දරුවාගේ මොළයේ වර්ධනයට සුදුසු ආහාර වර්ග 6ක්

lead image

දරුවෙකුගේ ජීවිතයේ පළමු අවුරුදු තුන සංවර්ධනයේදී බොහොම  තීරණාත්මක වෙනවා. දරුවාගේ මොළය වර්ධනය වැදගත් සුපිරි ආහාර අපි සොයා බලමු.

CNN සෑම වර්ෂයකම සාමාන්‍යයෙන්  දරුවන් මිලියන 130ක් පමණ උපත ලබනවා. සමහර දරුවන් ආදරෙන් රැකබලා ගන්න හැකියාව ඇති දෙමව්පියන්ට උපත ලබන අතර සමහර දරුවන් උපත ලබන්නේ ඔවුන්ගේ අලුත  උපන් දරුවා හරියට රැක බලාගත නොහැකි දෙමව්පියන්ටය.

Urban Child Institute  වාර්තා කරන ආකාරයට පසුකාලීන ජීවිතයේ දරුවාට ගැටළු අත් නොවිදීමට වගබලා ගැනීමට සැලකිලිමත් වෙමින් මොළයේ බොහෝ වැදගත් ප්‍රදේශ වල වර්ධනය වීම නිසා  ජීවිතේ මුල් අවුරුදු තුනේදි වර්ධනය බොහෝ වැදගත් වෙනවා.

මෑතකදී සෞඛ්‍ය තාක්ෂණයේ සිදු වූ දියුණු වීම් සෞඛ්‍ය විශේෂඥයින්ට දරුවාගේ ජීවිතයේ පසුකාලීනව අප්‍රසන්න ප්‍රතිඵල ඇතිවිය හැකි ඒ ඒ පැතිකඩවල් හඳුනාගන්න  ඉඩ ලබාදී තිබෙනවා.

දරුවාගේ මොළය වර්ධනය සලකන විට පෝෂණය බොහෝ වැදගත් එක දෙයක් වෙනවා. නමුත් බොහෝ සිද්ධින්හි දරුවන්ගේ පෝෂණයට නිතර භාවිතා කරන මිල අධික ආහාර සඳහා දෙමව්පියන්ට වියදම් දැරීම අපහසු වෙනවා.

වාසනාවකට අපි දරුවන්ට දෙන සුපිරි ආහාර වලට ආදේශ කළ හැකි සමහර කෑම වර්ග සොයාගෙන තිබෙනවා. ඒ වගේම මේ ආහාර වලට දරුවන්ගේ මොළය වර්ධනය වැඩි කිරීමට සහය දැක්විය හැක. මෙසේ අනාගතයේ  වර්ධනය විය හැකි ගැටළු අඩු කරගත හැකි වෙනවා. ඔබේ දරුවාට ලබා දිය හැකි එවැනි සුපිරි ආහාර අපි බලමු.

1. පොල්

ඔබේ දරුවාගේ මොළය නියමාකාරයෙන් වර්ධනය වීමට ලබාදිය හැකි සුපිරි ආහාරයක් ලෙස පොල් හදුන්වා දෙන්න පුලුවන්. මෙම ආහාරය පොල්තෙල් වශයෙන්  පහසු ලෙස භාවිතයට ගත හැකිය. Natural News වාර්තා කරන ආකාරයට පොල්තෙල් වල ට්‍රයිග්ලිසරයිඩ් අඩංගු වෙනවා.

එය වැදගත් මේද අම්ලයක් වන අතර තවත් මොළයේ සෞඛ්‍යයට වැදගත් වන පෝෂ්‍ය කොටස් බොහොමයක් තිබෙනවා. පොල්තෙල් අඩංගු මෙම විශේෂ සංයෝග  මොළයට ඉන්ධනයක් ලෙස ක්‍රියාකරන බවට ප්‍රසිද්ධ අතර එමගින් මොළයේ ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනවා.

2. ඔට්මීල්

ඔට්මීල්  අපි නිතරම උදෑසන ආහාරයක් ලෙස ගන්නා දෙයක් වෙනවා. එය පෝෂ්‍ය කොටස් වලින් අනූන වන අතර රසවත් කෑම බොහොමයක් සාදා ගැනීමට භාවිත කරන්න පුළුවන්.

ඔට්මීල්  අත්‍යවශ්‍ය විටමින් බී සහ විටමින් ඊ මෙන්ම සින්ක් අඩංගු වෙනවා.

දරුවාගේ ආහාර ජීරණ පද්ධතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක වීමට වැදගත් තවත් සංයෝගයක් වන තන්තු එහි අඩංගු වෙනවා. විටමින් බී අනෙකුත් පෝෂ්‍ය කොටස් සමඟ එක්වී සෞඛ්‍ය සම්පන්නව ඔවුන්ගේ මොළය වර්ධනයට උදව් කරනවා.

3. බිත්තර

බිත්තර රසවත් මෙන්ම රසවත් අතුරු පස, රාත්‍රිය ආහාර හා තවත් බොහෝ විවිධ කෑම වර්ග හදන්න යොදා ගන්නවා. බිත්තර වල ඔමේගා 3 නම් මේද අම්ලය අඩංගු වන අතර ක්ලයිප්, ලුටින්, සින්ක් ඇතුලු තවත්  බොහෝ පෝෂ්‍ය කොටස්  මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට අත්‍යවශ්‍ය වන අතර මූලික වර්ධනය අතරතුර දරුවාගේ මොළයට වාසි ලබා දෙබසින් ලබා දෙනවා. හොඳම  නීරෝගී මොළය සඳහා ආහාරක් ලෙස බිත්තර නිතර  සැලකෙනවා.

4. අලිගැටපේර

අලිගැටපේර වල ඇති  සම වර්ධනය කරන ගුණය නිසා ඒවා නිතර මුහුණ ආලේප කරනවා. නමුත් මේ  ආහාරය බලවත්  මොළය වර්ධකයක් වෙනවා. අලිගැටපේර වල අඩංගු අසංතෘප්ත මේද , විටමින්  බී , මයලීන් ආරක්ෂාවට උදව් කරන ඕලික් ඇසිට්, ස්නායු සෛල වටකර ඇති තොරතුරු ප්‍රවාහනයට  අතරතුර උදව් කරන මේද සංයෝග අඩංගු වෙනවා.

5. නිවිති

සමහර අය  නිවිති වලට බොහෝ ආසා කරන අතර සමහරු එසේ නොවේ. භයංකාර විශාල මාංශපේෂින් ලබාගැනීමට පොපේ ආහාරයට ගන්නා ආහාරය මෙයයි. මේ තද කොල පැහැති කොල වල විටමින් කේ, විටමින් සී, කැල්සියම්, ෆෝලේට් සහ යකඩ වැනි දරුවාගේ මොළයේ වර්ධනයට වාසිදායක වන බොහෝ අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් අඩංගු වෙනවා. ඒවගේම  නිවිතිවලට ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා.(මොලයට ප්‍රතිලාභ ලැබෙන )

6. කිරි

මෙය බොහොමයක් දන්නා දෙයක්, කිරි දරුවන්ට හොඳයි. නමුත් අපිට මොළයට ප්‍රතිලාභ ලබාදෙන නමුත් නොසලකා හරින දේවල් කිරි වල අඩංගු කළ යුතු වෙනවා. මෑතකදී ලබාගත් වාර්තා අනුව Health 24 හි ප්‍රකාශ කරන ලද  විද්‍යාඥයින් විසින් කිරි ආහාර භාවිතය මොලයේ  ග්ලුටෝටන් ප්‍රමාණය නිරෝගිමත් ප්‍රමාණයට ගෙන ඒමට සමත් වෙන බව සොයාගෙන තියෙනවා. එය මොළයේ බලය හා ක්‍රියාකාරිත්වය වැඩ කළ හැකි බලවත් ප්‍රතිඔක්සිකාරකයක් වෙනවා.

අවසානය

දරුවෙක් ලොකුමහත් කරගැනීම ඇත්තෙන්ම ඉටුකර ගැනීමට දුබල   ප්‍රතිඵල සහිත දෙයක් නොවේ. නමුත් නිවැරදි  රැකබලා ගැනීම ලබාදීම අසමත් වීම ඔහුගේ වයසින් වැඩෙත්ම ගැටලු මතු කළ හැක. ජිවිතයේ මූලික අවධියේදී ඔවුන්ගේ මොළය විශේෂයෙන් වැදගත් වන අතර නියමාකාර පෝෂණය මේ කාලය තුල අත්‍යවශ්‍ය  ක්‍රියාවලියක්  වෙනවා.

ඔබට නිවැරදි ආහාර මිල දී ගත හැකි වුවද නැති වුවද , අපි මෙහි බෙදාගත් සුපිරි ආහාර දැරිය හැකි මිලකින්  යුතු අතර ඔබේ දරුවාගේ මොළය වර්ධනයට ප්‍රතිලාභ ලබා දෙනවා.

ඔබේ පුංචි පැටියාගේ මොළය වර්ධනයට  ලබාදෙන්න  පුළුවන් මේ වටිනා ආහාර ගැන තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී