දරුවාගේ වමනය කහ පැහැයක් ගත්තා. දරුවා මිය යන්නට තිබුනා

lead image

එදා රාත්‍රිය ජෙනිෆර්ගේ ජිවිතයේ දිර්ගතම රාත්‍රියයි. දෙවියන්ගේ නාමයෙන් දරුවාගේ වමනයේ කහ පැහැය ගණන් නොගෙන සිටියේ නැති නිසා දරුවාගේ දිවි ගැලවුනා.

මිට වසර 5 කට පමණ පෙර ජෙනිෆර් පියර්සන් හුරුබුහුටි කොලු පැටියෙක් බිහි කළා. ඔහු සාමාන්‍යයෙන් සන්සුන් දරුවෙක්. කෙසේ වෙතත්, 10 වන දින දරුවා වමනය කල අතර දරුවාගේ වමනය දීප්තිමත් කහ පැහැයක් ගත් අතර එය පිටත් වුනේ ප්‍රභල පිඩනයකින්. මෙය සාමාන්‍ය තත්වයක් නොවන බව ජෙනිෆර්ට තේරුම් ගිය බැවින් මේ ගැන දුරකථන ඇමතුමකින් පරීක්ෂා කිරීමට ඇය තීරණය කළා.

කහ වමනය සහ දිර්ඝතම රාත්‍රිය

වමනය කහ පැහැති බව සැල කල විට වහාම හදිසි අනතුරු ඒකකය වෙත දරුවා ගෙන යන ලෙස කාර්යභාර හෙද නිලධාරිනිය ජෙනිෆර්ගෙන් ඉල්ලා සිටියා. නමුත් ඇගේ දඟකාර දෙහැවිරිදි වැඩිමහල් දරුවා මේච්චල් කරගැනීම අපහසු වූ බැවින් ඔහුගේ පියා සමඟ ඔහු නිවසේ රඳවා දස දිනක් වයසැති දරුවා කැටුව තනිව පිටත් වීමට ජෙනිෆර් තීරණය කළා.

දරුවා දුටු වහාම දරුවාට උපකාර අවශ්‍ය බව ඕස්ට්රේලියාවේ මහරෝහල් වෛද්‍යවරුන්ට තේරුම් ගියා. ඒ අනුව, දින 10 ක් වයසැති දරුවා ගිලන් රථයකින් සිඩ්නි නුවරට ගෙන්වාගෙන ඇති අතර ජෙනිෆර්ට ගිලන් රථය පිටුපසින් ඇගේ මෝටර් රථය ධාවනය කිරීමට සිදු වූයේ ඇගේ වාහනය රෝහලේ නවතා ඒමට නොහැකි වූ නිසා.

ජෙනිෆර්ගේ මානසික තත්වය සිතාගන්නටවත් බැරිය. බිලිඳා ගිලන් රථයේ, ඇය ඒ පිටුපස වාහනයේ. මහ රෝහලට ඇතුල් වූ වහාම බිලිඳා ඇතුල් කරගත් අතර ජෙනිෆර්ට පිට සිටීමට නියෝග කෙරුනා. මේ කලබල අස්සේ අවශ්‍ය අන් කිසි දෙයක් ගෙන ඒමට ජෙනිෆර්ට කල්පනා වුයේ නැහැ. වාසනාවකට මෙන් රෝහල් හෙදියක් විසින් මව්කිරි දොවන පොම්පයක් ජෙනිෆර්ට ලබා දුන්නේ බිලිඳා X-Ray පරීක්ෂණයකට භාජනය වන බැව් පවසමින්. මෙම පරීක්ෂණයෙන් වෛද්‍යවරුන්ගේ නිගමනය තහවුරු වූ අතර දරුවාට ශල්‍යකර්මයකට පෙනී සිටිය යුතු බව කියා සිටියා.

රෝග ලක්ෂණ ස්වභාවය අනුව වෛද්‍යවරුන් විසින් වොල්වලස් (volvulus) යන තත්වය පිලිබඳ සැක කලෝය. මෙහිදී යමෙකුගේ බඩවැල් ස්වේච්චාවෙන්ම හැකිලී, එතී  වේදනාකාර තත්ත්වයක් ඇති වේ. මෙය ඉතා අනතුරුදායක තත්වයක් වන අතර ඉක්මන් ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය තත්වයකි. ජෙනිෆර් මෙහි හොඳ ප්‍රතිඵල අපේක්ෂාවෙන් වීදුරු බිත්තියේ එහා පැත්තේ සිටි බට සහ නොයෙල් නළ සවි කල පුංචි පැටියා දෙස බලා සිටියේ අන්ත අසරණ ලෙසිනි.

කාලාන්තරයක් සේ දැනුනු ඒ හෝරා කිහිපය පහව ගියේ ප්‍රතිපලය ජෙනිෆර්ට ලබා දීමත් සමඟයි. දරුවාට තිබුනේ වොල්වලස් (volvulus) තත්වය නොවේ. වෛද්‍යවරුන් ජෙනිෆර්ට දැන්වූයේ දරුවාට ශල්‍යකර්මයක් අනවශ්‍ය වන බවත් මෙම තත්වයට හේතු පාදක වූයේ කුමක්දැයි නිශ්චිත අනුගමනයකට ඒමට නොහැකි බවත්ය. ජෙනිෆර්ගේ ජිවිතයේ දීර්ඝතම රාත්‍රිය මෙය වුවත් ප්‍රතිඵල සතුටුදායක විය. මෙවැනිම තත්වයකට ලක්වූ තව දරුවෙක් ගැන අසන්නට් ලැබුනේ රෝහලට වහාම ඇතුළු කලත්, එම දරුවාට ජීවිතය අහිමි වූ බවයි.

