ඔබෙත් දරුවාගේත් සෙමට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙටම දුවන්න ඕනේ නැහැ

lead image

සෙම්ප්‍රතිශ්‍යාව හැදීගෙන එන විටම එනම්, හිසේ රුදාව, කිවිහුම් යාම, උගුර රිදීම ආදී ලක්ෂණ ආ විට නිවසේදීම කල හැකි සෙමට බෙහෙත්  ප්‍රතිකර්ම කරගන්න.

කැස්ස හෙම්බිරිස්සාවත් සමඟ ඇති වන  සෙම තත්වය ගෙදර දොරේ සුලභ රෝගී තත්වයක්. මේ ඇති වන සෙමට බෙහෙත් ප්‍රතිකාර සොයාගන්න බොහෝ දෙමාපියන් වෛද්‍ය සායනයට හෝ  රෝහලට දුවන්න පුරුදු වෙලා ඉන්නවා.

නිවසේ සාමාජිකයින් සම දෙනාම වසරට කිහිප වරක්ම අත්විඳින මෙම සේම තත්වයට උපකාර වන ආයුර්වේදීය ඖෂධ ගෙදර තුනපහ තියාගන්නවා සේ තබාගතහොත් නිතර දෙවේලේ ඇති වන උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ව වලට ඉක්මන් සහනය ලබා ගන්නට පුළුවන්.

එපමණක් නොව දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කොට මෙසේ සේම රෝග වැළඳීම මග හරවා ගන්නටද පුළුවන්.

සිරුරට මෙවන් ප්‍රතිලාභ ගෙන දෙන අගුණයක් නැති මෙවන් ඖෂධ  ළඟ තබාගැනීමට දෙවරක් හිතන්නට අවශ්‍ය නැහැ.

සෙම තත්ව සඳහා ගෙදරදීම කරගත හැකි සෙමට බෙහෙත් ප්‍රතිකාර

1. දවස් පුරාම ජලය මද රස්නෙන් පානය කරන්න. මෙය සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට පමණක් නොව, සාමාන්‍යයෙන් මද රස්නෙන් ජලය පානය කිරීම හොඳ පුරුද්දක්.

 සෙම්ප්‍රතිශ්‍යාව හැදීගෙන එන විට

2. සෙම්ප්‍රතිශ්‍යාව හැදීගෙන එන විට එනම්, හිසේ රුදාව, කිවිහුම් යාම, උගුර රිදීම ආදී ලක්ෂණ පෙන්වන අවස්ථාවේදී සෙමට බෙහෙත්  ප්‍රතිකර්ම ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව එටහ්නින්ම තුරන් කරගන්නටද හැකියාව තිබෙනවා. ඉතින්, මෙම ලක්ෂණ පෙන්වන විට හුමාලයෙන් හුස්ම ගන්න.

3. දෙහි, දොඩම් වැනි විටමින් C බහුල පලතුරු/එළවලු අහාරයට ගන්න.

4. කොත්තමල්ලි සහ ඉඟුරු කබලේ බැද, තම්බා බොන්න.

සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු පසු

5. සේම ගතිය වැඩි නම් ඉඟුරු කොත්තමල්ලි පානයට තිප්පිලිද දමා පානය කරන්න.

6. උණ ගතිය තිබේ නම් ඉහත පානය තම්බාගන්නට කලින් පත්පාඩගම්ද එකතු කරගන්න.

7. අංග පත වේදනාව තිබේ නම් මෙම පානය තම්බාගන්නට කලින් වෙනිවැල්ගැටද එකතු කරගන්න.

8. සෙම්ප්‍රතිශ්‍යාව සමඟ කැස්ස ඇත්තේ නම් ඉහත මිශ්‍රණයට පාවට්ට මුල් සහ කටුවැල්බටු එක කරගත හැක. වැල්මී එක් කරගන්නේ නම් වඩාත් ඉක්මනින් සුව ගෙන දෙනු ඇත.

9. නිතර නිතරම සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන දරුවන්ට කොත්තමල්ලි  මිටකට වියලි ඉඟුරු, අරත්අල, වෙනිවැල්ගැට එකට දමා තම්බා දිනපතා පානය කිරීමෙන් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරගත හැක.

කෙසේ නමුත් සෙම්ප්‍රතිශ්‍යාව සහ වෙනත් සෙම් රෝග දිගින් දිගටම පවතී නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුතුය.

සෙම තත්ව වලට නිවසේදීම කල හැකි අත්බෙහෙත් පිලිබඳ තවත් ලිපියක් මේ සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්