන් යටපත් කරන්නේ නැහැ. නමුත් හොඳ හෝ නරක වේවා දරුවාගේ ළදරු අවදියේ දරුවකුට මතකයන් තුලින් ඇති වන බලපෑම ඉතා උච්ච අගයක් ගන්නවා.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

දරුවාගේ මතකය හා සම්බන්ධ තවත් ලිපියක් මේ අම්මලා දන්නවද? මේ කෑම ඔබේ දරුවන්ගේ මොලයට හා මතකයට හුඟක් හානිකරයි