ළදරුවකුගේ නොසළකා හැරිය නොයුතු කාරනා  කිහිපයක්.

ජෙනිෆර් ඇත්තෙන්ම වාසනාවන්තයි. ඇය ලිවූ  ‘I Wish Someone Had Told Me …’  පොතෙහිද සඳහන් කල පරිදි දරුවා ඉපදී මුල් දින 10 ඇතුලත මවකට කවුරුත් නොකියන, නමුත් ඇය දැනගත යුතු දේවල් ගැන ජෙනිෆර් සඳහන් කළා. ඉතින්, සෑම දෙමව්පියෙකුම දැනගත යුතු වැදගත් කාරනා කිහිපයක් නොහොත් දරුවා හදිසි අනතුරු අංශයට වහා රැගෙන යා යුතු අවස්ථා මොනවාදැයි බලමු.

දරුවන් වහාම හදිසි අනතුරු අංශය වෙත ගෙන යා යුතු අනතුරුදායක අවස්ථා 4ක්

1 වේගවත් වමනය - කට කොනින් යන වමනය නොව වේගයෙන් වමනය නොහොත් ආයාසයෙන් වමනය දැමීම වහාම වෛද්‍ය අධීක්ෂණය අවශ්‍ය වන තත්වයක් වනවා. වෛද්‍යවරයා මෙනින්ජයිටිස් වැනි අසාදන ඇත්දැයි පරික්ෂා කරනු ඇති. මෙම වමනය කහ හූ කොළ පැහැයක් ගන්නේ නම් volvulus (වොල්වලස්) තත්වය වන්නට පිළිවන්. ඩිම්බ කෝෂ, වෘෂණ කෝෂ වැනි අවයව ඇතිල්ලීම නිසා තදබල වේදනාව සහ වමනය ඇතිවන්නට පුළුවන්. එබැවින් අදාල සායනික තත්වයන් අනුව, වෛද්‍යවරයා විසින් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති.

2 පැය 8ක කාලයක් මුත්‍රා නොකිරීම - දරුවන් දින කිහිපයක්ම මලපහ නොකිරීම ඉතාම සාමාන්‍ය තත්වයක්. නමුත් මුත්‍රා කිරීම නිතර දෙවේලේ අනිවාර්යයෙන්ම සිදු විය යුත්තක්. මෙසේ නොවන්නේ දරුවා අධික ලෙස විජලන තත්වයකට පත් වුවොත් පමණි. එමනිසා ඔබේ දරුවා ව්යාකූල හෝ නිදිබර ගතියක් පෙන්වයි නම්, හිසෙහි තෙල්වල ගිලා බැස හා බුරිය අවට හැකිලුනු ස්වභාවයක් ගනී නම් දරුවා විජලන තත්වයකට පත් වී ඇති අතර වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කල යුතු වනවා.

3 රතු පැහැති ජෙලි ස්වභාවයේ මලපහ පිට කිරීම. දරුවාගේ මාපහ පැහැදිළි රතු පැහැති ජෙලි ස්වභාවයක් ගනී නම් දරුවාට intussusception (අන්තරලභනය) නම් වූ බදවල ආශ්‍රිත අනතුරුදායක  රෝග ටහ්ට්වයක් වන්නට පුළුවන්. එමනිසා වහාම හදිසි අනතුරු අංශයට යොමු විය යුතුය.

4 දරුවා නිල් පැහැයක් ගැනීම. දරුවා හඬන විට හෝ සාමාන්‍ය ලෙස හිඳිනා විට නිල් පැහැයක් ගන්නේ නම් මෙය හෘදයේ ගැටළුවක් දිස් කරනවා විය හැක. සිරුරට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නිසි ලෙස අදාළ ප්‍රදේශ වලට නොලැබීම නිසා නිල් පැහැයක් දිස් වන්නට පටන් ගන්නවා ඇත. දරු ප්‍රසුතියෙන් අනතුරුව මෙවන් තත්ව ගැන වෛද්‍යවරයා අනිවාර්යයෙන් පරික්ෂා කර බලන අතර නිවසට පැමිණි පසු මෙවැනි තත්වය පෙනෙන්නට ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු වනවා. තත්වය බරපතල නොවේ නම් වෛද්‍යවරුන් ක්ෂණික ක්‍රියාමාර්ග නොගෙන මද කලක් යන තුරු දරුවා හොඳින් නිරීක්ෂණය කරනු ඇත.

ඉතින් අම්මේ තාත්තේ, ඉහත සඳහන් තත්ව හෝ ඔබේ හිතට වද දෙන වෙනත් ගැටලුකාරී තත්වයක් දරුවාගෙන් දිස් වේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වලවට යොමු වන්නට දෙවරක් හිතන්නට එපා!

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා