දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම දරුවා නිරෝගී කරයිද?

ඔබේ දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම දරුවා නිරෝගී කරයිද? තීරණය කිරීමට ඔබට උපකාර කළ  බිත්තරය පිළිබඳ තොරතුරු අපට ලබා දෙනවා. ඉක්මනින්ම ක්‍රියා කරන්න  දෙමව්පියනි, වැඩි විස්තර සදහා  කියවන්න.

දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම

මගේ අවුරුදු තුනක් වු පුතා ඇත්තටම එහෙම සිතනවා. මම මෑතකදී ඔහුගේ කැමතිම ආහාරය කුමක්දැයි ඔහුගෙන් ඇසූ විට ඔහු "බිත්තර, ස්ක්‍රැම්බල් එග් හා ඔම්ලට්" පිළිතුරු දුන්නා. ඔහු බිත්තර ප්‍රිය කරන්නෙක් බව කියන්නට අවශ්‍ය නැහැ!

ඒත් දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම දරුවන්ට නරකයි කියලා මම දැනගත්තාම, මම භය වුණා. මගේ පුතා දිනපතා බිත්තරයක් ආහාරයට ගන්නවා.

හෘදයාබාධ වලින් පෙළෙන, දියවැඩියාව 2 වර්ගය සහ අධි කොලෙස්ටරෝල් ඇති වැඩිහිටියෙකු කිරීම සඳහා මම ඔහුව සකස් කරන්නේද?

ඒ නිසා මම බිත්තර ගැන සත්‍ය සොයා ගැනීමට උත්සාහ කළා. මා කළ මුල්ම දෙය වූයේ මේ ගැන අනෙක් මව්වරුන් අදහස් සොයා බැලීමයි.

වැඩි මතය ජයගනී..

දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම සුදුසු බව සහෝදර මව්වරුන්ගේ අදහස වුනා. එය දරුවන්ගේ මොළයට කදිම බව බොහෝ දෙනෙක් පැවසුවා.

අනෙක් මව්වරුන් පවසන්නේ එය ඔවුන්ගේ දරුවන්ගේ ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවය බවයි. බිත්තර සුදුසු යැයි සමාන අදහස් දරන දෙමාපියන් සිටීම මෙන්ම බිත්තර ගැන උනන්දුවක් දක්වන එකම කෙනා මගේ පුතා නොවන බව දැන ගැනීමට ලැබීම මා සතුටට පත්කලා.

බිත්තර වල හොද හා නරක

ඔබ ඔබේ දරුවන්ගේ කොලෙස්ටරෝල් සීමාව තුළ රැඳී සිටී නම්, දිනපතා බිත්තරයක් ලබාදීම ප්‍රශ්නයක් නොවේ.

වසර ගණනාවක් පුරා බිත්තර සෞඛ්‍යයට යහපත් හෝ අයහපත් ලෙස වර්ග කර ඇත. ඒවා නිතරම ආහාරයට ගන්නා විට රුධිර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන බව  වඩාත්ම ජනප්‍රිය  ප්‍රකාශවලින් එකකි.

කෙසේ වෙතත් මෑත කාලීන පර්යේෂණයකින් දිනකට බිත්තරයක් ආහාරයට ගැනීම මේ සදහා ඍජුව වගකිව යුතු නොවන සොයා ගෙන තියෙනවා.

එක් බිත්තරයක් කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 185 ක් පමණ අඩංගු වේ. නිරෝගී දරුවෙකුට දිනකට අවශ්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 300 ක් විය යුතුය.

සෑම දිනකම ඔබේ දරුවා මේ සීමාව ඉක්මවා නොයන්නේ නම් දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම ගැටලුවක් නොවිය යුතුය.

බිත්තරයක විටමින් බහුල වේ.

බිත්තරයක ඇති පහත සදහන් පෝෂ්‍ය පදාර්ථ වල ප්‍රතිලාභ :

කොලයින්: මොළයේ වර්ධනය, ක්‍රියාකාරිත්වය සහ මතකය

ෆෝලේට්: රතු රුධිර සෛල නිපදවීම හා පවත්වා ගැනීම

යකඩ: සෛල වලට ඔක්සිජන් ගෙන යාම

ලුටීන්: හොඳ පෙනීම පවත්වා ගෙන යාම හානිකර UV කිරණ වලින් ඇස් ආරක්ෂා කිරීම

ඔමේගා-3 මේද: රුධිර කොලෙස්ටරෝල් වැඩි දියුණු කිරීම

ප්‍රෝටීන්: ශරීරයේ ශක්තිමත් කිරීම

රෛබොෆ්ලෙවින්: ශරීර පටක නිරෝගීව තබා ගැනීමට උපකාර කිරීම

විටමින් A: පිළිකා වලින් ආරක්ෂා කිරීම

විටමින් B12: හෘද රෝගවලට එරෙහිව ආරක්ෂා කිරීම

විටමින් D: ඇටකටු සහ දත් සෞඛ්‍ය සම්පන්නව තැබීම

විටමින් E: ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කිරීම

සින්ක්: ශක්තිමත් ප්‍රතිශක්ති පද්ධතියක් ඇති කිරීම

සැල්මොනෙල්ලා සහ බිත්තර

බිත්තරයට එරෙහිව පොදු චෝදනාවක් වන්නේ සැල්මොනෙල්ලා විෂ වීමට හේතු වීමයි. සැල්මොනෙලා එදිරිටිඩිස් යනු සාමාන්‍යයෙන්  සාමාන්‍ය පෙනුමක් ඇති බිත්තර තුල ඇති බහුල බැක්ටීරියාවක් වේ.

බිත්තර පිසීමකින් තොරව ආහාරයට ගන්නේ නම්, එහි සැල්මොනෙල්ලා විෂ වීමේ අවදානම ඇත.

බොහෝ අය ප්‍රතිකාර නොකර සුවය ලබා ගන්නවා. එහෙත් ළදරුවන්, වයසක අය සහ රෝගී අය වැනි  දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් හිමි අයට බරපතල රෝගාබාධ සඳහා අවදානමක් ඇත.

සැල්මොනෙල්ලා බැක්ටීරියාව විනාශ කිරීමේ සරලතම ක්‍රමය වන්නේ බිත්තර සම්පූර්ණයෙන්ම  තැම්බීමයි. එහෙත් මූලික ආහාර සුරක්ෂිතතා නීති අනුගමනය කර   බිත්තර පරිභෝජනයෙන් ආහාර විෂවීම වැළැක්වීම පහසුය.

•කටුවට හානි නොවු නැවුම් බිත්තර ආහාරයට ගන්න වග බලා ගන්න.

•ඔබ එය බිඳ දැමීමට පෙර බිත්තර කටුව පිටත සෝදන්න.

•දරුවන්ට භාගෙට තැම්බු බිත්තර ලබා නොදීම නිර්දේශ කර ඇති අතර, පැස්ටරීකරණය කරන ලද බිත්තර (ඉක්මනින් අප කතා කරනු ඇත) වඩා හොඳ විකල්පයකි.

දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම හොදයිද?

ඕනෑම හොඳ දෙයක් සමගම මැදහත්ව කටයුතු කිරීම එහි මාර්ගය වේ.

නමුත් ඔබේ දරුවා දිනකට බිත්තරයක් ඉල්ලා සිටින විට කුමක් කළ යුතු දැයි තීරණය කිරීමට මෙම තොරතුරු ඔබට පහසු කරාවි යැයි අප බලාපොරොත්තු වෙනවා.

බිත්තරවල හොඳ හා නරක පිළිබඳ ඔබේ අදහස් අසන්න අපි කැමතියි. ඔබේ දරුවා දිනකට බිත්තරයක් කනවාද?

දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම සදහා බය අම්මලාට පහසු වෙන්න මේ වැදගත් තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී