theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඝන ආහාර වලට ඔබේ දරුවා හුරු කරන්න ඉතා වටිනා ඉඟි 6 ක්

3 අවම කියවීම
ඝන ආහාර වලට ඔබේ දරුවා හුරු කරන්න ඉතා වටිනා ඉඟි 6 ක්ඝන ආහාර වලට ඔබේ දරුවා හුරු කරන්න ඉතා වටිනා ඉඟි 6 ක්

අම්මලගේ හිත පිරෙන්නෙ බබාගේ කුස පිරුණමයි. ඉතින් ඔබේ හිත ගැහෙන හඬ අපි හොඳින් දන්නා නිසයි මේ ලිපිය සකස් කළේ.

කිරි බොමින් හිටපු දරුවාට ඝන ආහාර හුරු කරන එක හුඟක් අම්මලට හිතන තරම් පහසු නැහැ.  ඒත් මේ ඔහුගේ ජීවිතයේ වැදගත් සන්ධිස්තානයක්... ඒ නිසා මේ කරුණු ගැන සිතා බලන්න.

සරල කරගන්න

දරුවාට ඝන ආහාර

මුලින්ම බබාට දෙන කෑම එක් වර්ගයක් සීනි හා ලුණු නැතිව ආරම්භ කරන්න. මුලින්ම බතල හෝ පොඩි කරගත් ගස්ලබු, කෙසෙල් වැනි දෙයක් දෙන්න පුළුවන්.

වැදගත් පෝෂණ අංග ගැන අවධානය යොමු කරන්න

විවිධ වර්ගයේ පොඩි කරගත් කෑම දීමම ප්‍රමාණවත් නැහැ. ඔවුන්ගේ වර්ධනයට ඒ මගින් වැදගත් පෝෂ්‍ය පදාර්ථ ලැබෙනවාදැයි බලන්න. යකඩ හා සින්ක් දරුවාගේ වර්ධනයට අවශ්‍ය වැදගත් ඛණිජ ලවන දෙකක්. මේවා මස් ( පොඩි කරගත් ) සීරියල් වැනි දේවල් වල අඩංගු වෙනවා. ඝන ආහාර සමග මව් කිරි හෝ පිටි කිරි දීම කරගෙන යායුතු වෙනවා. එමගින් දරුවාට අවශ්‍ය හුඟක් පෝෂණය ලැබෙන බව විශ්වාසයි.

දරුවාට අවශ්‍ය දේ අවබෝධ කරගන්න

දරුවාගෙන් දරුවාට කැමැත්ත වෙනස්. එක් දරුවෙක් කැමති කෑම වර්ගයට අනෙක් කෙනා කැමති නොවෙන්න පුළුවන්. දරුවා පොඩි කරපු අල කන්න කැමති නැත්නම් වෙනත් දෙයක් දෙන්න උත්සාහ කරන්න. ඒගොල්ලෝ ආස නැති කෑමක් දෙන්න බල කරන්න එපා. බලෙන් අකමැති කෑම දීමම ඔවුන් වැඩිහිටියන් වු පසුත් ඒ කෑම වලට අකමැති වීමට බොහෝ ඉඩ තිබෙනවා. දරුවා පෙයාස් කන්න කැමති නැත්නම් ටික කාලයකට එය නවතා වෙනත් කෑම හඳුන්වා දෙන්න. නැවත කාලයකට පසු පෙයාස් දීලා බලන්න.

පලතුරු හා එළවළු කලවම් කර දෙන්න

දරුවාට ඝන ආහාර

 

පලතුරුත් එළවළුත් දෙකම කෑමට ගැනීම වැදගත් නිසා දෙකම එකට දෙන්න පුළුවන්. පුංචි කාලේම ඊට පුරුදු වීමෙන් ඔවුන් හොඳම එළවළු පලතුරු කන්න කැමති වෙනවා.

බිස්කට්, ක්‍රැකර්, චොක්ලට් වැනි දේවල් හැකි තරම් ඔවුන්ගෙන් ඈත් කර තබන්න

ඒ වෙනුවට නැවුම් කැරට් පෙති හෝ පලතුරු තීරු දරුවාට දෙන්න. මේවා සුදානම් කිරීම තරමක් අපහසු වුවත් ඉන් දරුවාට නිසි පෝෂණය වගේම වැඩිහිටියෙකු වූ විට එළවළු පලතුරු කන්න ආසා කරවී.

වේල් අනුව මිශ්‍ර කරන්න

දරුවා කෑම වලට හා රසයට ටිකෙන් ටික පුරුදු වූ විට පලතුරු උදේ කෑමටත්, කැබලි කළ මස්, එළවළු හා බත් දවල්ටත්, කිරි හා එළවළු රාත්‍රියටත් දෙන්න පුළුවන්.

දරුවා විවිධ රසයන්ට හා ඝනත්වයන්ට හුරු කිරීම වැදගත්. දවස මැද කෑමක් ලෙස තරමක් සිහින් කැබලි වලට කපා කැරට් වැනි දෙයක් කන්න දෙන්න. මෙය පලතුරු වලිනුත් කරන්න පුළුවන්. ඒ වගේම හුඟක් දරුවන් ඇඹුල් රසට කැමති නිසා දොඩම්, නාරං වැනි පලතුරු දීමෙන් විවිධ රසයන්ට හුරු කරන්න පුළුවන්.

මව් කිරි දීම නවත්වන්න එපා

දරුවාට ඝන ආහාර

ඔබේ දරුවාට ඝන ආහාර දීම ආරම්භ කළත් ඒ සමග මව් කිරි ලබාදීමත් වෛද්‍යවරුන් අනුමත කරනවා. මව් කිරි වලට සම කළහැකි වෙනත් ආහාරයක් නැහැ. ඒ මගින් දරුවාට අවශ්‍ය සියලු පෝෂක කොටස් ලබාදෙනවා වගේම දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.

හැමදේම තෝරන බබාලටත් මව් කිරි හුඟක් වටිනවා. ඉන් ඔවුන්ට නොලැබෙන පෝෂණය මව් කිරි වලින් ලැබෙනවා.

අම්මලගේ හිත පිරෙන්නෙ බබාගේ කුස පිරුණමයි. ඉතින් ඔබේ හිත ගැහෙන හඬ ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka හොඳින් දන්නා නිසයි මේ ලිපිය සකස් කළේ.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • ඝන ආහාර වලට ඔබේ දරුවා හුරු කරන්න ඉතා වටිනා ඉඟි 6 ක්
බෙදාගන්න :
  • බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

    බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

  • බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

    බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it